JHU – අද හෙළයට – වටිනම අය

එජාපය දිනෙන් දින බලු වෙන අයුරු අපි පුවත් පත් වලින් දකින්නෙමු. කඳ බඩ පමණක් නොව බෙල්ල සිරුරේ ගිලෙන තරමට තර වූ නූගත් ප්‍රේතයන් මෙන් ඇමතියන් ආණ්ඩුව තුල හා පිටත නොඅඩුව ලගිමින්  රට දැය සමයට ඉහඳ තබන අයුරුද අපේ කැණහිල් බලු ගහණය තුලින් දුටුවෙමු. හෙළයේ වාසනාවට පහල වූ ශ්‍රේෂ්ඨ නායකයන්ද අතරින් පතර හෝ සිටීම ජාතියේ පෙර පිනකි. පක්ෂයක් වශයෙන් ගත් කල දුගඳ දේශපාලන කුණු වලේ උපන් සියපතක් මෙන් තම පෙති මත කුණු නොතවරාගත් ආදර්ශවත් ප්‍රඥාවන්ත දේශපාලන දැක්මක් ඇති, හෙළ බෞද්ධයාගේ එකම දේශපාලන හඬ වූ ජාතික හෙළ උරුමයේ තවත් සුවඳ පිරි සත්ක්‍රියා සමූහයක් මෙසේ ඔබේ අවධානයට.

 


සියලූ නිල දේපළ යළි භාරදුන්නේ ගම්මන්පිල පමණයි
– කැෆේ කියයි

චමින්ද සිල්වා

බස්‌නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැර ඇතත් 19 වැනිදා වන විට තමන් භාවිත කළ නිල වාහන ඇතුළු රාජ්‍ය දේපළ පළාත් සභාවට ලබාදී ඇත්තේ හිටපු බස්‌නාහිර ඇමැති උදය ගම්මන්පිල මහතා පමණක්‌ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

පළාත් සභා දෙක විසුරුවා හැර දින ගණනාවක්‌ ගතවී ඇතත් මෙතෙක්‌ රාජ්‍ය දේපළ භාර නොදුන් මහජන නියෝජිතයන්ගෙන් එම දේපළ භාරදෙන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

පළාත් දෙකේ ඇතැම් නියෝජිතයන් භාවිත කළ ඇතැම් දේපළ පළාත් සභා වෙත භාරදී ඇති බව දැනගන්නට ඇතත් සියලුම දේපළ භාරදී ඇත්තේ උදය ගම්මන්පිල ඇමැතිවරයා පමණක්‌ බවද කියා සිටි තෙන්නකෝන් මහතා අනික්‌ නියෝජිතයන් හා කාර්ය මණ්‌ඩලය භාවිත කරන රාජ්‍ය දේපළ ඉක්‌මනින් ලබාදෙන්නේ දැයි තම සංවිධානය අවධානයෙන් බලා සිටින බවද කියා සිටියේය.

http://www.divaina.com/2014/01/25/news13.html


දළදා වහන්සේ අබියසදී දස වැදැරුම් ප්‍රතිඥවකින්
ගම්මන්පිල ඡන්ද කටයුතු අරඹයි

චමින්ද සිල්වා, සිරිල් විමලසුරේන්ද්‍ර – මහනුවර

පෝස්‌ටර්, පොලිතින් සහ රතිඤ්Æ භාවිතයෙන් වැළකී සිටීම ඇතුළු දස වැදෑරුම් ප්‍රතිඥවක්‌ ලබාදෙමින් උදය ගම්මන්පිල මහතා ඊයේ (10 දා) දළදා වහන්සේ අබියසදී මැතිවරණ කටයුතු ආරම්භ කළේය.

බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේ කොළඹ ස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග ව න උදය ගම්මන්පිල මහතා ලබාදුන් දස වැදෑරූම් ප්‍රතිඥව මෙසේය.

පෝස්‌ටර්, පොලිතින් සහ රතිඤ්Æ භාවිතයෙන් වැළකී සිටීමට, රාජ්‍ය දේපළ භාවිතයෙන් වැළකී සිටීමට, මැතිවරණ නීතිවලට ගරු කිරීමට, ජනතාවට සත්‍ය පමණක්‌ ප්‍රකාශ කිරීමට, කිසිම ආකාරයක ප්‍රචණ්‌ඩ ක්‍රියාවක්‌ නොකිරීම, අනෙකුත් අපේක්‍ෂකයන් පදනම් විරහිතව විවේචනය කිරීමෙන් වැළකී අපේක්‌ෂකයන් අතර ද්වේශය සහ ක්‍රෝධය පැතිරෙන ප්‍රකාශ නොකිරීම, විදේශීය රාජ්‍යයන්ගෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් හෝ අරමුදල් භාර නොගැනීම, මැතිවරණ ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් තම වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීම, පළාත් ආණ්‌ඩුකාරවරයාට වාර්ෂිකව භාරදෙන වත්කම් බැරකම් ප්‍රකාශ තම වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීම. ඒ මහතා දස වැදෑරුම් ප්‍රතිඥ ලබාදීමෙන් පසු මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

http://www.divaina.com/2014/02/11/news18.html

 


ගම්මන්පිල මැතිවරණ ව්‍යාපාරය අරඹයි

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිසා අපේක්‍ෂක කණ්‌ඩායම් නායක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ සමාරම්භක උළෙල ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (13 දා) දින පෙරවරු 10.00 ට පැවැත්වේ.

http://www.divaina.com/2014/02/13/news44.html


පළාත් සභා බලතලවලින් වැඩ කළ හැකි අයුරු
උදය ගම්මන්පිලගෙන් ඉගෙන ගත යුතුයි

– ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

සිරිමන්ත රත්නසේකර

පළාත් සභාවක්‌ සතුව ඇති බලතලවලින් එහි වැඩ කළ හැක්‌කේ කෙසේද යන්න බස්‌නාහිර පළාත් හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතාගෙන් ඉගෙන ගත යුතු බව ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මෑතකදී මෙරට සංචාරයේ යෙදුනු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්‌වාල් මහත්මිය පළාත් සභා බලතල ප්‍රමාණවත් නැතැයි කී විට තමා උදාහරණයකට ගෙන පෙන්වූයේ උදය ගම්මන්පිල මහතාගේ පස්‌වසරක වැඩපිළිවෙළ බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම අදහස්‌ පළ කළේ බස්‌නාහිර පළාත් සභා අපේක්‍ෂක එජනිස කොළඹ දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක නීතිඥ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවය කොළඹ පදනම් ආයතනයේ ඊයේ 13 වැනිදා පැවැති අවස්‌ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්‌වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා – ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භයට මා පැමිණියේ ඔහු පළාත් සභා ඇමැතිවරයකු ලෙස පසුගිය පස්‌වසර තුළ ඉතා සාර්ථකව වැඩකටයුතු කළ නිසයි.

ඒ නිසා එතුමාට මෙවර පළමු වර ලබාගත්තා මෙන් තුන් ගුණයක්‌ ඡන්දය ලබාදීලා පළාතෙන් පළමු වැනියා කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් උදය ගම්මන්පිල මහතාත් සැමදා ජනතාව ඉදිරිපිටට යන්නේ ඔවුන් දුන් පොරොන්දු ඉටු කරලයි. අප පසුගිය වසර පහ තුළ යුද්ධය පැවැති ප්‍රදේශ ඇතුළුව අනෙකුත් ප්‍රදේශ ඉතා උසස්‌ මට්‌ටමින් සංවර්ධනය කර තිබෙනවා.

යුද්ධයක්‌ පැවැති කිසිදු රටක්‌ යුද්ධය අවසන් වීමෙන් පසු සිදු නොකරපු සංවර්ධනයක්‌ වත්මන් රජය පසුගිය සිව් වසරක කාල සීමාව තුළ කර තිබෙනවා. අපගේ දේශපාලනයේ පක්‍ෂ පාට, ආගම්, කුල ගෝත්‍ර නැහැ. අපට අවශ්‍ය ජනතාව වෙනුවෙන් වැඩ කරන්නයි. ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කුණු අදින්න වුණත් මා සූදානම්.

මෑතකදී අප රටට පැමිණි ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය මා හමු වී පැවසුවේ උතුරට ඡන්දය දුන්නට ඔවුන්ට බලතල ලබාදීලා නැහැ කියලයි. එවිට මම කිව්වේ උතුරට තියෙන්නෙත් බස්‌නාහිරට, දකුණට, වයඹට ඇති බලතල තමයි කියලයි.

දැන් සමහරු පවසන්නේ ජිනීවා යන්නේ රට නොවෙයි රජය කියලා. අප ඔවුන්ගෙන් අහනවා අපේ යුද හමුදාව කියන්නේ අපගේ රට නොවේද කියලා. ඉන්දියන් සාගරයේ බලය පැතිරවිය හැකි ඊට උදව් දෙන නායකයකු පත්කර ගැනීම ඇමරිකාවේ වුවමනාවයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ හිටපු පළාත් සභා ඇමැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිස්‌ත්‍රික්‌ නායක නීතිඥ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා-

ජර්මනියේ ලිබරල් පක්‍ෂය වසර පනස්‌හතක්‌ එරට පාලනය කළා. සිංගප්පූරුවේ මහජන පක්‍ෂය දිගු කලක්‌ රට පාලනය කළා. වත්මන් මහින්ද රාජපක්‍ෂ රජය දීර්ඝ කාලයක්‌ රට පාලනය කරනවා දැකීම අපගේ සිහිනයයි.

අපේ ඡන්දය බස්‌නාහිර හා දකුණේ පැවැත්වුණත් රටට එරෙහි බැරක්‌ ඔබාමාගේ ඡන්දය මාර්තු 28 ජිනීවා හිදී පැවැත්වෙනවා. අප ඊට මුහුණ දිය යුතුයි.

මෙහිදී මහාචාර්ය රංජිත් බණ්‌ඩාර, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, වෘත්තීයවේදීන්, නීතිවේදීන්, විද්වතුන්, ලේඛකයන්, ව්‍යාපාර ප්‍රජාව, කලාකරුවන් සහ ක්‍රීඩක ප්‍රජාව නියෝජනය කරමින් ආරාධිතයන් රැසක්‌ද සහභාගි වූහ.

http://www.divaina.com/2014/02/15/news33.html

රජය තුල, ඉන් පිට සිටින ඇමති මුග්ධයන්ට, උන්ගේ පවුල් වල සුනඛ පැටවුන්ට තවත් රට දෙනවාද? හෙළයේ නියම හිමි කරුවන් ඒ වෙනුවට පත් කර ගන්නවාද? අපගේ ඡන්දය එය තීරණය කරණු ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )