D.M. the DOG – බල්ලෙක් අගමැති වූ කල, රටට ජාතියට යන කල

t_1

අග්‍රාමාත්‍ය ලේකම්:
කැණහිල් සුනඛ සිසිර අමරසේකර

මෙන්න අපේ 31 වන අවජාතක කැණහිල් බල්ලා. දී.මූ. ගේ කටු ලොවමින් සිසිර අමරසේකර එම තත්වය රැක ගැනීමට කල බලු කම් පහත “දිවයින” ලිපියෙන් කියවන්න

 


කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න
– ඕමල්පේ සෝභිත හිමිගෙන් අගමැති ලේකම්ට ලිපියක්‌

අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතාවේ යෙදවූ අගමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා නීතිය හමුවට පමුණුවා කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න යෑයි ජාතික හෙළ උරුම නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි අගමැති ලේකම්වරයා වෙත ලිපියක්‌ යවමින් කියා සිටී.

අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර මහතා වෙත ඕමල්පේ සෝභිත හිමි යෑවූ එම ලිපියේ මෙසේද සඳහන් වේ.

2013 අගෝස්‌තු මස 30 වැනිදා අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් හා පොලිස්‌ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. එම කුඩු තොගය බහා තිබූ කන්ටේනරය නැව්ගත කර තිබුණේ පකිස්‌තානයෙනි. එම කන්ටේනරයේ ග්‍රීස්‌, ගොඩනැඟිලි ද්‍රව්‍ය හා ප්ලාස්‌ටික්‌ අන්තර්ගත බව සඳහන් කර තිබුණි. දෙමසකට ආසන්න කාලයක්‌ වරායේ තිබූ කන්ටේනරය සම්බන්ධයෙන් අගෝස්‌තු 25 වැනිදා ලැබුණේ යෑයි කියන ලිපිය මහත් ආන්දොaලනයකට තුඩු දුන්නේ එම ලිපිය අගමැති දි.මු. ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් එවන ලද ලිපියක්‌ හේතුවෙනි. මාළිගාවත්තේ සමාගමක්‌ විසින් ගෙන්වනු ලැබූ එම කන්ටේනරය ප්‍රමාද ගාස්‌තුවලින් හා වරාය ගාස්‌තුවලින් නිදහස්‌ කර මුදා හැරීමට පියවර ගන්නේ නම් අගමැතිවරයා වෙනුවෙන් ස්‌තුතිවන්ත වන බව එම ලිපියේ ඉතා පැහැදිළිව සඳහන් කර ඇත. අගෝස්‌තු 30 වැනිදා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා රේගු අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් ඉදිරියේ කන්ටේනරය විවෘත කරන ලදී. එහිදී දකුණු ආසියාවේ එක්‌වරක දී හමු වූ වැඩිම හෙරොයින් කුඩු තොගය වූ කිලෝ ග්‍රෑම් 261 යි ග්‍රෑම් 291 ක්‌ වූ හෙරොයින් ග්‍රීස්‌ ටින් තුළ බහා තිබියදී සොයා ගැනීමට හැකිවිය. මෙම කුඩු කන්ටේනරයේ සැබෑ හිමිකරුවා කවුද?

අගමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට සම්බන්ධ සම්බන්ධීකරණ ලේකම්වරයා හා මේ කුඩු කන්ටේනරය අතර ඇති සම්බන්ධය කුමක්‌ද? මෙම කුඩු කන්ටේනරය ප්‍රමාද ගාස්‌තුවලින් හා වරාය ගාස්‌තුවලින් නිදහස්‌ කර ගැනීමට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතයේ යෙදෙව්වේ නම් එම කාර්ය මණ්‌ඩලය භාරව සිටින අගමැති ලේකම්වරයාගේ වගකීම කුමක්‌ද? ගංගොඩවිල සෝම හිමියන්ගේ 10 වන ගුණසමරු දේශනයේදී මා කළ කතාවෙන් විමසා සිටියේ එම සිද්ධියට සම්බන්ධ අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්‌ඩලයේ ලේකම්වරයා කවුද යන්නයි. අග්‍රාමාත්‍යතුමා බුද්ධ ශාසන ඇමැතිවරයා ද වෙයි. එහිද එතුමාගේ කාර්ය මණ්‌ඩලයක්‌ ඇත. අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ යටතේ මෙම ලිපිය යොමුකළ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා හෝ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කවුරුන්ද යන්න රටට හෙළිකිරීම තම සේවාදායකයාගේ කාර්ය මණ්‌ඩලයේ වගකීම උසුලන අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ වගකීමකි. තවද අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර මහතා කළ යුතුව ඇත්තේ තම නිර්දොaෂීභාවය ඔප්පු කිරීමට වෙර දරමින් තම ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට මේ පිළිබඳව විමසා සිටි මා හට අමූලික මුසාවාද දේශනා කරන්නේ යෑයි පවසමින් කළකිරීමෙන් මේ පිළිබඳව මාධ්‍ය වෙත ලිපි යෑවීම හා මා වෙත ලිපි යොමු කිරීමට ප්‍රථම කළ යුතුව තිබුණේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා රටට හෙළිකර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර එම කුඩු කන්ටේනරය සම්බන්ධ පරීක්‍ෂණ ඉදිරියට කරගෙන යැමට සහායවීමය. එමෙන්ම අගමැතිවරයාට එල්ල වන මේ මහා අපකීර්තියෙන් හා උපහාසයෙන් එතුමන් ගලවා ගැනීමය. එහෙත් අනාවරණය වී ඇති පරිදි ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්‌ පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. ඩී. දිසානායක මහතා විසින් 2013/12/06 වන දින බුද්ධ ශාසන ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයේ සිටි කීර්ති ශ්‍රී වීරසිංහ නමැත්තාගේ සේවය අත්හිටුවා ඇත. මේ පුද්ගලයා අග්‍රාමාත්‍ය කාර්ය මණ්‌ඩලයට අයිති පුද්ගලයෙක්‌ ද? නැතහොත් බුද්ධ ශාසන ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට අයිති පුද්ගලයෙක්‌ද යන්න සොයා බලා විමර්ශනය කිරීම අපට අයිති කාර්යයක්‌ නොව, එය අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඔබතුමාට අයිති වගකීමක්‌ හා කාර්යයක්‌ බව අපගේ විශ්වාසයයි. තමන්ගේ පෞද්ගලික නිර්දොaශීභාවය ඔප්පු කිරීමට වෙර දරනවා වෙනුවට කළ යුතුව ඇත්තේ මේසා විශාල කුඩු තොගයක්‌ නිදහස්‌ කර ගැනීමට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතාවේ යෙදවූ අගමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට සම්බන්ධ පුද්ගලයා පිළිබඳව රටට හෙළිදරව් කර ඔහු නීතිය හමුවට පැමිණවීමය. එම කාර්යය කිරීමට කඩිනම් නොවූ අමරසේකර ලේකම්තුමා මා හට පිළිතුරු දීමට කඩිනම් වීම ගැන අප පුදුම නොවන්නේ මෙම කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළිවේයෑයි ඇති බිය නිසා ද විය හැක. මා විසින් අසන කිසිදු ප්‍රශ්නයකට මෙතෙක්‌ වගකිව යුත්තන්ගෙන් ලැබුණු පැහැදිළි පිළිතුරක්‌ නැත

http://www.divaina.com/2013/12/13/news11.html

 


හෙරොයින් කන්ටේනරය ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ ඕනෑ
– ඕමල්පේ හිමි පොලිස්‌පතිගෙන් ඉල්ලයි

මදුර රන්වල

පකිස්‌තානයේ කරච්චි නුවර සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ හෙරොයින් මත්කුඩු කන්ටේනරය සම්බන්ධව පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ජාතික හෙළ උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ලිත ඉල්ලීමක්‌ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම හෙරොයින් සහිත කන්ටේනරය ඉකුත් ජුනි මස 06 වැනිදා කොළඹ වරායට ගොඩබා ඇති අතර මීට මාස තුනකට පෙර එය විවෘත කරන ලදී.

මෙම පරීක්‍ෂණය ජාතික වැදගත්කමක්‌ සේ සලකන ලෙසත් ශ්‍රී ලංකාවට මෙලෙස මත්ද්‍රව්‍ය පැමිණීම බරපතළ කරුණක්‌ බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්‌පතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කර ඇතැයි ද මෙම කන්ටේනරය නිදහස්‌ කර ගැනීම සඳහා අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ ගම්පොළ නාගරික මන්ත්‍රීවරයකු ගනු ලැබූ උත්සාහය සම්බන්ධව පරීක්‍ෂණ පවත්වා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම ලිපිය මගින් පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස්‌පතිවරයා මේ වන විට විදේශගතව ඇතැයි ද ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු මේ සම්බන්ධව පියවර ගනු ලබන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙම සිද්ධියට සම්බන්ධ අගමැති සම්බනධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ මහතා විද්යුත් මාධ්‍යයක්‌ වෙත පවසා තිබුණේ ගම්පොල නාගරික මන්ත්‍රීවරයකු වන තරංග විට්‌ටච්චි මහතා කළ ඉල්ලීමක්‌ අනුව මෙම කන්ටේනරයට අදාළ කොළඹ වරායේ ගුදම් ගාස්‌තු අඩු කර ගැනීම සඳහා වරාය අධිකාරිය වෙත තමා ලිපියක්‌ යෑවූ බවය. නමුත් එහි හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බව තමා නොදන්නා බවත් තරංග විට්‌ටච්චි මන්ත්‍රීවරයාට සිය දේශපාලන කටයුතු සඳහා උදව් කරන ව්‍යාපාරිකයකු විසින් ආනයනය කරන ලද නාන කාමර උපාංග සහිත කන්ටේනරයක්‌ යෑයි සිතා අදාළ ලිපිය නිකුත් කළ බවය.

http://www.divaina.com/2013/12/14/news24.html

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )