JHU – දැයේ දරුවන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය හෙළ උරුමයට හිමි විය යුතුයි.

කැලේ මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු නොවේ, එජාපයෙන් රජයට පිල් මාරු කල කා ගැනත් මෙය ඇත්තක් බව නැවත නැවත ඔප්පු වෙමින් යයි. බන්දුල ගුණවර්ධන අති අසාර්ථක දේශපාලුවෙකි. අත තබන තබන අමාත්‍යංශය වැනසීමේ පුදුම හැකියාවක් මේ බුල් ඩෝග් ඇමතිට උපතින් පිහිටා ඇත. අවසාන බලුකම ගමේ දරුවාගේ අනාගතය අඳුරු කිරීමේ තැතයි. ඒ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ යටි කූට්ටු නින්දිත වෑයමයි. ජාතික හෙළ උරුමයේ ගරු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා මෙම තීරණයේ මුග්ද බව මාධ්‍යයට පවසා තිබුණි. මේ පුවත එහි දිදුලන තරුවක් වන ගරු උදය ගම්මන්පිල මහතාගේ ජාතික කැක්කුම තමා උපමා කොට මොනවට පෙන්වූ එකකි.


ගමේ දරුවාට උසස්‌ පාසලකට යැමට ශිෂ්‍යත්වය මගින් ලැබී ඇති අවස්‌ථාව අහිමි කරන්න දෙන්නේ නැහැ
පළාත් ඇමැති උදය ගම්මන්පිල 

සිරිමන්ත රත්නසේකර

ගමේ දක්‍ෂ සාමාන්‍ය දරුවාට පහ වසර ශිෂ්‍යත්ව විභාගය මගින් උසස්‌ පාසලක්‌ හිමිකර ගැනීමට ඇති අවස්‌ථාව අහිමි කිරීමට ජාතික හෙළ උරුමය කිසිවිටක ඉඩ නොතබන බව එම පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් බස්‌නාහිර පළාත් ඇමැති ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය පහ වසර ශිෂ්‍යත්ව හපනුන්ගේ සංගමයක්‌ පිහිටුවන බවත් පැවසූ හෙතෙම අද මෙරට සිටින ඉහළතම පරිපාලන නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයාද පහ වසර ශිෂ්‍යත්ව හපනෙකු බවත් සඳහන් කළේය.

උදය ගම්මන්පිල මහතා එම අදහස්‌ පළ කළේ පෙරේදා (01 වැනිදා) බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා මෙසේද කීවේය.

අධ්‍යාපන ඇමැතිවරයා මේ වනවිට ආන්දොaලනයකට ලක්‌ව ඇති පහ වසර ශිෂ්‍යත්ව විභාගය අඩියක්‌ ආපස්‌සට ගැනීම සම්බන්ධයෙන් අප සතුටු වෙනවා. මෙවැනි සංවේදී කාරණා ගැන එක මොහොතකින් තීන්දු තීරණ ගැනීම සුදුසු නැහැ. කොළඹ රාජකීය විද්‍යාලයත් ගමේ පාසලත් එක හා සමාන පිළිගැනීමකට ලක්‌වූ පසු පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම වැනි යෝජනා සලකා බැලිය හැකියි.

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ විවෘත සංවාදයකට අධ්‍යාපන ඇමැතිතුමන් මාව තෝරා ගැනීම ගැන ස්‌තුතිවන්ත වෙනවා. ගමේ දරුවන් වෙනුවෙන් ඕනෑම අවස්‌ථාවක මෙම සංවාදයට සූදානම්.

මම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ගමෙන් නගරයට පැමිණ උසස්‌ පෙළ විභාගයෙන් ලංකාවෙන් පළමු වැනියා වුණා. මේ නිසා ඔස්‌ටේ්‍රලියාවෙන් ලැබුණු ශිෂ්‍යත්වයක්‌ මත වැඩිදුර අධ්‍යාපන අවස්‌ථාව ලැබුණා. මේ සෑම දේ මා හට ලැබුණේ පහ වසර ශිෂ්‍යත්වය නිසයි. මේ නිසා පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීමට අප ඉඩ තියන්නේ නැහැ.

මෙහිදී ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද අදහස්‌ දැක්‌වූ අතර මෙම අවස්‌ථාවට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික ශාස්‌ත්‍රවේදී පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියෝද එක්‌වූහ.

http://www.divaina.com/2014/01/03/news39.html

එක් දිනක් තුල ආණ්ඩුව සිය ස්ථාවරය වෙනස් කර ගැනීමට ජාතික හෙළ උරුමයේ දැඩි ස්ථාවරය ඒකාන්තයෙන්ම හේතු වන්නට ඇති බව මුරගල අපි තරයේ විශ්වාස කරමු. වර්තමාන දේශපාලු එජාප බලු රැලට මහා වාසියක් වීමට ඉඩ තිබූ හිටපු එජාප මන්ත්‍රී බන්දුල ගේ සුනඛ ක්‍රියාව රජය තේරුම්ගෙන අත්හිටුවීම ගැන රජයට මුරගල අපගේ ස්තුතිය.

 


පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි නොවේ 
– ඇමැති මණ්‌ඩලය තීරණය කරයි

අනුර බාලසූරිය

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි නොකිරීමට ඇමැති මණ්‌ඩලය ඊයේ (03 වැනිදා) තීරණය කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 වැනිදා) අරලියගහ මන්දිරයේදී රැස්‌වීම පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ දීද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ශිෂ්‍යත්ව විභාගය අහෝසි නොකරන බව ජනාධිපතිවරයා එහිදී ද දැනුම් දී ඇත.

http://www.divaina.com/2014/01/04/news02.html

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )