පජාත වාසුදේව නානයක්කාරගේ මස්සිනා – විග්නේෂ්වරන් මේ තොටයි

බහුතරයන් නොදන්න වාසු විග්නේෂ්වරන් නෑ කම, වාසුගේ හැඩි දෙමළ ගෑනි හරහා බව දන්නෝ දනිති. තම මස්සිනාගේ දිව් රුම් දීම ඌට රජ මගුලක් වූයේ මේ නිසාය. අද විග්නේෂ්වරන් ජාතිය මත පහරන විට වාසු පජාතයා කට පුක වසා නොදැක්කා සේ සිටිනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද?

මිලෙනියම් සිටි මහා පාවා දීම දෙවෙනි කොටස දැන් රඟ දක්වේ!

නාවික හමුදාවේ කප්පම් කල්ලිය කතාවට වඩා යමක්‌ ඇත!

නාවික හමුදාවේ නවදෙනෙක්‌ අල්ලා ගන්නට සී.අයි.ඩී දැල එලා ඇති බව ස`දහන්ය. අල්ලන්නට හදන්නේ කප්පම් කල්ලියකි. කියෑවෙන ආකාරයට උසස්‌ නාවික හමුදා නිලධාරීන් තිදෙනෙක්‌ මේ කප්පම් කල්ලියට ඇතුළත්ය. සී.අයි.ඩී ය කියන්නේ කප්පම් කල්ලිය විසින් සිවිල් පුද්ගලයන් 28 දෙනෙක්‌ පැහැරගෙන ගොස්‌ කප්පම් ගෙන ඝාතනය කර ඇති බවය. පැහැරගත් පුද්ගලයන් ත්‍රී කුණාමලය හා චෛත්‍ය පාරේ නාවික හමුදා ක`දවුරුවල ර`දවා තබාගෙන හි`ද ඝාතනය කර ඇති බවට සියලු තොරතුරු සී.අයි.ඩී ය හෙළිකරගෙන තිබේ. දැන් ඇත්තේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමය. සිද්ධියට සම්බන්ධ උසස්‌ නිලධාරීන් ආරක්‌ෂා කරගැනීමට නීති අංශ හා නාවික හමුදාව දැඩි බලපෑම් කරන ආකාර රහස්‌ පොලීසිය හෙළිs කරයි. පෙනෙනා ආකාරයට රහස්‌ පොලිසිය පසුවන්නේ දැඩි අර්බුදයකය.

නාවික හමුදාවේ නිලධාරියෙක්‌ හා සෙසු නිලයන් කණ්‌ඩායමක්‌ එක්‌ව කප්පම් ගෙන මිනී මැරීම සම්බන්ධව නඩුවක්‌ අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ මීට අවුරුදු හයක කාලයක සිටය. එබැවින් මේ සටහන තබන්නේ ගරු අධිකරණයට බෙහෙවින්ම ගෞරව කරනු ලබනා මේ රටේ පුරවැසියෙකු ලෙසය.

රටක්‌ ලෙස කම්පනයට පත්විය යුතු මේ අශ්ලීල ඝාතනයන් සම්බන්ධව නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් වරයෙක්‌ වන එම්.එන්.ඩී.එස්‌ මුණසිංහ හෙවත් නේවි සම්පත් නමැත්තෙක්‌ පිළිබ`දව මුල්ම වරට රහස්‌ පොලිසියට පැමිණිලි කරන්නේ එවකට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. පසුගිය 2009 මැයි මස 28 වැනිදා අංක ඊරැ732රැ09 යටතේ මෙම පැමිණිල්ල ඔහු විසින් කර තිබිණි.

නේවි සම්පත් නමැත්තා එවකට නාවික හමුදාපතිගේ පුද්ගලික ආරක්‌ෂක නිලධාරියාය. ඔහුගේ කණ්‌ඩායමක්‌ එවකට රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්‌ත කර සිටියේය. මේ වකවානුව රට තීරණාත්මක යුද්ධයක යෙදී සිටි කාලයකි. මේ කාලයේ සමහර කාලකණ්‌ණි නිලධාරීහු ස්‌වකීය බලවත් නිලධාරීන්ගේ බලයේ සෙවනැලි අතර සැ`ගව නින්දිත අපරාධ කළහ. ගුවන් හමුදාපතිවරයාගේ පුද්ගලික ආරක්‌ෂක නිලධාරියෙක්‌ වූ බලගණ නායක නිශාන්ත ගජනායක නමැත්තා පුද්ගල පැහැර ගැනීම් හා කප්පම් ගැනීම් සම්බන්ධව අත්අඩංගුවට පත්වන්නේ මේ කාලයේය. කප්පම් ගැනීම් හා පැහැරගැනීම් සම්බන්ධ නේවි සම්පත් නමැත්තෙක්‌ පිළිබ`දව ඇසෙන්නේ නිශාන්ත ගජනායක අත්අඩංගුවට පත්වන වකවානුවේය. මේ නේවි සම්පත් වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික ආරක්‌ෂක නිලධාරියා බව එවකට රහස්‌ පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්‌පති සිසිර මෙන්ඩිස්‌ විසින් හ`දුනාගෙන සිටියේය. එහෙත් තම පුද්ගලික ආරක්‌ෂක නිලධාරියා මෙවැනි අපතයෙක්‌ බව වසන්ත කරන්නාගොඩ පිළිගත්තේ නැත. කරන්නාගොඩට තමන්ගේ මිනීමරු ගෝලයා පිළිබ`ද හෙළිදරව් වන්නේ මෙසේය.

නාවික හමුදා බුද්ධි අංශ හෙලිදරව් කරගත් ආකාරයට නේවි සම්පත් නමැත්තා ඉතා රහසිගතව කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල කප්පම් ගැනීම් හා සිවිල් වැසියන් පැහැරගෙන ගොස්‌ මරා දැමීම් සිදුකරමින් සිටියේය. යුද්ධය විසින් ඒ ස`දහා ඇවැසි පරිසරය කොළඹ තුළ නිර්මාණය කර තිබිණි. ඔවුන්ගේ කල්ලියට සම්බන්ධව µdර් නමැති ඔත්තුකරුවෙක්‌ විය. µdර් අවසන් සාම කාලයේදී එල්.ටී.ටී දින දාහතරේ පුහුණුව ලැබ එල්.ටී.ටී.ඊ යේ ප්‍රධානියෙක්‌ වන කපිල් අම්මාන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිය අයෙකි. මොහු නේවි සම්පත්ගේ කල්ලියට තොරතුරු ලබාදෙන්නෙක්‌ ලෙස කටයුතු කළේය.

මේ අතර මෙම කණ්‌ඩායම මුදලට රෝ ඔත්තු සේවය හා සම්බන්ධව, රටේ වැදගත් ජාත්‍යන්තර සබ`දතා නිර්මාණය වන අවස්‌ථා වල කොළඹ නගරයේ විවිධ අර්බුද නිර්මාණය කළ බවට සැකයක්‌ තිබිණි. ඊ.එන්.ඩී.එල්.එµa නමැති සංවිධානයේ කාඩරයින් වන කේ.ඩී, ජෙගන් හා මෝහන් නමැති අය සමග මෙම කල්ලිය සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියෑවිනි. නේවි සම්පත් හෙළිදරවු වන සිද්ධිය වන්නේ මේ අතරය. බුද්ධි අංශ හෙළිකළ ආකාරයට තොරතුරු පෙළ ගැසෙන්නේ මෙසේය.

වර්ෂ 2008 සැප්තැම්බර් මාසයේ දිනක µdර් විසින් ක්‍රෙඩිට්‌ කාඩ් වංචාවන්හි නියුතුයෑයි කියනා තරුණ පිරිසක්‌ ගැන ඔත්තුවක්‌ සම්පත්ගේ කප්පම් කල්ලියවෙත ගෙනත් තිබුණේය. අනතුරුව මේ පිරිස පැහැර ගැනීමට සැලසුම් කෙරිණි. තරුණ පිරිස අතර ඉතා ඉහළ තාක්‌ෂණ දැනුමක්‌ සහිත රජීව් නාගනාදන් නමැති තරුණයෙක්‌ වූයේය. ක්‍රෙඩිට්‌ කාඩ් වංචාවන්හි තාක්‌ෂණික අංශය මෙහෙයවා තිබුණේ ඔහු විසින් බව පැවසිනි. මේ තරුණයා වෛද්‍ය උපාධියක්‌ හැදෑරීම ස`දහා 2008 සැප්තැම්බර් මස 17 වැනිදා ලංකාවෙන් පිටත්ව එක්‌සත් රාජධානිය බලා යැමට සූදානම්ව සිටියේය. මේ ගමනට පෙර අවසන් වරට සිය සගයන් සිවුදෙනා හමුවීමට රජීව් ගියේය. මේ පිරිස දෙහිවල ප්‍රදේශයේ සිටිද්දී සම්පත්ගේ කණ්‌ඩායම විසින් 2008 සැප්තැම්බර් මස 16 වැනිදා පැහැර ගැනිණි.

එවකට නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික ආරක්‌ෂකයා ලෙස බලවත්ව සිටි නේවි සම්පත්ගේ ක්‍රියාකාරකම් බලවත් ලෙස අධීක්‌ෂණය නොවීමේ ගැටලුවක්‌ තිබිණි. පැහැරගත් පිරිස පිටකොටුව ලංකා බැංකු ගොඩනැගිල්ලට ආසන්න ස්‌ථානයක රහසිගතව ර`දවාගෙන තබා ගන්නට සම්පත්ට හැකි වූයේ මේ පසුබිමේය. අනතුරුව රජීව් නාගනාදන් නිදහස්‌ කිරීම ස`දහා රුපියල් කෝටි පහක කප්පමක්‌ ඔහුගේ පියාගෙන් ඉල්ලා සිටීමට කප්පම් කල්ලිය කටයුතු කළේය.

මේ අතර රජීව්ගේ පියාට සිය පුතා නේවි සම්පත් නැමැත්තෙකුගේ අත්අඩංගුවේ පසුවන බවට තොරතුරක්‌ ලැබෙන්නේය. ඔහු මේ බව සිය මිත්‍ර සම්පත් නමැත්තා ගැන නාවික හමුදාපතිවරයාගේ නාවික උපදේශකතැන වූ රියර් අද්මිරාල් වරයා විසින් සොයමින් සිටියේය. තමන්ගේ පුද්ගලික ආරක්‌ෂක නිලධාරියා මිනීමරු කප්පම් කරුවෙක්‌ බව නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට හෙළිදරව් වන්නේ යළි යළිත් කෙරෙන විමසීම් වලින් පසු නේවි සම්පත්ව ප්‍රශ්න කිරීමේදීය. අනතුරුව ඔහු කියන්නේ මේ පුද්ගලයින් පස්‌දෙනා පැහැරගත් බවත්, ත්‍රිකුණාමලයේ නාවික හමුදා ක`දවුරක ඔවුහු ර`දවා ඇති බවය.

නාවික හමුදාපතිවරයා විසින් මේ සිද්ධිය පිළිබ`දව විමර්ශනයක්‌ කරන්නේය. නේවි සම්පත්ගේ කප්පම් කල්ලියේ සිටි පුද්ගලයන් දෙදෙනෙක්‌ නාවික හමුදා බුද්ධි අංශවෙත මේ වනවිට සිදුවීම් ගැන පාපොච්චාරණයක්‌ කරන්නේය. ඒ පාපොච්චාරණයේ ස`දහන් වන්නේ තමන් විසින් මේ පුද්ගලයන් පස්‌දෙනාගෙන් සිවු දෙනෙක්‌ මරා, ඒ මිනී කෑලි වලට කපා දැමු බවය. එසේ කැපූ කොටස්‌ කැලණි ගෙ`ග් තැනක ගිල්වූ බවය. මළමිනී ප්‍රවාහනය කළේ නාවික හමුදාපතිවරයාට පසු ආරක්‌ෂාව සපයන ඩිෙµන්ඩර් රථයෙන් බවය. ෆාර් නමැති ඔත්තුකරුද අනතුරුව මරා දැමුණු බවය. රජීව් නාගනාදන් ත්‍රී කුණාමලයට ගෙනගොස්‌ 2009 අප්‍රේල් මස 24 වැනිදා මරා දැමූ බවය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් තම පුද්ගලික ආරක්‌ෂක නිලධාරියා පිළිබ`දව රහස්‌ පොලිසියට පැමිණිලි කරන්නේ මේ හෙළිදරව් වීමෙන් පසුය. ඒ වර්ෂ 2009 මැයි මස 28ය. මැයි මස 28 වැනිදා නේවි සම්පත් නාවික හමුදාවෙන් පලා යන්නේය. එදින ඔහුගේ කාමරයට සීල් තබනු ලබන්නේය. සම්පත් රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ 2009 ජුනි 10 දිනය. 10 දා කාමරය යළි විවෘත කළ විට කාමරයේ තිබී තරුණයින්ගේ පාස්‌පෝට්‌ පහක්‌ හා ජාතික හැ`දුනුම්පත්, ගිනි අවි උණ්‌ඩ ඇතුළු භාණ්‌ඩ තොගයක්‌ හමුවන්නේය. ද`ඩුවම් මුදලාලි නමැති පොලීකරු ළ`ග තැන්පත් කරතිබූ ලක්‌ෂ ගණනක මුදල් සහිත වව්චර ඒ අතර විය. හමුවූ පාස්‌පෝට්‌ හිමි තරුණයන් සියලු දෙනාම කප්පම් ගෙන මරා දමනු ලැබ තිබුණේය.

2010 ජුනි මස 9 දා නේවි සම්පත් ඇප මත නිදහස්‌ වන්නේය. ඇපමත නිදහස්‌ වූ සම්පත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෙµdන්සේකා හමුවී කියන්නේ නාවික හමුදාපතිවරයා විසින් ජෙනරාල් සරත් ෙµdන්සේකාත්, සිවිල් ආරක්‌ෂක බලකායේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් රියර් අද්මිරාල් සරත් වීරසේකරත්, හිටපු ටෙස්‌ට්‌ නායක වත්මන් වරාය කටයුතු පිළිබ`ද ඇමැති අර්ජුන රණතුංග හා මාධ්‍යවේදීන් පස්‌දෙනෙක්‌ ඝාතනය කිරීමට තමන්ට බලපෑම් කළ බවය. තමන් ඊට අකමැති වීම නිසා දැන් වසන්ත කරන්නාගොඩ විසින් තමන්ගෙන් පළි ගන්නා බවය. ඔහුට අනුව ඔහු මේ එක්‌ ඝාතනයකටවත් සම්බන්ධ නැත. ඒවා කර ඇත්තේ හිටපු නාවික හමුදාපතිගේ කිට්‌ටුවන්ත නිලධාරීන් වන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක, ආර්. පී. එස්‌ රණසිංහ, වැනි නිලධාරීන්ය. කරන්නාගොඩ තමන්ගෙන් පළිගන්නට දසනායකලා මැරූ මිනිස්‌සුන්ගේ පාස්‌පෝට්‌ තමන්ගේ කාමරවල ලාච්චුවට හොරෙන් දමා ඇති බව නේවි සම්පත් කියන්නේය. ආණ්‌ඩු පෙරළියත් සමග සම්පත් මුණසිංහ උසාවියෙන් මෝෂන් එකක්‌ ගෙන රහස්‌ පොලිසියට තවත් අලුත් කතාවක්‌ කියන්නේය. දැන් මේ කතාවට අලුත් පරිච්ෙ-ද ගණනක්‌ එක්‌ වී ඇත්තේය.

නේවි සම්පත් නමැති කප්පම් කරුවා ගැන රහස්‌ පොලිසියට පැමිණිලි කරන්නේ එවකට රටේ හිටපු නාවික හමුදාපතිය. ඔහු නාවික හමුදාවෙන් මේ පිළිබ`ද කළ පරීක්‌ෂණවල ප්‍රතිඵලත් සහිතව රහස්‌ පොලිසියට කටඋත්තරයක්‌ දෙන්නේය. අනතුරුව සම්පත්ව පුරා වසරක්‌ ර`දවා තබාගෙන ප්‍රශ්න කරන රහස්‌ පොලිසිය වර්ෂ 2011 මාර්තු මස 30 වැනිදා උසාවියට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් සම්පත් මුණසිංහ මේ පැහැර ගැනීම්වලට සම්බන්ධ බව කියන්නේය. තවත් වසර හතරකට ආසන්න කාලයකට පසු සිදුවන ආණ්‌ඩු පෙරළියත් සමග රහස්‌ පොලිසියට සම්පත් විසින් යළිත් ලබාදෙන කටඋත්තරයෙන් පසු දැන් නඩුවේ වගඋත්තර කරුවා හිටපු නාවික හමුදාපතිවරයාය. ඔහු අවට සිටි නිලධාරීන්ය. මේ පෙරළියේ යථාර්ථය නුදුරේදීම හෙළිවනු ඇති බව විශ්වාසය.

කපිතාන් ඩී.කේ.පී දසනායක දක්‌ෂ නාවික හමුදා නිලධාරියෙක්‌ බව සැබෑය. එසේ වූ පමණින් දසනායකට කප්පම් කරුවෙක්‌ හෝ මිනීමරුවෙක්‌ වීමට අවසර නැත. ඔහු අපරාධකරුවෙක්‌ නම් ඒ පිළිබ`ද මේ රටේ නීතිය කටයුතු කළ යුතුය. එහෙත් පුද්ගලික පළිගැනීම්, කුහක කම්, ගේමට ගේම් දීම්, මිනිස්‌ ජාවාරම් කරුවන්ගේ කුමන්ත්‍රණ ඇතුළු තුප්පහි ගනුදෙනු මත රටක කීර්තියත් රටට ඇවැසි මිනිසුන්ගේ ජීවිතත් විනාශ කිරීම රටක බුද්ධි අංශයක කටයුත්ත නොවේ.

ඩී.කේ.පී. දසනායක ඇමරිකාවේ විශේෂ පුහුණුවක යෙදී සිටින අතරතුර වහාම ක්‍රියාත්මකවන පරිදි රටට ගෙන්වන්නේය. ගෙන්වා ඇත්තේ අවුරුදු හයක්‌ තිස්‌සේ ඇහෙන පැහැරගෙන ගොස්‌ මිනී මැරීම පිළිබ`ද නඩුවකට අදාල ප්‍රශ්න කිරීමකටය. ඔහු මේ ජාත්‍යාන්තර පුහුණුවෙන් නිදහස්‌ කරන කාලය දෙසතියකි. වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාවට ගෙන්වූ පසු රහස්‌ පොලිසිය පවසන්නේ ඔවුන් තවම මේ ප්‍රශ්න කිරීම ස`දහා සූදානම් නැති බවය. ඒ අතර තමන්ට තවමත් කටඋත්තරයක්‌වත් ලබා දී නැති පුද්ගලයෙක්‌ පිළිබ`දව මිනීමරුවෙක්‌ ලෙස හැෙ`ගන පරිදි මාධ්‍යවලට තොරතුරු ලබාදීමේ අශිෂ්ටකම රහස්‌ පොලිසිය විසින් සිදුකරන්නේය. මේ නොකළයුතු කුපාඩිකම්ය.

මේ පෙළගැසෙන සිදුවීම් අපට යම් කතාවක්‌ කියමින් සිටී. මිනී මරුවන්ට ද`ඩුවම් කළ යුතු බව සැබෑය. රටක මානව හිමිකම් රක්‌ෂා කිරීම ස`දහා අවශ්‍ය සාධනීය කැපකිරීම් කළයුතු බව සැබෑය. ඉන් රටකට ගෞරවයක්‌ උපදී. එහෙත් ලෝකයේ ඕනෑම රටක්‌ මේ සියල්ල ක්‍රියාවට නන්වන්නේ ජාතියක්‌ පිළිබ`ද හැ`ගීමකින් උපදවාගත් විනයක්‌ තුළය. තමන්ගේ ප්‍රමෝෂන් එකට වඩා වැඩි දුරක්‌ නොපෙනෙන නිලධාරීන් සහිත රටක, මැතිවරණයකට වැඩි දුරක්‌ නොපෙනෙන දේශපාලකයන් සහිත රටක මේ විනය උපදවාගත හැකි නොවේ. අප ජාතියක්‌ ලෙස සිටින්නේ මරණයට නුදුරෙනි.

රුචිර ජයදේව

 

http://www.divaina.com/2015/02/22/feature08.html

මාධ්‍ය නිදහස කබලෙන් ලිපට

ජාතිවාදී ලේබල් අලවමින් මාධ්‍ය මර්දන කරන බවට
අගමැති කරන තර්ජන හෙළා දකිනවා

– ප්‍රසන්න රණතුංග

ජාතිවාදී ලේබල් අලවමින් මාධ්‍ය මර්දනය කරන බවට අගමැතිවරයා කරන තර්ජන හෙළා දකින බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

එක්‌ අතකින් තොරතුරු දැන ගැනීමේ පනත ගෙන එන බව පවසමින්, අනෙක්‌ පැත්තෙන් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීමෙන් යහපාලන ආණ්‌ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුපුරුදු දිව දෙකේ ප්‍රතිපත්තිය හෙළිවන බවද ඔහු පෙන්වා දෙයි. ආණ්‌ඩුව ගෙනෙන තොරතුරු දැනගැනීමේ පනත ව්‍යාජ එකක්‌ බව එමගින් තහවුරු වන බවද රණතුංග මහතාගේ අදහසයි.

දිවයින, රිවිර, ඉරුදින වැනි පුවත්පත්වල නම් පවසමින් එහි කර්තෘවරුන්ගේ නම් සඳහන් කරමින් වික්‍රමසිංහ මහතා කරන තර්ජනය යහපාලන ආණ්‌ඩුවේ මාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක්‌ බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

කුරුණෑගලදී ඔහු කළ මෙම ප්‍රකාශය පුරාම ඇත්තේ ද්වේශය මිස අන් කිසිවක්‌ නොවේ. මෙම මාධ්‍ය “රාජපක්‍ෂ වැසිකිළි හෝදන සක්‌කිලි වැඩේ” කළ බව පවසා ඇති වික්‍රමසිංහ මහතා “දිවයින” කර්තෘ අනුර සොලමන්, දිවයිනෙන් ඉවත් විය යුතු බවට තර්ජනය කර තිබේ. වික්‍රමසිංහ මහතා මාධ්‍යය හිමිකරුවන් සහ කර්තෘවරුන් ඉදිරියේ දී කැඳවන බවත්, එම

රැස්‌වීමට කවුරුන් හෝ නොආවොත් තමන් ඒ ගැන එදාට බලා ගන්නා බවත් සඳහන් කර ඇත්තේ යහපාලන ආණ්‌ඩුවේ අගමැතිවරයා වශයෙන් නොවන බව රණතුංග මහතාගේ අදහසයි.

ඔහු මෙම තර්ජනය කර ඇත්තේ තුම්මුල්ලේ පද්මේ වැනි පාතාල නායකයකු ලෙසින් බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

පසුගිය රජය සමයේ මාධ්‍ය නිදහස නැතැයි කියමින් කෑමොර දුන් ආණ්‌ඩුව සංවිධාන හා පුද්ගලයන් මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන රණතුංග මහතා ඔවුන් නිහඬව සිටින්නේ

ලැඡ්ජාවටද, එසේත් නැත්නම් මෙවැනි තර්ජන අනුමත කිරීම නිසාද යන්න පිළිබඳව ප්‍රශ්නයක්‌ මතුවන බවද කියා සිටී. හැකි නම් අගමැතිවරයාගේ මෙම මැර ප්‍රකාශයට එරෙහිව උද්ඝෝෂණය කරන ලෙස එම සංවිධානවලට අභියෝග කරන්නේ යෑයිද රණතුංග මහතා කියයි.

දැන් තමන් මෙම නිවේදනය නිකුත් කළ වහාම යහපාලන ගැත්තෝ මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව සමයේ සිදුවූයේ යෑයි කියන ඇතැම් සිද්ධීන් හුවා දක්‌වමින් ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ තිබේ. රනිල් වික්‍රමසිංහගේ මේ යහපාලන ආණ්‌ඩුව පත් කෙරුණේ පැවැති රජය විසින් සිදු කළේ යෑයි කියන වැරැදි හෝ අඩුපාඩු ඇත්නම් වෙනත් පුද්ගලයන් විසින් ඒ ආකාරයෙන්ම එම වැරැදි සිදු කිරීමට නොවේ. යහපාලනයෙන් ජනතාව අපේක්‍ෂා කරන්නේ නිවැරැදිම දේ සිදු කිරීම බව රණතුංග මහතා පෙන්වා දෙයි. එහෙත් අද වන විට ජනතාවගේ යහපාලන අපේක්‍ෂාවන් එකින් එක බිඳ වැටෙමින් තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මාධ්‍යවලට කළ තර්ජනය ඊට කදිම නිදසුනක්‌ බවත් රණතුංග මහතා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙවැනි තර්ජනය කිරීම් මීට පෙර අප දැක ඇත. එම තර්ජනයන්ගෙන් පසු සිදු වූයේ කුමක්‌දැයි අපි හොඳින් දනිමු. එබැවින් අගමැතිවරයා මුද්‍රිත මාධ්‍ය කිහිපයක හා මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ නම් කියමින් කළ තර්ජනය මෙරට මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ තර්ජනයක්‌ බවත් අගමැතිවරයා මාධ්‍යවේදීන්ගේ නම් පවසමින් කළ එම ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් රණතුංග මහතා අවධාරණය කරයි.

 

http://www.divaina.com/2015/02/25/news27.html

සිංහල කොටි යකා නටන අරුම පුදුම යහපාලනය කාගේ යහපතටද?

“වැලිකඩ” වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම

‘ජුදාස්‌” පරදන තරමේ පාවා දෙන්නෝ අප අතරේ හැමදාමත් සිටියහ. අපේ ඉතිහාසයේද එවැන්නන්ගේ කතා බොහෝ ඇත. ප්‍රභාකරන්ගේ ශාපයෙන් මේ රට වැනසෙමින් තිබියදීද එවැනි නරුමයන් කළ පාවා දීම් අනන්තවත් සිදු විය.

එකී පාවා දීම්වලදී ඔවුනට අම්මා, අප්පා, රට, ජාතිය සහ ආගම ආදී වශයෙන් වූ කිසිවක්‌ පිළිබඳ වැදගත්කමක්‌ නොවීය. කුමක්‌ හෝ වේවා පාවා දීම ඔවුන්ගේ බඩගෝස්‌තරය වී තිබිණි. ඉතින් උන් සැවොම එක්‌වී නිති කරනු ලැබුවේ බඩවඩා ගැනීම උදෙසා සියල්ල පාවා දීමය.

මෙකී පාවා දෙන්නන් “ජුදාස්‌” පරදන තරමේ උන් යෑයි කියන්නටද හේතු සාධක බොහෝ ඇත. එදා කාසි මල්ලක්‌ ඉදිරියේ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ පාවා දුන්නද ජුදාස්‌ට හෘද සාක්‍ෂියක්‌ තිබුණේය. එහෙයින් හේ එම පාවාදීමෙන් පසු ගෙල වැලලා ගෙන සිය දිවි නසා ගත්තේය. නමුත් ජුදාස්‌ට එසේ හෘද සාක්‍ෂියක්‌ තිබුණද මෙකී පාවා දෙන්නන්ට එවැන්නක්‌ නොමැත.

එනිසා උන් හැමදාමත් කළේ ඔබත් මාත් වෙසෙන මේ සමාජය තුළ සිටිමින් සමාජයම පාවාදී සියල්ල අලෙවි කර බඩ වඩා ගන්නා අතරේ සමාජය තුළටම වැදී සැඟවීමමය. එසේ අප අතරට වැදී සිටින මෙකී පාවා දෙන්නන්ගේ කතා පෙළේ අලුත්ම කතාව මේ මොහොතේ කරළියට පැමිණ තිබෙන්නේ විශ්මිත අයුරිනි.

එහිදී මෙකී නරුම පාවා දෙන්නන් එකට එක්‌ව පහර දෙන්නට සැරසෙනුයේ කොතැනකටද? මේ රට යක්‍ෂයාගෙන් ගලවා ගත් ත්‍රිවිධ හමුදා හා පොලිසිය ආදී ලෙසින් වන අපේ රණවිරුවන් දැන් ඔවුන්ගේ ඉලක්‌කය වී තිබෙන්නේය.

පවතින “යහ පාලනය” තුළ දෙමළ බෙදුම්වාදයට යළි මාවත විවර කෙරෙමින් තිබෙන්නේය යන්න ඉකුත් සතියේ මෙරට මාධ්‍ය තුළ කතාබහට ලක්‌ වූවකි. පසුගිය දා උතුරු පළාත් සභාව තුළ සම්මත කෙරුණු රටට එරෙහි යෝජනාවෙන්ද කියෑවුණේ ඒ කතාවය.

නමුත් වත්මන් “යහ පාලනයට” එකී අවදානම පිළිබඳ සිතන්නට වුවමනාවක්‌a නැති බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි. ඊට ඇති කදිම සාක්‍ෂිය වන්නේ එදා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය සමඟ දීග කමින් මේ රට පාවා දුන් අපතයෝ රැලක්‌ මෙදා රණවිරුවන්ට පහර දීමට සැරසෙද්දී ආණ්‌ඩුවේ ඇතැමුන්ද ඔවුන් අතරට ගොස්‌ හිස අතගා “ඔහොම යමං පුතා” න්‍යායෙන් කටයුතු කරමින් සිටීමය.

ඉකුත් 2012 වසරේ නොවැම්බර් මස කොළඹ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ල අද මෙසේ රණවිරුවන්ට පහර දීමට සැරසෙන අමන රෑළ සිය ප්‍රධාන සටන් පාඨය බවට පත් කරගෙන තිබෙන්නේ කෙන්දක්‌ ගෙන මෙන්න කන්ද යෑයි ආණ්‌ඩුවට පෙන්වමිනි.

රටට එරෙහි විජාතික බලවේගයන්ගේ ඉත්තන් වී ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට කඩෙ ගිය මෙකී අමන පාවා දෙන්නන්ට කෙන්ද කන්ද කිරීම යනු සුළු දෙයකි. එහෙත් ගැටලුව වන්නේ උන් පෙන්වන කෙන්ද දැක ඔව් එය කන්දක්‌ යෑයි කියන්නට තරම් වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතියන්ද “මොන්ටිසෝරි” තත්ත්වයට ඇද වැටී සිටීමය.

යහ පාලනය මේ යන්නේ “මිලේනියම් සිටි” අංක දෙක වෙතටද? සිදුවන සියල්ල ඉදිරියේ අපට තවමත් වටහාගත නොහැකිව ඇත්තේ ඒ ටිකය. නමුත් යළි එවැන්නක්‌ සිදු වුවහොත් අතීත මතකයන් සමඟ මේ රටට ආදරය කරන මිනිසුන්ගේ ශාපයෙන් මිදෙන්නට යහ පාලනයේ කිසිවකුටත් නොහැකි වනු ඇත.

අද දවසේ ඉහත කී නරුමයන් වැලිකඩ බන්ධනාගාරයේ එකී සිද්ධිය සිය බඩ වඩා ගැනීමේ අලුත්ම මෙහෙයුම බවට පත් කරගෙන සිටිනුයේ එල්ටීටීඊය වනසා රටට විමුක්‌තිය උදා කර දුන් රණවරුවා කෙරෙහි ඇති වෛරය නිසාම බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි.

එදා වැලිකඩ බන්ධනාගාරයේදී සිදු වූයේ කුමක්‌ද යන්න අපි මීට ඉහත ලිපියකදීද මැනවින් සටහන් කළෙමු. ඒ වගකීම් සහිතවය. “දිවයින” යනු මේ රටේ බන්ධනාගාරගත සිරකරුවන්ගේ දුක හා පීඩනය පිළිබඳ වැඩියෙන්ම කතා කළ මාධ්‍යයකි. එනිසාම මෙරට ඇති ඕනෑම බන්ධනාගාරයක සිදු වන සිදුවීමක තොරතුරු අසුරු සැණින් දැන ගැනීමේ සබඳතා ජාලයක්‌ “දිවයිනේ” අපට ඇත.

එය වැලිකඩ බන්ධනාගාරය අරබයාද එදා මෙන්ම අදටත් පොදුව තිබෙන්නකි. එහෙයින් උපදින මොහොතේ ගසක්‌ යට පෙකණිවැල කපන ලද, ජාතියක්‌ ජන්මයක්‌ නැති අපතයන් වී ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට ආවඩා කිලිනොච්චි කැලයේදී එල්ටීටීඊ සටන් පුහුණුව ලැබ කොළඹට බෝම්බ ගැසූ පවට හිරේ ගිය වුන් කියන කතා මෙන් නොව වැලිකඩ සිද්ධිය පිළිබඳ අප තැබූ සටහන් තුළ වූයේ සත්‍යවාදී බවමය.

ඒ සත්‍යවාදිත්වය තුළ රැඳෙමින් කාගේත් වැටහීම පිණිස එදා වැලිකඩ සිද්ධියේ දී වූ දේ නැවතත් අපි මෙසේ සටහන් කරන්නෙමු. 2012 නොවැම්බර් මාසය වන විට වැලිකඩ බන්ධනාගාරය වූයේ පාලනය කළ නොහැකි තරමට මත් කුඩු ජාවාරමේ මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වය. පාවා දෙන්නන් අද කියන කතාවට අදාළ දිනයේ එස්‌ටීඑµa වැලිකඩට ගියේ එහි පවතින තත්ත්වය වැළකීමේ අදහසිනිs.

නමුත් එහිදී සිදු වූයේ කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. බන්ධනාගාරයට ගිය එස්‌ටීඑµa නිලධාරින්ට බලාපොරොත්තු නොවූ ලෙස සිරකරුවන්ගෙන් විශාල අභියෝගයක්‌ එල්ල වන්නට විය. අවසානයේ එය දරුණු ගැටුමක්‌ බවට පරිවර්තනය වූයේ නොසිතූ අයුරිනි.

එහිදී සිරකරුවෝ බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා නිලධාරින්ට වෙඩි තබන්නට වූහ. කෙටි වේලාවක්‌ තුළ බන්ධනාගාරය යුද පිටියක්‌ කෙරෙමින් නිර්මාණය වූයේ බිහිසුණු වටපිටාවකි. එය එදින රාත්‍රියේදී ද බන්ධනාගාරය තුළ පැවතිණි. ඇතැම් සිරකරුවන් බන්ධනාගාර ඩිස්‌පැන්සරිය කඩා මානසික රෝගීන්ට දෙන බෙහෙත් පෙති වර්ගයක්‌ පානය කර මත්වී වියරුවෙන් මෙන් හැසිරීම තත්ත්වය තවත් දරුණු කරන්නක්‌ වී තිබිණ.

ඒ රැයේදී මේ ලියුම්කරු ඇමතූ එදා වැලිකඩ සිටි තමන් කවරෙක්‌දැයි නොකී රැඳවියකු බියපත් ස්‌වරයෙන් රාත්‍රී 11.00 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේ තත්ත්වය පැහැදිලි කරන්නට වූයේ මෙලෙසිනි. “මහත්තයෝ.. අපේ උන් ආමරියේ තිබුණු වෙපන් අරගෙන හතර අතට වෙඩි තියනවා.. මේ වෙනකොට එළියෙනුත් බන්ධනාගාරය ඇතුළට වෙඩි තියනවා. මම හිතන්නේ ආමි එක ඇවිල්ලද කොහෙද..”

සැබවින්ම එම රැඳවියා අනුමානයට කී පරිදිම එම මොහොත වන විට වැලිකඩ බන්ධනාගාරය සිරකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා යුද හමුදාව එහි කැඳවීමට රජය පියවර ගෙන තිබිණි. එසේ එහි ගිය හමුදා නිලධාරින් අත වූයේ මේ රටේත් ජාතියේත් රැකවරණය වෙනුවෙන් ලබා දුන් නීත්‍යනුකූල ගිනි අවිය. ආණ්‌ඩුව ඒවා ඔවුන්ට ලබා දුන්නේ නළා පිඹින්නට නොව. අවැසි තැනදී වෙඩි තබන්නටය.

හමුදාව එසේ වැලිකඩ බන්ධනාගාරයට යන මොහොත වන විටත් සිරකරුවන් සිටියේ බන්ධනාගාර අවි ගබඩාව කඩා අතට ගත් ගිනි අවි වලින් හතර අතට වෙඩි තබමිනි. ඒ රැයේ බන්ධනාගාර රැඳවියා ඇමතුමක්‌ දී අපට කී කතාවෙන් එය පැහැදිලි වන්නකි.

එසේ නම් මෙහිදී වැලිකඩට ගිය හමුදා නිලධාරින් කළ යුතු වන්නේ කුමක්‌ද? “අනේ මල්ලි අපි ආමි එකෙන් වෙඩි තියන්න එපා” යෑයි සිරකරුවන් අමතා පවසමින් බන්ධනාගාරය මුදා ගැනීමට එතුළට යැමද? නැත. යුද හමුදා විරුවන් එදා එහි ගියේ රජයේ නියෝගයට අනුව වැලිකඩ බන්ධනාගාරය සිරකරුවන්ගෙන් මුදා ගැනීමටය. ඔවුන් සිය රාජකාරිය කළ යුතුය. එකී රාජකාරියේදී තමන් වෙත එන වෙඩි උණ්‌ඩය හමුවේ පෙරළා වෙඩි තබන්නට ඔවුනට සිදු වන්නේය. වැලිකඩදී වුණේ ඒ ටිකය.

නමුත් අද දවසේ වැලිකඩ සිද්ධියට අර්ථකථන දෙන, කලකට ඉහත විජාතික කුමන්ත්‍රණකරුවන්ගේ රෙදි අස්‌සේ සැඟවී උපන් බිමට එරෙහිව ක්‍රියාත්මක වූ එන්ජීඕ නඩ සහ උන් සමඟ පෙළ ගැසී සිටින ජාතිය පවා දී සිරගතව සිටි කොටි ත්‍රස්‌තවාදී නරුමයන් කියනුයේ කුමක්‌ද?

වැලිකඩදී එදා අපේ රණවිරුවන් මිනිස්‌ ඝාතකයන් වූයේලු. සොය සොයා සිරකරුවන් මැරුවේලු. පිටින් ආ ඝාතකයන් බන්ධනාගාරය තුළට පැමිණ මිනී මැරුවේලු. “නරි සඳ දුටු කල හූ කියන්නාක්‌” පරිදි මේ සියල්ල කියනුයේ අද දවසේ ඩොල්ර් කුට්‌ටි හමුවේ සදාකාලිකවම මේ රටට සතුරුවූ එන්ජීඕ නඩ සමඟ එකතුව දේශපාලන රැකවරණ ගෙන විදෙස්‌ගත වීමේ සූදානමක සිටින සහ දැනටමත් එසේ රටින් පිටවී සිටිනා සිංහල කොටි ත්‍රස්‌තයන්ය.

පැහැදිලිවම කිවහොත් මේ සියල්ල පසුපස සිටිනුයේ එලිටීටීඊයේ ත්‍රස්‌තවාදයට රට පමණක්‌ නොව ආත්මයද පාවා දුන් නරුමයෝය. යුද සමයේ කොළඹ වනසා අමු අමුවේ මිනිස්‌ ඝාතන කිරීමට ප්‍රභාකරන්ගේ බෝම්බ කොළඹට ගෙනවිත් බස්‌ රථවල සහ දුම්රිවල තබා මිනිසුන් මරමින් ත්‍රස්‌තවාදීන්ගේ ඊළාම් සිහිනයට ආවැඩූ කාලකණ්‌ණිය.

අපි ඒ කතාව නොබියව කියන්නෙමු. ඒ කිසිවකු හෝ අභියෝගයක්‌ කරන්නට පැමිණියහොත් සියල්ල රටට පෙන්වා දෙන්නට සාක්‍ෂි අප සතුව තිබෙන නිසාය. අද වැලිකඩ සිද්ධිය ගෙන රටට එරෙහි වූ එන්ජීඕ නඩ සමඟ එක්‌ව “හමුදාව වැලිකඩ මිනී මරද්දී අපිත් ඇතුළේ සිටියා” ලෙසින් මොර දෙන්නවුන් පිළිබඳ අපට කියන්නට බොහෝ දේ ඇත.

මේ හඬ නගනුයේ කලකට ඉහත ප්‍රභාකරන්ට මල් පුදමින් කිලිනොච්චියට ගොස්‌ එල්ටීටීඊයේ සටන් පහුණුව ලැබ දකුණට බෝම්බ ගසමින් රටත් ජාතියත් පාවා දුන් සිංහල කොටි නඩයට අදාළ වූ පිරිස්‌ය. “එදා අපිත් හිරේ හිටියා” යෑයි ලෙසින් මොවුන්ම කියන පරිදි මේ නරුමයන් වැලිකඩ බන්ධනාගාරයේ කූරු ගණින්නට ගියේ හොරෙන් කෙසෙල්කැන් කැපීම නිසා නොව, එල්ටීටීඊයේ බෝම්බ රැගෙන විත් ජාතිය වැනසූ නිසාය. එය සනාථ කරන්නට ඕනෑ තරම් සාධක අද අප සතුව ඇත.

මේ වන විට වැලිකඩ සිද්ධිය ගෙන රටේ රණවිරුවන් මිනීමරුවන් යෑයි කියමින් කෙටි චිත්‍රපටයක්‌ සකසා එය ජාත්‍යන්තරය වෙත ගෙනයන්නටද මොවුන් සැරසෙන බව වාර්තා වෙමින් තිබෙන්නකි. එතුළින් මෙකී නරුමයන් බලාපොරොත්තු වන්නේ කාගේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින්නටද? ඒ පසුපස ඇත්තේ මේ රටට එරෙහි ජාත්‍යන්තරයේ වුවමනාව මිස අන් කුමක්‌ද?

වත්මන් යහපාලන ආණ්‌ඩුවේ අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් සොයන්නට අලුතින් කොමිෂන් පත් කරන්නේත් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා “අලුත්පාලම යටින් පොල්ලෙල්ලක්‌ ගියත්” උද්ඝෝෂණ පවත්වන රටට එරෙහි අපතයන් අතරට ගොස්‌ විවිධ දේ කියන්නට යත්නේත් වැලිකඩ සිද්ධිය අරබයා මේ මොහොතේ සිදු වෙමින් තිබෙන කුමන්ත්‍රණයේ සැබෑ කතාව එසේ වී තිබියදීය.

මේ වන විට ආණ්‌ඩුව වැලිකඩ සිද්ධිය පිළිබඳ දන්නා පුද්ගලයන්ට ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දෙන ලෙස මාධ්‍ය ඔස්‌සේ නිවේදන ද කරන්නේය. එහෙත් ඒ සියල්ල සිදු වන්නේ කුමන වට පිටාවක්‌ යටතේද? වැලිකඩ සිද්ධිය පිළිබඳ ස්‌වාධීන කොමිසමක්‌ මගින් සිදු කළ පරීක්‍ෂණයකින් සහ රහස්‌ පොලිසිය පුද්ගලයන් තුන්දහසකට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන සිදු කළ පුළුල් විමර්ශනයකින් පසු එදා වැලිකඩදී සිදු වූයේ මෙය යෑයි පැහැදිලිවම කියා තිබියදීය.

ස්‌වාධීන කොමිසමක්‌ මගින් සහ රහස්‌ පොලිසිය මගින් තුන්දහසකට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන සිදු කළ පරීක්‍ෂණ දෙකක වාර්තා තිබියදී ආණ්‌ඩුව මෙසේ යළි විමර්ශනයක්‌ පැවැත්විය යුතු යන තැනට ඇද වැටී සිටින්නේ කුමක්‌ නිසාද? ඉන් ගම්‍ය කරන්නට යන්නේ පෙර පරීක්‍ෂණ පැවැත්වූ රහස්‌ පොලිසිය සහ ස්‌වාධීන කොමිසම වැඩේ කර නැතැයි යන්නද?

එය එසේ නම් එයින්ද නිසි ඵල නෙළා ගන්නේ මේ රටට එරෙහිව එදා සිට මේ දක්‌වාම පෙළ ගැසුණා වූ එන්ජීඕ නඩ සහ සිංහල කොටි වැනි තුට්‌ටු දෙකේ නරුමයන් බව ආණ්‌ඩුවට අවබෝධ විය යුතුය. කෙසේ වෙතත් ආණ්‌ඩුව දැන් වැලිකඩ සිද්ධිය පිළිබඳ නැවත පරීක්‍ෂණයකට යන්නේ නම් කරන්නට ඇති දේද බොහෝය.

මුලින්ම වැලිකඩ ගැටුමේදී මියගිය රට වැනසූ අපරාධකාරයන්ගේ මළ මිනී යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය. ඉන් පසු සිද්ධිය පිළිබඳ දන්නා සියල්ලන් කැඳවා ප්‍රකාශ ගත යුතුය. මෙසේ කරන්නට ඇති දේ බොහෝය. ඒ සියල්ල සිදු කරන්නේ නම් අධිකරණ ඇමැතිවරයා ඇතුළු වත්මන් යහපාලන රජයට කියන්නට වැදගත් තොරතුරක්‌ ද අපට ඇත. ඒ මේ වන විට එන්ජීඕ නඩවල සිටින ඇතැම් කළුකෝට්‌ කාරයන් අපේ රණවිරුවන්ට කෙළවීමේ වෛරී අරමුණ ඇතිව පිටරට සිහින සහ සල්ලි පොදි පෙන්වා වැලිකඩ පිළිබඳ ව්‍යාජ සාක්‍ෂි සකසමින් සිටින්නේය යන්නය. ආණ්‌ඩුව සිදු කරන අලුත් පරීක්‍ෂණයේදී ඒවා කෙරෙහිද අවධානය යොමු විය යුතුව ඇත.

මේ අතරේ දැන් එකී කළුකෝට්‌කාරයන් වැලිකඩ සිද්ධිය පිළිබඳ සත්‍ය කතා කරන ජනමාධ්‍ය නිහඬ කිරීමේ වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මක කර ඇති වග තවත් පැත්තකින් වාර්තා වන්නේය. මෛත්‍රී පාලනය තුළ මාධ්‍ය නිදහස පිළිබඳ කතා කළ ආණ්‌ඩුව වැලිකඩ පරීක්‍ෂණයේදී ඒ පිළිබඳවද සොයා බැලිය යුතුය. මන්ද “කොහෙද යන්නේ මල්ලේ පොල්” න්‍යායෙන් කිසිදා අධිකරණයක නඩු විභාගයකට නොගොස්‌ රටට එරෙහි එන්ජීඕවක්‌ අටවාගෙන නටන කළුකෝට්‌කාරයන්ට එසේ මාධ්‍යයට බලපෑම් කිරීමට ඉඩ දිය නොහැකි බැවිනි.

මේ අනුව බලන කල වත්මන් ආණ්‌ඩුවට වැලිකඩ අරබයා ක්‍රියාත්මක වීමේදී කරන්නට ඇති වැඩ බොහෝය. ඊට දින සියයක්‌ නොව දින තුන්සිය හැටපහක්‌ තිබුණද මදි විය හැකිය.

ඒ අනුව රජයට දැන් සිතා බලන්නටද දෙයක්‌ ඉතිරිව ඇත. ඒ අන් කිසිවක්‌ නොව. මේ රටේ ජනතාව මෛත්‍රී පාලනයට ඡන්දය දුන්නේ දින සියයකින් තමන්ට ලැබෙන සහනය දකින්නටද නැතහොත් රට වනසා වළපල්ලට ගිය තක්‌කඩි රැළකගේ මළ මිනී ගොඩ ගෙන ආණ්‌ඩුව කරන පශ්චාත් මරණ පරීක්‍ෂණ දෙස බලා සිටින්නටද යන්නය.

මේ ලෙසින් වැලිකඩ සිද්ධිය අරබයා නැවත පරීක්‍ෂණ පැවත්වීමට යැමෙන් වත්මන් රජය ඉදිරියට එන ගැටලු රාශියකි. එහෙත් ඒ ගැටලුවලින් මිදීම සඳහා රජයට එක්‌ පහසු විසඳුමක්‌ද ඇත. ඒ “අපිත් හිරේ හිටියා” යෑයි දොඩවමින් අද වැලිකඩ සිද්ධිය ගෙන එන්ජීඕ නඩ සමග එක්‌ව රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උණ්‌ඩයකින් නොලැබුණ පිළිතුර මෙදාවත් ලබා දීමය. අප එසේ කියන්නේද නිකන්ම නොව. එදා මෙන්ම අදටත් මුන් රටට බරක්‌ වී නටමින් සිටින නිසාය.

සමන් ගමගේ

 

එන්ජීඕ නීතිඥවරයකුගේ පැමිණිල්ලකට ‘දිවයින’ මාධ්‍යවේදියා පොලිසියට කැ`දවයි

වැලිකඩ බන්ධනාගාරය තුළ ඉකුත් 2012 වසරේ සිදුවූ සිරකරු කැරැල්ලේ දී යුද හමුදාව මිනීමැරුවේ යෑයි හඬ නගන “ගෝ රයිට්‌” නමැති එන්ජීඕ සංවිධානයේ නීතිඥවරයකු බව කියන රංගොඩ ආරච්චිගේ සේනක පෙරේරා නමැත්තකු කරන ලද පැමිණිල්ලකට අනුව “දිවයින” මාධ්‍යවේදී සමන් ගමගේ මහතා පිළිබඳ කොටහේන පොලිසිය විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

ඒ අනුව ඊයේ (24 දා) පෙරවරුවේ යතුරුපැදියකින් “දිවයින” කාර්යාලයට පැමිණි කොටහේන පොලිසියේ නිලධාරියෙක්‌ අදාළ පැමිණිල්ල පිළිබඳ පවසා හෙට (26 දා) කොටහේන පොලිසියට පැමිණ ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙස ඔහුට දැනුම් දෙනු ලැබීය.

වැලිකඩ සිද්ධිය ගෙන රටේ රණවිරුවන්ට පහර ගැසීමට සැරසීම සම්බන්ධයෙන් සමන් ගමගේ මහතා ඉකුත් පෙබරවාරි පළමුවැනිදා සහ 22 වැනිදා “දිවයින” ඉරිදා සංග්‍රහයේ ලියා පළ කළ ලිපි දෙකක්‌ පදනම් කර ගනිමින් නීතිඥ සේනක පෙරේරා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

අදාළ “දිවයින” ලිපි මගින් “ගෝ රයිට්‌” එන්ජීඕ සංවිධානය සමග සිටින වැලිකඩ සිද්ධියේ සාක්‍ෂිකරුවන් යෑයි කියන ඉකුත් කාලයේ ත්‍රස්‌තවාදී චෝදනා එල්ල වූවන් ඇතුළු විවිධ පුද්ගලයන්ට ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවට සහ තවත් චෝදනා ගණනාවක්‌ එල්ල කරමින් “දිවයින” මාධ්‍යවේදියාට එරෙහිව නීතිඥ සේනක පෙරේරා මෙම පැමිණිල්ල ගොනුකොට ඇත.

http://www.divaina.com/2015/02/25/news09.html

හෙළ සදාචාරය නසන ජාත්‍යන්තර පාසැල් – ශාක්ෂි සහිතව

සියලු ජාත්‍යන්තර පාසල් වහා නියාමනය කළ යුතුයි
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

මෙරට තිබෙන සියලු ජාත්‍යන්තර පාසල් වහා නියාමනය කළ යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ රජයට අවධාරණය කළහ.

එක්‌තරා ජාත්‍යන්තර පාසලක හතර වසරේ පෙළ පොත සඳහා ඇතුළත් කර ඇති මතභේදාත්මක පාඩම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ රජය කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කරති.

ගෝලීය තත්ත්වයන් තුළ ඕනෑම දෙයක්‌ රට තුළට පැමිණිය හැකි මුත් අප රටේ සංස්‌කෘතිය, සම්ප්‍රදාය, සභ්‍යත්වය විනාශ වීමට ඉඩදිය නොහැකි බවත් උන්වහන්සේ සඳහන් කළහ.

උන්වහන්සේ එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

http://www.divaina.com/2014/09/27/news12.html

 

ජාත්‍යන්තර පාසලක 4 විද්‍යා පොතේ සංස්‌කෘතියට නොගැලපෙන පාඩම්
දෙමාපියෝ චෝදනා කරති

මීගමුව සමූහ – විමල් කීර්ති

දිවයිනේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක දරු දැරියන්ගේ විද්‍යා අභ්‍යාස සඳහා එම පාසලෙන් ලබාදෙන පාඩම් පොත ශ්‍රී ලංකාවේ සංස්‌කෘතිය හැදියාව විනාශ කරන මට්‌ටමක පැවතීම නිසා මෙම පාසල් පිළිබඳව වහා අවධානය යොමු කරන ලෙස එම සිසු සිසුවියන්ගේ දෙමාපියෝ අධ්‍යාපන ඇමැති, සංස්‌කෘතික ඇමැති සහ බුද්ධ ශාසන ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිති.

මෙම ජාත්‍යන්තර පාසල මිශ්‍ර පාඨශාලාවකි. මෙම පාසලේ 4 ශේ්‍රණිය ඉගෙනුම ලබන 11 වනි වියේ පසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදී ඇති (Sජසැබජැ චරදටරුs) නමැති පාඩම් පොතෙහි 2. 3 සහ 20 වැනි පිටුවේ චිත්‍ර සහිතව පෙන්වාදී ඇත්තේ පිරිමි සහ ස්‌ත්‍රීන් ලිංගිකව එක්‌වන අයුරුය. 4 ශේ්‍රණියේ ඉගෙනුම ලබන 11 වියෑති සිසු සිසුවියන් යනු අපේ ජනවහර අනුව යාන්තම් ඇටෙන් පොත්තෙන් මිදී එන පරපුරය. ඔවුන් යොවුන් වියට පා තබන්නටත් ප්‍රථම චිත්‍ර සහිතව ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ සිංහල සංස්‌කෘතිය අමතක කොට බටහිර සංස්‌කෘතියම නැඹුරු කරන්නටදැයි දෙමාපියෝ ප්‍රශ්න කරති.

එම විදුහලෙන් පොත්පත් මුද්‍රණය කර සිසුන් අතට පත් කිරීමට පෙර එහි විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් අඩුම තරමින් පරීක්‍ෂා නොකරන්නේ දැයි දෙමාපියෝ තවදුරටත් ප්‍රශ්න කරති.

http://www.divaina.com/2014/10/03/provin06.html

ATT00847ATT00829

ATT00832ATT00835 ATT00838 ATT00841 ATT00844

Beaten Dogs – ඌව ජනතා පොළු පහර කෑ දේශපාලන බල්ලෝ

සිරිලක දුප්පත් කතුන් ගණිකා සේවය සඳහා වංඡනිකව මැදපෙරදිග පටවන ඩිලාන් පෙරේරා (# 22) ඇමතියා බල්ලෙක් බව ජනතාව තේරුම් ගෙන ඇත. මහජන මුදල් කෝටි ගණනින් ඉස්ලාම් ගව ඝාතකාගාරයකට පිදූ නින්දිත නිමල් සිරිපාල බල්ලා (# 35) සිය දේශපාලන මළගමත් එයින්ම කරගත් බව පෙනේ. සියළු බලුකම් කරමින් සන්ධානයේ සෙවනේ සැඟවෙමින් සිටි මේ නින්දිත බල්ලන්ට බේද නොසලකා පොලු පහර දුන් ඌව ප්‍රබුද්ධ  ජනතාවට මුරගල අපගේ උත්තමාංග නමස්කාරය!

 නිමල්, ඩිලාන් ඇමැතිලාගේ ආසනවලින් සන්ධානය පරදී

ස්‌ප්‍රිංවැලි

ඇමැතිවරුන් දෙදෙනකු නියෝජනය කරන බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද කොට්‌ඨාස දෙකක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පරාජයට පත්ව ඇත.

ශ්‍රීලනීප ජ්‍යෙෂ්ඨ උප සභාපති හා වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල්a සිරිපාල ද සිල්වා මහතා නියෝජනය කරන බදුල්ල ආසනය ඡන්ද 6098 කින්ද විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා නියෝජනය කරන හාලිඇළ ආසනය ඡන්ද 2796 කින්ද සන්ධානය පරාජයට පත්ව ඇත.

http://www.divaina.com/2014/09/22/news07.html

Rajitha’s Doggy Friends – රාජිත පසුපස වැටුනු පාහර ඇමති බලු රැල

ජනක බණ්‌ඩාර තෙන්නකෝන් අපේ 15 වන බල්ලායි, රාජිත 33 වෙනි තිරිසනායි.

උන්ට අලුතින් එක්වන මේ නින්දිත බලු රැළ විරුද්ධ වන්නේ අන් කිසිවකට නොව, තමාට ඡන්දය දීමට තරම් මෝඩයන් වූ සිංහල බෞද්ධයාටයි. මොවුන් විසින් රැකීමට වලිකන, මේ නින්දිතයන් පාර්ලිමීන්තු යැවීමට ඡන්දය දුන් එක තම්බියෙක් හෝ ඇත්නම් ඉදිරිපත් කරන සේ ජාතිය විසින් ඉල්ලා සිටීමට කාලය පැමිණ ඇත. මින් මතු කිසිවිටෙක මේ පාහරයන්ට ඡන්දය පාවිච්චි නොකිරීමට සිංහල බෞද්ධයන් වග බලා ගත යුතුය.

 

 

Mervin

 

 

 

භික්‍ෂුන් වහන්සේ නමක්‌ මට විරුද්ධව කළ ප්‍රකාශයට මා ගන්නා ක්‍රියා මාර්ගය මහානායක ස්‌වාමීන් වහන්සේ අනුමත කළා
– ඇමැති රාජිත සේනාරත්න

සිරිල් විමලසුරේන්ද්‍ර

භික්‍ෂුන් වහන්සේ නමක්‌ මට විරුද්ධව කළ ප්‍රකාශ ගැන මහානායක ස්‌වාමීන් වහන්සේට පැහැදිලි කර ඒ ගැන ගන්නා ක්‍රියා මාර්ගයද පැහැදිලි කළ විට මගේ ක්‍රියා මාර්ගය මහා නායක ස්‌වාමීන් වහන්සේ අනුමත කළා යෑයි ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අස්‌ගිරි මහා විහාරයේ දී පෙරේදා (13 වැනිදා) මාධ්‍යයට පැවසීය.

භික්‍ෂුන් වහන්සේලාගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් වහන්සේ දැඩි ලෙස ක්‍රියා කරන බව මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූ බවද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට එසේ පැහැදිලි කළේ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැක කරුණු සාකච්ඡා කිරීමකින් පසුවය.

ඇමැතිවරයා සමග පැවති සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවීය.

තමන් මුහුණපා සිටින තත්ත්වය පිළිබඳ සෙසු මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද දැනුවත් කරන ලෙස අස්‌ගිරි නාහිමියන් උපදෙස්‌ දුන් බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

ඇමැති රාජිත සේනාරත්න මහතා මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් සිටි අවස්‌ථාවට සහභාගි වුණු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාද මාධ්‍යයට අදහස්‌ දැක්‌වීය.

භික්‍ෂුන් වහන්සේ නමක්‌ අපහාස සිදුකර තිබෙන්නේ රාජිත සේනාරත්න ඇමැතිවරයාට පමණක්‌ නොව සියලු ඇමැතිවරුන් වෙතටයි. බුද්ධ පුත්‍රයන් ලෙස වැදගත් ලෙස කතාබස්‌ කළ යුතුයි. අරුන් මුන්, තෝ බොල කියා කතා කිරීම සුදුසු නැහැ. එහෙම කතා කරන්නේ හැබිචෝල්කාරයෝ.

ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, සාලින්ද දිසානායක, දුමින්ද දිසානායක යන ඇමැතිවරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද, තිළිණ බණ්‌ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් (පළාත් සභා අමාත්‍ය) සහ ආර්. ජී. සමරනායක යන පළාත් සභා මන්ත්‍රීවරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ. තම උපන්දිනය නිමිතිකොට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාද මොහොතකට පෙර පිටවී ගියහ.

ඇමැති පිරිස පෙරේදා (13 වැනිදා) සවස මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට ද ගියහ.

 

http://www.divaina.com/2014/08/15/news15.html

 

බොදු බලයෙන් ප්‍රශ්න මතුවෙයි

අජිත් අලහකෝන්

බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකලාපය නිසා ආණ්‌ඩුව අභ්‍යන්තරයේ අර්බුද නිර්මාණය වී මේ වන විට මැති ඇමැතිවරු පිල් දෙකකට බෙදී ඇත.

ආණ්‌ඩුවේ පිරිසක්‌ බොදුබල සේනා සංවිධානය රැක ගැනීමට උත්සාහ කරද්දී තවත් පිරිසක්‌ ඊට එරෙහිව කතා කරති.

මේ තත්ත්වය සමථයකට පත්කර ගැනීම සඳහා ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්‌ පසුගිය දින කීපය තුළ මැති ඇමැතිවරු කණ්‌ඩායම් දෙක හමුවී දැඩි උත්සාහයක නිරත වූහ.

මැතිවරණයක්‌ පැවැත්වෙන මේ අවස්‌ථාවේ මෙලෙස පිල්බෙදී කටයුතු නොකළ යුතු බව එම ජ්‍යෙෂ්ඨයන්ගේ ස්‌ථාවරය වී ඇත. රාජිත සේනාරත්න, මර්වින් සිල්වා, ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ යන ඇමැතිවරුන්ට මෙන්ම අගමැතිවරයාටද බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ දොaෂාරෝපණ එල්ල කළහ. තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කළැයි පවසමින් ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට ඥනසාර හිමියන්ගෙන් රුපියල් කෝටි 500 ක වන්දි ඉල්ලා එන්තර වාසියක්‌ද යවා ඇත.

එමෙන්ම පසුගිය දා රාජිත සේනාරත්න, මර්වින් සිල්වා, ජනක බණ්‌ඩාර තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු ඇමැතිවරු පිරිසක්‌ මහානායක හිමිවරුන් බැහැ දැකීමට ගොස්‌ බොදු බල සේනා සංවිධානයේ ක්‍රියා කලාපයට එරෙහිව උන්වහන්සේලා හමුවේ කරුණු දක්‌වා ඇත.

මහානායක හිමිවරුන් හමුවට පැමිණීමට පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතාද සූදානම්ව සිටි බව එහිදී ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකලාපයන් නිසා මේ වන විට ආණ්‌ඩුවට බරපතළ ලෙස හානි සිදුව ඇතැයි පවසන බොහෝ පිරිසක්‌ ආණ්‌ඩුව තුළ සිටින බව එක්‌ ඇමැතිවරයෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය” ට ප්‍රකාශ කළේය. ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු බොහෝ දෙනෙක්‌ බොදුබල සේනා සංවිධානයට විරුද්ධ වූවත් එය එළිපිට ප්‍රකාශ කිරීමට මැළිකමක්‌ දක්‌වමින් සිටින බවද එම ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ආණ්‌ඩුවේ පිරිසක්‌ බොදුබල සේනා සංවිධානය රැක ගැනීමට උත්සාහ කරද්දී තවත් පිරිසක්‌ ඊට එරෙහිව කතා කරති.

 

http://www.divaina.com/2014/08/17/news01.html

 

Satanic Beauty Business – සාතන්ගේ රූපලාවන්‍ය වෙළෙඳාම

 

අන්තරාවයි…
රූපලාවන්‍ය වෙළෙඳාම,
උමතුවේ සහ මරණයේ සීමාවන් පසු කොට ඇත…

එක්‌තරා සති අන්ත උදෑසනකදී තරමක්‌ ප්‍රමාද වී අවදි වූ එක්‌තරා ස්‌වාමි පුරුෂයෙකු ඇඟ පත සෝදාගෙන, ගෙයි සාලෙ හරි බරි ගැසී වාඩි වූවේ තම ප්‍රියංභිකාවගේ දෑතින් පිරිනැමෙන දුම් දමන තේ කෝප්පය තොල ගෑමේ බලාපොරොත්තුවෙනි. තම බිරිඳ කුස්‌සියේ සිටින බවට එහි කෙරෙන ශබ්දවලින් හැඟී යයි. මද වෙලාවකින් දොර ඇරගෙන ආ ඇය දැන් ඔහු අභිමුවෙහිය. -දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ…, ඔහු ඉදිරියේ සිටින්නේ කවුදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

මේ නම්, පිටසක්‌වලින් ආ ඒලියන්ස්‌, කෙනෙකු විය යුතුය. මේ අපුරු ජීවියාගේ කෙස්‌ කළඹ හැඩපලු ගෙතුවා සේ දම්වැල් ආකාරයට පහළට එල්ලා වැටෙමින් ඇත. ව්‍යාඝ්‍රයෙකුගේ වයිරං මෙන්, වර්ණ ගැන්වී ඇත. ඇහිබැම නිල් පැහැ ගැන්වී ඇත. මේ ජීවියාගේ පඬු පැහැති සහ සුදු පැහැති මුහුණ සිහි ගන්වන්නේ මෝහිනීගේ අවතාරයයි. කට, මේ දැන් ලේ බිවූ -ඩ්‍රැකියුලා, කටක්‌ වැනිය. දෑත් දෙපාවල දම් පැහැති උල් පිහියා වැනි නිය පොතුය. මේ සතාගේ වස්‌තරය, අඩකටත් වඩා නිරුවස්‌තරය.

සුදෝ මං දැන් හරි හැඩයි නේද,…..?

ටික වේලාවකින් මේ මෝහිනිය සිය හඬ අවදි කළාය.

වර්තමාන කාන්තාවන් ඇතැමෙකු එක්‌ අතකට විලාසිතා සහ රූපලාවන්‍ය කලාවේ උමතු සීමාවද පසු කර ගොස්‌ ඇති බැව් පෙනේ. අනෙක්‌ අතට, අන්තර්ගතය හා ප්‍රමිතිය පිළිබඳව ඒ හැටි සැලකිල්ලක්‌ නොදක්‌වන සහ ඒවා සම්බන්ධයෙන් වන දැනුමෙන් යාවත්කාලීන නොවන පාරිභෝගිකයින් බහුතරයක්‌ සිටින රටක ජීවත් වන අප හට විලාසිතා සහ රූපලාවන්‍ය නාමයෙන් කිසිදු වැදගැන්මකටද නැති නිෂ්පාදන රාශියක්‌ විකූණමින් සිටින තක්‌කඩි මුදලාලිලා විසින් එකී නිෂ්පාදනවල අවම සෞඛ්‍ය ආරක්‌ෂිතභාවය කෙසේ වෙතත් මරණයේ සීමාවද පසු කොට ගොස්‌ තිබේ. ඇතැම් නිෂ්පාදන වල අන්තර්ගතයන් දෙස විමසිලිමත් වීමෙන් මේ මාරක ඇත්ත පෙනී යයි.

තම රූප ස්‌වභාව ඔප් නංවා ගැනීමේ අරමුණින් රූපලාවන්‍යාගාරවලට ගොඩ වැදුණු සහ එම නිෂ්පාදන භාවිත කළ කිහිපදෙනෙකුටම මිනී පෙට්‌ටි වලින් ගෙදර එන්නට සිදු වූ පුවත් කිහිපයක්‌ම පසු ගිය දිනවලදී මෙරටින් සහ එරටින් වර්තා විය. මේ මොහොත වනවිට රටේ ප්‍රධාන මාතෘකාවක්‌ව ඇත්තේ එවැනි රූපලාවන්‍ය සැත්කමක්‌ ස`දහා පුද්ගලික ආයතනයකට ගිය වෛද්‍යවරියක්‌ බෙහෙත් අසාත්මික වී මිය යැමේ සිද්ධියකි.

විෂ පෙවූ ලස්‌සන

වර්තමානය වන විට රූපලාවන්‍ය කර්මාන්තය යනු අධික ලාභ ගෙන දෙන ව්‍යාපාරයක්‌ වන අතර, මේවා නිෂ්පාදනය සඳහා විවිධ රසායනික ද්‍රව්‍යයන් දස දහස්‌ ගණනක්‌ භාවිත කරයි. මේ සටමහර ඒවා විවිධ රෝගාබාධවලට හේතුකාරක වන බවට තහවුරුව තිබේ. පියයුරු පිළිකාවල පටක කොටස්‌ පරික්‌ෂා කිරීමේදී, කාන්තා උදවිය නිතර දෙවේලේ ඇඟේ ගාන රූපලාවන්‍ය නිෂ්පාදනවල තිබෙන ඇතැම් රසායනික සංයෝග තිබී හමු වීම අහම්බයක්‌ නොවන බව විද්‍යාඥයෝ පවසති. මෙවැනි විෂ සහිත රසායනික ද්‍රව්‍යය කන්දරාවක්‌ම, අපි උදේ ඉදන් රෑ වෙනතුරු භාවිත කරමින් සිටින්නෙමු. එහෙත් ප්‍රමිතීන් සහ නීතිමය පාලනයන් ඉතා දැඩිව ක්‍රියාත්මක කෙරෙන යුරෝපා රටවල්වල පවා, වෙළඳපොළේ විකිණීමට ඇති රූපලාවන්‍යය නිෂ්පාදන වර්ග පිළිබඳව කර ඇති පර්යේෂණ වලින් හෙළිවී ඇති තතු විත්ති එතරම් සුන්දර හෝ සුවඳවත් නැත. වඩා වැදගත් නිතර දෙවේලේ අප විසින් පරිභෝජනය කරනු ලබන රූපලාවන්‍ය නිෂ්පාදනවල තිබිය හැකි එවැනි හානිකර රසායනික සංයෝග කිහිපයක පැටිකිරිය මෙසේය.

වත්සුනු ගැල්වීම ප්‍රවේශමෙන්…

ටැල්ක්‌ පවුඩර් සාදනු ලබන්නේ -මැග්නීසියම් ට්‍රයිසිලිකේට්‌, නමැති ඛනිජ වර්ගයෙන් වන අතර, මෙම ඛනිජය සියුම්ව අඹරා සාදා ගනු ලබන -ටැල්ක්‌, තුළ පිළිකා අර්බුදවලට හේතු විය හැකි සියුම් ඇස්‌බැස්‌ටස්‌වලට සමාන කෙඳි අඩංගු වන බව සොයා ගෙන තිබේ. වර්ෂ 1973 සිටම යුරෝපා රටවල් තුළ ටැල්ක්‌ නොමැති නිෂ්පාදන වර්ග වෙළඳපොළේ ඇත. මේ සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, ප්‍රජනක ඉන්ද්‍රියයන් ආශ්‍රිතව සහ කිහිලිs ප්‍රදේශවල ටැල්ක්‌ පවුඩර් වර්ග සහ -ඩිඔඩ්රන්ට්‌, (දහදිය දුගඳ වළක්‌වන ආලේප) ගල්වන කාන්තාවන්ට, සියයට 40%සිට 90% දක්‌වා වැඩි වන අවදානමක්‌ ඩිම්භකෝෂ පිළිකා කෙරෙහි පවතින බවයි. කුඩා දරුවන් මෙම ටැල්ක්‌ ආශ්වාස කිරීම, ඔවුන්ගේ නොමේරූ පෙනහළු තුළ බරපතළ සංකූලතා ඇති විය හැකි බවත් අවධාරණය කළ යුතුව ඇත.

D E A (Diethanolamine) – මෙය ශැම්පෝ ලෝෂන්ස්‌, ක්‍රීම් වර්ග වැනි නිෂ්පාදන වල තෙතමනය රඳවා ගැනීම සඳහා සුලභව භාවිත කෙරෙන රසායනික සංයෝගයකි. මෙය විලවුන් නිෂ්පාදනවල අන්තර්ග වෙනත් රසායනික සංඝටක සමග ප්‍රතික්‍රියා කිරීමෙන් අතිශයින්ම පිළිකා කාරක සංයෝග කාණ්‌ඩයක්‌ වන නියිට්‍රොසමයින් සංඝටක (Nitrosamine compounds) සෑදෙන බව සොයා ගෙන ඇත. මෙම සංඝටක සම මතින් ලෙහෙසියෙන්ම ශරීරගත වෙන බවත්, ඉතා සුළු මාත්‍රාවක්‌ පවා පිළිකා කාරක වන බවත් සැලකිය යුතුය.http://www.preventcancer.com/consumers/cosmetics/diethanolamine.htm

Benzyl acetate / benzyl alcohol – මේවා සම හරහා ලෙහෙසියෙන්ම ශරීරගත විය හැකිය. ශ්වසන ආබාධ, ආසාත්මිකතා, ක්‌ලාන්තය, වමනය, විශාධයටද හේතු වන බව පැවසේ. මෙම රසායනික ද්‍රව්‍යයන් රෙදි මෘදුකාරක, සුවඳ විලවුන්, ශැම්පෝ, රෙදි සෝදන කුඩු, නියපාට ඉවත්කරණයන්, පිඟන් සේදුම්කාරක, එයාර් ෙµ්‍රස්‌නර්ස්‌, සහ ශරීර ආලේපන වර්ග වල තිබිය හැකිය. බෙන්සිල් ඇසිටේට්‌ යනු ප්‍රබල අග්න්‍යාශයික පිළිකාකාරකයක්‌ ද වෙයි.

1,4 – dioxane – මෙය ප්‍රබල පිළිකාකාරකයකි. සේදුම් කුඩු, ශැම්පො වර්ග, කන්ඩිෂනර්, දියර සබන්, ෙෆාaමින් ජෙලි වැනි නිෂ්පාදන වල තිබිය හැකි අතුරු ඵලයකි. (byproduct) ඇමරිකානු ආරක්‌ෂිත විලවුන් ව්‍යාපාරය නැමති ආයතනය විසින් සිදු කර ඇති අධ්‍යයනයකට අනුව, ඇමරිකාවේ අළෙවි කෙරෙන ජනප්‍රිය විලවුන් නිෂ්පාදන වලින් සියයට 22 කම මෙම රසායනිකය තිබෙන බව හෙළි වී තිබේ. මෙම රසායනිකය ජෛව වියෝජනයට ප්‍රතිරෝධී ලක්‌ෂණ පෙන්නුම් කරන බැවින්, සේදුම් අප ජලයෙන් දූෂිත පානීය ජලය සහ එළවළු භාවිත කරන මිනිසාට බරපතළ හානියක්‌ අත් කර දිය හැකි බවට විද්‍යාඥයින් බිය පළ කර ඇත. විශේෂයෙන් වකුගඩු වලට, අක්‌මාවට, මොළයට, හා ස්‌නායු පද්ධතියට හානි කළ හැකි බව වැඩි දුරටත් දැක්‌වේ.

(http://safecosmetics.org/article.php?id=288)

Heavy metals – ලෙඩ්, ආර්සනික්‌, රසදිය, ඇලුමිනියම්, ක්‍රෝමියම් වැනි අතිශයින්ම හානිකර බැර ලෝහ වර්ග ඇතැම් තොල් ආලේපන, නිය ආලේපන, අයිලයිනර්ස්‌, හිස කෙස්‌ වර්ණ ගන්වන නිෂ්පාදන සහ ක්‍රීම් වර්ගවල තිබෙන බව සොයා ගෙන ඇත. එමෙන්ම මෙරට තුළ අළෙවි කරනු ලබන කළු සම් සුදු කරනවා යෑයි කියන, ෙµයානස්‌ ක්‍රීම්, වර්ග වල රසදිය අඩංගුව තිබී සොයා ගත් බවටද තොරතුරු වාර්තා වී තිබේ.

Limonene – මෙය සැලකිය යුතු මානව පිළිකාකාරකයක්‌, ප්‍රජනන පද්ධතියට සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට විෂ, අසාත්මිකකාරකයක්‌ ලෙස සැලකේ. විලවුන්, සබන් සහ රෙදි සෝදන කුඩු නිෂ්පාදන වල කෘත්‍රිම දෙහි සුවඳ සඳහා භාවිත කෙරෙයි. ජාත්‍යන්තර සුගන්ධකාරක සංගමයේ ප්‍රමිති නීතිවලට අනුව (International Fragrance Association Codes & Standards) සහ ඇතැම් යුරෝපා රටවල් විසින් තහනම් කර ඇති රසායනිකයකි.

Formaldehyde – නිය ආලේපන වර්ග, ඇස්‌ පිහාටු අලංකරණයන් (Eye lash adhesive, lash glue) සුවඳ සබන්, බේබි සබන්, බේබි ශැම්පෝ, හෙයා ජෙල්, කෙස්‌ මෘදුකාරක, වර්ග, ශැම්පෝ වර්ග වල කල් තබා ගැනීමේ රසායනිකයක්‌ ලෙස භාවිත කෙරේ. ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය (International Agency for Research on Cancer) විසින් ඇල්ඩිහයිඩ් පිළිකාකාරක ද්‍රව්‍යයක්‌ ලෙස හඳුන්වා ඇත. ජපානය, කැනඩාව, ස්‌වීඩනය යන රටවල් විසින් මෙය තහනම් කර තිබෙන අතර, යුරෝපා සංගමයේ රටවල් තුළ ෙෆාaමැල්ඩිහයිඩ් අඩංගු වන්නේනම් එය ලේබලය මත සඳහන් කළ යුතු බවට නීතියක්‌ පනවා තිබේ.

Butane, Isobutane, propane – එංගලන්තයේ විසූ 16 හැවිරිදි ජොනතන් කේප්වෙල් නැමති නව යෞවනයෙකු, එක්‌තරා ඩිඔඩ්රන්ට්‌ වර්ගයක්‌ අධික ලෙස කාලයක්‌ තිස්‌සේ ඇඟ ගැල්වීම නිසාවෙන්, 1998 වසරේදී හදිසියේ හෘදයාබාධයක්‌ වැළඳීමෙන් මිය ගියේය. මරණ පරීක්‌ෂණයේ දී හෙළි වූයේ ඔහුගේ සිරුරේ ඩිඔඩ්රන්ට්‌වල තිබෙන බියුටේන් සහ ප්‍රොපේන් නැමති රසායනික සංයෝග අධිකව තිබුණු බවය.

Parabens – පෙට්‌රෝලියම් ආශ්‍රිත නිෂ්පාදනයන්ය. පැරබීන් වර්ග රාශියක්‌ වෙයි. සුවඳ විලවුන් වර්ග, ශැම්පෝ, බොඩි ලෝෂන්ස්‌, දහදිය ගඳ වළක්‌වන ආලේපන වර්ග, (Deodorants) වැනි විලවුන් නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. පියයුරු පිළිකා රෝගීන්ගේ පියයුරු පටක තුළ, පැරබීන් සංයෝග සුලභව දැකිය හැකි බව සොයා ගෙන ඇත. වඳ කාරකයක්‌, මඳ සරුභාවයට හේතු වන රසායනික කාණ්‌ඩයක්‌ ලෙසත් හැඳින්වෙයි. බොහෝ රටවල්වල තහනම් කර ඇත. බොහොමයක්‌ නිෂ්පාදන තුළ අන්තර්ගත වෙයි. (උදාහරණ, බියුටිල් පැරබීන්)

BHA / BHT – මෙම රසායනික සයෝග විලවුන් නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා භාවිත කරනු ලබන ප්‍රතිඔක්‌සිකාරකයන්ය. මේම රසායනික ද්‍රව්‍යයන් ශරීරර ගත වීමෙන් සංජානනීය උපත් ආබාධ, මඳ සරුභාවය, මානසික වර්ධනය අඩු වීමේ රෝග තත්ත්වය (පැබඒක රුඒරාaඑසදබ) ළමුන් තුළ ඇති වන අධි ක්‍රියාකාරිත්වය, ඇදුම, චර්මාබාධ, අධික මහන්සිය, ඇස්‌ දැවිල්ල, ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල වීම, ලිංගික අසමතුළිතතාවය, සහ පිළිකා ඇති විය හැකි බවට තහවුරුව පවතින නිසා ඇතැම් රටවල භාවිත කිරීම තහනම් කර ඇත. ළදරු තෙල්, ලෝෂන් වර්ග, ලිප්ස්‌ටික්‌, අයි ශැඩෝ වර්ග, ෂේවින් ක්‍රීම් වර්ග වල තිබිය හැකිය. ඇමරිකානු ජාතික විෂවේද වැඩසටහන (National toxicology program) විසින් මෙය සැළකිය යුතු මානව පිළිකා කාරකයක්‌ ලෙසත් නම් කර තිබේ.

phthalate – මෙය අතිශයින්ම හානිකර රසායනික සංයෝගයකි. ප්‍රබල හෝමෝන ක්‍රියාකාරිත්වය වියවුල් කාරකයක්‌, (Endocrine disrupter) වඳකාරකයක්‌, සහ පිළිකාකාරකයක්‌ ලෙසත් හැඳින්වේ. තැලේට්‌ අඩංගු බොහොමයක්‌ සුවඳ විලවුන් සහ එයාර් ප්‍රෙෂ්නර්ස්‌, ශැම්පෝ වර්ග, නිය ආලේපන, ප්ලාස්‌ටික්‌ ළදරු නිෂ්පාදන යුරෝපා කොමිසමේ රටවල් වල සපුරා තහනම් කර ඇත.

Methylisothiazolinone (MIT), – මෙය විලවුන් නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. පිළිකාකාරක සහ ස්‌නායු විෂකාරක ලක්‌ෂණ පෙන්නුම් කර ඇති බැවින්, කැනඩා රජය විසින් තහනම් කර ඇති අතර, යුරෝපා සංගමය සහ ජපානය විසින් භාවිතය සීමා කර ඇත. මේ බොහොමයක්‌ රසායනික ද්‍රව්‍යයන් ගර්භාෂයේ වැඩෙන දරුවන්ගේ මොළයට පවා හානි කරන්නට හේතු වෙන බවත් පැවසේ. (http://www.ewg.org/skindeep/ingredient/703935/METHYLISOTHIAZOLINONE/ )

Petrochemicals – මිනරල් ඔයිල් සහ පැරබින් සංයෝග සමග තිබිය හැකි PAHs සංයෝග (polycyclic aromatic hydrocarbons) පිළිකාව ඇතුළු සෞඛ්‍ය සංකූලතා රාශියකටම ඉවහල් වන අතර, බුද්ධි මට්‌ටම අඩු කරන්නටද හේතු වෙන බව සොයා ගෙන තිබේ.

අනුකරණයේ, ඇද ගැනීමේ විපාක

හිම කාන්තාර තුළ, ගල් අඟුරු ආකර උඩ, සීතල නිසාවෙන් මිනිසුන් මිය ගිය අතීතයක්‌ මානව වර්ගයා පසු කරගෙන ඇවිත් ඇත. ගල් අඟුරු යනු ප්‍රබල ඉන්ධනයක්‌ බවට වන ඥානය ඔවුන් පසක්‌ කොට සිටියානම්, කිසිසේත් ඔවුන්ට ඒ ඉරණම අත් නොවනු ඇත. ශාරීරික සුවය සඳහා වෙසෙසින්ම ඉවහල් වන ස්‌වාභාව ධර්මයා සතු විස්‌මිත දායාද පිළිබඳව අවුරුදු දහස්‌ ගණනක මානව ඉතිහාසය තුළ අතැඹුළක්‌ සේ අපි දැන සිටියෙමු. රූපලාවන්‍ය සඳහාත්, දීර්ඝායුෂ විඳීම සඳහාත් ස්‌වභාව ධර්මයෙන් ලද ආහාර සහ ඖෂධීය නිෂ්පාදනයන් මැනවින් ප්‍රගුණ කළ, භාවිතා කළ, එවන් ස්‌වභාවික සම්පත්වලින් අනූන ජාතියක්‌ ද වෙමු. අඳොමැයි.¾ එA ඥානය තිබුණු වෙද හාමිනේලාගේ, වර්තමාන මිණිබිරියන් ගොඩපර, වැටකේ ගස්‌ යට සිට වැටකෙයියා, ගොඩපර සාරයෙන් නිෂ්පාදනය කර ඇතැයි වෙළඳ දැන්වීම්වලින් කියනු ලබන ශැම්පෝ වර්ග, තෙල් වර්ග බෝතල් ගණනින්, සෞඛ්‍යට මෙන්ම පරිසරයටත් වින කරන රසායනික ද්‍රව්‍ය කන්දරාවක්‌ද සමගින් හිස ගල්වාගෙන, ස්‌වභාවික ශාක සාර වල ඇති ඔසු ගුණ ගැන කයිවාරු ගසයි. මේ මරණීය ඇද ගැනීමෙන් නිදහස්‌ වෙන තුරු අප බොහෝ දෙනෙකුගේ ඉරණම පෙර කී ගල් අඟුරු ආකර මත සීතලෙන් මිය යන්නන්ගෙන් නොවෙනස්‌ වනු ඇත.

(විලවුන් හා සුවඳ විලවුන් වර්ග වල තිබෙන සැක කටයුතු හෝ හානිකර රසායනික ද්‍රව්‍යයන් වල පැටිකිරිය ගැන දැන ගැනීම සඳහා EWG වෙබ් අඩවියේhttp://www.ewg.org/skindeep/faq/ වෙත පිවිසෙන්න. )

ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්‌ෂක
ඇල්ල, (බණ්‌ඩාරවෙල)

http://www.divaina.com/2014/08/17/feature07.html

DOGGY DR RAJITHA – බලු රාජිතගේ කෙරුවාවන්

ධීවර අමාත්‍ය කැණහිල් රාජිත සේනාරත්න අපගේ 33 වන හොරි බල්ලායි.

 

images (15)

ඒකාට එල්ලවී තිබෙන දුෂණ අක‍්‍රමිකතා සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව දේශපාලනය තුල අසරණ කර දමා ඇති බොදුනුවාගේ අයිතීන් වෙනුවෙන් කථාකරන ප්‍රමුඛතම සංවිධානය වන බොදුබල සේනා සංවිධානය පවසනවා.

සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේ අමාත්‍යවරයාගේ හිතවතුන් කේරළ ගංජා සහ මත්කුඩු ජාවාරම්වල නිරතවන බවයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා කොටි සංවිධානය සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවටද උන්වහන්සේ චෝදනා කළා.

ඔහුට එරෙහි චෝදනා දින 3 ක් විමර්ශනය කළේ නම් ඔහු බන්ධනාගාර ගත කිරීමට ඕනෑතරම් කරුණු සොයාගත හැකි බව උන්වහන්සේගේ අදහසයි.

ඒ සඳහා සූදානම් වන ලෙසටද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇමති රාජිත සේනාරත්නට අභියෝග කළා

At Last – අහෝ සැපකි..අහෝ සැපකි..භූමි පුතුන්ගේ මන්නාරම් අයිතිය අවසානයට හෝ ලැබෙන ලකුණු

නුසුදුසු බල්ලන්ට රට දැය සමය මත නිදහසේ පැහැරීමට ඉඩ දී අනේක කළකිරීම් අපට ඇති කලද,  පවතින රජය හෙළ රජයක් බව ඉඳ හිට හෝ අපට මතක් කිරීම ගැන රජයට මුරගල අපගේ ප්‍රණාමය.

 

සිංහල පවුල් 1208 ක්‌ යළි මන්නාරමේ පදිංචි කරවීම අරඹයි

දිනසේන රතුගමගේ

මන්නාරම දිස්‌ත්‍රික්‌කය අතහැර යුද සමයේදී වෙනත් පළාත්වලට ගොස්‌ සිටි සිංහල පවුල් 1208 ක්‌ යළි මන්නාරමේ පදිංචි කරවීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ දෙමළ වැසියන් යළි පදිංචි කරවීමේ කටයුතු මුළුමනින්ම අවසන් වී ඇති අතර මුස්‌ලිම් වැසියන් යළි පදිංචි කිරීමේ කටයුතු 60% කට වඩා වැඩි ප්‍රමාණයක්‌ අවසන් බව මන්නාරම දිසාපති එම්. වයි. එම්. දේශප්‍රිය මහතා පැවැසීය.

මන්නාරමේ සිංහල වැසියන් යළි පදිංචි කරවීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 560 ක මුදලක්‌ රජයෙන් ලබාදී තිබේ. මන්නාරම දිසාපතිවරයා ප්‍රකාශ කළේ කලින් මන්නාරමේ පදිංචිව සිටි සිංහල, දෙමළ. මුස්‌ලිම් ඕනෑම අයකුට කිසිදු අවහිරයකින් හෝ පීඩාවකින් තොරව මන්නාරමේ යළි පදිංචියට පැමිණීමට හැකි බවයි.

http://www.divaina.com/2014/05/23/news18.html