විමල් බල්ලාගේ පංචායුධ කැදැල්ල කුඩු වී තුච්ඡ එජාප හොර මුලට හා ආණ්ඩු ගොට්ටට වැටුනු මිහිමල් හා උදයකුමාර හිස් ගිරා පෝතකයෝ

ඌව පළාත් ජානිපෙ මන්ත්‍රී දෙදෙනා පක්‍ෂය අත්හැර යති

කරුණාරත්න පල්ලේගම – බණ්‌ඩාරවෙල, බෝගොඩ – රත්නායක, වීරසිංහ – හාලිඇල, බදුල්ල – එස්‌. රත්නායක

ජාතික නිදහස්‌ පෙරමුණ නියෝජනය කරමින් ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ දෙදෙනෙක්‌ ඊයේ (22 දා) ඌව පළාත් සභා මාසික රැස්‌වීමේදී ජාතික නිදහස්‌ පෙරමුණ අතහැර එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු ලෙස අසුන් ගත්හ.

ඌව පළාත් සභා මන්ත්‍රී මිහිමල් මුණසිංහ මහතා ජාතික නිදහස්‌ පෙරමුණේ සාමාජිකයකු ලෙස පළාත් සභාවට පත් වී පාලක ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිට එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌විය. ඌව පළාත් සභා මන්ත්‍රී ඩබ්. ඒ. උදයකුමාර මහතා ජාතික නිදහස්‌ පෙරමුණේ සාමාජිකයකු ලෙස ඌව පළාත් සභාවට තරග කර ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ද ඊයේ (22 දා) එම පක්‍ෂය අතහැර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එක්‌ විය.

ජාතික නිදහස්‌ පෙරමුණ කිසිදු ප්‍රතිපත්තියක්‌ නොමැති කීපදෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ වන අතර මෙය දේශපාලන පක්‍ෂයක්‌ නොවන බවත් මෙම පක්‍ෂයේ සිට ප්‍රදේශයේ ජනතාවට කිසිදු සේවයක්‌ කිරීමට නොහැකි බැවින් ජනතාවට සේවය කිරීම සඳහා ජානිපෙ අතහැර යන බවත් ප්‍රකාශ කරමින් මෙම දෙදෙනා පක්‍ෂයෙන් ඉවත් වූහ.

http://www.divaina.com/2014/05/23/news19.html

Advertisements