පොලිස්පති නුසුදුස්සෙක් වූ විට මහ පුටු හිස්වීම අරුමයක්ද?

පොලිස්‌ මහ පුටු හිස්‌වී අවුලක්‌
හේමන්ත රන්දුණු
නියෝජ්‍ය පොලිස්‌පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරි තනතුරු සඳහා පවතින පුරප්පාඩු විශාල ප්‍රමාණයක්‌ පිරවීමට කටයුතු නොකිරීම නිසා පොලිස්‌ රාජකාරි කරගෙන යැමට දැඩි බලපෑමක්‌ එල්ල වී ඇත.
පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසන අන්දමට මේ වන විට පුරප්පාඩුව පවතින නියෝජ්‍ය පොලිස්‌පතිවරුන්ගේ සංඛ්‍යාව දහයකට ආසන්නය. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සහ පොලිස්‌ අධිකාරි තනතුරු සඳහා ද විශාල පුරප්පාඩු සංඛ්‍යාවක්‌ තිබේ. සහකාර පොලිස්‌ අධිකාරි තනතුරු සඳහා පවතින පුරප්පාඩු ප්‍රමාණය 70 කි.
සහකාර පොලිස්‌ අධිකාරි තනතුරට උසස්‌වීම් පිරිනැමීම වසර ගණනකින් සිදුවී නැති නිසා එම තනතුර ලැබීමට සුදුසුකම් සම්පූර්ණ කර සිටින ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරුන් දැඩි කලකිරීමට පත්ව සිටිති.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පවතින මෙම පුරප්පාඩු නිසා රාජකාරි කරන සීමිත නිලධාරීන් පිරිසකට නිලධාරීන් වැඩි දෙනකුගේ රාජකාරි ආවරණය කිරීමට සිදුවී ඇත.
මේ හේතුව නිසා පරිපාලනමය ගැටලු විශාල වශයෙන් උද්ගත වී ඇති බව ද වාර්තා වෙයි.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පවතින පුරප්පාඩු නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට රාජකාරි කරන නිලධාරීන්ට දකුණේ පොලිස්‌ කොට්‌ඨාසවල රාජකාරි සඳහා පැමිණීමට නොහැකි තත්ත්වයක්‌ උදා වී තිබේ.

 

http://www.divaina.com/2013/10/13/news03.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )