ඇමති විමල් අපගේ 29 වන නරි බල්ලායි. කට වාචාල එස් . බී. අපේ 24 වන සුනඛයායි. රජය තුල මල පහරමින් එහිම පහුරු ගාමින් පොරකන මේ හිරිකිත පර බල්ලන් දෙදෙනාම පන්නා දැමීමට රජයට නුවන පහල වේවා!
වත්මන් ආණ්ඩුව අමන, තකතීරු ආණ්ඩුවක් බව ප්‍රකාශ කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ පෙරේදා (12) දෙරණ 360 වැඩසටහනේදී එල්ල කළ ප්‍රහාරයට, ආණ්ඩුව වෙනුවෙන් අමාත්‍ය එස්. බී දිසානායක ඊයේ (13) ඒ වර්ගයේම ප්‍රති ප්‍රහාරයක් එල්ල කළේය.
එම වැඩසටහනේදී,ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් අමාත්‍යාංශයේ ලේකම් වන පී.බී. ජයසුන්දර ඉලක්ක කර ගනිමින් අාණ්ඩුවේ න්යෂ්ටියටම ප්‍රහාරයක් එල්ල කළ විමල් වීරවංශ ඇමතිවරයා, රටේ ආර්ථිකය හසුරුවනු ලබන්නේ දෙතුන් දෙනෙකුගෙන් යුතු කල්ලියක් විසින් බවද, රටට ණය ගෙනත් ගොඩගැහුවාම ඒවායේ ප්‍රතිශතයක් පවුල් කිහිපයක් අතරට යන බවද ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී ජයසුන්දර යනු චන්ද්‍රිකා ආණ්ඩු සමයේ රාජ්‍ය ආයතන විකුණා දැමීමට ක්‍රියා කළ පුද්ගලයෙකු බවත්, අද හිරේ සිටිය යුතු පුද්ගලයෙකු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා සතු විධායක බලය ජනාධිපති සහ ඔහු විසින් බලය පවරන කැබිනට් අමාත්‍යවරුන්ට හිමිවුවත්, මේවන විට එකී බලය අනිසි ලෙස පී.බී ජයසුන්දර මහතා විසින්ද භාවිතා කරන බව හෙතෙම සඳහන් කළේය.
එස්.බී දිසානායක වැනි අමාත්‍යවරුන් පී.බීගේ ගුණ වාර්ණනා කරන නිසා ඔහු විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවලට වහා මුදල් අනුමත වන බවත්,තමා වැනි පී.බීව විවේචනය කරන අයට එලෙස මුදල් හිමි නොවන බවත් පැවසූ ඔහු, පී.බී වෙනුවට රටට ආදරය කරන ආර්ථික විශේෂඥයෙකු අදාළ තනතුරට පත් නොකිරීම මෙම ආණ්ඩුවේ අමනකම, තකතීරුකම මිස අන් යමක් නොවන බවද ඔහු අවධාරණය කළේය.
එස්. බී ගේ ප්‍රති ප්‍රහාරය
මීට ප්‍රතිචාර ලෙස, වීරවංශ ඇමතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම් හුවා දක්වමින් එස්.බී දිසානායක මහතා පවසන්නේ, උසස් පෙළ සමත් නැති වුණත්, උසස් අධ්‍යාපනයක් නැති වුණත් විමල් වීරවංශ අමාත්‍යවරයාට පොතක් පතක් කියවා ඉගෙනගත හැකි බවයි.
මූල්‍ය සම්ප්රදාය ආර්ථික න්‍යාය පිළිබඳ ටිකක් හෝ දැනගත යුතුව ඇති බව ද ඔහු පැවසුවේය.
පී.බී යනු රටේ ආර්ථිකය පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ඇති , රටේ ආර්ථිකය ඉදිරියට ගෙනා පුද්ගලයා බවද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
එස්.බී දිසානායක මහතා පී.බීගේ ගුණ වර්ණනා කරන බැවින් ඔහුගේ කැබිනට් පත්‍රිකාවලට වහා මුදල් අනුමත වන බවට විමල් වීරවංශ කළ චෝදනාව පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, තමන් එසේ ගුණ වර්ණනාවක් කර නැති බවයි.
අමාත්‍යාංශ ලේකම්වරයකුගේ බලතල හා වගකීම් පැහැදිලි කළ එස්. බී. ඇමතිවරයා වක්‍ර ලෙස ප්‍රකාශ කළේ, අධ්‍යාපනයක් නැති නිසා වීරවංශ ඇමතිවරයාට මෙම කරුණු නොවැටහෙන බවයි.
පී.බී ජයසුන්දර මහතා යනු මුදල් අමාත්‍යංශ ලේකම් බැවිනුත්, මුළු රටේම ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කෙරෙන්නේ ඔහුගේ අනුමැතියෙන් බැවිනුත්, මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වන හෙයින් ජනාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන බැවිනුත් ඔහුට සැලකිය යුතු බලයක් හිමිවන බවද දිසානායක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විමල් නරියාගේ නවතම හූව
කට වරද්දාගෙන හිරේ ගිය ඇමැති එස්. බී. දිසානායක, පී. බී. ජයසුන්දර ගැන කියන කතා ගණන් ගත යුතු නැහැ
– ඇමැති විමල් වීරවංශ
සිරිල් විමලසුරේන්ද්‍ර
මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර වර්ණනා කරමින් උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා කරන කතා එතරම් ගණන් ගත යුතු නැතැයි නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රතිසංස්කරණ යෝජනාවලිය මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන්වීමෙන් පසුව මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාරය දක්වමින් උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පී බී. ජයසුන්දර මහතා ගැන දක්වන අදහස් ගැන එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නැතැයි කීවේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති කාලයේ භාණ්ඩාගාරය සෘන කළ පුද්ගලයා පී. බී. ජයසුන්දර මහතා බව පැවසූ එස්. බී. දිසානායක මහතා පී. බී. ජයසුන්දර මහතා අද ඉතා දක්ෂ නිලධාරියකු බව කියනවා යෑයි ඇමැති විමල් වීරවංශ මහතා කීවේය.
උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා කටවරද්දා ගන්නා පුද්ගලයෙක්. කට වරද්දාගෙන හිරෙත් ගියා. ඒ නිසා එස්. බී. දිසානායක මහතා, පී. බී. ජයසුන්දර මහතා ගැන කියන කතාත් ඒ තරම් ගණන් ගත යුතු නැතැයි ඇමැති වීරවංශ මහතා කීවේය.
පින්ග්කිරීම: 2 Mad Dogs – “එස්. බී. විමල් බල්ලොත් එක්ක බෑ” නාටකය දින 10 පසුකරමින් දැන් වේදිකාවේ! | Dying Nation
what are new actions against new so called regime???
කොටි හා තම්බි හිතවාදී බොදු විරෝධී “යහපාලනය” යට වඩා මේ 29.විමල්- 24.එස්.බී සක්කිලි බල්ලන් දෙදෙනාම හොඳය.