BARKING JOHN – පොලීසියට බුරා පනින නින්දිත ජෝන් බල්ලා

ජෝන් අමරතුංග බල්ලාට මහා ප්‍රශ්ණයක් වී ඇත්තේ හරියටම ශාක්ෂි සමඟ රොයිස් නම් එජාප පාදඩයා පොලීසිය විසින් කල් නොයවා අල්ලා ගැනීම මිස රොයිස් පාපතරයා කල කුපාඩි වරද නොවේ. එවන් පක්ෂයක් බලයට ආවේ නම් මහදවල් මුළු රටම මංකොල්ල කන තත්වයක් උදාවනු ඇත. 83 කළු ජූලියේදී ජේ. ආර්. හම්බයා කල සේ නපුංසක රනිල් ආණ්ඩුව විසින් පොලීසියට නිවාඩු දෙනු ඇත.   මීගමුවේ එජාප ප්‍රධාන සංවිධායක මන්ත්‍රී මංකොල්ලය පිළිගන්නා විට  ජෝන් බල්ලා බුරපු බිරිල්ල නිවැරදිව කිරා බලා තේරුම් නොගන්නා මන්ද බුද්ධිකයන් පමණක් මෙවර එජාපයට ඡන්දය දෙනු ඇත.

උඩු බුරන මූසල ජෝන් බල්ලා


රොයිස්‌ ප්‍රනාන්දු සැකකරුවකු නම් නීතියෙන් ඔප්පුකර පෙන්වන්න

ජෝන් අමරතුංගගෙන් අභියෝගයක්‌

නෝමන් පලිහවඩන

මීගමුවේ විදෙස්‌ හුවමාරු මධ්‍යස්‌ථානයේ ඉකුත් 17 වැනිදා මහා දවාලයේ සිදුවූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් කොල්ලය සම්බන්ධව පොලිස්‌ අත්අඩංගුවට පත් වූ එජාප පළාත් සභා අපේක්‍ෂක රොයිස්‌ ප්‍රනාන්දු මහතා හොරෙකු බව නීතියෙන් ඔප්පුවිය යුතුව ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා “දිවයින”ට ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

ජෝන් අමරතුංග මහතා මෙසේද කීවේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‍ෂක ලැයිස්‌තුවලත් විවිධ සිද්ධීන්වලට සම්බන්ධ අය සිටිනවා. ඒගොල්ලෝ නිදැල්ලේ. එජාපයට පමණක්‌ අලුත් නීති. රොයිස්‌ ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත් ආකාරයට රජයට සම්බන්ධ නිදැල්ලේ සිටින සැකකරුවනුත් අත්අඩංගුවට ගත යුතුයි. මීගමුවේ සිදුවූ මුදල් කොල්ලය පසුපස රොයිස්‌ ප්‍රනාන්දු මහතා සිටිනවා නම් එය ඔප්පුකර පෙන්වා දිය යුතුයි. ඔහු තවම සැකකරුවකු පමණයි.

http://www.divaina.com/2014/02/24/news31.html

 

වරද පිළිගත් තක්කඩි රොයිස් පාහර බල්ලා

 


‘කෝටි 2 කොල්ලකෑවේ ඡන්දයේ වියදමට’

මීගමුවේ කෝටි 2 කොල්ලය මෙහෙයවා ඇති මීගමුවේ එජාප ප්‍රධාන සංවිධායක මන්ත්‍රී කියයි

මීගමුව සමූහ – විමල් කීර්ති


කෝටි 2 කොල්ලයට පෙර හෙල්මට්‌ තේරීමට ගිය ගමන සීසීටීවී කැමරා ඇසින්..

මීගමුවේ “ජුවෙල් ලංකා” නමැති ස්‌වර්ණාභරණ අලෙවිසල සහ විදේශ මුදල් මාරුකිරීමේ මධ්‍යස්‌ථානයේ පසුගියදා සිදුකළ කෝටි 2 (ලක්‍ෂ 200) කොල්ලය මෙහෙයවා ඇත්තේ මීගමුව එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක රොයිස්‌ විජිත ප්‍රනාන්දු යන අය විසින් බවත්, ඔහු කොල්ලය සිදුකර ඇත්තේ මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින ඔහුගේ මැතිවරණ වියදම් සඳහා මුදල් නොමැතිකම නිසා බවත් මීගමුව පොලිසිය විසින් සිදුකළ පුළුල් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මීගමුව එ.ජා.පක්‍ෂ ප්‍රධාන සංවිධායක ධුරයට අමතර ඔහු එජාප මීගමුව නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර (22 දා) මීගමුව පොලිසිය මගින් මීගමුව ගල්කන්ද හන්දිය ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් රිය වටකොට අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර මීගමුව පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර එහි සැකකරුවකු මීගමුව පෙරියමුල්ලේ පදිංචි ඉර්ෂාඩ් නමැති 28 හැවිරිදි අවිවාහකයෙකි. ඔහු මෙම කොල්ලකෑම මෙහෙය වූ බව කියන රොයිස්‌ විජිත ප්‍රනාන්දු නමැත්තාගේ රියෑදුරුය. අත්අඩංගුවට ගත් අනෙක්‌ සැකකරු කිඹුලාපිටිය පත්තෑයම්වත්තේ පදිංචි තරිඳු නමැති කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් හලක සේවකයෙකි. ඔහු ඉර්ෂාඩ් නමැත්තාගේ පාසල් මිතුරෙකි.

පොලිස්‌ විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ රොයිස්‌ විජිත ප්‍රනාන්දු නමැත්තා අධික ණය බරකින් පෙළුණු අයකු බවත් ඔහුට පළාත් සභා මැතිවරණය සඳහා වියදම් කිරීමට පවා මුදල් නොතිබුණ බවත්ය.

මෙහිදී එම කොල්ලයට සහභාගි වූ ඉර්ෂාඩ් (රියෑදුරු) නමැත්තා මුදල් අගහිඟකම්වලින් පෙළුනු බව කියන රොයිස්‌ විජිත ප්‍රනාන්දු නමැත්තාට පවසා ඇත්තේ “සර් බය වෙන්න එපා අපි සර්ව ගොඩදමන්නම්” කියාය.

මෙම කොල්ලයට සෘජුවම සම්බන්ධ වූ ඉර්ෂාඩ් සහ තරිඳු නමැත්තන් කොල්ලය සඳහා උපයෝගි කරගත් යතුරුපැදි දෙක අලුත් ආරක්‍ෂක හිස්‌වැසුම් (හෙල්මට්‌) දෙක සහ කබා කිඹුලාපිටිය පත්තෑයම් වත්තේ ලඳු කැලෑවක සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලඳු කැලෑවක්‌ තුළ දමා පලා ගොස්‌ තිබියදී පොලිසියට හමුවී ඇත.

පසුව ආරක්‍ෂක හිස්‌වැසුම් අලෙවි කරන මීගමුව හලාවත පාරේ හෙල්මට්‌ අලෙවිසලක සී. සී. ටී. වී. කැමරාවක පටිගත වූ දර්ශන ඔස්‌සේ මෙහි ප්‍රධාන සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇත. පසුව මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සජිත් රත්නායක, පොලිස්‌ පරීක්‍ෂක ගජනායක යන මහත්වරුන් විසින් සිදුකළ පුළුල් විමර්ශනවලදී කොල්ලකෑම සිදුකළ “ජුවෙල් ලංකා” ආයතනයේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරාවල පටිගත වී තිබුණ දර්ශන, සැකකරුවන් විසින් ආරක්‍ෂක හිස්‌වැසුම් මිලදී ගත් ආයතනයේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරාවල ඇති දර්ශන සහ කොල්ලය සිදුකළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා එම අවස්‌ථාවේ ඇඳ සිටි පාපන්දු ක්‍රීඩකයන් අඳින ටී ෂර්ට්‌වල තිබූ සලකුණු ඔස්‌සේ පුළුල් පරීක්‍ෂණ සිදුකර කොල්ලය සිදුකළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව සිටින කොල්ලය මෙහෙයවූ බව කියන රොයිස්‌ විජිත ප්‍රනාන්දු නමැත්තා විශේෂ කාර්ය බළකායේ හිටපු නිලධාරියෙකි. මොහුට එරෙහිව මීට පෙරද විදේශ මුදල් කොල්ලකෑමේ නඩුවක්‌ පැවති අතර ඔහුට එරෙහිව සාක්‍ෂි නොමැතිකම නිසා ඔහු නඩුවෙන් නිදහස්‌ විය. කොල්ලකෑ මුදලින් කොටසක්‌ද අත්අඩංගුවට ගෙන ඇත. තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ජයන්ත ලියනගේ, මීගමුව මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ගාමිණී හල්ලව, පො. පරීක්‍ෂක සජිත් රත්නායක, පොලිස්‌ පරීක්‍ෂක ගජනායක, සැරයන් නිශ්මි ඇතුළු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙහි විමර්ශන කටයුතු සිදුකළහ. 

http://www.divaina.com/2014/02/24/news01.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )