හෙළ සදාචාරය නසන ජාත්‍යන්තර පාසැල් – ශාක්ෂි සහිතව

සියලු ජාත්‍යන්තර පාසල් වහා නියාමනය කළ යුතුයි
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

මෙරට තිබෙන සියලු ජාත්‍යන්තර පාසල් වහා නියාමනය කළ යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ රජයට අවධාරණය කළහ.

එක්‌තරා ජාත්‍යන්තර පාසලක හතර වසරේ පෙළ පොත සඳහා ඇතුළත් කර ඇති මතභේදාත්මක පාඩම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ රජය කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කරති.

ගෝලීය තත්ත්වයන් තුළ ඕනෑම දෙයක්‌ රට තුළට පැමිණිය හැකි මුත් අප රටේ සංස්‌කෘතිය, සම්ප්‍රදාය, සභ්‍යත්වය විනාශ වීමට ඉඩදිය නොහැකි බවත් උන්වහන්සේ සඳහන් කළහ.

උන්වහන්සේ එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

http://www.divaina.com/2014/09/27/news12.html

 

ජාත්‍යන්තර පාසලක 4 විද්‍යා පොතේ සංස්‌කෘතියට නොගැලපෙන පාඩම්
දෙමාපියෝ චෝදනා කරති

මීගමුව සමූහ – විමල් කීර්ති

දිවයිනේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක දරු දැරියන්ගේ විද්‍යා අභ්‍යාස සඳහා එම පාසලෙන් ලබාදෙන පාඩම් පොත ශ්‍රී ලංකාවේ සංස්‌කෘතිය හැදියාව විනාශ කරන මට්‌ටමක පැවතීම නිසා මෙම පාසල් පිළිබඳව වහා අවධානය යොමු කරන ලෙස එම සිසු සිසුවියන්ගේ දෙමාපියෝ අධ්‍යාපන ඇමැති, සංස්‌කෘතික ඇමැති සහ බුද්ධ ශාසන ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිති.

මෙම ජාත්‍යන්තර පාසල මිශ්‍ර පාඨශාලාවකි. මෙම පාසලේ 4 ශේ්‍රණිය ඉගෙනුම ලබන 11 වනි වියේ පසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදී ඇති (Sජසැබජැ චරදටරුs) නමැති පාඩම් පොතෙහි 2. 3 සහ 20 වැනි පිටුවේ චිත්‍ර සහිතව පෙන්වාදී ඇත්තේ පිරිමි සහ ස්‌ත්‍රීන් ලිංගිකව එක්‌වන අයුරුය. 4 ශේ්‍රණියේ ඉගෙනුම ලබන 11 වියෑති සිසු සිසුවියන් යනු අපේ ජනවහර අනුව යාන්තම් ඇටෙන් පොත්තෙන් මිදී එන පරපුරය. ඔවුන් යොවුන් වියට පා තබන්නටත් ප්‍රථම චිත්‍ර සහිතව ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ සිංහල සංස්‌කෘතිය අමතක කොට බටහිර සංස්‌කෘතියම නැඹුරු කරන්නටදැයි දෙමාපියෝ ප්‍රශ්න කරති.

එම විදුහලෙන් පොත්පත් මුද්‍රණය කර සිසුන් අතට පත් කිරීමට පෙර එහි විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් අඩුම තරමින් පරීක්‍ෂා නොකරන්නේ දැයි දෙමාපියෝ තවදුරටත් ප්‍රශ්න කරති.

http://www.divaina.com/2014/10/03/provin06.html

ATT00847ATT00829

ATT00832ATT00835 ATT00838 ATT00841 ATT00844

Advertisements

අතිශයින් බෞද්ධ විරෝධීන්ට පමණයි – ඇගේ වෛරය – නිෂ්පාදනය NGO, අධ්‍යක්ෂණය – චෞර රැජිණ

NGO මුදලින් රඟපෑ චෞර රැජිනගේ නාඩගම, මාධ්‍ය රැවටූ ආකාරය

 


ආගමික සංහිඳියාවක්‌ ඇති කිරීම සඳහා

අකිත පෙරේරා

රට තුළ ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා සහයෝගය ලබා ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (11 දා) එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක්‌ හමුවූවාය.

කිරුළපන, ෙµdන්සේකා පෙදෙසේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පෙරවරු 10 ට මෙම විශේෂ හමුව සිදුවූ අතර පැයක පමණ කාලයක්‌ දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්විණි.

හිටපු ජනපතිනිය පෙරවරු 10 ට සිය නිලධාරීන් සමග පැමිණ ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ඇය පිළිගෙන දෙවැනි මහල වෙත කැඳවාගෙන යැමෙන් අනතුරුව සාකච්ඡාව ආරම්භ විය.

එජාපය වෙනුවෙන් තිස්‌ස අත්තනායක, රවී කරුණානායක, මංගල සමරවීර, රුවන් විඡේවර්ධන යන මහත්වරු ඊට සහභාගි වූහ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ හිටපු ජනපතිනිය මෙසේ කියා සිටියාය.

ආගමික සංහිඳියාව ඇති කිරීමට අප කමිටුවක්‌ හැදුවා. එම කමිටුවට ප්‍රධාන ආගම් හතරේම නායකයන් ඇතුළත් වෙනවා. බෞද්ධාගමේ ප්‍රධාන පාර්ශ්වයන් හතරේම අනුනායක හිමිවරුන් ඒ වගේම ක්‍රිස්‌තියානි, හින්දු, මුස්‌ලිම් නායකයන් මෙම කමිටුවට අයත් වෙනවා. මෙහිදී ආගමික සංහිඳියාව ඇති කළ යුත්තේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට සහ දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපි රජය සමඟත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පළමුවෙන්ම ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න වෙලාවක්‌ ඉල්ලා සිටියා. ඒත් තවම ලැබුණේ නැහැ. ඇමැතිවරුන් ගණනාවකගෙනුත් ඉල්ලීම් කළා. මේ ගැන කතා කරන්න. ඉදිරියේදී ඒ සඳහා අවස්‌ථාව ලැබේවි ඉන්පසුව අපි ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා-

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙන ආගමික සංවිධානය සමග අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කළේ රට තුළ ආගමික සංහිඳියාව ගොඩනඟන්න. ඊට එජාපයේ සම්පූර්ණ සහයෝගය දෙනවා.

ඇතැම් ආගම් පාලනය වෙන්නේ ඒ ආගම් නායකයන් සහ ඒ වගේම ඒ කාරක සභා මගින්. නමුත් මේවා අඩපණ කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. ඒක විශාල ප්‍රශ්නයක්‌.

ඡායාරූපය – නිමල් දයාරත්න

http://www.divaina.com/2014/03/12/news05.html

චන්ද්‍රිකා බැල්ලගේ නිරුවත හෙළිවූ අයුරු

 


රටට අපකීර්තියක්‌ වන වාර්තාවක්‌ හිටපු ජනපතිනිය ජාත්‍යන්තරයට ඉදිරිපත් කරලා
– පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

චමින්ද සිල්වා

රට, ජාතිය අපකීර්තියට පත්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අසත්‍ය වාර්තාවක්‌ ජාත්‍යන්තරයට ඉදිරිපත් කර ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (13 වැනිදා) පැවැසූහ.

ඇයගේ අධීක්‍ෂණය මත ඇයම රඟපාමින් සකස්‌ කර ඇති මෙම කුමන්ත්‍රණ වාර්තාව “ඇගේ වෛරය” ලෙස පෙනී යන බව ද උන්වහන්සේ කියා සිටියේ ඊයේ (13 වැනිදා) කිරුලපන බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

හිටපු ජනාධිපතිනිය විසින් මහා නාහිමිවරුන් නියෝජනය කරමින් ස්‌වාමීන් වහන්සේලා කිහිප නමක්‌ සහ ආගමික නායකයන් නියෝජනය කරමින් පූජකවරුන් කීප දෙනකු පසුගියදා පදනම් ආයතනයේ වැඩමුළුවකට කැඳවා එහිදී එක්‌රැස්‌ කරගත් කරුණු ඇතුළත් කර දකුණු ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ ආයතන නමින් සිංහල බෞද්ධයා සාහසික පිරිසක්‌ ලෙස හඳුන්වා මෙම වාර්තාව නිකුත් කර ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

චන්ද්‍රිකා මහත්මියට මෙම වාර්තාව සකස්‌ කිරීමට මූල්‍ය ආධාර සැපවූයේ කවුද?, කොපමණ මුදලක්‌ වැය කළාද? යන්න හෙළි කළ යුතු යෑයිද උන්වහන්සේ කීහ. වාර්තාවේ පිටපතක්‌ ලබා ගැනීමට කොතෙක්‌ උත්සාහ කළද මෙතෙක්‌ එය ලබා ගැනීමට නොහැකි වූ බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ, අධ්‍යයන හා පර්යේෂණ අංශයේ සම්බන්ධීකාරක ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරුද සහභාගි වූහ.

http://www.divaina.com/2014/03/14/news20.html

 


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක
රාජ්‍ය නොවන සංවිධානවල බළල් අතක්‌ වෙලා

– ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

සිරිමන්ත රත්නසේකර

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වල බළල් අතක්‌ වී ඇතැයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශ හා ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා චෝදනා කරයි

එසේම එතුමිය රාජ්‍ය නොවන සංවිධාන සමග එක්‌ව රටේත් බෞද්ධයාගෙත් ගෞරවය කෙලෙසන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමග වාර්තා හුවමාරු කරගනිමින් එදා දොන් ජුවන් ධර්මපාලත් දෝන කතිරිනාත් ඉතිහාසයේ සිදු කළ පාවාදීමට නැවත වරක්‌ උත්සාහ ගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක එජනිස කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එම අදහස්‌ පෙරේදා (13 දා) පළකළේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ පක්‌ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා,

zzඅපේ රටේ ආගමික නිදහස නැහැ, ආගමික සංහිඳියාවක්‌ නැහැ, මේ රටේ බෞද්ධ ජනතාවගෙන් අන්‍ය ආගමිකයින්ට හිරිහැර සිදු වෙනවා, ඒ වගේම අන්‍යාගමිකයන්ගේ නිදහසට නිරන්තරයෙන් පීඩාකරනවා කියන බරපතළ චෝදනා එල්ල කිරීමට චJද්‍රිකා බණ්‌ඩාරනායක හිටපු ජනාධිපතිතුමිය කටයුතු කරලා තියෙනවා. දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනය මගින් තමයි මේ වාර්තාව එළි දක්‌වලා තියෙන්නේ. එම ආයතනයේ සභාපතිනිය වශයෙන් එතුමිය වාර්තාවක්‌ එළිදක්‌වමින් කියා සිටිනවා හින්දු, කිතුනු, මුස්‌ලිම් ආගමික ප්‍රජාවන්ට හිරිහැර කරනවා, ඔවුන්ගේ ආගමික ස්‌ථානවලට පහර දෙනවා, ඒ වගේම ඒ අයගේ ආගමික නිදහස උල්ලංඝනය කරලා තියෙනවා කියලා. මේ චෝදනා ඉතාමත් බරපතළ චෝදනා විදිහටයි අපි දකින්නේ.

මෙවැනි කිසිදු පදනමක්‌ නැති සාක්‍ෂි නැති නොයෙක්‌ වාර්තා ජාත්‍යන්තරයට අරන් ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් අපේ රට හුදකලා කරන්න, කොටු කරන්න කටයුතු කරනවා වගේම අපේ රට මානවහිමිකම් නැති, මාධ්‍ය නිදහස නැති ප්‍රජාතන්ත්‍රවාදය නැති, ඒවගේම නීතියේ ආධිපත්‍ය නැති රටක්‌ විදිහට තහවුරු කරන්න, හංවඩු ගහන්න හදන වැඩ පිළිවෙලේ තවත් එක අදියරයක්‌ තමයි මේ. චJද්‍රිකා බණ්‌ඩාරනායක හිටපු ජනාධිපතිවරිය අද ජාත්‍යන්තර බලවේග වල වගේම රාජ්‍ය නොවන සංවිධාන වල අතකො`ඵවක්‌ බවට පත්වෙලා තිබෙනවා.

චJද්‍රිකා මහත්මිය දේශපාලනිකව ඉදිරියට ගේන්න කටයුතු කරපු බලවේග රාශියක්‌ හිටියා. ඒ අතර ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විශාල කාර්යභාරයක්‌ කරා සේම ඔවුන් නොයෙක්‌ ආකාරයෙන් මෙතුමියව කරලියට ගෙන ඒමේ මෙහෙයුමේ නිරතව සිටිනවා. ඒ නිසා චJද්‍රිකා මහත්මිය අද ඉෂ්ට කරමින් ඉන්නේ කාගේ කොන්තරාත්තුවද කියන එක පැහැදිලියි.

මේ රටේ ආගමික සහජීවනය නෑකියන්න මොනවද තියෙන සාක්‍ෂි? මොනාද තියෙන තොරතුරු? යම් යම් සිදුවීම් ලෝකේ ඕනම රටක සිදුවෙන්න පු`ඵවන්. නමුත් එකම සිදුවීම නැවත නැවතත්, නැවත නැවතත්a සිදු වෙනව නම් අපිට කියන්න පු`ඵවන් අන්න එහෙම රටක ආගමික අයිතීන් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රස්‌තවාදය පැවති සමයේ අපිට මතකයි ඒ ප්‍රදේශවල තිබුණ බෞද්ධ අයිතින් අහිමි වුනා. එහෙ තිබුණු බෞද්ධ සිද්ධස්‌ථාන ඩෝසර් කරා. බෝධීන් වහන්සේලා විනාශ කළා. බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ දළදා වහන්සේට ප්‍රහාරය එල්ල වූයේ චJද්‍රිකා මහත්මිය කාලේ. එතකොට කවුරුත් හිටියද බෞද්ධයාගේ ආගමික අයිතිවාසිකම් ගැන කතා කරන්න. ලෝකයේ කතෝලික ප්‍රජාවට කොතරම් දුරට වතිකානුව වැදගත් වෙනවාද? මුස්‌ලිම් ජනතාවට මක්‌කම කොතරම් දුරට වැදගත් වෙනවාද? ඒ හා සමාන වැදගත් කමක්‌ දළදා වහන්සේ සම්බන්ධව බෞද්ධයන්ටත් තියෙනවා.

http://www.divaina.com/2014/03/15/news30.html

 


ජිනීවා කොමිසම රැස්‌වෙන විට නොයෙකුත් සංවිධාන ඇති කරමින් රටට කුමන්ත්‍රණ කරනවා
– ජනපති මහින්ද රාජපක්‍ෂ

ගාල්ල – ලලිත් චාමින්ද, එස්‌. කේ. කළුආරච්චි, අක්‌මීමන – කේ. මතිලාල්

රජය සෑම විටම රට තුළ ප්‍රශ්න ඇතිනොකරගෙන කටයුතු කරන නමුත්, ඇතමුන් ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්‌වන අවස්‌ථාවේ අප රටේ ආගමික සංහිඳියාවක්‌ නැතැයි කියමින්, ඇතැම් තානාපති කාර්යාලවල සිටින අය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්‌ව රට තුළ නොයෙක්‌ සංවිධාන ඇති කරමින් රටට එරෙහි කුමන්ත්‍රණ කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පෙරේදා (12 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා,

ජිනීවාවල මානව කොමිසම් සභාව රැස්‌වන අවස්‌ථාවේ ඇතමුන් කියනවා අපේ රටේ ආගමික සංහිඳියාවක්‌ නැතිලු. හිටි ගමන් තමයි මේ අයට ආගමික සංහිඳියාව ගැන මතක්‌ වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ වේදිකාව දිහා. මේ වේදිකාවේ හැම ආගමික නායකයන්ම ඉන්නවා. සංහිඳියාව ඇති කරන්න හදවත් දිනාගන්න ඕන. හදවත් එකතු කරගන්න ඕන. දේශපාලනඥයාට හැම කෙනෙක්‌ම අවශ්‍යයි.

අරයා හොඳ නැහැ. මෙයා හොඳ නැහැ කියලා කියන්න බැහැ. අපේ ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය දිහා බලන්න සියලුම අය ඉන්නවා. නමුත් කවුරුවත් එලවන්නේ නැහැ. කවුරුන් හෝ ගියා කියා මගේ විරුද්ධත්වයක්‌ නැහැ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හරියට සැලුන් දොර වගේ.

රජය බලන්නේ හැම විටම රට තුළ ප්‍රශ්න ඇති කර නොගෙන කටයුතු කරන්න. සමහරුන් රටේ ආගමික සංහිඳියාවක්‌ නැහැ කියනවා. මේ කථා කියන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්‌වන අවස්‌ථාවේ. ඇතැම් තානාපති කාර්යාලවල ඉන්න අය සමඟ සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්‌වී රට තුළ සංවිධාන ඇති කරමින් මේ අය රටට එරෙහිව කුමන්ත්‍රණ කරනවා.

අපි මේ ගැන කථා කරන විට සියල්ල විකෘති කරමින් රට තුළ ප්‍රශ්න ඇති කරන්න හදනවා. එදා උතුරේ මානව අයිතීන් ගැන හැමෝම කථා කළා. නමුත් දකුණේ මානව අයිතීන් ගැන කථා කරන්නේ ටික දෙනයි. එදා රටේ තිබූ තත්ත්වය අද වෙනස්‌ වෙලා. එදා ආගමක්‌ අදහන්න නිදහස තිබුණේ නැහැ. ජය ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කළා. කාත්තන්කුඩි පල්ලියට ගැහුවා. මේ වගේ තත්ත්වයක්‌ තමයි තිබුණේ. නමුත් සමහරුන් කියනවා රටේ ආගමික සංහිඳියාවක්‌ නැතිලු.

මතක තියාගන්න එක එක කාලවලදී විවිධ බලවේග හැදෙනවා. අපි යුද්ධ කළේ දෙමළ ජනතාවට විරුද්ධව නෙවෙයි. වැඩිම දෙමළ ජනතාවක්‌ ජීවත් වන්නේ උතුරේ නෙවෙයි. යුද්ධ කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් සමගයි. යුද්ධයෙන් පසු උතුරේÊබිම් බෝම්බ ඉවත් කළා. ඒ ප්‍රදේශවල ජනතාවට ජලය, විදුලිය ඇතුළු සියලු යටිතල පහසුකම් ලබා දුන්නා. අධ්‍යාපන අයිතිය ලබා දුන්නා. ගොවිතැන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.

එදා අපට කොළඹට යන්න දවසක්‌ ගියා. කුඹුරේ නියර දිගේ ඇවිත් අඩිපාරේ ඇවිත් ගම් සභා පාරට වැටිලා හික්‌කඩුවට ඇවිත් නතර වෙලා තේ එකක්‌ බීලා තමයි කොළඹ ගියේ. නමුත් අද ඒ තත්ත්වය වෙනස්‌ වෙලා. අද තේ වලට, කුරුඳුවලට හොඳ මිලක්‌ තියෙනවා. එදා මා වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී තරුණයන්ට කුරුඳු තලන හැටි කියා දෙන්න බළපිටියේ වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ඇති කළා. අනාගතය ගැන දැකලා තමයි මේවා ආරම්භ කළේ.

රටේ ඇතිවෙලා තියෙන දියුණුව ගැන කථා කරන්නේ නැහැ. මේ පිළිබඳ කල්පනා කරන්න. සුනාමියෙන් විනාශ වූ ගාලු නගරය අපි ගොඩ නැගුවා. රට ආර්ථික වශයෙන් ශක්‌තිමත් වී තියෙනවා. අද විපක්‍ෂයට ජනතාව ඉදිරියට ගිහින් කතා කරන්න දෙයක්‌ නැහැ. වරායවල්, ගුවන් තොටුපළවල්, පාසල්, පාරවල් හදනවා. මැතිවරණයක්‌ දුන්නත් විපක්‍ෂයට අපේක්‍ෂකයන් සොයා ගන්න බැහැ. අධිවේගී මාර්ගය දිගේ කොළඹ ඉඳලා දැන් කෑම කන්නත් එනවා. ඒ අතර හොර ජෝඩු ජෝඩුත් ඇවිත් කෑම කාලා යනවා. එහෙම අය තමයි වැඩිපුරම මේවට බණින්නේ. රට තුළ සිදුවන සංවර්ධනය අතරමඟ කඩන්න දෙන්න එපා. අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්‍ෂේත්‍රවල විශාල දියුණුවක්‌ ඇතිවෙලා. පාසල් දරු දැරියන්ට තාක්‍ෂණ විද්‍යා විෂය හඳුන්වා දුන්නා.

පළාත් සභාව මගින්ද විශාල සේවාවක්‌ කරලා තියෙනවා. මම ගාල්ලට ආ විට ඉතිහාසය මතක්‌ වෙනවා. පාද යාත්‍රාවේ ඉඳලා දොඩංගොඩ ඇමැතිතුමා මහ ඇමැති කරන්න අපි විශාල අරගලයක්‌ කළා. එදා වෙඩි වැදිලා දෙන්නෙක්‌ මියගියා. රිචඩ් පතිරණ ඇමැතිතුමාලා මේ සටනේ හිටියා. දොඩංගොඩ ඇමැතිතුමා මහ ඇමැති පුටුවේ වාඩි කරවල වෙනසක්‌, පෙරළියක්‌ ඇති කළා. ඒක තමයි ආරම්භය.

17 වසරක්‌ පැවැති භීSෂණය ඒ ශාපය අද අමතක වෙලා. එදා ටයර් සෑයවල් තිබුණා. මම ඡන්දය ඉල්ලන්න ආවේ බුලත් කොළයට. නමුත් මට පේන්නේ එක එක අයගේ නොම්මර. බුලත් කොළය වැඩිය පේන්නේ නැහැ. නොම්මර නම් පේනවා. මා නොම්මර ගැන කියන්න යන්නේ නැහැ. අලුතෙන් ඉල්ලන කිහිපදෙනාගේ හැර අනිත් අයගේ නොම්මරය මා දන්නවා. බුලත් කොළයට කෙලින් කතිරය ගහන්න. මනාප තුනක්‌ තියෙන නිsසා රණ්‌ඩු වෙන්න අවශ්‍ය නැහැ. මේ පැත්තේ නම් වැඩි කලබලයක්‌ නැහැ. බුලත් කොළය දිනවන්න. එවිට තමයි මේ රට සංවර්ධනය වෙන්නේ.

අගමැති දි. මු. ජයරත්න මහතා,

වසර තිහක්‌ තුළ පැවති කුරිරු යුද්ධය අවසන් කළා. අද රටේ ජනතාවට නිදහසේ ජීවත් වීමට හැකි වාතාවරණයක්‌ රට තුළ අතිවෙලා තියෙනවා. මේ පළාත් සභාව අපි විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවා. ඒ ගැන ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් වැඩි ඡන්ද සංඛ්‍යාව වැඩිකර ගැනීමට අවසාන මොහොත දක්‌වාම ක්‍රියා කළ යුතු වෙනවා.

මේ රට ආසියාවේ ආශ්චර්යය කරා ගමන් කරමින් තියෙනවා. රට තුළ විශාල සංවර්ධනයක්‌ සිදුවෙලා තියෙනවා. ඒකට බටහිර රටවල් ඊර්ෂ්‍යා කරනවා. යටත් විජිත ජාතියක්‌ ඇති කරන්න හදනවා.මේකට අපේ රටේ සුළු පිරිසක්‌ ද පන්දම් අල්ලනවා. ගාලු නගරය අලංකාර නගරයක්‌ ලෙස සංවර්ධනය වී තියෙනවා. මේ නගරය තවත් අලංකාර කරන්න කෝටි ගණනක මුදලක්‌ වෙන් කොට තියෙනවා.

මේ රට ඒකීය ලංකාවක්‌. සිංහල, දෙමළ, මුස්‌ලිම් හා සියලු ජාතීන් ඉතා සමගියෙන් ජීවත් වෙනවා. එකට ක්‍රියා කරනවා. පොඩි පොඩි දේවල් තියෙනවා. සියලු දෙනාම රහත්වෙලා නැහැ නේද. සියලු ජාතීන් එකාවන්ව එකතුවෙලා සිටිනවා.

විදුලිබල හා බලශක්‌ති ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය,

ගාලු නගරය ලෝකයේ දියුණු සංවර්ධන උරුම ඇති නගරයක්‌ බවට පත්වෙලා තියෙනවා. අධිවේග මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් ගැන අතීතයේ හිටපු නායකයන් කථා කළා. නමුත් එය යථාර්ථයක්‌ කර ගැනීමට හැකි වුණේ නැහැ. අපේ මවුබිම දැන් නැගිටිමින් සිටිනවා. ඒකට ඊර්ෂියා කරන පිරිසක්‌ ඉන්නවා. බටහිර බලවේග මේ අපේ මවුබිම විනාශ කරන්න වලිකනවා. කුමන්ත්‍රණය කරනවා.

මවුබිමේ දියුණුව නවත්වන්න උත්සාහ කරනවා. කොටි ඩයස්‌පෝරාව මවුබිමට එරෙහිව කුමන්ත්‍රණ කරනවා. එදා රනිල් වික්‍රමසිංහ මේ රටේ 1/3 ක්‌ ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ ගසා රට පාවා දී තිබුණා. ඒ ගිවිසුම අහෝසි කරලා වසර 30 ක්‌ පැවැති යුද්ධය අපේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අවසන් කළා. ජිනීවාවල මානව හිමිකම් කොමිසම් සභාවේදී අපේ රටට එරෙහිව කටයුතු කරන්න රටට පීඩනයක්‌ ඇති කරන්න මේ රට ලෙයින් කඳුළින් නහවන්න කොටි ඩයස්‌පෝරාව කටයුතු කරනවා. දෙවැනි ඊළාම් යුද්ධයට පිඹුරුපත් හදනවා. රනිල් වගේ පඹයෙක්‌ ඒ වගේම නිතර මතයන් වෙනස්‌ කරන විහාරමහාදේවි කියන දොaන කතිරිනා කියන මතයක්‌ නැති නායිකාවක්‌ දකුණේ නිර්මාණය කරන්න බටහිර රටවල් උත්සාහ කරනවා. රට පාවා දෙන මේ බලයට ඉඩ තියන්න එපා.

සුළු අපනයන භෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේÊමහතා –

වසර 2500 ක ඉතිහාසය තුළ පත අට එකට සිඳුවලා ගත් විට අපට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ රටේ ස්‌වාධීනත්වය, නිදහස, හා එක්‌සත් බවයි. මේ රට කවදාවත් කිසිම ජාතියකට යටත් කර ගන්න බැරි වුණා.

යුද්ධය දිනපු චර්චිල් ඊළඟ මැතිවරණයේදී පරාජය වුණා. නමුත් අපේ ජනාධිපතිතුමා යුද්ධය කරන අතර පැවැති මැතිවරණවලින් මෙන්ම යුද්ධයෙන් පසුව පැවැති මැතිවරණවලින් එක දිගට ජයග්‍රහණය කරනවා. එතුමාට කම්කරු හා ධීවර ඇමැති ධුර ලබා දුන්නේ කාලා වරෙන් කියලා. නමුත් ජනාධිපතිතුමා ඒ හැම අභියෝගයක්‌ ම විජයග්‍රහණයක්‌ බවට පත් කර ගත්තා.

ලංකා ඉතිහාසයේ ශ්‍රී.ල.නි. පක්‍ෂය මෙතරම් බලසම්පන්න වුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ යුගයේදීයි. ඇද වැටුණු සතුරන් පිටරටවල්වලට පලා ගොස්‌ පිටරටවල ඉඳලා ගරිල්ලා සටන් දියත් කරනවා.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ගැන කතා කරන එජාපයට අතීතය අමතක වෙලා. දැන් විවිධ වෙස්‌ මුහුණු බැඳගෙන මේවා ගැන කතා කරනවා. මේ රජය ජනතාවට ණය නැහැ. රට තුළ දැවැන්ත සංවර්ධනයක්‌ වී තියෙනවා. සිදුවෙමින් පවතිනවා. උපාධිධාරීන් 60,000 කට එක විට රැකියා දුන්නා. එජාපය රාජ්‍ය සේවය වසා දමන තත්ත්වයකට කටයුතු කළා.

සංචාරක ව්‍යාපාරය මියගිහින් වැළලිලා වේලිලා තිබුණේ. අද සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා. තේ ආර්ථිකය දියුණු වෙලා. නව යටත්විජිතවාදීන් වක්‍රව අපේ කකුලෙන් අදිනවා. අභූත යුද චෝදනා කරනවා. අපට දඬුවම් දෙන්න හදනවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ජනතාව දේශපාලනයට බැස්‌සේ දොඩංගොඩ, රිචඩ් පතිරණ යන ශ්‍රේෂ්ඨ විශිෂ්ට නායකයන් සමඟ. එදා අපට රජයක්‌ තිබුණේ නැහැ. එජාපයේ රාජ්‍ය ත්‍රස්‌තවාදයට, විවිධ හිංසාවන්ට ජනතාවට මුහුණ දෙන්න සිදු වුණා. එජාපයේ භීෂණකාරී දේශපාලනයට එරෙහිව ගාල්ලේ ජනතාව සටන් කළා. අරගල කළා. මේ පළාත් සභාව විශිෂ්ට ලෙස අප ජයග්‍රහණය කරනවා.

මෙම ජන රැළිය අමතා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී මනුෂ නානායක්‌කාර, පත්කළ මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් යන මහත්වරුද, කථා කළහ. මෙම අවස්‌ථාවට අමාත්‍යවරුන් වන පී. දයාරත්න, වාසුදේව නානායක්‌කාර, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්‌ටිගම, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි, ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරු වන රමේෂ් පතිරණ, මොහාන් පී. ද සිල්වා, හා ගාල්ල දිස්‌ත්‍රික්‌ සන්ධානයේ කණ්‌ඩායම් නායක හිටපු ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු අපේක්‍ෂකයන් ද මෙම ජන රැලියට එක්‌ව සිටියහ.

http://www.divaina.com/2014/03/14/news23.html

චන්ද්‍රිකා බැල්ලගේ කලින් බලු කම් බලන්න අපේ කැණහිල් පිටුවට පිවිසෙන්න

JHU – අද හෙළයට – වටිනම අය

එජාපය දිනෙන් දින බලු වෙන අයුරු අපි පුවත් පත් වලින් දකින්නෙමු. කඳ බඩ පමණක් නොව බෙල්ල සිරුරේ ගිලෙන තරමට තර වූ නූගත් ප්‍රේතයන් මෙන් ඇමතියන් ආණ්ඩුව තුල හා පිටත නොඅඩුව ලගිමින්  රට දැය සමයට ඉහඳ තබන අයුරුද අපේ කැණහිල් බලු ගහණය තුලින් දුටුවෙමු. හෙළයේ වාසනාවට පහල වූ ශ්‍රේෂ්ඨ නායකයන්ද අතරින් පතර හෝ සිටීම ජාතියේ පෙර පිනකි. පක්ෂයක් වශයෙන් ගත් කල දුගඳ දේශපාලන කුණු වලේ උපන් සියපතක් මෙන් තම පෙති මත කුණු නොතවරාගත් ආදර්ශවත් ප්‍රඥාවන්ත දේශපාලන දැක්මක් ඇති, හෙළ බෞද්ධයාගේ එකම දේශපාලන හඬ වූ ජාතික හෙළ උරුමයේ තවත් සුවඳ පිරි සත්ක්‍රියා සමූහයක් මෙසේ ඔබේ අවධානයට.

 


සියලූ නිල දේපළ යළි භාරදුන්නේ ගම්මන්පිල පමණයි
– කැෆේ කියයි

චමින්ද සිල්වා

බස්‌නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැර ඇතත් 19 වැනිදා වන විට තමන් භාවිත කළ නිල වාහන ඇතුළු රාජ්‍ය දේපළ පළාත් සභාවට ලබාදී ඇත්තේ හිටපු බස්‌නාහිර ඇමැති උදය ගම්මන්පිල මහතා පමණක්‌ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

පළාත් සභා දෙක විසුරුවා හැර දින ගණනාවක්‌ ගතවී ඇතත් මෙතෙක්‌ රාජ්‍ය දේපළ භාර නොදුන් මහජන නියෝජිතයන්ගෙන් එම දේපළ භාරදෙන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

පළාත් දෙකේ ඇතැම් නියෝජිතයන් භාවිත කළ ඇතැම් දේපළ පළාත් සභා වෙත භාරදී ඇති බව දැනගන්නට ඇතත් සියලුම දේපළ භාරදී ඇත්තේ උදය ගම්මන්පිල ඇමැතිවරයා පමණක්‌ බවද කියා සිටි තෙන්නකෝන් මහතා අනික්‌ නියෝජිතයන් හා කාර්ය මණ්‌ඩලය භාවිත කරන රාජ්‍ය දේපළ ඉක්‌මනින් ලබාදෙන්නේ දැයි තම සංවිධානය අවධානයෙන් බලා සිටින බවද කියා සිටියේය.

http://www.divaina.com/2014/01/25/news13.html


දළදා වහන්සේ අබියසදී දස වැදැරුම් ප්‍රතිඥවකින්
ගම්මන්පිල ඡන්ද කටයුතු අරඹයි

චමින්ද සිල්වා, සිරිල් විමලසුරේන්ද්‍ර – මහනුවර

පෝස්‌ටර්, පොලිතින් සහ රතිඤ්Æ භාවිතයෙන් වැළකී සිටීම ඇතුළු දස වැදෑරුම් ප්‍රතිඥවක්‌ ලබාදෙමින් උදය ගම්මන්පිල මහතා ඊයේ (10 දා) දළදා වහන්සේ අබියසදී මැතිවරණ කටයුතු ආරම්භ කළේය.

බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේ කොළඹ ස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග ව න උදය ගම්මන්පිල මහතා ලබාදුන් දස වැදෑරූම් ප්‍රතිඥව මෙසේය.

පෝස්‌ටර්, පොලිතින් සහ රතිඤ්Æ භාවිතයෙන් වැළකී සිටීමට, රාජ්‍ය දේපළ භාවිතයෙන් වැළකී සිටීමට, මැතිවරණ නීතිවලට ගරු කිරීමට, ජනතාවට සත්‍ය පමණක්‌ ප්‍රකාශ කිරීමට, කිසිම ආකාරයක ප්‍රචණ්‌ඩ ක්‍රියාවක්‌ නොකිරීම, අනෙකුත් අපේක්‍ෂකයන් පදනම් විරහිතව විවේචනය කිරීමෙන් වැළකී අපේක්‌ෂකයන් අතර ද්වේශය සහ ක්‍රෝධය පැතිරෙන ප්‍රකාශ නොකිරීම, විදේශීය රාජ්‍යයන්ගෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් හෝ අරමුදල් භාර නොගැනීම, මැතිවරණ ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් තම වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීම, පළාත් ආණ්‌ඩුකාරවරයාට වාර්ෂිකව භාරදෙන වත්කම් බැරකම් ප්‍රකාශ තම වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීම. ඒ මහතා දස වැදෑරුම් ප්‍රතිඥ ලබාදීමෙන් පසු මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

http://www.divaina.com/2014/02/11/news18.html

 


ගම්මන්පිල මැතිවරණ ව්‍යාපාරය අරඹයි

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිසා අපේක්‍ෂක කණ්‌ඩායම් නායක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ සමාරම්භක උළෙල ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (13 දා) දින පෙරවරු 10.00 ට පැවැත්වේ.

http://www.divaina.com/2014/02/13/news44.html


පළාත් සභා බලතලවලින් වැඩ කළ හැකි අයුරු
උදය ගම්මන්පිලගෙන් ඉගෙන ගත යුතුයි

– ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

සිරිමන්ත රත්නසේකර

පළාත් සභාවක්‌ සතුව ඇති බලතලවලින් එහි වැඩ කළ හැක්‌කේ කෙසේද යන්න බස්‌නාහිර පළාත් හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතාගෙන් ඉගෙන ගත යුතු බව ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මෑතකදී මෙරට සංචාරයේ යෙදුනු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්‌වාල් මහත්මිය පළාත් සභා බලතල ප්‍රමාණවත් නැතැයි කී විට තමා උදාහරණයකට ගෙන පෙන්වූයේ උදය ගම්මන්පිල මහතාගේ පස්‌වසරක වැඩපිළිවෙළ බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම අදහස්‌ පළ කළේ බස්‌නාහිර පළාත් සභා අපේක්‍ෂක එජනිස කොළඹ දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක නීතිඥ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවය කොළඹ පදනම් ආයතනයේ ඊයේ 13 වැනිදා පැවැති අවස්‌ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්‌වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා – ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භයට මා පැමිණියේ ඔහු පළාත් සභා ඇමැතිවරයකු ලෙස පසුගිය පස්‌වසර තුළ ඉතා සාර්ථකව වැඩකටයුතු කළ නිසයි.

ඒ නිසා එතුමාට මෙවර පළමු වර ලබාගත්තා මෙන් තුන් ගුණයක්‌ ඡන්දය ලබාදීලා පළාතෙන් පළමු වැනියා කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් උදය ගම්මන්පිල මහතාත් සැමදා ජනතාව ඉදිරිපිටට යන්නේ ඔවුන් දුන් පොරොන්දු ඉටු කරලයි. අප පසුගිය වසර පහ තුළ යුද්ධය පැවැති ප්‍රදේශ ඇතුළුව අනෙකුත් ප්‍රදේශ ඉතා උසස්‌ මට්‌ටමින් සංවර්ධනය කර තිබෙනවා.

යුද්ධයක්‌ පැවැති කිසිදු රටක්‌ යුද්ධය අවසන් වීමෙන් පසු සිදු නොකරපු සංවර්ධනයක්‌ වත්මන් රජය පසුගිය සිව් වසරක කාල සීමාව තුළ කර තිබෙනවා. අපගේ දේශපාලනයේ පක්‍ෂ පාට, ආගම්, කුල ගෝත්‍ර නැහැ. අපට අවශ්‍ය ජනතාව වෙනුවෙන් වැඩ කරන්නයි. ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කුණු අදින්න වුණත් මා සූදානම්.

මෑතකදී අප රටට පැමිණි ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය මා හමු වී පැවසුවේ උතුරට ඡන්දය දුන්නට ඔවුන්ට බලතල ලබාදීලා නැහැ කියලයි. එවිට මම කිව්වේ උතුරට තියෙන්නෙත් බස්‌නාහිරට, දකුණට, වයඹට ඇති බලතල තමයි කියලයි.

දැන් සමහරු පවසන්නේ ජිනීවා යන්නේ රට නොවෙයි රජය කියලා. අප ඔවුන්ගෙන් අහනවා අපේ යුද හමුදාව කියන්නේ අපගේ රට නොවේද කියලා. ඉන්දියන් සාගරයේ බලය පැතිරවිය හැකි ඊට උදව් දෙන නායකයකු පත්කර ගැනීම ඇමරිකාවේ වුවමනාවයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ හිටපු පළාත් සභා ඇමැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිස්‌ත්‍රික්‌ නායක නීතිඥ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා-

ජර්මනියේ ලිබරල් පක්‍ෂය වසර පනස්‌හතක්‌ එරට පාලනය කළා. සිංගප්පූරුවේ මහජන පක්‍ෂය දිගු කලක්‌ රට පාලනය කළා. වත්මන් මහින්ද රාජපක්‍ෂ රජය දීර්ඝ කාලයක්‌ රට පාලනය කරනවා දැකීම අපගේ සිහිනයයි.

අපේ ඡන්දය බස්‌නාහිර හා දකුණේ පැවැත්වුණත් රටට එරෙහි බැරක්‌ ඔබාමාගේ ඡන්දය මාර්තු 28 ජිනීවා හිදී පැවැත්වෙනවා. අප ඊට මුහුණ දිය යුතුයි.

මෙහිදී මහාචාර්ය රංජිත් බණ්‌ඩාර, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, වෘත්තීයවේදීන්, නීතිවේදීන්, විද්වතුන්, ලේඛකයන්, ව්‍යාපාර ප්‍රජාව, කලාකරුවන් සහ ක්‍රීඩක ප්‍රජාව නියෝජනය කරමින් ආරාධිතයන් රැසක්‌ද සහභාගි වූහ.

http://www.divaina.com/2014/02/15/news33.html

රජය තුල, ඉන් පිට සිටින ඇමති මුග්ධයන්ට, උන්ගේ පවුල් වල සුනඛ පැටවුන්ට තවත් රට දෙනවාද? හෙළයේ නියම හිමි කරුවන් ඒ වෙනුවට පත් කර ගන්නවාද? අපගේ ඡන්දය එය තීරණය කරණු ඇත.

UNP DOG BITES – බලු රනිල් බලු ජෝන්ව හපා කෑ වගයි.

මෙතෙක් එජාපයෙන් ආණ්ඩුවට ආ සියළු දෙනා මෙන් තවත් බල්ලෙක් එයට කුරුමානම් අල්ලමින් සිටින්නෙ අනික් උන් මෙන්ම ආදා පටන් එය ඇතුලෙන් කුණු කර ඉහඳ තැබීමටය. ජෝන් අමරතුංග බල්ලාගෙ කුරුමාණම පුවත්පත් වල පල වූයේ මෙසේයි

ජෝන්ගේ සිහිනය සැබෑ වේද?
නැත්නම් සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂකද

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාට රජයේ උසස්‌ පදවියක්‌ ලැබීමට ඉඩ ඇතැයි දැනගන්නට ලැබෙන අතර තමන් රජයට එක්‌ නොවන බව ජෝන් අමරතුංග මහතා පවසා ඇතැයිද දැනගන්නට ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පසුගිය සතියේ විදේශ සංචාරයක නිරත වූ ජෝන් අමරතුංග මහතා තමන්ට කථානායක ධුරය හෝ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය ලබාදෙන ලෙසට ඉල්ලීමක්‌ කර තිබිණි.

ඒ අනුව ඉදිරියේදී කථානායක, නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති, බස්‌නාහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක යන ධුරයන්ගෙන් එකක්‌ ලබාදීමට ඉඩ ඇති බව ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසීය.

කථානායක හෝ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරවලින් එකක්‌ ඔහුට ලබාදීමේදී ආණ්‌ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක්‌ නිර්මාණය වීමට ඉඩ තිබෙන බැවින් මෙවර බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේ සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක ලෙස නම් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.

කෙසේ වෙතත් ආණ්‌ඩුව මෙතෙක්‌ එම මන්ත්‍රීවරයාට ලබාදෙනු ලබන තනතුර සම්බන්ධව ස්‌ථිර ප්‍රකාශයක්‌ නොකොට ඇති බැවින් හෙතෙම ආණ්‌ඩුවට එක්‌වීමට කල්මරමින් සිටින බව ද වාර්තා වේ.

http://www.divaina.com/2014/01/12/news01.html

 

තවත් අපූරු දෙයක් සිදු විය, සිය දිදුලන අනාගතයේ රස විඳීමට පෙරහුරුවක් වශයෙක් හෙළයේ මහරජු සමඟ බෙත්ලෙහෙමට ගොස් පැමිණි ජෝන් බල්ලා, එහි සතුට වමාරනු ලැබීය. කලින් එජාපයෙන් පැන්න සියල්ල අනුව යමින් විලිලැජ්ජා කිසිවක් නැතිව ඉහත ප්‍රවෘතිය බොරු කියමින් ප්‍රකාශ නිකුත් කරන ලදි.

මේ ගමන වසර 40 ක මිත්‍රත්වයේ ප්‍රතිඵලයක්‌
– ජෝන් අමරතුංග

නෝමන් පලිහවඩන

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මගේ හොඳ මිත්‍රයෙක්‌. අපේ හිතවත්කම් පවත්වන්නේ වසර හතළිහක පමණ කාලයක්‌ තිස්‌සේ යෑයි බෙත්ලෙහෙම් සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවට ඊයේ පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවැසීය. ජනාධිපතිතුමා මට මෙම සංචාරයට පැමිණෙන ලෙස ඇරියුම් කළා. කිතුනුවෙක්‌ වශයෙන් මම මෙම යෝජනාව ඉතා සතුටින් බාර ගත්තා.

බෙත්ලෙහෙම් වැඳ පුදා ගත්තා. විපක්‍ෂය වෙනුවෙන් මා මෙම ගමනට එක්‌වීම ගැන ජනාධිපතිතුමා විශාල වශයෙන් සතුටු වුණා. එය මටත් ආඩම්බරයක්‌.

මම මෙම ගමනට සහභාගි වුණා කියලා රජයට එන ලෙස මට ඇරයුමක්‌ ලැබුණේ නැහැ. මට රජයට එක්‌වෙන්න කිසිම අදහසකුත් නැහැ.

http://www.divaina.com/2014/01/12/news02.html

රනිල් බල්ලාගේ හැටි සිය ඉවෙන් හොඳින් හඳුනන ජෝන් සුනඛයා ලඟ එන අනතුරක් වලක්වාගැනීමේ අදහසින් තවත් කෙප්ප තොගයක් ඇද බෑවේ කිසිදා සිදුනොවූ සිද්ධි දාමයක් මාධ්‍යට නිකුත් කරමිනි. මේ ඒවායි.


ජනපති සමග ගිය සංචාරය ගැන අසා රනිල් සතුටු වුණා

– ජෝන් අමරතුංග

නෝමන් පලිහවඩන

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග තමා ගිය මැදපෙරදිග සංචාරයේ අත්දැකීම් අසා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ සතුටු වූ බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

තම සංචාරය පිළිබඳව මාධ්‍යයෙන් විශාල ප්‍රචාරයක්‌ දීම පිළිබඳව පක්‍ෂ නායකතුමාට දුන් මොහොතේ ඔහු ඊට සිනාසුණු බවද අමරතුංග මහතා කීවේය.

පෙරේදා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට ගොස්‌ ඒ මහතා මුණගැසුණු බවද විපක්‍ෂය වෙනුවෙන් මෙම සංචාරයට සහභාගි වීම ඉතා වැදගත් බව රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසූ බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

http://www.divaina.com/2014/01/13/news03.html

කෙසේ හෝ විය යුතු පරිදිම වැඩේ ගැස්සී ගියේය. නායක රනිල් බල්ලා තව තවත් කෝප විය. ජෝන් බල්ලාගේ මස් කුට්ටියක් ගැලවීයන සේ දත් පහර දුන්නේ ඌ විඳිමින් සිටි ආගමික සතුට ගැන පවා තඹයක් නොතකමිනි. දැන් ඉතින් ජෝන් බල්ලාට තමාගේ කලින් ප්‍රකාශ ගැන කියන්න ඇත්තේ මොනවාද? ආණ්ඩුවටම පනිනවා හැර වෙන තෝරා ගැනීමක් ඌට ඇතිද? 

 

 


අතිශය වැදගත් කරුණකදී හැර
ජනපති සමඟ විදෙස්‌ සංචාර මින් පසු එජාප මන්ත්‍රීන්ට බැහැ

අජිත් අලහකෝන් – අකිත පෙරේරා

රාජ්‍ය නායකයකුගේ අවමඟුලක්‌, අතිශය වැදගත් ආගමික කටයුත්තක්‌ හැර ජනාධිපතිවරයා සහභාගි වන කිසිදු විදේශ සංචාරයකට සහභාගි නොවීමට එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්‌ඩායම ඊයේ (21 දා) ඒකමතිකව තීරණය කළේය.

එජාප පාර්ලිමේන්තු කණ්‌ඩායම මෙම තීරණයට එළැඹියේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ මැදපෙරදිග හා පලස්‌තීනයේ කළ සංචාරය සම්බන්ධව මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මතු වූ අදහසක්‌ සැලකිල්ලට ගෙනය.

එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවක පැවැත්විණි. ජෝන් අමරතුංග මහතා ජනාධිපතිවරයා සමඟ කළ සංචාරය සම්බන්ධව මාධ්‍ය ප්‍රබල ප්‍රතිචාරයක්‌ දැක්‌වූ බව විපක්‍ෂ නායකවරයා රැස්‌වීම ආරම්භයේදීම ප්‍රකාශ කර ඇත.

ෙ-සුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත සිදුවූයේ යෑයි නූතන සොයාගැනීම් අනුqව සැලකෙන පලස්‌තීනයේ ග්‍රැම්ජට්‌ දේවස්‌ථානය බලා යන ශ්‍රී ලාංකීය නියෝජිත පිරිසට විපක්‍ෂයේ නියෝජිතයකු සහභාගි කරවන ලෙස විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා අවස්‌ථා කීපයකදීම තමන්ට දැනුම් දුන් බව ද විපක්‍ෂ නායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට එජාප මන්ත්‍රීවරයකු සම්බන්ධ වුවත් නැතත් ප්‍රශ්නයක්‌ ඇතිවන බව තමන් පෙර තියා දැනගත් බව ද විපක්‍ෂ නායකවරයා මෙහිදී කීවේය. එජාප මන්ත්‍රීවරයකු මේ සඳහා සහභාගි නොකරවා ආගමික ප්‍රශ්නයක්‌ ඇති කිරීමට තමාට අවශ්‍ය නොවූ බව ද හෙතෙම කීවේය.

ජෝන් අමරතුංග මහතා ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට සහභාගි වීම පිළිබඳ විපක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී පෙරේරා, රංජන් රාමනායක, පී. හැරිසන් සහ රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු විරෝධය දක්‌වා අදහස්‌ පළ කළහ.

මෙවැනි කරුණු පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයකට එළඹිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්‌ථාවේදී දැනුම් දුන් විට ආගමික කටයුත්තකට හෝ අවමංගල්‍ය කටයුත්තකට හැර ජනාධිපතිවරයා සමඟ කිසිදු සංචාරයකට එක්‌විය යුතු නැති බවට තීරණයකට පැමිණියේය.

කථානායකවරයාගේ භෝජන සංග්‍රහයට, මැති ඇමැති ක්‍රිකට්‌ තරගවලට සහභාගිවීම ද මෙහිදී එජාප මන්ත්‍රීවරුන්ගේ විරෝධයට ලක්‌වූහ.

http://www.divaina.com/2014/01/22/news06.html

 

එජාප බලු රැලෙන් අයාලෙ පනින බල්ලන් ගොරවා ලං කරගැනීමට දරන උත්සාහයන් මේ අතර මෙසේ සිදුවේ


නායකත්වය පිළිගත්තොත් සහන!

අකිත පෙරේරා

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්‌තිලක සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරු එක්‌සත් නායකත්ව මණ්‌ඩලය සහ ජාතික නායකත්වය පිළිගන්නා බවට ලිත සහතිකයක්‌ ලබා දෙන්නේ නම් ඔවුන්ට මෙවර මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට අවස්‌ථාව ලබාදීම පිළිබඳව සලකා බැලිය හැකි බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවැසීය.

මේ සම්බන්ධව නායකත්ව මණ්‌ඩලය හා එක්‌සත් භික්‌ෂු පෙරමුණ එම මන්ත්‍රීවරු දෙදෙනා සමඟ විශේෂ සාකච්ඡාවක්‌ ලබන සතියේදී පැවැත්වීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරු දෙදෙනාට නාමයෝජනා ලබාදීම සම්බන්ධව අවසන් තීරණය ලබන සතියේදී ලබාදිය හැක්‌කේ ඔවුන් ලබාදෙන ලිත පොරොන්දුව සලකා බැලීමෙන් පසුව බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

http://www.divaina.com/2014/01/19/news06.html

 

අහෝ UNP බලු පොරයක රඟ?

JHU – දැයේ දරුවන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය හෙළ උරුමයට හිමි විය යුතුයි.

කැලේ මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු නොවේ, එජාපයෙන් රජයට පිල් මාරු කල කා ගැනත් මෙය ඇත්තක් බව නැවත නැවත ඔප්පු වෙමින් යයි. බන්දුල ගුණවර්ධන අති අසාර්ථක දේශපාලුවෙකි. අත තබන තබන අමාත්‍යංශය වැනසීමේ පුදුම හැකියාවක් මේ බුල් ඩෝග් ඇමතිට උපතින් පිහිටා ඇත. අවසාන බලුකම ගමේ දරුවාගේ අනාගතය අඳුරු කිරීමේ තැතයි. ඒ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ යටි කූට්ටු නින්දිත වෑයමයි. ජාතික හෙළ උරුමයේ ගරු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා මෙම තීරණයේ මුග්ද බව මාධ්‍යයට පවසා තිබුණි. මේ පුවත එහි දිදුලන තරුවක් වන ගරු උදය ගම්මන්පිල මහතාගේ ජාතික කැක්කුම තමා උපමා කොට මොනවට පෙන්වූ එකකි.


ගමේ දරුවාට උසස්‌ පාසලකට යැමට ශිෂ්‍යත්වය මගින් ලැබී ඇති අවස්‌ථාව අහිමි කරන්න දෙන්නේ නැහැ
පළාත් ඇමැති උදය ගම්මන්පිල 

සිරිමන්ත රත්නසේකර

ගමේ දක්‍ෂ සාමාන්‍ය දරුවාට පහ වසර ශිෂ්‍යත්ව විභාගය මගින් උසස්‌ පාසලක්‌ හිමිකර ගැනීමට ඇති අවස්‌ථාව අහිමි කිරීමට ජාතික හෙළ උරුමය කිසිවිටක ඉඩ නොතබන බව එම පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් බස්‌නාහිර පළාත් ඇමැති ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය පහ වසර ශිෂ්‍යත්ව හපනුන්ගේ සංගමයක්‌ පිහිටුවන බවත් පැවසූ හෙතෙම අද මෙරට සිටින ඉහළතම පරිපාලන නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයාද පහ වසර ශිෂ්‍යත්ව හපනෙකු බවත් සඳහන් කළේය.

උදය ගම්මන්පිල මහතා එම අදහස්‌ පළ කළේ පෙරේදා (01 වැනිදා) බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා මෙසේද කීවේය.

අධ්‍යාපන ඇමැතිවරයා මේ වනවිට ආන්දොaලනයකට ලක්‌ව ඇති පහ වසර ශිෂ්‍යත්ව විභාගය අඩියක්‌ ආපස්‌සට ගැනීම සම්බන්ධයෙන් අප සතුටු වෙනවා. මෙවැනි සංවේදී කාරණා ගැන එක මොහොතකින් තීන්දු තීරණ ගැනීම සුදුසු නැහැ. කොළඹ රාජකීය විද්‍යාලයත් ගමේ පාසලත් එක හා සමාන පිළිගැනීමකට ලක්‌වූ පසු පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම වැනි යෝජනා සලකා බැලිය හැකියි.

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ විවෘත සංවාදයකට අධ්‍යාපන ඇමැතිතුමන් මාව තෝරා ගැනීම ගැන ස්‌තුතිවන්ත වෙනවා. ගමේ දරුවන් වෙනුවෙන් ඕනෑම අවස්‌ථාවක මෙම සංවාදයට සූදානම්.

මම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ගමෙන් නගරයට පැමිණ උසස්‌ පෙළ විභාගයෙන් ලංකාවෙන් පළමු වැනියා වුණා. මේ නිසා ඔස්‌ටේ්‍රලියාවෙන් ලැබුණු ශිෂ්‍යත්වයක්‌ මත වැඩිදුර අධ්‍යාපන අවස්‌ථාව ලැබුණා. මේ සෑම දේ මා හට ලැබුණේ පහ වසර ශිෂ්‍යත්වය නිසයි. මේ නිසා පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීමට අප ඉඩ තියන්නේ නැහැ.

මෙහිදී ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද අදහස්‌ දැක්‌වූ අතර මෙම අවස්‌ථාවට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික ශාස්‌ත්‍රවේදී පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියෝද එක්‌වූහ.

http://www.divaina.com/2014/01/03/news39.html

එක් දිනක් තුල ආණ්ඩුව සිය ස්ථාවරය වෙනස් කර ගැනීමට ජාතික හෙළ උරුමයේ දැඩි ස්ථාවරය ඒකාන්තයෙන්ම හේතු වන්නට ඇති බව මුරගල අපි තරයේ විශ්වාස කරමු. වර්තමාන දේශපාලු එජාප බලු රැලට මහා වාසියක් වීමට ඉඩ තිබූ හිටපු එජාප මන්ත්‍රී බන්දුල ගේ සුනඛ ක්‍රියාව රජය තේරුම්ගෙන අත්හිටුවීම ගැන රජයට මුරගල අපගේ ස්තුතිය.

 


පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි නොවේ 
– ඇමැති මණ්‌ඩලය තීරණය කරයි

අනුර බාලසූරිය

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි නොකිරීමට ඇමැති මණ්‌ඩලය ඊයේ (03 වැනිදා) තීරණය කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 වැනිදා) අරලියගහ මන්දිරයේදී රැස්‌වීම පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ දීද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ශිෂ්‍යත්ව විභාගය අහෝසි නොකරන බව ජනාධිපතිවරයා එහිදී ද දැනුම් දී ඇත.

http://www.divaina.com/2014/01/04/news02.html

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

OUR HISTORY AND MYTHS – අපේ නියම ඉතිහාසයයි හැඩි දෙමළ කපටින්ගේ හොර මිත්‍යාවයි.

හැඩි දෙමළ කපටින්ගේ හොර ඉතිහාසය


ටීඑන්ඒ මන්ත්‍රී පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීමේ තැතක

කීර්ති වර්ණකුලසූරිය

ලන්ඩන් නුවර පැවති ද්‍රවිඩ සමුළුවක උපදෙස්‌ මත ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීමේ සූක්‍ෂ්ම වැඩපිළිවෙළක්‌ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක්‌ විසින් දියත් කර ඇත.

එය සනාථ වී ඇත්තේ මෙම සමුළුවට මෙහෙය වූ කොටි හිතවාදියකු වූ ස්‌වීඩනයේ අප්සලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීටර් ශෝල්ක්‌ ශ්‍රී ලංකාව හින්දු රටක්‌ බව ප්‍රකාශ කිරීමෙනි.

පීටර් ශෝල්ක්‌ගේ ප්‍රකාශය මඩකලපුව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී යෝගේන්ද්‍රරාජන් පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

මෙරට ඉතිහාසය වෙනස්‌ කිරීම හා මහාවංසය සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ 2002 දී ප්‍රභාකරන්ගේ උපදෙස්‌ මත මහාචාර්ය පීටර් ශෝල්ක්‌ භාරගෙන තිබූ බවද හෙළිවී ඇත.

පීටර් ශෝල්ක්‌ගේ ව්‍යාපෘතිය අනුව ශ්‍රී ලංකාවේ සිංහලයන් ඔරිස්‌සා ප්‍රාන්තයේ මුල් පදිංචිකරුවන් යෑයිද දක්‌වා ඇත. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාව හින්දු රාජ්‍යයක්‌ යෑයි පවසා ඇත්තේ පීටර් ශෝල්ක්‌ ගේ ව්‍යාපෘතිය මත යෑයිද හෙළිවී තිබේ.

http://www.divaina.com/2013/12/19/news11.html

අපගේ බෞද්ධ පදනම සුනු විසුනු කිරීම සඳහා ගොතන ලද බොරුව ගැන හෙළිදරව්ව


රාවණා මිත්‍යාව ඛණ්‌ඩනයට රජය වහා පියවර ගත යුතුයි 
– පූජණීය හෑගොඩ විපස්‌සි හිමි 

රාවණා මිථ්‍යාව ඛණ්‌ඩනය කොට සැබෑ බෞද්ධ සංස්‌කෘතික ඉතිහාසය ඉස්‌මතු කිරීම සඳහා රජය ඇතුළු සියලු බලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතු බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සි හිමියෝ “දිවයින”ට පැවසූහ.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විපස්‌සි හිමියෝ මෙසේද පැවසූහ.

මෙම වකවානුවේ රාවණා රජ කෙනකු ගැන නිතර කතාබහට ලක්‌වනු පෙනේ. වසර දහස්‌ ගණනක ඉතිහාසයක්‌ ඇති, මේ රට පාලනය කළ, දඬුමොනර හදපු එපමණක්‌ නොව චෛත්‍ය පවා ඉදිකළ බව කියන රාවණා රජ කෙනකු ගැන මෙසේ උලුප්පා දක්‌වමින් ඇතැමුන් විවිධ ප්‍රකාශ නිකුත් කරනු ද දැකිය හැකිය.

ඓතිහාසිකව මෙන්ම පුරාවිද්‍යාත්මකවද සලකා බැලීමේදී අනුරාධපුර යුගයේ මෙන්ම පොළොන්නරු යුගයේද රාවණා රජෙකු ගැන කිසිදු සඳහනක්‌ නැත. ශිලා ලේඛනයක්‌ හෝ සොයා ගැනීමට නැත.

දඹදෙනි යුගයේදී මිථ්‍යා කතා ලෙස මෙම “රාවණා” පුරාවෘත්තය බුදු දහමේ සාකච්ඡා කෙරෙන්නේද මිථ්‍යා කතා ලෙසයි. දීපවංශය, මහාවංශය, අට්‌ට කතා ආදී කිසිදු ඉතිහාස ග්‍රන්ථයක මෙම රාවණා ගැන කිසිදු සඳහනක්‌ නැත. එසේ නම් අප සොයා බැලිය යුත්තේ මෙම මිථ්‍යාව සාකච්ඡා කෙරෙන්නේ කවර පදනමක්‌ මතද යන්නයි.

එය හුදෙක්‌ අපගේ බෞද්ධ පදනම සුනු විසුනු කිරීම සඳහා ගොතන ලද බොරුවක්‌ බව මෙහිදී අවධාරණය කළ යුතුය. තව වසර ගණනකින් හින්දු – බෞද්ධ ගැටුමක්‌ නිර්මාණය කිරීමේ අන්තවාදී වුවමනාව මේ තුළ ගැබ්ව පවති.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ද්‍රවිඩ මන්ත්‍රීවරයකු කර තිබූ ප්‍රකාශය මගින්ද ඉදිරියේදී නිර්මාණය කිරීමට වෙර දරන එම අඳුරු යුගයේ සෙවණැලි දෘශ්‍යමාන විය. පරණ හනමිටි කර තබාගෙන යැමේ විපාක දැන් අපට බුක්‌ති විඳීමට සිදුවී ඇත.

එම නිසා මෙම රාවණා මිථ්‍යාව ඛණ්‌ඩනය කළ යුතු කාලය දැන් එළඹ තිබේ. මීට හුදු විරෝaධය දැක්‌වීමෙන් පමණක්‌ පලක්‌ නැත. මෙම රාවණා මිථ්‍යාව පැතිරීමට බලපෑ හේතු සාධක ගැඹුරින් විමර්ශනය කොට පරීක්‍ෂණ පවත්වා මෙම මිථ්‍යාසහගත වැරැදි ඉතිහාසය ඛණ්‌ඩනය කොට සැබෑ බෞද්ධ සංස්‌කෘතික ඉතිහාසය ඉස්‌මතු කළ යුතු කාලයයි මේ.

මේ කෙරෙහි රජය ඇතුළු සියලු බලධාරීන්ගේ අවධානය වහ වහාම යොමුවිය යුතුව තිබේ.

http://www.divaina.com/2013/12/20/news35.html

D.M. the DOG – බල්ලෙක් අගමැති වූ කල, රටට ජාතියට යන කල

t_1

අග්‍රාමාත්‍ය ලේකම්:
කැණහිල් සුනඛ සිසිර අමරසේකර

මෙන්න අපේ 31 වන අවජාතක කැණහිල් බල්ලා. දී.මූ. ගේ කටු ලොවමින් සිසිර අමරසේකර එම තත්වය රැක ගැනීමට කල බලු කම් පහත “දිවයින” ලිපියෙන් කියවන්න

 


කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න
– ඕමල්පේ සෝභිත හිමිගෙන් අගමැති ලේකම්ට ලිපියක්‌

අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතාවේ යෙදවූ අගමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා නීතිය හමුවට පමුණුවා කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න යෑයි ජාතික හෙළ උරුම නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි අගමැති ලේකම්වරයා වෙත ලිපියක්‌ යවමින් කියා සිටී.

අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර මහතා වෙත ඕමල්පේ සෝභිත හිමි යෑවූ එම ලිපියේ මෙසේද සඳහන් වේ.

2013 අගෝස්‌තු මස 30 වැනිදා අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් හා පොලිස්‌ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. එම කුඩු තොගය බහා තිබූ කන්ටේනරය නැව්ගත කර තිබුණේ පකිස්‌තානයෙනි. එම කන්ටේනරයේ ග්‍රීස්‌, ගොඩනැඟිලි ද්‍රව්‍ය හා ප්ලාස්‌ටික්‌ අන්තර්ගත බව සඳහන් කර තිබුණි. දෙමසකට ආසන්න කාලයක්‌ වරායේ තිබූ කන්ටේනරය සම්බන්ධයෙන් අගෝස්‌තු 25 වැනිදා ලැබුණේ යෑයි කියන ලිපිය මහත් ආන්දොaලනයකට තුඩු දුන්නේ එම ලිපිය අගමැති දි.මු. ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් එවන ලද ලිපියක්‌ හේතුවෙනි. මාළිගාවත්තේ සමාගමක්‌ විසින් ගෙන්වනු ලැබූ එම කන්ටේනරය ප්‍රමාද ගාස්‌තුවලින් හා වරාය ගාස්‌තුවලින් නිදහස්‌ කර මුදා හැරීමට පියවර ගන්නේ නම් අගමැතිවරයා වෙනුවෙන් ස්‌තුතිවන්ත වන බව එම ලිපියේ ඉතා පැහැදිළිව සඳහන් කර ඇත. අගෝස්‌තු 30 වැනිදා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා රේගු අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් ඉදිරියේ කන්ටේනරය විවෘත කරන ලදී. එහිදී දකුණු ආසියාවේ එක්‌වරක දී හමු වූ වැඩිම හෙරොයින් කුඩු තොගය වූ කිලෝ ග්‍රෑම් 261 යි ග්‍රෑම් 291 ක්‌ වූ හෙරොයින් ග්‍රීස්‌ ටින් තුළ බහා තිබියදී සොයා ගැනීමට හැකිවිය. මෙම කුඩු කන්ටේනරයේ සැබෑ හිමිකරුවා කවුද?

අගමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට සම්බන්ධ සම්බන්ධීකරණ ලේකම්වරයා හා මේ කුඩු කන්ටේනරය අතර ඇති සම්බන්ධය කුමක්‌ද? මෙම කුඩු කන්ටේනරය ප්‍රමාද ගාස්‌තුවලින් හා වරාය ගාස්‌තුවලින් නිදහස්‌ කර ගැනීමට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතයේ යෙදෙව්වේ නම් එම කාර්ය මණ්‌ඩලය භාරව සිටින අගමැති ලේකම්වරයාගේ වගකීම කුමක්‌ද? ගංගොඩවිල සෝම හිමියන්ගේ 10 වන ගුණසමරු දේශනයේදී මා කළ කතාවෙන් විමසා සිටියේ එම සිද්ධියට සම්බන්ධ අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්‌ඩලයේ ලේකම්වරයා කවුද යන්නයි. අග්‍රාමාත්‍යතුමා බුද්ධ ශාසන ඇමැතිවරයා ද වෙයි. එහිද එතුමාගේ කාර්ය මණ්‌ඩලයක්‌ ඇත. අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ යටතේ මෙම ලිපිය යොමුකළ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා හෝ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කවුරුන්ද යන්න රටට හෙළිකිරීම තම සේවාදායකයාගේ කාර්ය මණ්‌ඩලයේ වගකීම උසුලන අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ වගකීමකි. තවද අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර මහතා කළ යුතුව ඇත්තේ තම නිර්දොaෂීභාවය ඔප්පු කිරීමට වෙර දරමින් තම ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට මේ පිළිබඳව විමසා සිටි මා හට අමූලික මුසාවාද දේශනා කරන්නේ යෑයි පවසමින් කළකිරීමෙන් මේ පිළිබඳව මාධ්‍ය වෙත ලිපි යෑවීම හා මා වෙත ලිපි යොමු කිරීමට ප්‍රථම කළ යුතුව තිබුණේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා රටට හෙළිකර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර එම කුඩු කන්ටේනරය සම්බන්ධ පරීක්‍ෂණ ඉදිරියට කරගෙන යැමට සහායවීමය. එමෙන්ම අගමැතිවරයාට එල්ල වන මේ මහා අපකීර්තියෙන් හා උපහාසයෙන් එතුමන් ගලවා ගැනීමය. එහෙත් අනාවරණය වී ඇති පරිදි ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්‌ පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. ඩී. දිසානායක මහතා විසින් 2013/12/06 වන දින බුද්ධ ශාසන ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයේ සිටි කීර්ති ශ්‍රී වීරසිංහ නමැත්තාගේ සේවය අත්හිටුවා ඇත. මේ පුද්ගලයා අග්‍රාමාත්‍ය කාර්ය මණ්‌ඩලයට අයිති පුද්ගලයෙක්‌ ද? නැතහොත් බුද්ධ ශාසන ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට අයිති පුද්ගලයෙක්‌ද යන්න සොයා බලා විමර්ශනය කිරීම අපට අයිති කාර්යයක්‌ නොව, එය අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඔබතුමාට අයිති වගකීමක්‌ හා කාර්යයක්‌ බව අපගේ විශ්වාසයයි. තමන්ගේ පෞද්ගලික නිර්දොaශීභාවය ඔප්පු කිරීමට වෙර දරනවා වෙනුවට කළ යුතුව ඇත්තේ මේසා විශාල කුඩු තොගයක්‌ නිදහස්‌ කර ගැනීමට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතාවේ යෙදවූ අගමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට සම්බන්ධ පුද්ගලයා පිළිබඳව රටට හෙළිදරව් කර ඔහු නීතිය හමුවට පැමිණවීමය. එම කාර්යය කිරීමට කඩිනම් නොවූ අමරසේකර ලේකම්තුමා මා හට පිළිතුරු දීමට කඩිනම් වීම ගැන අප පුදුම නොවන්නේ මෙම කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළිවේයෑයි ඇති බිය නිසා ද විය හැක. මා විසින් අසන කිසිදු ප්‍රශ්නයකට මෙතෙක්‌ වගකිව යුත්තන්ගෙන් ලැබුණු පැහැදිළි පිළිතුරක්‌ නැත

http://www.divaina.com/2013/12/13/news11.html

 


හෙරොයින් කන්ටේනරය ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ ඕනෑ
– ඕමල්පේ හිමි පොලිස්‌පතිගෙන් ඉල්ලයි

මදුර රන්වල

පකිස්‌තානයේ කරච්චි නුවර සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ හෙරොයින් මත්කුඩු කන්ටේනරය සම්බන්ධව පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ජාතික හෙළ උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ලිත ඉල්ලීමක්‌ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම හෙරොයින් සහිත කන්ටේනරය ඉකුත් ජුනි මස 06 වැනිදා කොළඹ වරායට ගොඩබා ඇති අතර මීට මාස තුනකට පෙර එය විවෘත කරන ලදී.

මෙම පරීක්‍ෂණය ජාතික වැදගත්කමක්‌ සේ සලකන ලෙසත් ශ්‍රී ලංකාවට මෙලෙස මත්ද්‍රව්‍ය පැමිණීම බරපතළ කරුණක්‌ බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්‌පතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කර ඇතැයි ද මෙම කන්ටේනරය නිදහස්‌ කර ගැනීම සඳහා අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ ගම්පොළ නාගරික මන්ත්‍රීවරයකු ගනු ලැබූ උත්සාහය සම්බන්ධව පරීක්‍ෂණ පවත්වා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම ලිපිය මගින් පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස්‌පතිවරයා මේ වන විට විදේශගතව ඇතැයි ද ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු මේ සම්බන්ධව පියවර ගනු ලබන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙම සිද්ධියට සම්බන්ධ අගමැති සම්බනධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ මහතා විද්යුත් මාධ්‍යයක්‌ වෙත පවසා තිබුණේ ගම්පොල නාගරික මන්ත්‍රීවරයකු වන තරංග විට්‌ටච්චි මහතා කළ ඉල්ලීමක්‌ අනුව මෙම කන්ටේනරයට අදාළ කොළඹ වරායේ ගුදම් ගාස්‌තු අඩු කර ගැනීම සඳහා වරාය අධිකාරිය වෙත තමා ලිපියක්‌ යෑවූ බවය. නමුත් එහි හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බව තමා නොදන්නා බවත් තරංග විට්‌ටච්චි මන්ත්‍රීවරයාට සිය දේශපාලන කටයුතු සඳහා උදව් කරන ව්‍යාපාරිකයකු විසින් ආනයනය කරන ලද නාන කාමර උපාංග සහිත කන්ටේනරයක්‌ යෑයි සිතා අදාළ ලිපිය නිකුත් කළ බවය.

http://www.divaina.com/2013/12/14/news24.html

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

.

තම්බිට පස්ස පාන N.K. ඉලංගකෝන් සුනඛ පොලිස්පතියාගෙ ඊර්ෂ්‍යා ගින්නට හසුවූ දක්ෂ නිළදරුවා – වාස්


හිටපු ඩීඅයිජී වාස්‌ ගුණවර්ධන
‘දිවයින’ට කතා කරයි

කෝටිපති ව්‍යාපාරිකයකු බව කියන මොහොමඩ් සියාම් ඝාතනයේ ප්‍රධාන හෙවත් පළමු සහ දෙවන සැකකරුවන් වූ මොහොමඩ් පවුස්‌ඩීන්ට සහ ක්‍රිෂාන්ත කෝරලගේ නමැත්තන්ට නුදුරේදීම සමාවක්‌ ලැබීමට නියමිතය.

ඝාතනය කෙරුණු සියාම්ගේ අතිජාත මිත්‍රයකු යෑයි කියන පවුස්‌ඩීන්ට සහ ක්‍රිෂාන්තට මෙම සමාව ලැබෙනුයේ නීතිපතිවරයාගේ උපදෙස්‌ අනුවය. එය මෙම සිද්ධියේදී රජයේ සාක්‍ෂිකරුවන් ලෙස කටයුතු කරන බවට වූ පොරොන්දුවක්‌ මත ලැබෙන කොන්දේසි සහිත සමාවකි.

මේ අනුව දැන් පැහැදිලිව පෙනී යන කරුණක්‌ වී ඇත්තේ මොහොමඩ් සියාම් ඝාතනයේ වගකීම වාස්‌ සහ ඔහුගේ පුතු ඇතුළු පොලිස්‌ නිලධාරින් සිව් දෙනා වෙත එල්ල වී තිබෙන බවකි. එහෙත් මෙතෙක්‌ ජනමාධ්‍යයට පුවත් මැවුණු සියාම් ඝාතන සිද්ධියේ සිට මේ දක්‌වා සිදුවූ සියල්ල හමුවේ අද සිරගතව සිටින වාස්‌ ගුණවර්ධන කුමක්‌ කියනු ඇත්ද? ඔහු කියන කතාව කෙසේ විය හැකිද?

ඉකුත් කාලයේ ඔහුව අධිකරණ වෙත ගෙනෙන සහ යළි බන්ධනාගාර වෙත රැගෙන යන අවස්‌ථාවන්හි අපි එය බොහෝ වෙහෙස දරා බිඳෙන් බිඳ එකතු කළෙමු. අපි ඒ එකතුව දැන් ඔබ වෙත ගෙනෙන්නෙමු. එය මෙසේය.

ඔබ කවුද?

මම වාස්‌ ගුණවර්ධන.

පොලිස්‌ නිලධාරියෙක්‌ද?

ඔව්. මම හිටපු ඩීඅයිජී වාස්‌ ගුණවර්ධන.

හිටපු ඩීඅයිජී කියන්නේ එතකොට දැන්?

දැන් වැඩතහනමට ලක්‌ කෙරිලා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු ඩීඅයිජී වාස්‌ ගුණවර්ධන.

ඔබට එහෙම වෙන්නේ?

සියාම් කියලා පුද්ගලයකුගේ ඝාතනයක්‌ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ගන්න මට රහස්‌ පොලිසියට එන්න කිව්වා. මම ගියා. ඔවුන් මාව අත්අඩංගුවට ගත්තා. අධිකරණයට ඉදිරිපත් කළා. බන්ධනාගාරගත කළා.

ඒ චෝදනාව?

ඒක අහන්න ඕනේ රහස්‌ පොලිසියෙන්. මට එන්න කිව්වේ ඔවුන්. චෝදනා කළෙත් ඔවුන්. අධිකරණයට ඉදිරිපත් කළෙත් ඔවුන්.

ඒ කියන්නේ මේක කුමන්ත්‍රණයක්‌ද?

ඔබ අහන්නේ මා වරදකරුවකු කිරීමට පොලිසිය උත්සාහ දරනවා කියන එකද? “දිවයිනේ” මාධ්‍යවේදියකු ලෙස ඔබට එහෙම ප්‍රශ්නයක්‌ මතුවෙන එකත් වැදගත්. මොකද ඔබට එහෙම නම් අද රටේ ජනතාවටත් ඒ ප්‍රශ්නයම මතුවෙලා ඇති.

ඒ කියන්නේ මා ඇසූ ප්‍රශ්නය නිවැරදියි. මේක කුමන්ත්‍රණයක්‌ කියන එකද?

පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ මම දක්‍ෂතාවය තුළින් ගමනක්‌ ගියා. මට නිසි තැන ලැබෙද්දී ඊට ඊර්ෂ්‍යා කරපු දෙතුන් දෙනකු හිටියා. ඔවුන්ට අවශ්‍ය වුණා මාව පාරෙන් අයින් කරන්න. ඒ කිහිපදෙනා මගේ ගමන නවත්තන්න කටයුතු කරපු බව මේ වන විට මටත් දැනගන්න ලැබී තිබෙනවා.

ඔවුන් පිළිබඳ ඔබේ හැඟීම?

මට එහෙම විශේෂ හැඟීමක්‌ නැහැ. ඔවුනුත් මිනිස්‌සුනේ. මට දුක මේ රට ගැන.

කවුද ඒ පුද්ගලයන්?

උසස්‌ නිලධාරින් තිදෙනෙක්‌ සහ ඔවුන් සමග එකතු වී මට එරෙහිව ක්‍රියා කරන කණ්‌ඩායමක්‌ සිටින බවටත් තොරතුරු ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්යක්‌ ගෙන තිබෙනවාද?

ඔව්. මේ තත්ත්වය නිසාම මා සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදවා ඇති පොලිස්‌ නිලධාරින්ගේ ක්‍රියාකලාපය කිසිසේත් සාධාරණ නොවන බව මා ලිඛිතවම අධිකරණයට දැනුම් දී තිබෙනවා.

රහස්‌ පොලිසිය ඔබට එරෙහිව නගන චෝදනාවල පදනමක්‌ ඇත්තෙම නැද්ද?

පදනම කුමක්‌ද කියන එක දන්නෙත් ඔවුන්ම තමයි. හැබයි මේ ක්‍රියාදාමය තුළ විශාල මුදල් සම්බාරයක්‌ එහා මෙහා යන බවට ආරංචි පැතිරෙනවා. ඒ පිළිබඳ මගේ නීතිඥ මහත්වරුන් නුදුරේදිම රටට කරුණු හෙළි කරයි. ඔබ අහන ප්‍රශ්නයට මට දෙන්න තිබෙන පිළිතුර ළඟදීම මම ගරු අධිකරණයේදී හෙළි කරනවා.

ඔබ දක්‍ෂතා තුළින් ඉදිරියට ආ බවක්‌ කිව්වා. ඇත්තටම දක්‍ෂයෙක්‌ද?

මම මේ රටටත් ජනතාවටත් ආදරය කළ මිනිසෙක්‌. ඒ ආදරය සමග පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ සිටිමින් රට වෙනුවෙන් මගේ කොටස මා නිවැරදිව කළා. ඉතින් මා කළ දේ දෙස බලා දක්‍ෂයෙක්‌ද නැද්ද යන වග කිව යුත්තේ ඔබයි.

මොනවද ඔබ කළේ?

අතීත යුද සමයෙන් ගත්තොත් යන්න ඔබ ත්‍රිකුණාමලයට. ගිහින් අහන්න එල්ටීටීඊ ත්‍රස්‌තයන්ගේ පළමු මිසයිලය සොයා ගැනීම පිළිබඳ. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා තවත් දින තුනකින් ගුවන් මගින් ඒ කිට්‌ටුව තැනකට පැමිණීමට නියමිතව තිබියදීයි කොටින්ගේ මිසයිලය හමුවුණේ.

අහන්න අපේ රණවිරුවන් 28 දෙනකු බෝම්බ තියලා මරා දාපු එල්ටීටීඊ ත්‍රස්‌තයන්ට වුණ දේ ගැන. මම හිතන්නේ මාධ්‍යවේදියකු ලෙස ඔබට අමතක නැතිව ඇති ත්‍රිකුණාමලයේ වර්ෂා කියන පුංචි දියණිය අමානුෂික විදිහට මරාදාපු නොමිනිසුන්ගේ කතාව.

ඊට පස්‌සේ?

ඊට පස්‌සේ කොළඹ පාතාලයට වුණ දේ පිළිබඳ පසු විපරමක්‌ කර බලන්න. වත්මන් ආණ්‌ඩුකාර අලෙවි මවුලානා මහත්තයගෙන් කප්පම් ඉල්ලූ පාතාලයන්ගේ කතාව බලන්න. පාතාලයට කප්පම් ගෙවූ කොළඹ මුස්‌ලිම් ව්‍යාපාරිකයන් කියන කතාවත් අහන්න. පළමුවන හරස්‌ වීදියේ ව්‍යාපාරිකයන්ගෙන් කොළඹ මුස්‌ලිම් පාතාලය කප්පම් ගනිද්දී වෙච්ච දේත් හොයලා බලන්න. මගෙන් පස්‌සේ පාතාලයට වෙච්ච දේ දන්නවා ඇතිනේ.

තව තියෙනවද?

ඔව්. කහවත්ත කොටකෙතන ගමේ මිනිස්‌සු මුණගැහෙන්න. ඔවුන්ගේ කතාව අහන්න. පාතාලයට යට වෙලා බියෙන් හිටපු දකුණේ ජනතාවගේ කතාවත් අහන්න.

තවත් තියෙනවද?

මම මං ගැනම කියන්න ඕනේ නැහැනේ. ඒක එච්චර නිවැරදි නැහැ. ඔබ මාධ්‍යවේදියෙක්‌. ජනමාධ්‍ය ඒ දිනවල මම කරපු දේට දෙන්න ඕන ගෞරවය උපරිමයෙන් දුන්නා. ඒ පිළිබඳව මම හදවතින්ම අදත් ආඩම්බර වෙනවා.

ඒ කියන්නේ ඔබට ගෞරව කරපු මාධ්‍ය දැන් ඔබ සමග නැද්ද?

මම දන්නේ නැහැ. මට තේරෙන්නෙත් නැහැ. බොහෝ මාධ්‍ය අද මට පහර දෙනවා. රටට ආදරය කළ ජනතාවට වැඩ කළ මම අද කොන්වෙලා. ඒ පිළිබඳව මට තියෙන්නේ දුකක්‌.

ඔබේ පුතත් මෙම සිද්ධියේ සැකකරුවෙක්‌?

ඔව්. මගේ දරුවටත් චෝදනා එල්ල කරලා. ඔහුත් දැන් බන්ධනාගාරගතව ඉන්නේ.

තාත්තා කෙනෙක්‌ විදිහට මොනවද හිතෙන්නේ?

මෙවැනි සිද්ධියකදී ඕනෑම පියකුට ඇතිවන හැඟීම මටත් පොදුයි. මමත් දරු සෙනෙහස දන්න තාත්තා කෙනෙක්‌. මගේ දරුවට චෝදනා එල්ල කර ඇති ආකාරය සහ දරුවාගේ නිර්දොaෂීභාවය නුදුරු කාලයේ අධිකරණය හමුවේ හෙළිවේවි.

ඔබ මෙවන් තත්ත්වයකට පත්වීම පිළිබඳ ඇතිවන හැඟීම?

මෙවන් දේ තුළින් පොලිසියේ සිටින රටට යමක්‌ කිරීමට සිතන නිලධාරින් පසුබසීවි. ඔවුන්ට දෙපාර්තමේන්තුව පිළිබඳ ඇති විශ්වාසය නැතිව යා හැකියි. එම නිලධාරින් කිසිත් නොකර ඇඟබේරාගෙන සිටින පිරිසක්‌ ලෙසින් කටයුතු කරයි.

ඇයි එහෙම කියන්නේ?

මම කරපු රාජකාරි හමුවේ මට තර්ජන තිබුණා. ජීවිතයට පවා බොහෝ තර්ජන එල්ල වී තිබුණා.

කාගෙන්ද? ඔබ කියන්නේ ඔබව මරන්න හිටියා කියලද?

ඔව්. පාතාලය මර්දනයට ක්‍රියා කරපු නිසා පාතාලයෙන් මට තර්ජන තිබුණා. කුඩු ජාවාරමට එරෙහි වීම නිසා ඔවුන්ගෙන් තර්ජන එල්ල වී තිබුණා. එල්ටීටීඊයට එරෙහි වීම නිසා ඒ දිනවල ත්‍රස්‌තවාදී තර්ජන තිබුණා.

ඉතින් ඔබට තර්ජන තිබුණා කියලා අනෙක්‌ නිලධාරින් අඩපණ වෙන්නේ ඇයි?

මේ සිදුවීම් පෙළ හරහා අද මම අනාරක්‍ෂිත වෙලා. මගේ ජීවිතයේ සුරක්‍ෂිත බවට අභියෝගයක්‌ එල්ල වෙලා. කවද හරි මට වුණ දේ ඔවුන්ටත් සිදුවෙයිද කියන සැකය අනෙක්‌ පොලිස්‌ නිලධාරින්ටත් ඇතිවිය හැකියි.

ඔබට සිදුවූ දේ පිළිබඳ සිතීමේදී අද ඔබේ බිරිඳ ඇතුළු ඥතීන් මොන වගේ මට්‌ටමකද?

අවංකවම ඔවුන් මුලදී දැඩි චිත්ත පීඩාවකට පත් වුණා. මගේ බිරිඳ ඇතුළු පවුලේ අය මානසිකව මරා දැමීමට පවා ඇතැමුන් උත්සාහ කළා.

කවුද ඒ අය?

මට චෝදනා කරන සහ මගේ ගමන නවතා මාව යන පාරෙන් ඉවත් කිරීමට උත්සාහ දරණ පිරිසම තමයි. නමුත් සත්‍යය සහ මගේ චිත්ත ධෛර්යය හමුවේ ඒ සියලු උත්සාහයන් පරාජය වුණා. ඒ වගේම මගේ ඥති මිත්‍රයන් මෙන්ම ගමේ (අම්බලන්ගොඩ) හිතවතුන්ගේ අවංක පෙනී සිටීම තුළ බිරිඳ ඇතුළු පවුලේ අය මානසිකව මරා දැමීමට උත්සාහ දැරූ අය අද අබල දුබල වී සිටිනවා.

මම යළිත් අහනවා. ඔබ වාස්‌ ගුණවර්ධනනේ?

ඔව් මම වාස්‌ ගුණවර්ධන තමයි. ඇයි එහෙම අහන්නේ.

ඔබට තිබුණු නිල බලය ප්‍රයෝජනයට ගෙන කප්පම් ගත්තද?

මට ස්‌විස්‌ බැංකුවල ගිනුම් නැහැ. මෙහෙ බැංකුවලත් එක එක විදිහේ ගිනුම් නැහැ. මම අද මට එරෙහිව තිබෙන චෝදනාවලට අධිකරණ කටයුතු සඳහා වියදම් කරන්නේ මට දෙමාපියන්ගෙන් දේපළ විදිහට උරුම වුණු මහ ගෙදරත් උකස්‌ තියලා. වාස්‌ නිලය බලය යොදලා කප්පම් ගත්ත නම් එහෙම කරන්න වෙනවද?

තවත් යමක්‌ කියන්න තිබෙනවාද?

ඔව්. මම වැඩ කළේ රටට. මේ රටේ මිනිස්‌සුන්ට. ඒ නිසා ළඟදීම සත්‍යය හෙළි වෙයි.

වාස්‌ ගුණවර්ධන අපට හෙළි කළ කතාව නිමා වූයේ එසේය. එහෙත් එකී නිමාව එලෙස සිදු වෙද්දී ඉකුත් සතියේ මාධ්‍ය තුළ ඉහළ ප්‍රචාරයක්‌ ලැබුණු සිදු වීමක්‌ වූයේ සියාම් ඝාතන සිද්ධියේ පළමු සහ දෙවන සැකකරුවන් වූ මොහොමඩ් පවුස්‌ඩීන්ට සහ ක්‍රිෂාන්ත කෝරළගේට රජයේ සාක්‍ෂිකරුවන් ලෙස නිදහස ලැබීමට නියමිත වීමේ කතාවය.

ඔවුන්ට මෙකී නිදහස හිමිවන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 256 (1) වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයාගේ උපදෙස්‌ මත බවද කියෑවුණේය.

මේ ක්‍රිෂාන්ත කෝරළගේ සහ මොහොමඩ් පවුස්‌ඩීන් යනු කවුරුන්ද? රහස්‌ පොලිසිය සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී සියාම් පැහැරගත් බවට කියෑවුණු ස්‌ථානයේ තිබූ ආරක්‍ෂිත කැමරාවෙහි සටහන් වූ ඡායාරූප අනුව මුලින්ම හඳුනාගත් සැකකරුවන් දෙදෙනා ඔවුහුය.

රහස්‌ පොලිසිය සිදු කළ විමර්ශනයේදී පවුස්‌ඩීන් යනු මොහොමඩ් සියාම්ව සිය නිවසේ සිට පැහැර ගැනීම දක්‌වා කැඳවාගෙන ආ පුද්ගලයා ලෙසත් ක්‍රිෂාන්ත කෝරළගේ යනු සියාම් ඝාතන කොන්ත්‍රාත්තුවේ මූලිකයා ලෙසත් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙකී මොහොමඩ් පවුස්‌ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ නමැති පුද්ගලයන් දෙදෙනකු නොසිටියේ නම් මොහොමඩ් සියාම් නමැති ව්‍යාපාරිකයා අදටත් ජීවතුන් අතර නේදැයි යන පැනය සමාජයට මතු නොවන්නේද?

මෙය අධිකරණමය කටයුත්තක්‌ බැවින් ඉන් එහා යමක්‌ අපට කතා කළ නොහැකිය.

සමන් ගමගේ

 

http://www.divaina.com/2013/10/06/feature12.html

ශ්‍රී ලංකාව හැර වෙනත් රටක්‌ සිංහලයාට නැහැ – “සිංහල රාවය”


ශ්‍රී ලංකාව හැර වෙනත් රටක්‌ සිංහලයාට නැහැ බහුතරයක්‌ වූ සිංහල ජනතාව අද සුළුතර ජාතියක්‌ වෙලා

“සිංහල රාවය” ජාතික සංවිධායක මෑවිල්ලේ පඤ්Æලෝක හිමි
අළුත්ගම – හෙන්රි
සිංහලයාට ශ්‍රී ලංකාව හැර ලෝකයේ වෙනත් රටක්‌ නැහැ. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජනතාව වුවත් අද සිංහල ජාතිය සුළු ජාතිය බවට පත්වෙලා. ලෝකයේ වඳවීගෙන යන ජාතීන් අතරින් සිංහල ජාතියත් වඳ වී ගෙන යන ජාතියක්‌ බවට පත්වෙලා. ඊට විවිධ හේතු සාධක තිබෙන්නේ යෑයි සිංහල රාවයේ ජාතික සංවිධායක මෑවිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ මග්ගොන නගරයේදී පැවැති ගිහි පැවිදි හමුවකදී පැවසූහ.
“සිංහල රාවය” පිළිබඳ ජනතාව දැනුවත් කරමින් එහි ශාඛාවක්‌ මග්ගොන පිහිටුවීම නිමිත්තෙන් මෙම ගිහි පැවිදි හමුව පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෑවිල්ලේ පඤ්ඤාලෝක හිමිපාණෝ- ඉන්දියන් සාගරයේ මුතු ඇටය සේ බබලන මේ රට ලෝකයා හඳුන්වන්නේ දහම් දිවයින ලෙසයි. මේ රටේ ජනතාව එකිනෙකාට ආමන්ත්‍රණය කරන්නේ “බුදු සරණයි”, තෙරුවන් සරණයි” යනු වෙනුයි. දවස ඇරඹෙන්නේ පන්සිල් සෙත් පිරිත් වලින්, එහෙව් රටේ දවසකට ගවයන් 5,000 ක්‌ මස්‌ පිණිස මරනවා.
බුදුරාජාණන් වහන්සේට තුන් පාරක්‌ පූජා කරන ලද මේ පින්බිම දිනපතා ගවයන් 5,000 කගේ ලෙයින් තෙත්වීම මවුකිරි උරා බිව් කිසිවකුට හෝ ඉවසිය හැකිද? සිංහලයන් වූ බෞද්ධයන් වූ අපට තවත් මේ පුණ්‍ය භූමිය ගව ලෙයින් තෙත්වීමට ඉඩදිය හැකිද යන්න සිතිය යුතුයි. සිංහල රාවයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්‌මීමන දයාරත්න හිමිපාණන් වහන්සේ – මේක අපේ සිංහල බෞද්ධ රට. මේ රටේ කොතැනක කැණීම් කළත් හමුවන්නෙ බෞද්ධ පුරාවස්‌තු.
සිංහල බෞද්ධ අයිතිය අපේ උරුමය ගැන කතා කරන අපි ජාතිවාදියෝ, ආගම්වාදියෝ වශයෙන් හඳුන්වනවා. බෞද්ධ පුරාවස්‌තු ආදිය විනාශ කරන අය පැය 24 ක්‌ තුළදී අත්අඩංගුවට ගැනීමට නීති සකසා තියෙනවා. ඒ වුණත් අපේ බෞද්ධ උරුමයන් පැහැරගෙන තියෙනවා. කූරගල සමතලා කරලා පල්ලියක්‌ හදලා. මුහුදු විහාරය, දීඝවාපිය, සෝමාවතිය වැනි අපේ උරුමයන් විවිධ බලවේගයන් විසින් ආක්‍රමණය කරලා. මේවා ගැන කතා කිරීම ජාතිවාදීද?
බෞද්ධ පුරාවස්‌තු රකින්න, සංරක්‌ෂණය කරන්න අපි නීතියෙන් කටයුතු කරනවා. අන්තවාදය වපුරුවන්නේ අපි නොවෙයි. ඒ අයයි. අපි කතා කරන්නේ සිංහල බෞද්ධ අපේ අයිතිය අපේ උරුමය ගැනයි. ඒවා ආරක්‌ෂා කර ගැනීම සඳහායි. ඒවා ගැන කතා කරන්න අපට කාගේවත් අවසර ගන්න ඕනෑ නැහැ.
පුලියද්දේ සුධම්ම, මාගල්කන්දේ ධම්ම කිත්ති, මාගල්කන්දේ සුදන්ත, පස්‌යොදුන් රට උප ප්‍රධාන සංඝනායක කඹුරුපිටියේ සීවක යන හිමියන් වහන්සේලා මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

http://www.divaina.com/2013/09/07/news30.html

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන සිංහල රාවයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්

JHU Heros – හෙළ උරුම විරුවෝ, ලක් මවගෙ සුජාත දරුවෝ


සත්ත්ව ඝාතන වළක්‌වමින් ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි
– ඕමල්පේ සෝභිත හිමි

බිලි පූජා සඳහා සිදුකෙරෙන සත්ව ඝාතනය වළක්‌වමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක්‌ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියේ ප්‍රකාශ කරති.

මෙම තීන්දුව අනුව සතුන් මැරීමට අයිතිය ඇත්තේ සත්ව ඝාතකයනට පමණක්‌ බවද උන්වහන්සේ ප්‍රකාශ කරති.

මෙම තීන්දුව සත්ව ඝාතනයට එරෙහිව සටන් කළ සංවිධාන ලැබූ ජයක්‌ බවත් එය මානව හිතවාදීන්ගේ මෙන්ම සත්ව හිතවාදීන්ගේද ජයග්‍රහණයක්‌ බවත් උන්වහන්සේ  පැවැසූහ.

http://www.divaina.com/2013/08/30/news08.html

 


පාකිස්‌තානයෙන් ගෙන්වන සියලු භාණ්‌ඩ
විශේෂ පරීක්‍ෂාවට ලක්‌ කළ යුතුයි
– හෙළ උරුමය කියයි

සිරිමන්ත රත්නසේකර

මෙරට කුඩු ජාවාරම පිටුපස සිටින අනන්‍යතා ලකුණ කුමක්‌ද යන්න නැවත වරක්‌ තහවුරු වී ඇති බව සඳහන් කරන ජාතික හෙළ උරුමය එහෙයින් පාකිස්‌තානයෙන් ආනයනය කරන සියලු භාණ්‌ඩ සහ පාකිස්‌තාන ජාතිකයන් විශේෂ පරීක්‍ෂාවකට ලක්‌ කළ යුතු බව අවධාරණය කරයි.

මෙම මත්කුඩු ජාවාරම පිටුපස සිටින හාල්මැස්‌සන් ඇල්ලීමෙන් පමණක්‌ මෙය මැඬලිය නොහැකි බවත් ජාවාරම පිටුපස සිටින තෝරු මෝරු සොයා දඬුවම් කිරීම බලධාරීන්ගේ වගකීම බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

පාකිස්‌තානු සහ ඇµaගනිස්‌තාන ජාතිකයන් මෙරට තුළ පවත්වාගෙන යන ව්‍යාපාර හා ඔවුන් සමඟ සම්බන්ධ වී සිටින ව්‍යාපාරික ජාලයන් පිළිබඳ නිරන්තර පසුවිපරමකින් හා සෝදිසියෙන් සිටියහොත් මෙරටට ගලාඑන මත්කුඩු හා හොර ජාවාරම් සැලකිය යුතු ලෙස මැඬලිය හැකි බවත් වර්ණසිංහ මහතා පැවසීය.

අද ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්යමත්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වල තිප්පොලක්‌ බවට පත්ව ඇතුවා පමණක්‌ නොව මත්ද්‍රව්‍ය බෙදාහරින තැනක්‌ බවට ද පත්ව ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2013/09/03/news03.html

 

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!