PSEUDO MONKS FOR UNP DOGS – එජාප බල්ලන්ගේ පාපී චීවරදාරී එක්‌සත් භික්‍ෂු පෙරමුණ

හලාල් ව්‍යසනයේදී තම්බින්ගේ හරක් මස් බුදිමින් හැංගුන UNP චීවරධාරීන්, එජාපය වෙනුවෙන් මේ කෑ ගසන්නේ කුමණ හේතුවක් නිසාදැයි කිසිවිට පවසන්නේ නැත. හේතුව නම් එසේ කියන්නට සොයාගත හැකි කිසිදු පිළිගත හැකි ඒකක් නැති වීමයි. මෑතදී එජාප බල්ලන් විසින් බොදුබල සේනා මහ සඟ රුවනට ශාරීරික අඩන්තේට්ටම් කලේ උතුම් චීවරය කෙරෙහි එම කල්ලතෝනි බල්ලන්ගේ නියම පිළිගැනීම පෙන්වීමටය.


ගිරාඹේ හිමිගෙන් සජිත්ට ඇරයුමක්‌

අකිත පෙරේරා

රට වෙනුවෙන් සිදු කරන උදාර මෙහෙවරක්‌ සේ සලකා එක්‌සත් නායකත්ව මණ්‌ඩලයේ සාමාජිකත්වය පිළිගන්නා ලෙස එක්‌සත් භික්‍ෂු පෙරමුණ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉතා ගෞරවයෙන් යළිත් වරක්‌ ඉල්ලා සිටින බව එම පෙරමුණේ අනුශාසක පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ පැවසූහ.

ඕනෑම ආයතනයක්‌  පිහිටුවීමේදී යම් යම් අඩුපාඩු සිදුවීම සාමාන්‍ය දෙයක්‌ බවත් එනමුත් එම ගැටලු සාකච්ඡා කොට විසඳාගත හැකි බවත් කොළඹ 07 පිහිටි ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේදී ඊයේ (3 දා) පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ කියා සිටියහ.

රට මේ වන විට සෑම අංශයකින්ම පිරිහී ඇති බවත් එබැවින් රට, දැය, සමය ආරක්‍ෂා කර ගැනීමට කාලය එළඹ ඇති බවත් පැවසූ උන්වහන්සේ ඒ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය වඩාත් ශක්‌තිමත් කළ යුතු බවද පැවසූහ.

ඒ සඳහා මහා සංඝරත්නය මැදිහත්වී පිහිටුවනු ලැබූ එක්‌සත් නායකත්ව මණ්‌ඩලයට ප්‍රධාන අඩුපාඩුවක්‌ වී ඇත්තේ ඊට සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවීම බවද එබැවින් පවතින අඩුපාඩුකම් මගහරවා ගනිමින් පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යැමට සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගි විය යුතු බවද ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

http://www.divaina.com/2014/01/04/news04.html

1977 සිට එජාපය කලේ රට නාර වලක් කිරීමයි. එය නැති කල මේ චීවරධාරීන්ට ප්‍රත්‍ය අහිමි වී ඇති වගක් අපට පෙනී යයි. ජාති ද්‍රෝහී පිරිස් දූෂකයිනී, ජනතාවගේ අසූචි පහර නොකා චීවරය අත් හරිව්!


1977 දී මෙන් එජාපයට හයෙන් පහක බලයක්‌
ලබාදෙන්න මහා සංඝරත්නය කටයුතු කරනවා

– එක්‌සත් භික්‌ෂු පෙරමුණේ සභාපති මීටියාගොඩ ගුණරතන හිමි

අකිත පෙරේරා

මෙරට එක්‌කෝටි හැට අට ලක්‍ෂයක්‌ වන ඡන්ද දායකයන්ව ඉදිරියේදී පාරට බස්‌සවා 1977 දී මෙන් එක්‌සත් ජාතික පක්‍ෂයට හයෙන් පහක බලයක්‌ ලබා දීමට මහා සංඝරත්නය කටයුතු කරන බව එක්‌සත් භික්‌ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය මීටියාගොඩ ගුණරතන හිමියෝ පැවැසූහ.

කොළඹ 07 පිහිටි ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේදී ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ මෙසේද කියා සිටියහ.

එක්‌සත් භික්‌ෂු පෙරමුණ රටේ ප්‍රබල විපක්‍ෂයක්‌ හදන්න පසුගිය අවුරුද්දේ පියවර ගත්තා. ඒ අනුව අපි එක්‌සත් ජාතික පක්‍ෂයට නායකත්ව මණ්‌ඩලයක්‌ ඇති කරන්න කටයුතු කරලා පක්‍ෂය ශක්‌තිමත් කළා. එම මණ්‌ඩලය මේ වෙනකොට විශාල වැඩකොටසක්‌ සිදුකරමින් යනවා.

පාක්‌ෂිකයන්ගේ වැටී තිබුණු මානසික තත්ත්වය නැවත ගොඩනඟන්න මෙමඟින් හැකියාව ලැබී තිබෙනවා. නමුත් මේ නායකත්ව මණ්‌ඩලයේ අඩුපාඩුවක්‌ තිබෙනවා. ඒ සජිත් ප්‍රේමදාස මහතා මීට සහභාගි නොවීම. නායකත්ව මණ්‌ඩලයට සහභාගි වෙන්න කියා අපි ඔහුට කිහිප වතාවක්‌ ආරාධනා කළා. අපි නැවතත් ආරාධනා කරනවා ඔහුට මේ නායකත්ව මණ්‌ඩලයට සහභාගි වෙන්න කියා.

මේ රටේ ඕනෑම ආයතනයක්‌ පිහිටුවීමේදී සර්ව සම්පූර්ණ ලෙස පිහිටුවා නැහැ. නමුත් සාකච්ඡාවෙන් ඒ අඩුපාඩු සකසා ගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්ව මණ්‌ඩලයක්‌ ඇතිකිරීමට පූර්ණ සහයෝගය ලබාදී තිබෙනවා.

ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාට අප නැවතත් ගෞරවයෙන් ආරාධනා කරනවා රට වෙනුවෙන් කරන උදාර මෙහෙවරක්‌ ලෙස සලකා කැපවීමක්‌ කරන්න කියලා. මොකද ඔහුගේ පියත් මේ රටට විශාල සේවයක්‌ කළ කෙනෙක්‌. ඒ නිසාම සජිත්ට යම් නායකත්ව පසුබිමක්‌ හැදිලා තිබෙනවා. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔහුගෙන් මේ නායකත්ව මණ්‌ඩලයට සහභාගි වෙන්න කියලා.

අද රටේ විවිධ ප්‍රශ්නවලින් ජනතාව යටවෙලා. ඔවුන් එන්න එන්නම ප්‍රපාතයට වැටෙනවා. ඔවුන් ඉතාම අපහසුවෙන් ජීවත්වන්නේ. ඒත් එය පාලක පක්‍ෂය නොහිතන එකයි ප්‍රශ්නය. නමුත් රජය සෝබන වැඩවලට ඉතා විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. නගරයේ මාර්ග කාපට්‌ කළාට ගම්බද මාර්ගවල තත්ත්වය ඉතාම නරකයි.

එක්‌සත් භික්‌ෂු පෙරමුණේ සභාපති මීටියාගොඩ ගුණරතන හිමියෝ(- මේ ලැබූ අවුරුද්ද එතරම් සුබදායක එකක්‌ නොවෙයි. දැන් ගින්නට තමයි මේ රට භාරදීලා තිබෙන්නේ. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු දැන් ගිනි ගන්නවා හිටපු ගමන්ම. මේ රටේ සිටින නොම්බර එකේ කුඩ්ඩෙක්‌ කියලා තිබෙනවා භික්‌ෂූන් වහන්සේලා දුෂ්ශීලයි කියලා. පුදුමේ කියන්නේ සම්බුද්ධ ශාසනය භාරවෙලා තියෙන්නේ අද කුඩ්ඩන්ටයි.

නමුත් මෙය හැමදාම කරන්න බැහැ. 1956 දී, 1965 දී, 1977 දී මේ රටේ විප්ලව කීපයක්‌ වුණා. ඒවා සියල්ලම සිදු කළේ හාමුදුරුවන් වහන්සේලායි. පසේ බුදු නොවුණාට රහතුන් වහන්සේලා වැනි හාමුදුරුවන් මේ රටේ සිටිනවා. එක්‌සත් භික්‌ෂු පෙරමුණේ ලේකම් බෝපිටියේ ධම්මිස්‌සර හිමියෝ(- අපේ සමගිය තමයි රටේ සමගිය. මේ රටේ දැවැන්තම පක්‍ෂය තමයි එජාපය. පසුගියදා පැවැති 55 වැනි සංවත්සරයේදී අප මෙතෙක්‌ සාකච්ඡා කළ දේවල් සංක්‍ෂිප්ත ලෙස යෝජනා හතරකට ගෙන සම්මත කර ගත්තා. එදා නායකත්ව මණ්‌ඩලයත් ඒකමතිකව සම්මත වුණා. සජිත් ප්‍රේමදාස මහතාත් නායකත්ව මණ්‌ඩලය පිළිගත්තා.

මෙහිදී තල්පොත ධම්මජෝති, කරකොලේ පියදස්‌සි යන හිමිවරුන්ද අදහස්‌ දැක්‌වූ අතර මාධ්‍ය හමුවට අත්තනගනේ ශාසනරතන හිමියෝද සහභාගි වූහ.

http://www.divaina.com/2014/01/04/news26.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )