Media Dog – පර බලු මාධ්‍යකරුවා හඳුනා ගමු! පොළු පහර දී පන්නමු!

හෙලයට ශාපයක් වූ තවත් කැණහිල් බල්ලෙක් මහ සඟ රුවනට එරෙහිව ඉතා ඉහල උඩු බිරීමක් කර එක් වර නිහඬ විය. පර බල්ලාගේ නිවට හඬ හෙළයාට හොඳින් හඳුනාගත හැක. මේ එවන් ජාති මාමක හෙළයෙක් සී. ඒ. චන්ද්‍රප්‍රේම පර බල්ලාට දුන් පිළිතුරයි. අපගේ බලු ගහනයේ 37 වැන්නා ලෙස තේරුණ C.A. චන්ද්‍රප්‍රේම, මතු යම් දිනෙක කල කම් පලදී හොරි බල්ලෙක් සේ කුණු කාණුවක අවසන් හුස්ම පොද අරිත්වා.

 

සී. ඒ. චන්ද්‍රප්‍රේම

සී. ඒ. චන්ද්‍රප්‍රේම

භික්‌ෂු භීෂණයක්‌ නැත, මාධ්‍ය භීතිකාවක්‌ ඇත

රටක ජනමාධ්‍ය භාවිතය විධායකයේ සහ ව්‍යවස්‌ථාදායකයේa හැසිරීම තරම් වැදගත් වේ. ජනමාධ්‍යයන්ට රටක අනාගතය යහපතට මෙන්ම අයහපතට ඇද දැමීය හැක. මධ්‍යයට ගොරකා දඩමස්‌ කිරීමටත්, දඩමස්‌ ගොරකා කිරීමටත් හැකි බවට කථාවක්‌ ඇත.

ඒ සඳහා නවතම සිද්ධිය වනුයේ 2014 අප්‍රේල් මස 28 වැනි සඳුදා “දිවයින” පුවත් පතේ වම් ඉවුරට ලියන ලද “භික්‌ෂු භීෂණයෙන් රට ජාතිය බේරා ගැනීම” නම් ලිපියයි.

එම ලිපිය සාරාංශයක්‌ ලෙස ගත හොත්, භික්‌ෂුන් මැරයන්ය. ඔවුහු භීෂණය වපුරති. මල්වතු මහානායක හිමියෝa ද මෙම භික්‌ෂුන්ගේ ක්‍රියා හෙළා නොදැක අනුබල දෙති. විල්පත්තු අර්බුදය විසඳීමට සුදුසු භික්‌ෂූන් වහන්සේලා නොව චම්පික රණවක ඇමැතිවරයාය. මුස්‌ලිම් ජාතිකයන්ට විරුද්ධව හීන් නූලෙන් වැඩ කළ යුතුය ආදී වශයෙන් සඳහන් කර ලිපිය අවසන් කරන්නේ රජයට වන බලපෑම සහ බොදු බල සේනා පිළිබඳ රජය ගත යුතු තීරණය ද සඳහන් කරමිනි.

ඉහත සඳහන් කළේ චන්ද්‍රප්‍රේම මහතා මහනායක ස්‌වාමීන් වහන්සේලා, බොදු බල සේනා ස්‌වාමින් වහන්සේලා සහ වෙනත් සංවිධානවල ස්‌වාමීන් වහන්සේලා පිළිබඳ තම මතය දක්‌වා තිබීමයි. ඒ චන්ද්‍රප්‍රේම මහතාගේ කියවීමයි. මට දැනෙන අන්දමට චන්ද්‍රප්‍රේම මහතා 1957 දී එවකට සිටි ආණ්‌ඩුකාරවරයා විසින් පත් කරන්නට යෙදුන 1959 දී එළිදක්‌වන්ට යෙදුන “බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව” කියවා නැත. 2009 වසරේදී එළි දක්‌වන්නට යෙදුන “ශ්‍රී ලංකාවේ බෞද්ධයන් සදාචාර විරෝධී හා කූට උපක්‍රම මගින් අන්‍යාගම්වලට හරවා ගැනීම පිළිබඳව පරීක්‌ෂා කර බලා වාර්තා කිරීම සඳහා පත් කරනු ලැබු කොමිෂන් සභා වාර්තාව” කියවා නැත. එයට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් පත් කරන්නට යෙදුණ කොමිෂන් සභා වාර්තාව හෝ සිංහල කොමිසම ආදියේ වාර්තා ද කියවා නැති බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය.

බුදු දහමේ හරය හේතුඵල වාදයයි. යම් ඵලයක්‌ ඇත් නම් එය හේතුවක්‌ හෝ හේතු රාශියක්‌ නිසා හට ගත්තකි. හේතුව නොසොයා ඵලය ගැන පමණක්‌ ගෙන යම් කරුණක්‌ ගැන සාකච්ඡා කර පිළියම් යෙදීමට යෝජනා කිරීම පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක්‌ වැනි ක්‍රියාවකි. එබැවින් අද පවතින තත්ත්වයට හේතු වනුයේ මේ රටේ සිංහල බෞද්ධයාට යටත් විජිත යුගයේ සිට මේ දක්‌වා ඇතිව ඇති, දැනට ඉතා දැඩිව බලපාන ඓතිහාසික අසාධාරණය සහ පීඩනයයි. ඓතිහාසික අසාධාරණය නම් අවුරුදු දෙදහසකට වැඩි කාලයක්‌ රාජ්‍ය ආගම වු බුදු දහමට රාජ්‍ය ආගම් තත්ත්වය අහිමි කිරීම සහ මේ රටේ සංස්‌කෘතිය, සදාචාරය, සංස්‌කෘතිය බිහි කළ සිංහල භාෂාව කථා කරන සිංහල ජාතිකයන්ගේ “සිංහලේ” නම් රට “ලංකාව නැත්නම් ශ්‍රී ලංකාව” යනුවෙන් හැඳින්වීමයි. (මේ පිළිබඳ අවශ්‍ය වෙතොත් පසුව කරුණු දැක්‌විය හැක.) ඒ අනුව මෙම රටේ සිංහල බෞද්ධ යන අනන්‍යතාව නැතිව ගොස්‌ ඇති අතර දැන් දැන් මෙම රට බහුජාතික, බහු ආගමික, බහුසංස්‌කෘතික බහුභූත රටක්‌ බවට පත්ව ඇත.

එහෙත් ලෝකයේ අපේ රට වැනි දියුණු ශිෂ්ටාචාරයක්‌ ගොඩනැගූ අනෙක්‌ රටවල් තම අනන්‍යතාවය රැක ගෙන ඇත. ඒ අනුව 86% ක්‌ ජනතාවගේ බස වන ප්‍රංස බස කථා කරන ප්‍රංශ ජාතිකයන්ගේ රට ප්‍රංශයයි. ජනතාවගෙන් 75% ක්‌ වන තායි බස කථා කරන තායි ජාතිකයන්ගේ රට තායිලන්තයයි. ජනතාවගෙන් 50.4% ක්‌ වන මැලේ භාෂාව කථා කරන මැලේ ජාතිකයන්ගේ රට මැලේසියාවයි. එහෙත් 74.9%ක්‌ ක්‌ වන සිංහල බස කථා කරන සිංහලයන්ගේ රට “සිංහලේ” නොව ශ්‍රී ලංකාවයි. තව ද මැලේසියාවේ 50.4 ක්‌ වන මැලේ ජාතිකයන්ගේ අයිතිය සුරැකිමට එහි ව්‍යවස්‌ථාවෙන්ම (භුමිපුත්‍ර අයිතිය) සලසා ඇත. එමෙන්ම 54% ක්‌ පමණ වන µSජි ජනයාගේ සමස්‌ත රටේ භුමියට අයිතිවාසිකම් කිව හැක්‌කේ µSජි ජනයාට පමණි. වසර 1881 µSජි ජනයා 90%කට වඩා ජීවත් වුවද බටහිරට නතු වූ පසු වෙනත් 1966 වන විට 42.2 කට සිමා වුවත් දුරදක්‌නා පාලකයන්ගේ පිළියම් අනුව 2007 වන විට 56.7 ක්‌ දක්‌වා වැඩි කර ගැනීමට සමත් වී ඇත.

ඉහත සඳහන් එම ඓතිහාසික අසාධාරණයට අමතරව එනම් 1948 ලැබුණා යෑයි කියන නිදහසින් පසු බුද්ධ ශාසනයට අභියෝග කරන අන්තවාදී, මුලධර්මවාදීන්ගේ සූක්‌ෂම හා කුමන්ත්‍රණකාරි ක්‍රියාවන් ද අනෙක්‌ ආගම්වලින් සිදු කරන අන්‍යාගම්කරණය හා බෞද්ධ පරිසරය වැනසීම අද බෞද්ධාගමේ සුරක්‌ෂිත භාවයට තර්ජනයක්‌ වී ඇත. එහි අතුරුඑල වන්නේ සර්වාගමික, අන්තර්ආගමික සංකල්ප හේතුවෙන් ශාසනය ඇතුළතිත්ම මතු වූ ශාසනයේ පරිහානියට හේතු වන මරක්‌කල නිකායේ මොහමඩ් වටරැක වැනි අයවලුන්ගේ ක්‍රියාවනුයි. එමෙන්ම පල්ලි නිකායවල වරදාන වළඳන, සර්වාගමික වු තම අක්‌මුල් සිඳගත්a උන්වහන්සේලාගේ නොහොබිනා සම්බන්ධතායි.

අවාසනාවකට ශාසනයට ෙද්‍රdaහිකම් කරන අයට විරුද්ධ කටයුතු කරන්න රටේ පවතින යටත් විජිතවාදීන් ලබාදුන් නිතීයෙන් ප්‍රතිපාදන නොමැත. එම අඩුපාඩුව සකසා ගැනීමට නිදහසින් පසු බෞද්ධ ශාසනයේ තිරස්‌ථිතිය වෙනුවෙන් සම්මත කරගත යුතු පනත් ගණනාවක්‌ මහානායක ස්‌වාමීන් වහන්සේලා ඇතු`ඵ බෞද්ධ සංවිධාන මගින් දිගින් දිගටම පාලකයන්ගේ අවධානය යොමු කර ඇත. ඒ අතර බුද්ධ ශාසන පනත, ථෙරවාද භික්‌ෂු කතිකාවත් පනත, බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනත, විහාර දේවාලගම් ආඥාපනත සංශෝධන පනත හා ශ්‍රී ලංකා ථෙරවාදී දසසිල් මෑණියන් වහන්සේ සහ දසසිල් මෑණි ආරාම පිළිබඳ පනත ආදිය යි. මේ සියල්ල 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසරේදී (ව්‍ය.ව. 2011 දී) සම්මත කර දෙන බවට පාලකයන් දහ අතේ පොරොන්දු වුවද මෙතෙක්‌ කිසිදු පනතක්‌ පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කර නැත.

බෞද්ධයන්ට බරපතළ ලෙස බලපාන අන්‍යාගම්කරණයට එරෙහිම ඉදිරිපත් කරන ලද අයථා අන්‍යාගම්කරණය වැළැක්‌වීම සඳහා වන පනත අද හමස්‌ පෙට්‌ටියේවත් සොයා ගන්නට නැත.

අවුරුදු 2300 කට වැඩි ශාසන ඉතිහාසයක්‌ ඇති රටේ බෞද්ධයන්ට ශාසනික ගෞරවය රැක ගැනීමට ඇති කළ යුතු සංඝාධිකරණ පනත ඊනියා නිදහසින් අවුරුදු 66 ක්‌ ගෙවීත් බළ ගැන්වීමට නොහැකි වී ඇත. එහෙත් දෙමල ජනතාවට වෙන් වු වෙනම නීතියක්‌ ඇත. මුස්‌ලිම් ජාතින් වෙනුවෙන් ද ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත කළ වෙනම නීතියක්‌ මෙන්ම ඔවුන්ටම වෙන් වු ක්‌වාසි අධිකරණ පද්ධතියක්‌ ද ඇත. මෙවැනි අණ පනත් රාශියක්‌ සම්මත කරගෙන මුස්‌ලිම් ප්‍රජාව වෙනම තමන්ගේම අන්‍යතාවක්‌ ගොඩ නගා ගනී. එයට අමතරව අමානුෂික නීතියක්‌ වු ෂරියා නීතිය ද නිල නොලත් ආකාරයෙන් ක්‍රියාත්මක වේ.

බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය ෙත්‍රෙයි නිකායික මහානායක නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විද්වත් මහා සංඝරත්නය ප්‍රධාන බෞද්ධ සංවිධාන ගණනාවක්‌ සම්බන්ධව රජයට අනුශාසනා කිරීම සඳහා මඩිහේ පඤ්ඤාසිහ මහානාහිමියන් ආරම්භ කරන ලද ආයතනයකි. එම මණ්‌ඩලයේ ගිහි පැවැදි සාමාජිකයන් කිසිදු දිනක මහ පාරට බැස උද්ඝෝෂණය කර නැත. මෙම ශාසනික ගැටලු සාකච්ඡා කිරීම සඳහා වරින්වර ජනාධිපතිතුමන් මුණ ගැසීමට අවස්‌ථා ඉල්ලා සිටිය ද එය මෙතෙක්‌ නොතකා හැර ඇති බව මෙම ලියුම්කරු දන්නා සත්‍ය කරුණකි. එහෙත් ජනමාධ්‍ය මගින් වෙනත් ආගමික සංවිධාන වල නායකයන් නිරන්තරයෙන් ජනාධිපතිතුමන් හමුවන බව අපට දැක ගත හැක. එසේ නම් බෞද්ධයාගේ මතය කෙසේ කාට ඉදිරිපත් කරම් ද?

චන්ද්‍රප්‍රේම මහතා බෞද්ධයාට ඇති ගැටලු පිළිබඳ ලිපි කියක්‌ පළ කර ඇද්ද? එසේ පළ කර ඇත් නම් ඒවාට ලැබුණ පිළිතුරු මොනවාද යන්න අපද දැනුවත් කරන්නේ නම් මැනව. එබැවින් චන්ද්‍රප්‍රේම මහතාණෙනි, ඔබ කරුණු හරි හැටි නොදැන අගතිගාමීව අපේ මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයට නිරපරාදේ චෝදනා කිරීමෙන් වළකින්න. අවම තරමින් බොදු බල සේනා සංවිධානයේ හිමිවරුන් සම`ග මෙම කරුණු පිළිබඳ එක්‌ වරක්‌ වත් සාකච්ඡා කර තිබේ ද? නැත් නම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි සමග වරක්‌ සාකච්ඡා කර බලන්න.

ඔබගේ ලිපියේ මාක්‌ස්‌වාදය සරණ කර ගත් සමාජවාදය ගැන කථා කළ යම් කිසි භික්‌ෂු කණ්‌ඩායමක්‌ වු “කුඩහපොල බලකායේ” හිමිවරුන්ට රට ජාතිය ආගම ගැන කතා කරනා මහා සංඝරත්නය සම කිරීමට තැත් කිරීම අමනෝඥ ක්‍රියාවකි. කෙසේ වෙතත් ඔබතුමන් එම කණ්‌ඩායමේ ක්‍රියාකාරකම් ගැන හොඳින් දනී. එකළ එම සංවිධානයටත් එහි ප්‍රධාන සංවිධානයටත් විරුද්ධ වු “ප්‍ර” නම් සංවිධානයක්‌ විය. කුඩහපොල බළකාය පිළිබඳ වඩාත් හොදින් කරුණු දන්නේ “ප්‍ර” සංවිධානයේ කාඩරයන්ය. “ප්‍ර” සංවිධානය “කුඩහපොල බළකාය” තරම්ම දරුණුය. “ප්‍ර” සංවිධානයේ හිටපු සාමාජිකයන් දැන් සමාජයේ ඉහළ තල වල වැජඹෙති. සමහරු මැති ඇමැතිවරුන්ය. සමහරු සමාජ ශෝධකයන්ය. සමහරු ජනමාධ්‍යවේදීන්ය. අපට නම් කුඩහපොල බළකායත් “ප්‍ර” සංවිධානයත් දෙකම ත්‍රස්‌තවාදී සංවිධානයන් ය. චන්ද්‍රප්‍රේම මහතා දන්නා පරිදි එම “කුඩහපොල බළකායට” අයත් යම්කිසි භික්‌ෂුවක්‌ වේ නම් දැන් වුවත් ඒ පිළිබඳ අදාල අංශ දැනුවත් කිරීම වැදගත් වනවා ඇත.

චන්ද්‍රප්‍රේම මහතාගේ ලිපියේ දැක්‌වෙන පරිදි නූල් සූත්තර යොදා මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථානවලට සිංහල බෞද්ධයන් යන එක වැළැක්‌විය යුතුය. නූල් සූත්තර යොදා ගන්නේ යමක්‌ එළි පිට කරන්න බැරි කොඳු කඩාගත් එවුන් ය. බොදු බල සේනා සංවිධානය කිසිදු දිනක මුස්‌ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියා නැත. එහෙත් තමන්ගේ ජාතිය නගා සිටුවිමට නම් තම ජාතියේ ආර්ථිකය ශක්‌තිමත් කිරීමේ වැදගත්කම් පෙන්වා දෙයි. බොදු බල සේනා සංවිධානය මුස්‌ලිම් ප්‍රශ්නය හෝ වෙනයම් ප්‍රශ්නයක දී නූල් සූත්තර, හැංගිමුත්තම් කරන්නේ නැත. කියන දේ කරයි. කරන දේ කියයි. අප තව ජන වර්ගයකට නුල් සුත්තර කරනවා යෑයි කියනවා යන්නෙන් හැගෙන්නේ යටිකුට්‌ටු වැඩ කරනවා යන්නයි. අපට සිදු වී ඇති අසාධාරණය නිවරුදි කරගන්නවා විනා තවත් කිසිවෙකුටු නූල් සූත්තර යොදා ගැනීම නොසන්ඩාල වැඩකි.

චන්ද්‍රප්‍රේම මහතා ලිපිය අවසානයේ වත්මන් පාලක පක්‌ෂයට ලනු දෙයි. රජය ගොනාට අන්දන්න උත්සහ කරයි. මෙවර බස්‌නාහිර සහ දකුණු පළාත් සභා ඡන්දයේ දී සන්ධානයේ ඡන්ද ප්‍රතිශතයේ සුළු අඩුවීමක්‌ සිදු වී එක්‌සත් ජාතික පක්‌ෂයට ඡන්ද ස්‌වල්ප ප්‍රමාණයක්‌ වැඩි වීමට හේතු වූයේ බොදු බල සේනා සංවිධානය එක්‌සත් ජාතික පක්‌ෂ මුලස්‌ථානයේ සිදු වු සිද්ධිය හේතුවෙන් බව කියයි. එසේ නම් දැඩි බොදු බල සේනාවට සෘජුව විරෝධය දක්‌වන මුස්‌ලිම් කොන්ග්‍රසයට ඡන්දය විශාල ලෙස අඩු වූයේ කෙසේද? එපමණක්‌ නොව ජනතා විමුක්‌ති පෙරමුණට පසුගිය ඡන්දයේ දී වැඩි වූ ප්‍රතිශතය එජාපයට වඩා කිහිප ගුණයකින් වැඩිය. ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩි වුනේ ජනතා විමුක්‌ති කාර්යාලය ඉදිරිපිට බොදු බල සේනා සමග ගැටුමක්‌ සිදුවීමක්‌ද? මාධ්‍යවේදියෙකුගේ වගකීම රජය හා ජනතාව ගොනාට ඇන්දවීම ද?

ඔහු ලිපිය අවසන් කරන්නේ “මොවුන් මේ කරන්නේ 1983 තාලයේ මෙන් සිංහල – මුස්‌ලිම් කෝලාහලයක්‌ ඇති කොට ආණ්‌ඩුවේ අණසක තවත් දුර්වල කිරීමට බව පැහැදිලිය. ආණ්‌ඩුව මේ අවස්‌ථාවෙදී තීන්දු කළ යුත්තේ තමුන් ඉන්නවාද නැති නම් නම් යනවා ද යන්නයි” යනුවෙනි. ආණ්‌ඩුවක්‌ දුර්වල වන්නේ කේවට්‌ඨයන්ගේ බස්‌ අසනු ලැබුහොත් ය. අපේ විශ්වාසය නම් ප්‍රශස්‌ති ලියුවාට කේවට්‌ඨයන්ට කිසිදු දිනෙක මහඖෂධ පණ්‌ඩිතයෙකු වීමට නොහැකි බවයි. තමන්ගේ ජාතිය ආගම හෙළා දැක කටයුතු කරන අයෙක්‌ අන් ජාතීන්ට, ආගමිකයන්ට ගෞරව කරයි යෑයි සිතිය නොහැක. ආගම, ජාතිය මුදල් වූ විට ඒ වෙනුවෙන් ඕනැම පවාදීමක්‌ කිරීමට සුදානම් ජුදාස්‌ලා අදද මේ සමාජයෙත් ඇත.

පානී වෑවල

http://www.divaina.com/2014/05/10/feature02.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )