මිලෙනියම් සිටි මහා පාවා දීම දෙවෙනි කොටස දැන් රඟ දක්වේ!

නාවික හමුදාවේ කප්පම් කල්ලිය කතාවට වඩා යමක්‌ ඇත!

නාවික හමුදාවේ නවදෙනෙක්‌ අල්ලා ගන්නට සී.අයි.ඩී දැල එලා ඇති බව ස`දහන්ය. අල්ලන්නට හදන්නේ කප්පම් කල්ලියකි. කියෑවෙන ආකාරයට උසස්‌ නාවික හමුදා නිලධාරීන් තිදෙනෙක්‌ මේ කප්පම් කල්ලියට ඇතුළත්ය. සී.අයි.ඩී ය කියන්නේ කප්පම් කල්ලිය විසින් සිවිල් පුද්ගලයන් 28 දෙනෙක්‌ පැහැරගෙන ගොස්‌ කප්පම් ගෙන ඝාතනය කර ඇති බවය. පැහැරගත් පුද්ගලයන් ත්‍රී කුණාමලය හා චෛත්‍ය පාරේ නාවික හමුදා ක`දවුරුවල ර`දවා තබාගෙන හි`ද ඝාතනය කර ඇති බවට සියලු තොරතුරු සී.අයි.ඩී ය හෙළිකරගෙන තිබේ. දැන් ඇත්තේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමය. සිද්ධියට සම්බන්ධ උසස්‌ නිලධාරීන් ආරක්‌ෂා කරගැනීමට නීති අංශ හා නාවික හමුදාව දැඩි බලපෑම් කරන ආකාර රහස්‌ පොලීසිය හෙළිs කරයි. පෙනෙනා ආකාරයට රහස්‌ පොලිසිය පසුවන්නේ දැඩි අර්බුදයකය.

නාවික හමුදාවේ නිලධාරියෙක්‌ හා සෙසු නිලයන් කණ්‌ඩායමක්‌ එක්‌ව කප්පම් ගෙන මිනී මැරීම සම්බන්ධව නඩුවක්‌ අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ මීට අවුරුදු හයක කාලයක සිටය. එබැවින් මේ සටහන තබන්නේ ගරු අධිකරණයට බෙහෙවින්ම ගෞරව කරනු ලබනා මේ රටේ පුරවැසියෙකු ලෙසය.

රටක්‌ ලෙස කම්පනයට පත්විය යුතු මේ අශ්ලීල ඝාතනයන් සම්බන්ධව නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් වරයෙක්‌ වන එම්.එන්.ඩී.එස්‌ මුණසිංහ හෙවත් නේවි සම්පත් නමැත්තෙක්‌ පිළිබ`දව මුල්ම වරට රහස්‌ පොලිසියට පැමිණිලි කරන්නේ එවකට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. පසුගිය 2009 මැයි මස 28 වැනිදා අංක ඊරැ732රැ09 යටතේ මෙම පැමිණිල්ල ඔහු විසින් කර තිබිණි.

නේවි සම්පත් නමැත්තා එවකට නාවික හමුදාපතිගේ පුද්ගලික ආරක්‌ෂක නිලධාරියාය. ඔහුගේ කණ්‌ඩායමක්‌ එවකට රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්‌ත කර සිටියේය. මේ වකවානුව රට තීරණාත්මක යුද්ධයක යෙදී සිටි කාලයකි. මේ කාලයේ සමහර කාලකණ්‌ණි නිලධාරීහු ස්‌වකීය බලවත් නිලධාරීන්ගේ බලයේ සෙවනැලි අතර සැ`ගව නින්දිත අපරාධ කළහ. ගුවන් හමුදාපතිවරයාගේ පුද්ගලික ආරක්‌ෂක නිලධාරියෙක්‌ වූ බලගණ නායක නිශාන්ත ගජනායක නමැත්තා පුද්ගල පැහැර ගැනීම් හා කප්පම් ගැනීම් සම්බන්ධව අත්අඩංගුවට පත්වන්නේ මේ කාලයේය. කප්පම් ගැනීම් හා පැහැරගැනීම් සම්බන්ධ නේවි සම්පත් නමැත්තෙක්‌ පිළිබ`දව ඇසෙන්නේ නිශාන්ත ගජනායක අත්අඩංගුවට පත්වන වකවානුවේය. මේ නේවි සම්පත් වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික ආරක්‌ෂක නිලධාරියා බව එවකට රහස්‌ පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්‌පති සිසිර මෙන්ඩිස්‌ විසින් හ`දුනාගෙන සිටියේය. එහෙත් තම පුද්ගලික ආරක්‌ෂක නිලධාරියා මෙවැනි අපතයෙක්‌ බව වසන්ත කරන්නාගොඩ පිළිගත්තේ නැත. කරන්නාගොඩට තමන්ගේ මිනීමරු ගෝලයා පිළිබ`ද හෙළිදරව් වන්නේ මෙසේය.

නාවික හමුදා බුද්ධි අංශ හෙලිදරව් කරගත් ආකාරයට නේවි සම්පත් නමැත්තා ඉතා රහසිගතව කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල කප්පම් ගැනීම් හා සිවිල් වැසියන් පැහැරගෙන ගොස්‌ මරා දැමීම් සිදුකරමින් සිටියේය. යුද්ධය විසින් ඒ ස`දහා ඇවැසි පරිසරය කොළඹ තුළ නිර්මාණය කර තිබිණි. ඔවුන්ගේ කල්ලියට සම්බන්ධව µdර් නමැති ඔත්තුකරුවෙක්‌ විය. µdර් අවසන් සාම කාලයේදී එල්.ටී.ටී දින දාහතරේ පුහුණුව ලැබ එල්.ටී.ටී.ඊ යේ ප්‍රධානියෙක්‌ වන කපිල් අම්මාන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිය අයෙකි. මොහු නේවි සම්පත්ගේ කල්ලියට තොරතුරු ලබාදෙන්නෙක්‌ ලෙස කටයුතු කළේය.

මේ අතර මෙම කණ්‌ඩායම මුදලට රෝ ඔත්තු සේවය හා සම්බන්ධව, රටේ වැදගත් ජාත්‍යන්තර සබ`දතා නිර්මාණය වන අවස්‌ථා වල කොළඹ නගරයේ විවිධ අර්බුද නිර්මාණය කළ බවට සැකයක්‌ තිබිණි. ඊ.එන්.ඩී.එල්.එµa නමැති සංවිධානයේ කාඩරයින් වන කේ.ඩී, ජෙගන් හා මෝහන් නමැති අය සමග මෙම කල්ලිය සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියෑවිනි. නේවි සම්පත් හෙළිදරවු වන සිද්ධිය වන්නේ මේ අතරය. බුද්ධි අංශ හෙළිකළ ආකාරයට තොරතුරු පෙළ ගැසෙන්නේ මෙසේය.

වර්ෂ 2008 සැප්තැම්බර් මාසයේ දිනක µdර් විසින් ක්‍රෙඩිට්‌ කාඩ් වංචාවන්හි නියුතුයෑයි කියනා තරුණ පිරිසක්‌ ගැන ඔත්තුවක්‌ සම්පත්ගේ කප්පම් කල්ලියවෙත ගෙනත් තිබුණේය. අනතුරුව මේ පිරිස පැහැර ගැනීමට සැලසුම් කෙරිණි. තරුණ පිරිස අතර ඉතා ඉහළ තාක්‌ෂණ දැනුමක්‌ සහිත රජීව් නාගනාදන් නමැති තරුණයෙක්‌ වූයේය. ක්‍රෙඩිට්‌ කාඩ් වංචාවන්හි තාක්‌ෂණික අංශය මෙහෙයවා තිබුණේ ඔහු විසින් බව පැවසිනි. මේ තරුණයා වෛද්‍ය උපාධියක්‌ හැදෑරීම ස`දහා 2008 සැප්තැම්බර් මස 17 වැනිදා ලංකාවෙන් පිටත්ව එක්‌සත් රාජධානිය බලා යැමට සූදානම්ව සිටියේය. මේ ගමනට පෙර අවසන් වරට සිය සගයන් සිවුදෙනා හමුවීමට රජීව් ගියේය. මේ පිරිස දෙහිවල ප්‍රදේශයේ සිටිද්දී සම්පත්ගේ කණ්‌ඩායම විසින් 2008 සැප්තැම්බර් මස 16 වැනිදා පැහැර ගැනිණි.

එවකට නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික ආරක්‌ෂකයා ලෙස බලවත්ව සිටි නේවි සම්පත්ගේ ක්‍රියාකාරකම් බලවත් ලෙස අධීක්‌ෂණය නොවීමේ ගැටලුවක්‌ තිබිණි. පැහැරගත් පිරිස පිටකොටුව ලංකා බැංකු ගොඩනැගිල්ලට ආසන්න ස්‌ථානයක රහසිගතව ර`දවාගෙන තබා ගන්නට සම්පත්ට හැකි වූයේ මේ පසුබිමේය. අනතුරුව රජීව් නාගනාදන් නිදහස්‌ කිරීම ස`දහා රුපියල් කෝටි පහක කප්පමක්‌ ඔහුගේ පියාගෙන් ඉල්ලා සිටීමට කප්පම් කල්ලිය කටයුතු කළේය.

මේ අතර රජීව්ගේ පියාට සිය පුතා නේවි සම්පත් නැමැත්තෙකුගේ අත්අඩංගුවේ පසුවන බවට තොරතුරක්‌ ලැබෙන්නේය. ඔහු මේ බව සිය මිත්‍ර සම්පත් නමැත්තා ගැන නාවික හමුදාපතිවරයාගේ නාවික උපදේශකතැන වූ රියර් අද්මිරාල් වරයා විසින් සොයමින් සිටියේය. තමන්ගේ පුද්ගලික ආරක්‌ෂක නිලධාරියා මිනීමරු කප්පම් කරුවෙක්‌ බව නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට හෙළිදරව් වන්නේ යළි යළිත් කෙරෙන විමසීම් වලින් පසු නේවි සම්පත්ව ප්‍රශ්න කිරීමේදීය. අනතුරුව ඔහු කියන්නේ මේ පුද්ගලයින් පස්‌දෙනා පැහැරගත් බවත්, ත්‍රිකුණාමලයේ නාවික හමුදා ක`දවුරක ඔවුහු ර`දවා ඇති බවය.

නාවික හමුදාපතිවරයා විසින් මේ සිද්ධිය පිළිබ`දව විමර්ශනයක්‌ කරන්නේය. නේවි සම්පත්ගේ කප්පම් කල්ලියේ සිටි පුද්ගලයන් දෙදෙනෙක්‌ නාවික හමුදා බුද්ධි අංශවෙත මේ වනවිට සිදුවීම් ගැන පාපොච්චාරණයක්‌ කරන්නේය. ඒ පාපොච්චාරණයේ ස`දහන් වන්නේ තමන් විසින් මේ පුද්ගලයන් පස්‌දෙනාගෙන් සිවු දෙනෙක්‌ මරා, ඒ මිනී කෑලි වලට කපා දැමු බවය. එසේ කැපූ කොටස්‌ කැලණි ගෙ`ග් තැනක ගිල්වූ බවය. මළමිනී ප්‍රවාහනය කළේ නාවික හමුදාපතිවරයාට පසු ආරක්‌ෂාව සපයන ඩිෙµන්ඩර් රථයෙන් බවය. ෆාර් නමැති ඔත්තුකරුද අනතුරුව මරා දැමුණු බවය. රජීව් නාගනාදන් ත්‍රී කුණාමලයට ගෙනගොස්‌ 2009 අප්‍රේල් මස 24 වැනිදා මරා දැමූ බවය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් තම පුද්ගලික ආරක්‌ෂක නිලධාරියා පිළිබ`දව රහස්‌ පොලිසියට පැමිණිලි කරන්නේ මේ හෙළිදරව් වීමෙන් පසුය. ඒ වර්ෂ 2009 මැයි මස 28ය. මැයි මස 28 වැනිදා නේවි සම්පත් නාවික හමුදාවෙන් පලා යන්නේය. එදින ඔහුගේ කාමරයට සීල් තබනු ලබන්නේය. සම්පත් රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ 2009 ජුනි 10 දිනය. 10 දා කාමරය යළි විවෘත කළ විට කාමරයේ තිබී තරුණයින්ගේ පාස්‌පෝට්‌ පහක්‌ හා ජාතික හැ`දුනුම්පත්, ගිනි අවි උණ්‌ඩ ඇතුළු භාණ්‌ඩ තොගයක්‌ හමුවන්නේය. ද`ඩුවම් මුදලාලි නමැති පොලීකරු ළ`ග තැන්පත් කරතිබූ ලක්‌ෂ ගණනක මුදල් සහිත වව්චර ඒ අතර විය. හමුවූ පාස්‌පෝට්‌ හිමි තරුණයන් සියලු දෙනාම කප්පම් ගෙන මරා දමනු ලැබ තිබුණේය.

2010 ජුනි මස 9 දා නේවි සම්පත් ඇප මත නිදහස්‌ වන්නේය. ඇපමත නිදහස්‌ වූ සම්පත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෙµdන්සේකා හමුවී කියන්නේ නාවික හමුදාපතිවරයා විසින් ජෙනරාල් සරත් ෙµdන්සේකාත්, සිවිල් ආරක්‌ෂක බලකායේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් රියර් අද්මිරාල් සරත් වීරසේකරත්, හිටපු ටෙස්‌ට්‌ නායක වත්මන් වරාය කටයුතු පිළිබ`ද ඇමැති අර්ජුන රණතුංග හා මාධ්‍යවේදීන් පස්‌දෙනෙක්‌ ඝාතනය කිරීමට තමන්ට බලපෑම් කළ බවය. තමන් ඊට අකමැති වීම නිසා දැන් වසන්ත කරන්නාගොඩ විසින් තමන්ගෙන් පළි ගන්නා බවය. ඔහුට අනුව ඔහු මේ එක්‌ ඝාතනයකටවත් සම්බන්ධ නැත. ඒවා කර ඇත්තේ හිටපු නාවික හමුදාපතිගේ කිට්‌ටුවන්ත නිලධාරීන් වන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක, ආර්. පී. එස්‌ රණසිංහ, වැනි නිලධාරීන්ය. කරන්නාගොඩ තමන්ගෙන් පළිගන්නට දසනායකලා මැරූ මිනිස්‌සුන්ගේ පාස්‌පෝට්‌ තමන්ගේ කාමරවල ලාච්චුවට හොරෙන් දමා ඇති බව නේවි සම්පත් කියන්නේය. ආණ්‌ඩු පෙරළියත් සමග සම්පත් මුණසිංහ උසාවියෙන් මෝෂන් එකක්‌ ගෙන රහස්‌ පොලිසියට තවත් අලුත් කතාවක්‌ කියන්නේය. දැන් මේ කතාවට අලුත් පරිච්ෙ-ද ගණනක්‌ එක්‌ වී ඇත්තේය.

නේවි සම්පත් නමැති කප්පම් කරුවා ගැන රහස්‌ පොලිසියට පැමිණිලි කරන්නේ එවකට රටේ හිටපු නාවික හමුදාපතිය. ඔහු නාවික හමුදාවෙන් මේ පිළිබ`ද කළ පරීක්‌ෂණවල ප්‍රතිඵලත් සහිතව රහස්‌ පොලිසියට කටඋත්තරයක්‌ දෙන්නේය. අනතුරුව සම්පත්ව පුරා වසරක්‌ ර`දවා තබාගෙන ප්‍රශ්න කරන රහස්‌ පොලිසිය වර්ෂ 2011 මාර්තු මස 30 වැනිදා උසාවියට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් සම්පත් මුණසිංහ මේ පැහැර ගැනීම්වලට සම්බන්ධ බව කියන්නේය. තවත් වසර හතරකට ආසන්න කාලයකට පසු සිදුවන ආණ්‌ඩු පෙරළියත් සමග රහස්‌ පොලිසියට සම්පත් විසින් යළිත් ලබාදෙන කටඋත්තරයෙන් පසු දැන් නඩුවේ වගඋත්තර කරුවා හිටපු නාවික හමුදාපතිවරයාය. ඔහු අවට සිටි නිලධාරීන්ය. මේ පෙරළියේ යථාර්ථය නුදුරේදීම හෙළිවනු ඇති බව විශ්වාසය.

කපිතාන් ඩී.කේ.පී දසනායක දක්‌ෂ නාවික හමුදා නිලධාරියෙක්‌ බව සැබෑය. එසේ වූ පමණින් දසනායකට කප්පම් කරුවෙක්‌ හෝ මිනීමරුවෙක්‌ වීමට අවසර නැත. ඔහු අපරාධකරුවෙක්‌ නම් ඒ පිළිබ`ද මේ රටේ නීතිය කටයුතු කළ යුතුය. එහෙත් පුද්ගලික පළිගැනීම්, කුහක කම්, ගේමට ගේම් දීම්, මිනිස්‌ ජාවාරම් කරුවන්ගේ කුමන්ත්‍රණ ඇතුළු තුප්පහි ගනුදෙනු මත රටක කීර්තියත් රටට ඇවැසි මිනිසුන්ගේ ජීවිතත් විනාශ කිරීම රටක බුද්ධි අංශයක කටයුත්ත නොවේ.

ඩී.කේ.පී. දසනායක ඇමරිකාවේ විශේෂ පුහුණුවක යෙදී සිටින අතරතුර වහාම ක්‍රියාත්මකවන පරිදි රටට ගෙන්වන්නේය. ගෙන්වා ඇත්තේ අවුරුදු හයක්‌ තිස්‌සේ ඇහෙන පැහැරගෙන ගොස්‌ මිනී මැරීම පිළිබ`ද නඩුවකට අදාල ප්‍රශ්න කිරීමකටය. ඔහු මේ ජාත්‍යාන්තර පුහුණුවෙන් නිදහස්‌ කරන කාලය දෙසතියකි. වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාවට ගෙන්වූ පසු රහස්‌ පොලිසිය පවසන්නේ ඔවුන් තවම මේ ප්‍රශ්න කිරීම ස`දහා සූදානම් නැති බවය. ඒ අතර තමන්ට තවමත් කටඋත්තරයක්‌වත් ලබා දී නැති පුද්ගලයෙක්‌ පිළිබ`දව මිනීමරුවෙක්‌ ලෙස හැෙ`ගන පරිදි මාධ්‍යවලට තොරතුරු ලබාදීමේ අශිෂ්ටකම රහස්‌ පොලිසිය විසින් සිදුකරන්නේය. මේ නොකළයුතු කුපාඩිකම්ය.

මේ පෙළගැසෙන සිදුවීම් අපට යම් කතාවක්‌ කියමින් සිටී. මිනී මරුවන්ට ද`ඩුවම් කළ යුතු බව සැබෑය. රටක මානව හිමිකම් රක්‌ෂා කිරීම ස`දහා අවශ්‍ය සාධනීය කැපකිරීම් කළයුතු බව සැබෑය. ඉන් රටකට ගෞරවයක්‌ උපදී. එහෙත් ලෝකයේ ඕනෑම රටක්‌ මේ සියල්ල ක්‍රියාවට නන්වන්නේ ජාතියක්‌ පිළිබ`ද හැ`ගීමකින් උපදවාගත් විනයක්‌ තුළය. තමන්ගේ ප්‍රමෝෂන් එකට වඩා වැඩි දුරක්‌ නොපෙනෙන නිලධාරීන් සහිත රටක, මැතිවරණයකට වැඩි දුරක්‌ නොපෙනෙන දේශපාලකයන් සහිත රටක මේ විනය උපදවාගත හැකි නොවේ. අප ජාතියක්‌ ලෙස සිටින්නේ මරණයට නුදුරෙනි.

රුචිර ජයදේව

 

http://www.divaina.com/2015/02/22/feature08.html