විමල් බල්ලාගේ පංචායුධ කැදැල්ල කුඩු වී තුච්ඡ එජාප හොර මුලට හා ආණ්ඩු ගොට්ටට වැටුනු මිහිමල් හා උදයකුමාර හිස් ගිරා පෝතකයෝ

ඌව පළාත් ජානිපෙ මන්ත්‍රී දෙදෙනා පක්‍ෂය අත්හැර යති

කරුණාරත්න පල්ලේගම – බණ්‌ඩාරවෙල, බෝගොඩ – රත්නායක, වීරසිංහ – හාලිඇල, බදුල්ල – එස්‌. රත්නායක

ජාතික නිදහස්‌ පෙරමුණ නියෝජනය කරමින් ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ දෙදෙනෙක්‌ ඊයේ (22 දා) ඌව පළාත් සභා මාසික රැස්‌වීමේදී ජාතික නිදහස්‌ පෙරමුණ අතහැර එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු ලෙස අසුන් ගත්හ.

ඌව පළාත් සභා මන්ත්‍රී මිහිමල් මුණසිංහ මහතා ජාතික නිදහස්‌ පෙරමුණේ සාමාජිකයකු ලෙස පළාත් සභාවට පත් වී පාලක ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිට එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌විය. ඌව පළාත් සභා මන්ත්‍රී ඩබ්. ඒ. උදයකුමාර මහතා ජාතික නිදහස්‌ පෙරමුණේ සාමාජිකයකු ලෙස ඌව පළාත් සභාවට තරග කර ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ද ඊයේ (22 දා) එම පක්‍ෂය අතහැර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එක්‌ විය.

ජාතික නිදහස්‌ පෙරමුණ කිසිදු ප්‍රතිපත්තියක්‌ නොමැති කීපදෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ වන අතර මෙය දේශපාලන පක්‍ෂයක්‌ නොවන බවත් මෙම පක්‍ෂයේ සිට ප්‍රදේශයේ ජනතාවට කිසිදු සේවයක්‌ කිරීමට නොහැකි බැවින් ජනතාවට සේවය කිරීම සඳහා ජානිපෙ අතහැර යන බවත් ප්‍රකාශ කරමින් මෙම දෙදෙනා පක්‍ෂයෙන් ඉවත් වූහ.

http://www.divaina.com/2014/05/23/news19.html

Advertisements

2 Mad Dogs – “එස්. බී. විමල් බල්ලොත් එක්ක බෑ” නාටකය දින 10 පසුකරමින් දැන් වේදිකාවේ!

මෙම බලු නාටකයේ ආරම්භය 12 වෙනිදායි, දින 10 පසුකරමින් යන පිස්සු බලු නාටකය බලා අපි අඬමුද? සිනාසෙමුද?

හඳපායන කාලෙට විමල් කියන
දේවල් ගණන් ගත යුතු නෑ
– එස්‌. බී. කියයි

නෝමන් පලිහවඩන

හඳ පායන කාලෙට විමල් වීරවංශ ඇමැතිතුමා කියන දේවල් ගණන් ගත යුතු නැතැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ”දිවයින”ට ප්‍රකාශ කළේය.

සමහරුන්ට හඳ කාලෙට කල්පනා ශක්‌තිය අඩුවෙලා මොනව මොනවා හරි කියනවා. අපේ විමල් වීරවංශ ඇමැතිතුමා ගැන මට හරි දුකයි. එයා ගැන මීට එහා කතා කරන්න දෙයක්‌ නැහැ.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා විවේචනයට ලක්‌වෙන ආකාරයෙන් විමල් වීරවංශ ඇමැතිවරයා මේ දිනවල මාධ්‍යයට කරන ප්‍රකාශ පිළිබඳව කරුණු දක්‌වමින් දිසානායක ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

 

http://www.divaina.com/2014/05/21/news18.html

29.විමල්- 24.එස්.බී බලු පොරය තව දුරටත්

ඇමති විමල් අපගේ 29 වන නරි බල්ලායි. කට වාචාල එස් . බී. අපේ 24 වන සුනඛයායි. රජය තුල මල පහරමින් එහිම පහුරු ගාමින් පොරකන මේ හිරිකිත පර බල්ලන් දෙදෙනාම පන්නා දැමීමට රජයට නුවන පහල වේවා!

වත්මන් ආණ්ඩුව අමන, තකතීරු ආණ්ඩුවක් බව ප්‍රකාශ කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ පෙරේදා (12) දෙරණ 360 වැඩසටහනේදී එල්ල කළ ප්‍රහාරයට, ආණ්ඩුව වෙනුවෙන් අමාත්‍ය එස්. බී දිසානායක ඊයේ (13) ඒ වර්ගයේම ප්‍රති ප්‍රහාරයක් එල්ල කළේය.

එම වැඩසටහනේදී,ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් අමාත්‍යාංශයේ ලේකම් වන පී.බී. ජයසුන්දර ඉලක්ක කර ගනිමින් අාණ්ඩුවේ න්‍යෂ්ටියටම ප්‍රහාරයක් එල්ල කළ විමල් වීරවංශ ඇමතිවරයා, රටේ ආර්ථිකය හසුරුවනු ලබන්නේ දෙතුන් දෙනෙකුගෙන් යුතු කල්ලියක් විසින් බවද, රටට ණය ගෙනත් ගොඩගැහුවාම ඒවායේ ප්‍රතිශතයක් පවුල් කිහිපයක් අතරට යන බවද ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී ජයසුන්දර යනු චන්ද්‍රිකා ආණ්ඩු සමයේ රාජ්‍ය ආයතන විකුණා දැමීමට ක්‍රියා කළ පුද්ගලයෙකු බවත්, අද හිරේ සිටිය යුතු පුද්ගලයෙකු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා සතු විධායක බලය ජනාධිපති සහ ඔහු විසින් බලය පවරන කැබිනට් අමාත්‍යවරුන්ට හිමිවුවත්, මේවන විට එකී බලය අනිසි ලෙස පී.බී ජයසුන්දර මහතා විසින්ද භාවිතා කරන බව හෙතෙම සඳහන් කළේය.

එස්.බී දිසානායක වැනි අමාත්‍යවරුන් පී.බීගේ ගුණ වාර්ණනා කරන නිසා ඔහු විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවලට වහා මුදල් අනුමත වන බවත්,තමා වැනි පී.බීව විවේචනය කරන අයට එලෙස මුදල් හිමි නොවන බවත් පැවසූ ඔහු, පී.බී වෙනුවට රටට ආදරය කරන ආර්ථික විශේෂඥයෙකු අදාළ තනතුරට පත් නොකිරීම මෙම ආණ්ඩුවේ අමනකම, තකතීරුකම මිස අන් යමක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

එස්. බී ගේ ප්‍රති ප්‍රහාරය

මීට ප්‍රතිචාර ලෙස, වීරවංශ ඇමතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම් හුවා දක්වමින් එස්.බී දිසානායක මහතා පවසන්නේ, උසස් පෙළ සමත් නැති වුණත්, උසස් අධ්‍යාපනයක් නැති වුණත් විමල් වීරවංශ අමාත්‍යවරයාට පොතක් පතක් කියවා ඉගෙනගත හැකි බවයි.

මූල්‍ය සම්ප්‍රදාය ආර්ථික න්‍යාය පිළිබඳ ටිකක් හෝ දැනගත යුතුව ඇති බව ද ඔහු පැවසුවේය.

පී.බී යනු රටේ ආර්ථිකය පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ඇති , රටේ ආර්ථිකය ඉදිරියට ගෙනා පුද්ගලයා බවද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

එස්.බී දිසානායක මහතා පී.බීගේ ගුණ වර්ණනා කරන බැවින් ඔහුගේ කැබිනට් පත්‍රිකාවලට වහා මුදල් අනුමත වන බවට විමල් වීරවංශ කළ චෝදනාව පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, තමන් එසේ ගුණ වර්ණනාවක් කර නැති බවයි.

අමාත්‍යාංශ ලේකම්වරයකුගේ බලතල හා වගකීම් පැහැදිලි කළ එස්. බී. ඇමතිවරයා වක්‍ර ලෙස ප්‍රකාශ කළේ, අධ්‍යාපනයක් නැති නිසා වීරවංශ ඇමතිවරයාට මෙම කරුණු නොවැටහෙන බවයි.

පී.බී ජයසුන්දර මහතා යනු මුදල් අමාත්‍යංශ ලේකම් බැවිනුත්, මුළු රටේම ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කෙරෙන්නේ ඔහුගේ අනුමැතියෙන් බැවිනුත්, මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වන හෙයින් ජනාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන බැවිනුත් ඔහුට සැලකිය යුතු බලයක් හිමිවන බවද දිසානායක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

විමල් නරියාගේ නවතම හූව

කට වරද්දාගෙන හිරේ ගිය ඇමැති එස්‌. බී. දිසානායක, පී. බී. ජයසුන්දර ගැන කියන කතා ගණන් ගත යුතු නැහැ
– ඇමැති විමල් වීරවංශ

සිරිල් විමලසුරේන්ද්‍ර

මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර වර්ණනා කරමින් උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා කරන කතා එතරම් ගණන් ගත යුතු නැතැයි නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රතිසංස්‌කරණ යෝජනාවලිය මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන්වීමෙන් පසුව මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාරය දක්‌වමින් උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පී බී. ජයසුන්දර මහතා ගැන දක්‌වන අදහස්‌ ගැන එතරම් සැලකිල්ලක්‌ දැක්‌විය යුතු නැතැයි කීවේය.

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක ජනාධිපති කාලයේ භාණ්‌ඩාගාරය සෘන කළ පුද්ගලයා පී. බී. ජයසුන්දර මහතා බව පැවසූ එස්‌. බී. දිසානායක මහතා පී. බී. ජයසුන්දර මහතා අද ඉතා දක්‍ෂ නිලධාරියකු බව කියනවා යෑයි ඇමැති විමල් වීරවංශ මහතා කීවේය.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා කටවරද්දා ගන්නා පුද්ගලයෙක්‌. කට වරද්දාගෙන හිරෙත් ගියා. ඒ නිසා එස්‌. බී. දිසානායක මහතා, පී. බී. ජයසුන්දර මහතා ගැන කියන කතාත් ඒ තරම් ගණන් ගත යුතු නැතැයි ඇමැති වීරවංශ මහතා කීවේය.

http://www.divaina.com/2014/05/17/news22.html

Vimal Weerawansha – තමාගේ නරිවංශය ලොවට පෑ පංචායුද විමල්

පංචායුද විමල් වීරවංශගේ පළමු ද්‍රෝහිකම මෙය නොවේ. පසුගිය කොළඹ මහනගර සභා ඡන්දයට මේ නරියා තම පක්ෂයෙන් ඉදිරිපත් කලේ තවත් මුසම්මිල් කෙනෙකි. ඇපත් නැතිව පැරදීගියේය. නින්දිත ජවීපේ දේශපාලනය මේ කැණහිලා තෙම්පරාදු වූ අතීතයයි. එවන් නිවටයින්ට කිසිදා වීරයන් විය නොහැක.


බෞද්ධ දරුවනේ… නුඹලාට අයිති රටේ ජීවනාලිය
ඉන්දියන් සාගරයේ කඳුළ බවට පත්වී ගෙන යනවා

බොදුබල සේනා වාර්ෂික සමුළුවේදී ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ කියති

හලාල් ගැන යළි කතා කරන්න වෙලා

පුත්තලම රෝහලේ මුස්‌ලිම් සෞඛ්‍ය සේවිකාවන්ට සම්මත නිල ඇඳුම නැහැ

කෑගල්ල – එම්. බී. පහළවත්ත, කොටියාකුඹුර – රම්‍යපාල, බුලත්කොහුපිටිය – වසන්ත සමරවර්ධන

බෞද්ධ දරුවනේ නුඹලා තමයි මේ රටේ ජීවනාලිය. නුඹලාට අයිති මේ රට ඉන්දියන් සාගරයේ කඳුළ බවට පත්වී ගෙන යනවා. එය රැකගන්න සුජාත දූ පුතුන් ඕන කරන යුගයක්‌ මේක. ඒ නිසා දුටුගැමුණු වීර මද්දුම බණ්‌ඩාරලා වගේ දරුවන් හදාපල්ලා. අපේ මුතුන් මිත්තන් ආකාශයේ වාතලයේ සිට ඒ පරපුර ඉල්ලා සිටිනවා යෑයි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

කෑගල්ල නගර මධ්‍යයේ දහස්‌ සංඛ්‍යාත ගිහි පැවිදි බොදුණුවන්ගේ සහභාගිත්වයෙන් මෙම බොදු මහා සමුළුවේ වාර්ෂික සමුළුව පවත්වන ලදී.

සතර කෝරළයේ ප්‍රධාන සංඝනායක රංවල විහාරාධිපති සුමංගල නාහිමියන් පිරිස පංච ශීලයෙහි පිහිට වූ අතර බොදුබල සේනා ප්‍රධාන කිරම විමලජෝති හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයට බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පහන් පූජාකොට කොරියානු බෞද්ධ විහාරාධිපති ලියන්වල ශාසනරතන හිමියන් බුද්ධ වන්දනාව සිදුකළහ. පිළිගැනීමේ කතාව මාඑළියේ විජිත ස්‌වාමීන්වහන්සේ විසින් සිදුකරන ලදී.

ඉන් අනතුරුව බොදු සමුළුව ඇමතූ ඤාණසාර හිමියන් වැඩිදුරටත් මෙසේද පැවසූහ.

අපට අද කෙළවරක්‌ නැති චෝදනා. දේශපාලනඥයන්ගේ නොපනත්කම් ඒවාගේම අදූරදර්ශී අවලාදාත්මක තක්‌කඩි මාධ්‍ය භාවිතයේ නොපනත්කම් තියෙද්දී අපේ කිරම හාමුදුරුවන් සමග මඩපිට මඩ වලට මුහුණදී දිවා රෑ අප වෙහෙසෙන්නේ අපිට සැපවත් ජීවිතයක්‌ අවශ්‍ය නිසා නොවෙයි. අපේ පන්සල් හදාගන්න නොවෙයි. වෙනත් දේවල් අපට එකතු කර ගන්න නොවේ. මේ මඩ කන්නේ ඉතාමත් සැපවත් ජීවිත ගෙනයන්න පුළුවන්කම තියෙද්දියි. ලෝකයේ ඕනෑම තැනක අපේ නායක හිමියන් ඇතුළු පිරිසට ඉතාමත් සැපසේ රස ආහාර වළඳමින්, සැපවත් ජීවිත ගත කරන්න පුළුවන්. එසේ තියෙද්දී තමුන්නාන්සේලා වෙනුවෙන්, ඊළඟ පරම්පරාව වෙනුවෙන්, කෑගල්ල පුරවරයේ සමහර ස්‌වාමීන් වහන්සේලා හා තරුණයන් එකතු වී වැඩ කරපු අපේ තරුණ මහත්වරු එකතු වෙලා කෑගල්ලේ බොදුබල සේනා රැස්‌වීමක්‌ තියන්න අවශ්‍යයි කියලා කටයුතු සංවිධානය කළා. ඒ අතරදී නොයෙක්‌ අඩන්තේට්‌ටම් ආවා මේ සමුළුව කඩාකප්පල් කරන්න. ඒ සියලුම පව්කාර බලවේග නැති කරලා අපි සමුළුව පවත්වනවා.

පසුගිය මාසේ අපි ලංකාවේ සිටියේ නැහැ. ඇමරිකා එක්‌සත් ජනපදයේ සංචාරයක ගිහිල්ලා පෙරේදා තමයි ආවේ. අපි එනවිට බොදුබල සේනා සංවිධානය දෙකඩ වෙලාය, නායකයෝ විසිරිලාය. දැන් ඒ ගමන ඉවරයි කියලා උදම් ඇනුවා ඇතැම් කල්ලි. ඔවුන්ට අපිට උත්තර දෙන්න තිබෙනවා. ඒ වගේම හලාල් පිළිබඳ නැවත කතා කරන්න සිදුවෙලා තිබෙනවා. කුරුණෑගල සිද්ධිය පිළිබඳ කතා කරන්න අවශ්‍යයි. සම්බන්ධීකරණය ගැන හෙළිදරව් කරන්න අවශ්‍යයි. පසුගිය කාලේ දරුණු මුස්‌ලිම් අන්තවාදය ගැන කතා කළා.

විමල් වීරවංශ ඇමැතිවරයා හැමදාමත් දේශප්‍රේමය ගැන කතා කරනවා. මම දන්නේ නැහැ මේ දේශය වෙනුවෙන් උන්නැහේ මොනවාද කර තිබෙන්නේ කියා. බොදුබල සේනාව පසුගිය අවුරුද්ද තුළ කරපු ටික ඇමැතිකම් දරාගෙන කරන්න බැරිවූ ඉරිසියාවට දහස්‌ ගණනක්‌ එන සෙනඟ දැකලා කකුල් වෙව්ලන්න ආවා. අපේ ගමන විනාශ කරන්න නොයෙක්‌ විදියේ තොවිල් නැටුවා.

බොදුබල සේනාව දෙකඩ වී ඇති බවටත්, නෝර්වේ ආධාර ලැබෙන බවටත් කියන එක ඇමැතිවරයෙක්‌ අද මේ සංවිධානය නැති කරන්න තමන්ගේ මුදල් වියදම් කරලා සංවිධානය වී සිටිනවා. විලි ලැඡ්ජාවක්‌ නොමැතිව අද ඔවුන් ඒ තරම් තත්ත්වට පත්වෙලා තිබෙනවා. ඒ අයගේ දේශපාලනය බංකොළොත් කර ගෙන තිබෙන අයයි. අපි අධිෂ්ඨානයෙන් ඒ ගමන යන බව ඔවුන්ට කියන්න කැමතියි.

සංවිධානය දෙකඩ වෙයි කියා හිතාගෙන ඉන්න අයට කියන්න තියෙන්නේ අපි එළුවාගේ කතාවයි. එහි නරියාට වෙච්ච දේයි ඒ අයටත් වෙන්නේ.

අපි හලාල් ගැන කතා කරනකොට එක්‌ අයෙක්‌ මහා වීරයෙක්‌ වගේ කතා කළා. අද ජනාධිපතිගෙන් සමාව ගෙන පූස්‌ පැටියෙක්‌ වාගේ එළියට ආවා. අපිටත් කනගාටුයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමය පිළිබඳව.

1994 අෂ්රොµa ඉතා අන්තවාදීව කටයුතු කළ වරාය හා පුනරුත්ථාපන ඇමැති වෙලා නැගෙනහිර ඉඩම්වලට කරපු හරිය, අන්තවාදීව ඔහුගේ පාරේම යන ඇතැම් මුස්‌ලිම් නායකයන් යෑයි කියා ගන්නා අන්තවාදීන් අද මේ රටේ යුද්ධයෙන් බැට කාලා දුක්‌ විඳින දෙමළ සහෝදරයන්ගේ ඉඩම් ටික කොල්ල කනවා. ඒවා සොයන්න කෙනෙක්‌ නැහැ.

අංක 1807 ගැසට්‌ පත්‍රයේ ෂරියා නීතිය ගේන්න හදනවා. රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ ස්‌ථාපනය කරන්න කියා සමාගම් දෙකක්‌. කෝ පංචායුධ කාරයෝ. සිවුර අස්‌සේ අත ගාන්න එන්න එපා. පාර්ලිමේන්තුවේ 225 න් 180 ක්‌ සිංහල අය. ඔවුන්ට මේවා තේරෙන්නේ නැහැ. රටට එකම නීතියක්‌ තිබෙන්න ඕනෑ.

පුත්තලම රෝහලේ සෞඛ්‍ය සේවිකා මුස්‌ලිම් අයට සම්මත නිල ඇඳුම නැහැ. යකෝ මේක හරි මඟුලක්‌. එකම නිල ඇඳුම අඳින්න මුස්‌ලිම් අයට බැරිලු. එක රටේ නීති දෙකක්‌. ඒ නිසා සෞඛ්‍ය ඇමැතිතුමාට කියනවා. තමුන්නාන්සේගේ කල්වාරි ඇඳුම නොවේ සෞඛ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් කරුණාකර ගෙදර යන්න. හරිම ලැඡ්ජයි එක රටක එක නීතියයි.

බොදුබල සේනාවේ පූජ්‍ය කිරම විමලජෝති හිමි – අපි මේ සමුළුව සංවිධානය කළේ යුද්ධයට යන්න නොවේ. අප අවුරුදු 2500 ක්‌ තුළ ආගම හඳුනා දෙන්න ප්‍රචාරය කරන්න ලේ බිඳුවක්‌ සොලවළා නැහැ. අපි මෙත් සිත් පතුරලා වැඩ කළා. අපි ආගම්වාදීන් හෝ ජාතීවාදීන් නොවේ. අපේ රටට අපේ සිංහල ජාතියට ආදරෙයි. ඒ නිසා ලොකු වෙහෙසක්‌ අරන් මෙය සංවිධානය කරන්නේ. විදුලකර විද්‍යාලංකාර, විෙද්‍යාaදය පන්සල් වලින් ගමට ගොස්‌ බෞද්ධාගමට හැරෙව්වා ධර්මපාලතුමා මෙය දැක්‌කා කරන හානිය. අපිට තරම් පෞඪ ඉතිහාසයක්‌ තිබෙනවා. පොඩි හාමුදුරුවන්ට කය මහණ කළාම සිත මහණ කළේ නැහැ. මේ සුන්දර රටේ බුද්ධාගම අවුරුදු 2500 ක්‌ ගෙවුන මේ දේශපාලකයන්ගෙන් අපිට හොඳ දෙයක්‌ වෙයි කියා හිතන්න බැහැ. මූලස්‌ථානවලින්ද බැහැ. මම ජීවත් වෙලා හිටියොත් ඇති කියා සිතන්නේ. මේ පොඩි අයට රට ඉතිරි කරන්න ඕනෑ රට බෙදන්න අපි කැමැති නැහැ. මේ දේශපාලකයෝත් රට බෙදන්න හදන්නේ යෑයි පැවසූහ.