DRUNKEN DOG -මෙවන් පුවත් එජාප බලු කඳවුරෙන්ම පමණි!

පාලිත බල්ලාගෙන් නායක බල්ලා බේරා ගැනීමට මෑතක රනිල් බල්ලාගෙ දත් පහර නොඅඩුව කෑ ජෝන් බල්ලාත්, රංජන් රාමනායකත් ඉදිරිපත් වීම කොතරම් ශ්‍රේෂ්ඨ බලු ගතිද? එජාප බල්ලනී තොපේ බලු දේශපාලනය නින්දිත පුවත් පිරි වැසිකිළි වලකි. ලඟ එන මැතිවරණය පාදඩ බලු ඡන්දදායක අනුගාමිකයන් ලොවට පාන කැඩපතක්ම වේවා!


රනිල්ට පහරදීමේ තැතක්‌ !
අසභ්‍ය වචනයෙන් බැණවදී
තෙවරප්පෙරුමගේ පුතාට නාම යෝජනා
නොදීම නිසා ඔහු රනිල්ට පහරදීමට යද්දී
ජෝන් සහ රන්ජන් රනිල් රැකගනිති

‘තෙවරප්පෙරුම ඒ වන විට හිටියේ හොඳටම බීලා’
– ජෝන් අමරතුංග

අකිත පෙරේරා

සිය පුත්‍රයාට පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා ලබා නොදීම නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (05 දා) එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදීමට තැත්කරමින් ඉතා කළහකාරී ලෙස හැසිරී ඇත.තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා එජාප නායකයාට බැණ වදිමින් පහරදීමට සහ අතින් ඇදීමට උත්සාහ කළ අවස්‌ථාවේ ඒ අසල සිටි ජෝන් අමරතුංග, රන්ජන් රාමනායක යන මහත්වරුන් සහ ආරක්‍ෂක නිලධාරීන් මැදිහත්ව රනිල් වික්‍රමසිංහ මහතාට වහාම ආරක්‍ෂාව සපයා තිබේ.

පසුව එජාප නායකයා එම ස්‌ථානයෙන් ඉවත් කර ගනිමින්පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පාලනය කිරීමට ද එහි සිටි පිරිස ක්‍රියා කර ඇති අතර ආරක්‍ෂක නිලධාරීන් මන්ත්‍රීවරයාව බදා ගෙන එතැනින් ඉවත් කර ගෙන ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණ ගැනීමට එජාපය ඊයේ දිනයේදී පාර්ලිමේන්තු කමිටු ශාලාවකට රැස්‌වූ අතර එම රැස්‌වීම අවසන් වීමට ආසන්න වන විට සිය පුත්‍රයාට නාම යෝජනා ලබා නොදීම සම්බන්ධව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අදහස්‌ දැක්‌වීමට අවශ්‍ය බව පවසා ඇත.

මන්ත්‍රී කණ්‌ඩායම්

රැස්‌වීම් පවත්වන්නේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කිරීමට මිස නාම යෝජනා සම්බන්ධව කතා කිරීමට නොවේ යෑයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා තිබේ. එහෙත් තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා දිගින් දිගටම කරුණු දක්‌වමිsන් බැණ වදිමින් එජාප නායකයා අසලට ගොස්‌ පහරදීමට තැත් කර ඇත.

මෙවර පළාත් සභා මැතිවරණයේදී තම පුත්‍රයාට නාම යෝජනා ලබා නොදී දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක උදිත ඉලේපෙරුම සහ ජගත් පින්නගොඩ විතාන මහත්වරුන්ට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැඩි ලෙස එජාප නායකත්වයට චෝදනා කර ඇත.

ජගත් පින්නගොඩ මහතාට කළුතර දිස්‌ත්‍රික්‌ සංවිධායක තනතුරක්‌ ලබාදීම සම්බන්ධයෙන් ද හෙතෙම සිය අප්‍රසාදය පළ කර ඇති අතර එජාප නාමයෝජනා මණ්‌ඩලයට ද දැඩි ලෙස දොaෂාරෝපණය කළ බව එජාප මන්ත්‍රීවරයෙක්‌ ‘දිවයින’ට කීය.

නාමයෝජනා සම්බන්ධව පක්‍ෂ නායකත්වය සමඟ මන්ත්‍රීවරයකු ඉතා අශෝභන ලෙස හැසිරුණු තමා දුටු ප්‍රථම අවස්‌ථාව මෙය බවත් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක්‌ යෝජනා කර ඇතැයි ද ඉහත මන්ත්‍රීවරයා පැවැසීය.

 

http://www.divaina.com/2014/02/06/news01.html

 

 


‘තෙවරප්පෙරුම ඒ වන විට හිටියේ
හොඳටම බීලා’

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (5 දා) එජාප මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට එජාපය තීරණය කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා ක්‍රියා කරන බවත් ඊට විනය පරීක්‍ෂණ කමිටුවක්‌ පත් කිරීමට පක්‌ෂය ක්‍රියාකරන බව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ”දිවයින” ට පැවසීය. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඒ වන විට ”හොඳටම බීලා හිටියේ” යෑයිද ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් කීය.

http://www.divaina.com/2014/02/06/news24.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )