DRUNKEN DOG -මෙවන් පුවත් එජාප බලු කඳවුරෙන්ම පමණි!

පාලිත බල්ලාගෙන් නායක බල්ලා බේරා ගැනීමට මෑතක රනිල් බල්ලාගෙ දත් පහර නොඅඩුව කෑ ජෝන් බල්ලාත්, රංජන් රාමනායකත් ඉදිරිපත් වීම කොතරම් ශ්‍රේෂ්ඨ බලු ගතිද? එජාප බල්ලනී තොපේ බලු දේශපාලනය නින්දිත පුවත් පිරි වැසිකිළි වලකි. ලඟ එන මැතිවරණය පාදඩ බලු ඡන්දදායක අනුගාමිකයන් ලොවට පාන කැඩපතක්ම වේවා!


රනිල්ට පහරදීමේ තැතක්‌ !
අසභ්‍ය වචනයෙන් බැණවදී
තෙවරප්පෙරුමගේ පුතාට නාම යෝජනා
නොදීම නිසා ඔහු රනිල්ට පහරදීමට යද්දී
ජෝන් සහ රන්ජන් රනිල් රැකගනිති

‘තෙවරප්පෙරුම ඒ වන විට හිටියේ හොඳටම බීලා’
– ජෝන් අමරතුංග

අකිත පෙරේරා

සිය පුත්‍රයාට පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා ලබා නොදීම නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (05 දා) එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදීමට තැත්කරමින් ඉතා කළහකාරී ලෙස හැසිරී ඇත.තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා එජාප නායකයාට බැණ වදිමින් පහරදීමට සහ අතින් ඇදීමට උත්සාහ කළ අවස්‌ථාවේ ඒ අසල සිටි ජෝන් අමරතුංග, රන්ජන් රාමනායක යන මහත්වරුන් සහ ආරක්‍ෂක නිලධාරීන් මැදිහත්ව රනිල් වික්‍රමසිංහ මහතාට වහාම ආරක්‍ෂාව සපයා තිබේ.

පසුව එජාප නායකයා එම ස්‌ථානයෙන් ඉවත් කර ගනිමින්පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පාලනය කිරීමට ද එහි සිටි පිරිස ක්‍රියා කර ඇති අතර ආරක්‍ෂක නිලධාරීන් මන්ත්‍රීවරයාව බදා ගෙන එතැනින් ඉවත් කර ගෙන ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණ ගැනීමට එජාපය ඊයේ දිනයේදී පාර්ලිමේන්තු කමිටු ශාලාවකට රැස්‌වූ අතර එම රැස්‌වීම අවසන් වීමට ආසන්න වන විට සිය පුත්‍රයාට නාම යෝජනා ලබා නොදීම සම්බන්ධව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අදහස්‌ දැක්‌වීමට අවශ්‍ය බව පවසා ඇත.

මන්ත්‍රී කණ්‌ඩායම්

රැස්‌වීම් පවත්වන්නේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කිරීමට මිස නාම යෝජනා සම්බන්ධව කතා කිරීමට නොවේ යෑයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා තිබේ. එහෙත් තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා දිගින් දිගටම කරුණු දක්‌වමිsන් බැණ වදිමින් එජාප නායකයා අසලට ගොස්‌ පහරදීමට තැත් කර ඇත.

මෙවර පළාත් සභා මැතිවරණයේදී තම පුත්‍රයාට නාම යෝජනා ලබා නොදී දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක උදිත ඉලේපෙරුම සහ ජගත් පින්නගොඩ විතාන මහත්වරුන්ට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැඩි ලෙස එජාප නායකත්වයට චෝදනා කර ඇත.

ජගත් පින්නගොඩ මහතාට කළුතර දිස්‌ත්‍රික්‌ සංවිධායක තනතුරක්‌ ලබාදීම සම්බන්ධයෙන් ද හෙතෙම සිය අප්‍රසාදය පළ කර ඇති අතර එජාප නාමයෝජනා මණ්‌ඩලයට ද දැඩි ලෙස දොaෂාරෝපණය කළ බව එජාප මන්ත්‍රීවරයෙක්‌ ‘දිවයින’ට කීය.

නාමයෝජනා සම්බන්ධව පක්‍ෂ නායකත්වය සමඟ මන්ත්‍රීවරයකු ඉතා අශෝභන ලෙස හැසිරුණු තමා දුටු ප්‍රථම අවස්‌ථාව මෙය බවත් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක්‌ යෝජනා කර ඇතැයි ද ඉහත මන්ත්‍රීවරයා පැවැසීය.

 

http://www.divaina.com/2014/02/06/news01.html

 

 


‘තෙවරප්පෙරුම ඒ වන විට හිටියේ
හොඳටම බීලා’

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (5 දා) එජාප මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට එජාපය තීරණය කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා ක්‍රියා කරන බවත් ඊට විනය පරීක්‍ෂණ කමිටුවක්‌ පත් කිරීමට පක්‌ෂය ක්‍රියාකරන බව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ”දිවයින” ට පැවසීය. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඒ වන විට ”හොඳටම බීලා හිටියේ” යෑයිද ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් කීය.

http://www.divaina.com/2014/02/06/news24.html

DOGGY NEWS FROM UNP – ඉරිසියාව, කෑදරකම, පාහර කම ලොවට පාන එජාප බලු පුවත්

 


රනිල්ගේ කොන්දේසියෙන් රන්ජන් පසුබසී

දයා ලංකාපුර

බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් තරග කිරීමට රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා කැමැත්ත පළ කොට ඇතත්, එජාප නායකත්වය විසින් ඉදිරිපත් කොට ඇති කොන්දේසියක්‌ නිසා දැන් ඔහු ඒ සඳහා පස්‌ස ගහන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

බස්‌නාහිර එජාප මහ ඇමැති අපේක්‍ෂකත්වය දීමට නම් කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් පළාත් සභා මැතිවරණයට තරග කරන්නැයි පක්‍ෂ නායකත්වය ඔහුට දන්වා ඇත.

එහෙත් තමාට වැඩි බලයක්‌ තිබෙන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ බැවින් එම දිස්‌ත්‍රික්‌කයෙන් තරග කිරීම තමාගේ කැමැත්ත බව රාමනායක මහතා පවසා තිබේ. එයට පක්‍ෂ නායකත්වයෙන් අනුමැතිය ලැබී නැතැයි ද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර එජාපය බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට මහ ඇමැති අපේක්‍ෂකයකු මෙතෙක්‌ නම් කොට නැති අතර හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, රෝසි සේනානායක, රවි කරුණානායක, කරුණාසේන කොඩිතුවක්‌කු යන අයගේ නම් යෝජනා වී තිබේ. හර්ෂ ද සිල්වා මහතා පක්‍ෂයේ එම ඉල්ලීම කෙළින්ම ප්‍රතික්‍ෂේප කොට ඇත. රවි කරුණානායක මහතා පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා දකුණේ මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් තමා බස්‌නාහිර මහ ඇමැති අපේක්‍ෂක ලෙස තරග කිරීමට ඉදිරිපත් වන බවයි.

මේ අතර බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවලට අපේක්‍ෂකයන් තේරීම සඳහා එජාප නාමයෝජනා කමිටුව අද (29 දා) රැස්‌වීමට නියමිතය.

http://www.divaina.com/2014/01/29/news07.html

 


නායකත්ව මණ්‌ඩලය ඉදිරියේ
තෙවරප්පෙරුම කලහකාරී වෙයි

අකිත පෙරේරා

කළුතර දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (29 වැනිදා) නායකත්ව මණ්‌ඩලයට කැඳවූ අවස්‌ථාවේදී දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක උදිත ඉලේපෙරුම මහතාට පහරදීමට තැත් කරමින් කලහකාරී ලෙස හැසිරී තිබේ. බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට අදාළව එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මතුගමට හා දොඩන්ගොඩට අපේක්‍ෂකයන් තෝරා ගැනීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීමට නායකත්ව මණ්‌ඩලය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක කැඳවා තිබිණි.

මෙවර පළාත් සභා මැතිවරණයේදී මතුගම ආසනයෙන් සිය පුතා ඉදිරිපත් කිරීමට පාලිත මන්ත්‍රීවරයා සූදානමින් සිටින අතර දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක උදිත ඉලේපෙරුම මහතාද මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටී.

මේ හේතුව නිසා දොඩන්ගොඩ සහ මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතරද මතභේද පවතින බැවින් එම සභාවන්හි සියලු මන්ත්‍රීවරුන් සහ පාලිත තෙවරප්පෙරුම මහතාද ඊයේ (29 දා) සිරිකොතට කැඳවා තිබිණි.

එහිදී පාලිත මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකවරයා නායකත්ව මණ්‌ඩලයට කරුණු පැහැදිලි කරද්දී පාලිත මන්ත්‍රීවරයා ඊට උරණ වී විපක්‍ෂ නායකවරයාට පහරදීමට තැත් කර ඇත.

එජාප සභාපති කබීර් හෂීම් මහතා එහිදී වහා මැදිහත්වී තත්ත්වය පාලනය කර ඇත. පසුව මතුගම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ජිනදාස සිරිවර්ධන මහතාද පාලිත මන්ත්‍රීවරයාට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කර ඇති අතර පාලිත මන්ත්‍රීවරයා නැවතත් කලහකාරී ලෙස හැසිරී ඇත.

මෙහිදී නායකත්ව මණ්‌ඩලයේ නියෝජිතයන් පාලිත මන්ත්‍රීවරයාට අවවාද කර ඇති අතර අපේක්‍ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් තීරණය පසුව දැනුම්දෙන බව පවසා තිබේ.

සිය පුතුට අපේක්‍ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්‌වන බව ප්‍රකාශ කරමින් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා සිරිකොතින් පිටව ගිය බව එජාප ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මන්ත්‍රීවරයාගේ බිරිඳ වන අමිතා තෙවරප්පෙරුම මහත්මියද මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක්‌ වන අතර ඇය මෙම අවස්‌ථාවට සහභාගි වී නොමැත.

 

http://www.divaina.com/2014/01/30/news35.html

 

 

Dog Palitha – පාලිත තෙවරප්පෙරුම නම් පාහර අසූචි බල්ලා


දෙවි පුදට මෙලෙසේ සතුන් මරමුද කෙළෙසේ!


ප්‍රාණයක්‌ බිලි දී ශාන්තිය ප්‍රාර්ථනා කිරීම කිසිම ශිෂ්ට සමාජයක්‌ අනුදත් සම්ප්‍රදායක්‌ නොවේ. එහෙත් විටින් විට අපේ රටේත් බිලි පූජා ගැන ඇසෙන්නේය. ඒ ම්ලේච්ඡ සම්ප්‍රදායට එරෙහිව ජනතා විරෝධයන් උපදින්නේය. සමහරු උසාවි යන්නේය. එවැනි බිලි පූජාවක්‌ ගැන ආන්දෝලනයක්‌ පසුගිය දා ඇති වුණේය. ඒ ආන්දෝලනය ඇති වුණේ මතුගම ප්‍රදේශයේය. ෆාම් තෙල් නිපදවන කර්මාන්ත ශාලාවක්‌ සහිත මතුගම යටදොල ශාන්ත ජෝෂප් වත්තේ පිහිටි මාරි අම්මාන් කෝවිලේ සිදුකරන්නට යන බව කියූ බිලි පූජාවක්‌ සම්බන්ධවය.
ශාන්ත ජෝන් වතුයායේ සිංහල දෙමළ පවුල් එක්‌දහස්‌ දෙසීයක්‌ පමණ මේ වතුයාය අවට ඉන්නේය. ජාති භේදයකින් තොරව ඔවුන් ස්‌වකීය පුදපූජා පැවැත්වීම ස`දහා මෙම කෝවිලට පැමිණෙන්නේය. මෙම කෝවිලේ ඉතිහාසය දශක හතරකට මදක්‌ වැඩිය. වාර්ෂිකව මේ කෝවිලේ උත්සවයක්‌ තිබෙන්නේය. එම උත්සවයේ විශේෂම අංගය වන්නේ බිලි පූජාවය. මේ කෝවිල හා සම්බන්ධ භාරකාර මණ්‌ඩලය පසුගිය 25 වැනිදා කෝවිලේ වාර්ෂික උත්සවයට සමගාමීව මෙවරත් විශේෂ බිලි පූජාවකට ලැහැස්‌ති වුණේය. මෙම චාරිත්‍ර විධිය වුයේ පූජාවට රැගෙන එන සතුන්ගේ බෙලි කපා මරා, එම මස්‌ උයා එතැනට රැස්‌වන බැතිමතුනට කන්නට දීමය.


මෙම බිලි පූජාව ගැන තොරතුරු පොලිස්‌ බුද්ධි අංශයට වාර්තා වුණේය. මේ ගෝත්‍රික චාරිත්‍රය පැවැත්වීමට විරුද්ධව පළාතේ හාමුදුරුවරුන් විරෝධතාවක්‌ සංවිධානය කරන බවට වන තොරතුරුද ලැබිණි. ඒ අතර කෝවිලේ භාරකාරයෝ මෙම පූජාව පැවැත්වීමට කටයුතු කරමින් උන්හ. ඊට විරෝධය පාමින් බුද්ධි අංශ වලට වාර්තා වුණ ආකාරයටම මතුගම බොදුබල සුරැකීමේ සංවිධානයක පනහකට ආසන්න ගිහි හා පැවිදි පිරිසක්‌ බිලි පූජාවට එරෙහිව එය පැවැත්වෙන ස්‌ථානයට පැමිණියහ.
ඒ වනවිට පොලිසිය කෝවිල අවට ආරක්‌ෂාව තර කර තිබිණි. පොලිස්‌ මුර යොදවා තිබිණි. විරෝaධතාවය පැවතියේ සාමකාමීවය. මේ අවස්‌ථාවේ කළුතර දිස්‌ත්‍රික්‌ යූ.එන්.පී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කොහේදෝ සිට මේ ස්‌ථානයට කඩාපාත් වුණේය. එසේ කඩාපාත් වු පාලිත තෙවරප්පෙරුම මේ ගෝත්‍රක බිලිපූජාව කරන්නට සූදානම් වෙමින් සිටි කෝවිලේ භාරකාර මණ්‌ඩලය පැත්ත රැගෙන ඊට එරෙහි වූ ගිහි පැවිදි පිරිසට අමු තිත්ත කුණුහරපයෙන් බැණ වදින්නට විය. තෙවරප්පෙරුම ඒ මොහොතේ හැසිරෙමින් සිටියේ දඩයම වැරදුන වැද්දෙක්‌ ලෙසිනි.
“තොපි මස්‌ කනවා… දානෙට මස්‌ ඉල්ලනවා… මෙතන පූජාවක්‌ තියන්න හදනකොට ඒකට විරුද්ධ වෙනවා.” පාලිත තෙවරප්පෙරුම බෙරිහන් දෙමින් සිටියේය. ඇතිවෙමින් තිබුණේ අනවශ්‍ය ගැටුමක්‌ ඇතිවිය හැකි තත්ත්වයකි. මේ අවස්‌ථාවේදී කළුතර පොලිස්‌ අධිකාරී රොෂාන් සිල්වා සිද්ධියට මැදිහත් වුණේය. ඔහු පිස්‌සු කෙළිමින් සිටි තෙවරප්පෙරුම අසලට ගොස්‌ අනවශ්‍ය ගැටුමක්‌ ඇති නොකර ස්‌ථානයෙන් ඉවත්ව යන ලෙස කියා සිටියේය. ඒ අවස්‌ථාවේදී පාලිත තෙවරප්පෙරුම එතැනින් පිටව ගියේය.
එහෙත් ස්‌වල්ප මොහොතකින් ඔහු සිය ආධාරකාර මැරයින් පිරිසක්‌ සමග පැමිණියේය. ඔවුන් අත පොලු වූයේය. පොලු රැගෙනවිත් තිබුණේ හාමුදුරුවරු ඇතු=ළු විරෝධතා කරුවන්ට පහර දීම ස`දහාය. මේ අවස්‌ථාවේදීත් පොලිසිය මැදිහත්ව කහළකරුවෝ පලවා හළහ.
ඇතිවී තිබෙන තත්ත්වය ලේ වැගිරීමක්‌ වන්නට පෙර අධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමට පොලිසිය තීරණය කළේය. මතුගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂකවරයා මතුගම අතිරේක මහෙස්‌ත්‍රාත් අබේවික්‍රම වීරසිංහ හමුවට ගොස්‌ කරුණු දැක්‌වීය. එහිදී පූජාව ඒ ආකාරයෙන්ම පවත්වන්නත්, බිලි පූජාව නවත්වන්නත්, විරෝධතාවය දක්‌වන හාමුදුරුවරුන්ට කෝවිල් භූමියෙන් ඉවත් වන්නත් අධිකරණය නියෝග කළේය. එම උසාවි නියෝගය පොලිසිය විසින් කෝවිල් භාරකාර මණ්‌ඩලයටත්, හාමුදුරුවරුන්ටත් භාර දුන්නේය.
උසාවි නියෝගය ලැබුණු විගස පාලිත තෙවරප්පෙරුම යළිත් පිස්‌සු කෙළින්නට පටන් ගත්තේය. මේ තැනැත්තා උසාවි නියෝගය පිළිගන්නට සූදානම් වූයේ නැත.
“මේක උසාවි නියෝගයක්‌ නොවෙයි, කළුතර පොලිස්‌ අධිකාරිගේ නියෝගයක්‌… මේක පිළිගන්න අහවල් දේකටද?. බිලි පූජාව කරන්න ඕන… අනිවාර්යයෙන්ම…” තෙපරප්පෙරුම කෝවිලේ භාරකාරයන්ටත් තර්ජනය කරන්නට විය. මේ අවිනීත හැසිරීම කළුතර පොලිස්‌ අධිකාරිවරයා බරපතළ ගැටලුවකට පත් කළේය. අනතුරුව තෙවරප්පෙරුම පොලිස්‌ අධිකාරීවරයා සමග ගැටුමක්‌ ඇතිකර ගත්තේය. ගැටුමෙන් පසු මිනිසුන් දහසකට ආසන්න පිරිසක්‌ එක්‌කරගත් තෙවරප්පෙරුම බිලි පූජාව නැවැත්වීමට දුන් උසාවි නියෝගටයට එරෙහිව මතුගම කළුතර පාර අවහිර කර උද්ඝෝෂණයේ යෙදෙන්නට වූයේය. අනතුරුව උද්ඝෝෂකයන් සමග මේ තැනැත්තා නැවත කෝවිලට පැමිණියේය.
මොහොතකින් කෝවිලේ පූසාරි ඇතුළු භාරකාර මණ්‌ඩලය පිටතට පැමිණ පොලිසිය හා කතා කළේය. ඔවුන් කියා සිටියේ සතුන් පූජාව ස`දහා සූදානම් කරන බවත් බිලි පූජාවක්‌ සිදු නොවන බවත්ය. අනතුරුව එළුවන් දෙදෙනෙක්‌, කුකුළන් තිදෙනෙක්‌ සෝදා පිරිසිදු කර කෝවිල ඇතුළට ගන්නා ලදී. මොහොතකින් එළුවන්ගේ මර ලතෝනි ඇහෙන්නට විය. පාලිත තෙවරප්පෙරුමගේ මෙහෙයවීම මත උසාවි නියෝග නොතකා කොවිලේ පූසාරි ඇතුළු පිරිස මේ අසරණ සතුන්ගේ බෙලි සි`ද දමා ගෝත්‍රික බිලි පූජාව පවත්වා තිබිණි.
මේ සිද්ධිය දැකීමත් සමග පොලිසිය මැදිහත්ව මරන්නට සිටි ඉතිරි සත්තු බේරා ගත්තේය. මේ නින්දිත අපරාධය වලක්‌වන්නට ගිය හිමිවරුන්ට පාලිත තෙවරප්පෙරුම ඇතුළු 13 දෙනෙක්‌ පහර දෙන්නට පැමිණි බව පවසමින් පළාතේ හාමුදුරුවරු මතුගම පොලිසියට පැමිණිලි කළහ. පාලිත තෙවරප්පෙරුම අධිකරණ නියෝග කඩ කළ බව කියමින් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. තීන්දුව ලබා දීම 30 වැනිදා වනතෙක්‌ කල් දැමිනි.
අපි ජීවත් වන්නේ මෙවැනි රටකය. අඩුම තරමින් ගමේ කෝවිලේ ගෝත්‍රික ම්ලේච්ඡ දුරාචාරයක්‌ නවත්වා ගන්නට දෙන අධිකරණ තීන්දුවක්‌වත් ක්‍රියාත්මක වන්නට ඉඩ නැත. එසේ වන්නේ ඒ අමනකම් පිටුපස දේශපාලන ගෝත්‍රිකයන් සිටින විටය. මේ අනිතික බලය පක්‌ෂ විපක්‌ෂ කියා වෙනසක්‌ නැතිව සියලුම දේශපාලන අල-ජිහු යොදා ගනිති. යළිත් මේ දිස්‌වූයේ ඒ කාලකණ්‌නි යථාර්ථයේ ජුගුප්සාජනක නිරුවතය. මේ අසරණ සතුන් බිලිදී උපදවාගත හැකි ශාන්තියක්‌ නැත. නමුත් බිලි පූජා පැවැත්වීමට මේ අසරණ තිරිසන් සතුන් නොනසා මේ රටේ නොදැමුණු මෝඩ දේශපාලකයන් පෙළගැස්‌විය හැකිනම් ඒ මොහොතේ සිට මේ රටට ශාන්තියක්‌ උපදිනු ඇත.
හේමන්ත රන්දුණු

 

http://www.divaina.com/2013/09/01/feature11.html

SHITTY UNP – අසූචි වන් එජාප පැටිකිරිය

ජාති ද්‍රෝහී කමක් කිසි විළි ලැජ්ජාවකින් තොරව කිරීමට එජාපයට ඇත්තේ පුදුම උවමනාවකි. ජිහාඩ් දේශපාලුවන් හුරතල් කිරීම පොන්න රනිල්ට මහා ආශ්වාදයකි. මේ කප්පරක් පමණ වූ එජාප පාහරකම් වලින් එකක් පමණි.

 


අසාද් සාලි එජාපයෙන් අකිත පෙරේරා
ජාතික සමඟි පෙරමුණ නමින් දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවා ගත් අසාද් සාලි මහතා මෙවර මධ්‍යම පළාත් සභාවට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදීමට නියමිතය.
මධ්‍යම පළාතේ මහනුවර දිස්‌ත්‍රික්‌කය සඳහා අසාද් සාලි මහතා ඉදිරි පළාත් මැතිවරණයේදී තරග කිරීමට නාම යෝජනා දී ඇතැයි එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ‘දිවයින’ ට පැවැසීය.
අසාද් සාලි මහතා එජනිස මන්ත්‍රීවරයකු ලෙස කලක්‌ කොළඹ මහ නගර සභාවේ කටයුතු කළේය.

http://www.divaina.com/2013/07/27/news13.html

 

එජාපය විසින් දේශපාලනයට හඳුන්වා දුන් සුනඛයන් ගණන අති විශාලය. මේ එවන් සුනඛයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම පාහරයා විසින් හෙළය මත පැහැරූ පුවතයි.


නීති නොතකා මතුගම බිලි පූජාවක්‌
විරුද්ධවූ වූ අයට පාලිත මන්ත්‍රීගෙන් තර්ජන

සමන් ගමගේ, කලුතර විජයසිරි විද්‍යාසේකර
මතුගම යටදොළවත්ත ශාන්ත ජෝන් වතුයායේ තිබෙන කාලි කෝවිලේ පැවත්වීමට නියමිතව තිබූ වාර්ෂික සත්ව බිලි පූජාව නතර කරන ලෙසට මතුගම මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු අබේවික්‍රම වීරසිංහ මහත්මිය තහනම් නියෝගයක්‌ නිකුත් කර තිබියදී එය නොතකා හරිමින් කෝවිලේ පූජකවරුන් ඊයේ (25 දා) එම බිලි පූජාව පවත්වා තිබේ.
සත්ව බිලි පූජාව පැවත්වීමට සූදානම් වීමත් සමග පස්‌යොදුන් රට බොදුබල රැකවරණ සංවිධානයේ ස්‌වාමින් වහන්සේලා සහ ප්‍රදේශවාසී ජනතාව ඊට විරෝධය දක්‌වමින් ඊයේ (25දා) කාලි කෝවිල අභියස විරෝධතාවක්‌ දැක්‌වීමට පියවර ගෙන ඇත.
එම තත්ත්වයත් සමග මතුගම පොලිසිය මැදිහත් වී මතුගම මහෙස්‌ත්‍රාත්වරියට කළ කරුණු දැක්‌වීමකින් පසු ජනතා විරෝධතාව මෙන්ම සත්ව බිලි පූජාවද නතර කරන ලෙසට දැනුම් දෙමින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබිණි.
එසේ තිබියදී කලුතර දිස්‌ත්‍රික්‌කයේ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා බිලි පූජාවට විරෝධය දැක්‌වූ ස්‌වාමින් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසී ජනතාවට තර්ජනය කරමින් හැසිරෙද්දී පූජකවරුන් බිලි පූජාව පවත්වා ඇත.
පාලිත තෙවරප්පෙරුම මහතා ස්‌වාමින් වහන්සේලාට හා ප්‍රදේශවාසීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවට එක්‌වූ මහා සංඝරත්නය මතුගම පොලිසියට පැමිණිල්ලක්‌ද ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මතුගම පොලිසියෙන් අප කළ විමසීමකදී අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වතුයායේ පූජකවරුන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට වහා පියවර ගන්නා බව එහි උසස්‌ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

http://www.divaina.com/2013/08/26/news02.html