M.P. Dilan the Pimp – ඩිලාන් පිම්පියාගේ තවත් හපන්කම්

 

ඩොලර් 225 ක්‌ නැතිව
අවුරුදු දෙකක්‌ තිස්‌සේ දරුවා සමග අවතැන්වූ ගැහැණිය

ලොව පුරා විතැන් වූ ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්‌ම

ලෙබනනයේ දවුරා නගරයේ විසල් ගොඩනැඟිලි අතර තෙරපී ඇති අඳුරු පෙනුම සහිත සිවුමහල් ගොඩනැඟිල්ලක පටු පියගැට නඟිමින් හිඳිමු. මේ ගොඩනැඟිල්ලේ පැතිරී ගිය අඳුරු පෙනුම උපදින්නේ එතැනට පැමිණෙන ජීවිතාපේක්‌ෂා රහිත වු මනුෂ්‍යයන්ගේ දුක්‌ඛදෝමනස්‌සයන් සහිත කම්පිත සිතිවිලිවල පැහැයෙන් විය හැකියෑයි සිතේ. එහෙත් ඒ සියලු අමානුෂික පීඩාවන් ශෝධනය වී අවසානයේ ඔවුහු ජීවිතාපේක්‌ෂාවන් උපදවා ගනිති.

කැරිටාස්‌ සංක්‍රමණික සේවා සහන නිවාසය පිහිටා ඇත්තේ මේ සිවු මහල් ගොඩනැඟිල්ලේය. ලෙබනනයේ නිවෙස්‌වල බැල මෙහෙවර කරනු සඳහා දුගී ආසියානු හා අප්‍රිකානු රටවලින් පැමිණි ලක්‌ෂ ගණනක්‌ වූ අසරණ ගැහැනු ලිංගිකව, කායිකව, මානසිකව පීඩාවට පත්වන මොහොතක ඔවුන්ට සහන සැලසීම සඳහා තුන්සිය හැටපස්‌ දවසේම මේ දොර විවෘතව ඇති බව ඇසේ.

අප එහි යන මොහොත වන විට මේ සහන නිවාසයේ ඉතියෝපියාවේත්, මැලේසියාවේත්, බංගලිදේශයෙත්, ඉන්දියාවේත් දුකට පත් කාන්තාවන් සමග ශ්‍රී ලාංකික කාන්තාවක්‌ ද වුවාය. ඇය අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණ මවකි. ඇය සමග ඇගේ දෙවසරක්‌ හා තෙවසරක්‌ වු ඇගේ සුරතල් දරු පැටවුද වුහ. මේ මව පිළිබඳ කතාව අපට අප ගැනම සිතන්නට සලස්‌වන්නේය.

විසි හතර හැවිරිදි මේ තරුණ මව ලෙබනනයට පැමිණෙන්නේ උපන් රටේදී අන්ත ආර්ථික දරිද්‍රතාවයට ලක්‌වු, ජීවිත අත්දැකීම් රහිත තරුණියක්‌ ලෙසිනි. ලෙබනනයේදී ඇය බංගලි පිරිමියෙක්‌ සමග ප්‍රේමයෙන් වෙලී අනතුරුව ජීවත්වීම අරඹන්නීය. ඔහුට දාව දරුවෙක්‌ ලබන්නීය. දරුවා ලැබෙන්නට සිටින මොහොතේ බංගලි පිරිමියා ඇයව අත්හැර දමා ඔහුගේ රටට යන්නේය. මේ තරුණ මව ඒ මොහොතේ අන්ත අසරණ වන්නීය. ඇයට රැකියාව කරගත හැකි නොවේ. දන්නා හඳුනන ඥති හිතමිත්‍රාදීහු මේ දුරු රටේ නොවෙති. තරුණියක සේ පැමිණ දරුගැබක්‌ දරාගෙන අම්බලන්ගොඩ ඇගේ ගමට යැම මරණය හා සමානය. ජීවිතාපේක්‌ෂාව අත්හල මේ තරුණ මවටත් ඇයට උපදින්නට සිටින දරුවාටත් එතැන් සිට හිසට සෙවණ සපයන්නේ මේ සහන පියසය. ලෙබනන්හි කැරිටාස්‌ සංක්‍රමණික සහන පියසේ ප්‍රධානම ක්‍රියාකාරිණිය වන නිර්මලා විඡේසිංහ අපට මේ තරුණ මව ගැන කියන කතාව මෙසේය.

මෙතෙන්ට එන අය විනිශ්චය කරන එක නෙමෙයි අපට තියන වගකීම. මේ තරුණ අම්මා මෙතෙන්ට එන්නෙ දරුවා ලැබෙන්න ළංවෙලා යන්න එන්න තැනක්‌ නැතිව අසරණ වුණාම. අපි ඒ අම්මාව රෝහල්ගත කළා. ඩොලර් අටසීයකට ආසන්න මුදලක්‌ රෝහල් ගාස්‌තු විදිහට පමණක්‌ වියදම් කළා. ඒ මුදල ලංකාවෙ මුදලින් රුපියල් ලක්‌ෂය පනිනවා. දරුවගේ හැම කටයුත්තක්‌ම බැලුවා. ඔවුන්ව පෝෂණය කළා. මේ අම්මයි දරුවයි ඔවුන්ගෙ වැඩිහිටියන්ගෙන් ප්‍රතික්‌ෂේප වෙලා හිටියෙ. ඒ අයගෙ අදහස්‌ වෙනස්‌ කරලා දරුවයි අම්මයි දෙන්න ලංකාවට ගෙන්නා ගන්න පුළුවන් විදිහට මානසිකත්වය හැදුවා. දැන් අවශ්‍ය මේ අය ලංකාවට යවන්න.

දැන් අපේ රටෙන් එක්‌ පුංචි දෙයක්‌ විය යුතුයි. ඒ ඩොලර් දෙසීය විසි පහක්‌ වියදම් කරලා මේ දරුවන්ට ගෙදර යන්න ගමන් බලපත්‍රය වෙනුවට දෙන තාවකාලික ගමන් ලියෑවිල්ලක්‌ හදලා දෙන එක. මෙච්චර වියදම් කරපු අපේ ආයතනයට මේක කරන්න බැරි කමක්‌ නෑ. ඒත් අනික්‌ හැම රටක්‌ම මේවගේ වෙලාවල්වලදී මැදිහත් වෙලා මේ ලියෑවිල්ල හදලා දෙනවා. අපේ ඉහළ නිලධාරීන් අහනවා අපි මෙච්චර දේ කරනකොට උඹලගෙ රටට මේ පොඩි වැඩේ කරන්න බැයිද කියලා. ඒ ඩොලර් දෙසීය විසිපහ දෙන්න අපේ රටේ විදේශ සේවා වෙනුවෙන් කටයුතු කරන ආයතන තව කටයුතු කළේ නෑ. අම්මයි දරුවයි ඇවිත් දැන් අවුරුද්දයි මාස නවයක්‌. ඒ කියන්නේ දරුවට අවුරුදු දෙකකටත් ආසන්නයි. ඔවුන්ට ඒ ලියෑවිල්ල හදලා දෙනකම් ඔවුන් මේ සහන නිවාසෙ ඉඳීවි.

ඩොලර් ලක්‌ෂ ගණන් වියදම් කරමින්, සංතර්පනය සඳහා ඩොලර් දහස්‌ ගණන් වටිනාකම් සහිත පංචස්‌කන්ධ ඇතුළත් දොලපිදේනි ලබමින් විදේශසේවා බලධාරීන් රටවිරුවන් සොය සොයා යන ගමනේදී නොදකින මෙවැනි අසරණයින් වෙනුවෙන් විදේශසේවා නියුක්‌ති කාර්යාංශයේ වගකීම කුමක්‌දැයි අප දන්නේ නැත. අප දන්නේ ලංකාවට පැමිණෙන්නට ඩොලර් දෙසීය විසිපහක්‌ නොමැතිව ලෙබනනයේ සහන නිවසක ජීවත්වන මේ තරුණ මවගේත් දරුවාගේත් ඉරණම පිළිබඳ අපේ රටේ විදේශසේවා නියුක්‌ති කාර්යාංශය දැනුවත් බවය.

අපට කියන්නට ඇත්තේ විදේශ රටක සහනසේවා සපයන එන්ජීඕ එකක්‌ හමුවේත් පෙන්වන රටේ නොහැකියාව, ලෝකයා දකින විට විලි ලඡ්ජා හිතෙන බවය.

ජානක

මැද පෙරදිග කඳුළු කථාවට ඌණ පූර්ණයක්‌

රූපවාහිනීය ඔස්‌සේ සිරස එළියට දමාගත් විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන ඇමැති මෑතක දී දැඩි උද්දාමයකින් යුතුව තලු මරමින් ප්‍රකාශ කෙළේ විදේශ රටවල සේවය කරන මිලියන දෙකක්‌ පමණ වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් පසුගිය වසරේ ලංකාවට ඩොලර් බිලියන 08 ක මුදලක්‌ ප්‍රේෂණය කර තිබෙන බවය. මෙය දේශපාලකයකුට ප්‍රීති ප්‍රමෝදයක්‌ ගෙන දෙන ප්‍රවෘත්තියක්‌ වූවද වඩාත් විවරවූ මනසකින් මෙම ඉලක්‌කම් දෙස බලන විට දැකිය හැක්‌කේ ජාතියක්‌ වශයෙන් අපි දකින වඩාත් අසුන්දර වූ දර්ශනයකි.

විදේශයන්වල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතරින් මැද පෙරදිග වහල් සේවයේ යෙදෙන පිරිස සිතින් සහ ගතින් පරිභෝජනය කරන අනන්ත අප්‍රමාණ වූ දුක්‌ කන්දරාව පිළිබඳව සැබෑ තත්ත්වය මෙම මුදල් කන්දරාව තුළ සඳහන් නොවේ. විශේෂයෙන්ම තමන්ගේ මව් උණුසුම අහිමිව තම පැල්පත වටේ දත් විලිස්‌සාගෙන තමන් බිල්ලට ගන්නට සැදී පැහැදී බලා සිටින යක්‌ෂයින්ට බියේ සහ ඒ යක්‌ෂයින්ගේ පාපි දෑත්වලින් කිලිටිවන දරුවන් ගැනද මෙම මුදල් අතර යමක්‌ ලියවී නොතිබේ. එසේම කිසිදු කැමැත්තකින් තොරව තමන්ගේ සිරුරින් අරාබිකාරයින් සන්තර්පණය කර සිතින් හඬා වැටෙන අපේ කාන්තාවන් ගැන වචනයක්‌ හෝ දේශපාලුවන්ගේ ගඳ ගසන මුඛකුහර තුළින් පිට නොවීම අභාග්‍ය සම්පන්නය. අද අපේ දේශපාලකයින් උදම් අනන්නේ පිටරට යන ඔලුගෙඩි ගාන වැඩිවී ඒ වෙනුවෙන් ලංකාවට වැටෙන මුදල ගැන පමණය. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සිට විදේශ තානාපති කාර්යාලවල සේවය සඳහා පිටත්ව ගොස්‌ සිටින නරුමයින් අතින් කෙළෙසෙන සහ ඔවුන් තුළ කලාතුරකින් තෙතමනයක්‌ නැතිකම නිසා අනාථවන පිරිස්‌ ගැන මේ කිසිවෙකුත් වචනයකුදු කථා කරන්නේ නැත.

සෞදියේ පාලම් යටට වී කඳුළු සහ කාන්තාරය හරහා හමන වියළි සුළඟ පමණක්‌ පරිහෝජනය කරන අපේ සහෝදරියන්ගේ කථා වස්‌තුව ලියන්නට මෙම ඩොලර් කොළවල පිටු ප්‍රමාණය මදි බව ඔවුන් නොදනිති. තවත් රටක වීසා නැති කම නිසා අත්අඩංගුවට පත්ව පොලීසිය අතින් සමූහ දූෂණයට ලක්‌වන අපේ කතුන්ගේ අසරණකම මේ ඩොලර් අතර දූවිළි පමණක්‌ වී ඇති බව අපි දනිමු. තමන්ගේ අත්සන බලෙන් ලබාගෙන ශරීරියේ අවයව ගලවා ගන්නා හාම්පුතුන් මැදපෙරදිග වෙසෙන බවට හාන්කවිසියක්‌ වත් ඔවුන් නොදනිති. දැන සිටියත් ඒවා හරාම් නිසා ඒ ගැන කථා කරන්නේ නැත.

මේ හැමදේම අතර මැදපෙරදිග සහරාව හරහා ගලා එන්නේ ලාංකිකයින් ගසා කන තානාපති නිලධාරීන් පිළිබඳ කථාවයි. මින් එක්‌ කථාවක්‌ ඇසෙන්නේ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්ය. එහි මුස්‌ලිම් ජාතික කොන්සල්වරයා විසින් කරන ලද නොපණත්කම් පිළිබඳ ලැයිස්‌තුවක්‌ අප සතුව ඇත. මේ අතර අපේ කාන්තාවන්ට ලිංගික අතවර කිsරීම, ඔවුන් ගණිකා මඩම්වලට ගාල් කිරීම, ඔවුන්ගේ ප්‍රශ්න ගොඩින් බේරා හැරීමට හාම්පුතුන්ගෙන් මුදල් ගැනීම, හොර ඒජන්සිකරුවන් ආරක්‌ෂා කිරීම, රටේ මහජන මුදල් නාස්‌ති කිරීම සහ තමන් හමුවට පැමිණෙන ලාංකිකයන්ට බල්ලන් සේ ලා සැලකීම මින් කීපයකි. ඔහු ගැන ඇමැතිට පැමිණිලි කරන්නේ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාය. පුදුමයකි. සිදුවන්නේ හොරාට නව පන්නයේ දඬුවමක්‌ දෙමින් ඩිලාන් තම ගෝලයාට වඩාත් සුවපහසු ලෙස හොරකමේ යෙදෙන්නට ඉඩ පහසුකම් ඇතිව ලෙබනනයේ තානාපති කාර්යාලයට ස්‌ථාන මාරුවක්‌ ලබා දීමයි. මේ අපේ කාන්තාවන්ට යුක්‌තිය ඉටුවූ ආකාරයයි.

කිසිවෙකුත් අමතක නොකළ යුතු කරුණක්‌ ඇත. එනම් හැමදෙනාම විසින් තලු මරමින් සඳහන් කළ ඩොලර් බිලියන 08 මුදලක විදේශ විනිමය වැය වෙන්නේ අපේ ගමේ සීලවතීට, පාර්වතීට හෝ රිසානාට පැජරෝ ගන්නට නොවන බවයි. ඒ විදේශ විනිමය ආපසු පිටරට යන්නේ රටපුරා පැටව් ගසා සිටින දේශපාලකයන්ට වාහන ඇතුළු සුඛෝපභෝගී භාණ්‌ඩ ආනයනය කිරීමට නැතිනම් බලධාරීන්ගේ රට සවාරි සඳහා කරන වියදම්වලටයි.

මෙම කටුක යථාර්ථය හමුවේ අපි වඩාත් අවධාරණය කරන්නේ විදේශගත ශ්‍රමිකයා ආරක්‌ෂා කිරීමට මීට වඩා සාධනීය පියවරක්‌ ගත යුතු බවයි.

ලංකා වීරසිංහ

 

ඩිලාන් පාහරයා අපේ 22 වෙනි කැණහිලායි. මේ සක්කිලියාට ඡන්දය දෙන උදවිය තම තමන්ගේ තත්ව තම තමන්ම සිතා ගන්නා මෙන් අපි ඉල්ලා සිටිමු.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )