රතුපස්වල අවිහිංසක සිසු දරුවන්ගේ අළුගෝසුවා මේ දහම් දිවයිනේ පොලිස්පති N.K. ඉලංගකෝන් බව හෙළිවේ. ජනපතිතුමනි නිසි දඬුවම් ලබාදෙන්න.


හමුදාව කැඳවා ඇත්තේ පොලිස්‌පතිවරයාගේ නියමයෙන් බව පෙනී යනවා රතුපස්‌වල නඩුව
ගම්පහ පොලිස්‌ අධිකාරි විජිත ඩී. කොමසාරු ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඉදිරියේදී සාක්‌කි දෙමින් කියයි

ගම්පහ අධිකරණ – වින්සන් පළිහවඩන, ගම්පහ සමූහ – සුසිල් රණමුක, වැලිවේරිය – ධම්මික නිමලසූරිය
වැලිවේරියේ උද්ඝෝෂණ අවස්‌ථාවේදී එම ස්‌ථානයට යුද හමුදාව කැඳවූයේ කවුරුන් විසින්දැයි මා නොදන්නා බවත්, නමුත් වෙනත් නිලධාරියකුට යවනු ලැබූ වාර්තාවක්‌ අනුව හමුදාව එහි කැඳවා ඇත්තේ පොලිස්‌පති වරයාගේ නියමයෙන් අනුව බව පෙනීයන්නේ යෑයි ගම්පහ පොලිස්‌ අධිකාරි විජිත ඩී. කොමසාරු මහතා ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් ඊයේ (9දා) පැවසීය.
පසුගිය අගෝස්‌තු 01 දින වැලිවේරිය රතුපස්‌වල නැදුන්ගමුව ප්‍රදේශයේ කම්හලක අප ජලය හේතුවෙන් පානීය ජලය අපවිත්‍ර වීම සම්බන්ධව එම ප්‍රදේශයේ ජනතාව කළ උද්ඝෝෂණයේදී වෙඩීවැදී මරණයට පත් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී සිවුවැනි දිනටත් පැවැති අතර එහිදී සාක්‍ෂි දෙමින් පොලිස්‌ අධිකාරිවරයා මෙසේද පැවැසීය.
මා 2012 මාර්තු 05 දින සිට ගම්පහ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයා ලෙස සේවය කරනවා. 2013.06.29 දින ගම්පහ වැලිවේරිය රතුපස්‌වල වෙනිග්‍රෝස්‌ ආයතනයෙන් බැහැර වන අපද්‍රව්‍ය නිසා ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර වීම පිළිබඳව ගම්වාසීන් විසින් උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට යන බව මට දැන ගන්නට ලැබුණා.
ඒ සම්බන්ධයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌ ලේකම් ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා පරිසර හා සෞඛ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වූවා.
අනතුරුව 2013.07.27 දින රතුපස්‌වල නැදුන්ගමුව ගම්වාසීන් පැය 7.35 ට නව නුවර මාර්ගයේ උද්ඝෝෂණයක්‌ ආරම්භ කර, රථ වාහන ගමනා ගමනයට බාධා පමුණුවන බව වැලිවේරිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා මට දැනුම් දුන්නා.
ඒ අනුව වැඩබලන පොලිස්‌ අධිකාරි සඳසිරි බණ්‌ඩාර මහතා එතැනට යවා මා පැය 10.00 ට එතැනට ගියා.
එහි තෙරිපැහැ සිරිධම්ම හිමියන් නායකත්වය දුන් උද්ඝෝෂණයට 1500 ක්‌ පමණ සහභාගි වී සිටියා.
“වැනිග්‍රොස්‌” ආයතනයේ පාලකයන් සමඟ එක්‌ව එම ජල ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළත් උද්ඝෝෂණය නතර කළේ නැහැ.
එදින පසුව උද්ඝෝෂකයන් එම ස්‌ථානයෙන් බැහැර ගියද 28 දින පැය 10.00 ට නැවත රතුපස්‌වල ක්‍රීඩාංගනයට ඔවුන් එක්‌රැස්‌ වුණා.
මා නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නිලධාරීන් යෙදවූවා. තොරතුරු ලබා ගැනීමට බුද්ධි නිලධාරීන්ද යෙදවූවා.
අදාළ කර්මාන්තශාලාව එතැනින් ඉවත් කරන තුරු උද්ඝෝෂණය නවත්වන්නේ නෑ. නැත්නම් එය ඉදිරියටම කරගෙන යන බව තෙරිපැහැ ධම්මානන්ද හිමි පැවසුවා.
පසුව කූඩාරමක්‌ද තනාගෙන උන්වහන්සේ උපවාසය ආරම්භ කළා.
පසුව වතුරුගම මාර්ගයේද ටයර් පුලුස්‌සමින් උද්ඝෝෂණය කරන බව 29 දා මට දැනගන්න ලැබුණා.
මා එතැනට යන විට දෙදහසක්‌ පමණ එහි සිටි අතර වාහන ගමනා ගමනය ඇන හිට තිබුණා.
මා ඔවුන් සමඟ සාකච්ඡා කළා මා දුරකථනයෙන් කතාකර මහර ප්‍රාදේශීය සභාපතිවරයා කැඳවූවා. අනතුරුව උද්ඝෝෂණය නතර වුණා.
මා නැවත වැලිවේරියට ගියා. එහි කලබලයක්‌ තිබුණේ නැහැ.
ඔවුන් දිසාපතිවරයාගේ වාර්තාව පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටියා.
සිරිධම්ම හිමියන් හැර සෙසු පිරිස්‌ වෙනිග්‍රොස්‌ ආයතනය ප්‍රධාන දොරටුව ළඟ උද්ඝෝෂණය ආරම්භ කළා.
මේ අවස්‌ථාවේදී ජනතාව එහි කුපිතව සිටින බවත් එම ආයතනයට ගිනිතැබීමට සූදානම් බවත් බුද්ධි අංශ මට වාර්තා කළා. ඒ නිසා මා එහි ආරක්‍ෂාවට නිලධාරීන් යෙදවූවා.
පොලිස්‌ විශේෂ කාර්ය බලකායද යෙදවූවා. එහි 3000 ක්‌ පමණ ජනතාව සිටියා. එහි කලහකාරි තත්ත්වයක්‌ තිබුණා.
එම අවස්‌ථාවේ ලුතිනන් කර්නල් වරයකුගේ ප්‍රධානත්වයෙන් හමුදා කණ්‌ඩායමක්‌ කම්හල අසලට ආවා. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනත් එහි පැමිණියා.
උද්ඝෝෂණය දිගටම පැවැතුණා.
විත්තියේ නීතිඥ උපුල් දේශප්‍රිය මහතා – කම්හලේ ආරක්‍ෂාවටද හමුදාව පැමිණියේ.
සාක්‌කිකරු – ඔව්, කම්හලේ ආරක්‍ෂාවටයි.
30 වන දින වන සිට උද්ඝෝෂණය අවට ගම්මාන වලටත් පැතිර ගියා. එදින උදේ 9.00 ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා එම ස්‌ථානයට පැමිණ උපවාස කරමින් සිටි හිමිනම සමඟ සාකච්ඡා කර ප්‍රශ්නයට සහනයක්‌ ලබාදෙන බැවින් උද්ඝෝෂණය නවත්වන ලෙස ඉල්ලා සිටියා. එහෙත් එය නතර කළේ නැහැ.
ඉන් පසු උද්ඝෝෂකයන් හිමිනම සිටි ඇඳ ඔසවාගෙන ගොස්‌ දොරටුව අසල තිබ්බා.
අනතුරුව බිගේ්‍රඩියර් ශාන්ත දිසානායක සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් දෙදෙනකු පැමිණ උද්ඝෝෂකයන් හා සාකච්ඡා කළා. එහෙත් උද්ඝෝෂකයන් එය නතර කළේ නැහැ.
නීතිඥ උපුල් දේශප්‍රිය මහතා – ඔබ මේ දින තුනේම එහි රැඳී සිටියාද.
සාක්‍ෂිකරු – ඔව්. විටින් විට මා අධිකරණයටත් ගියා.
අනතුරුව උද්ඝෝෂණය තවත් උත්සන්න වුණා. බැලුම්මහර මංසන්ධියේද උද්ඝෝෂණය පැවතුණා.
ආරක්‍ෂක ලේකම්වරයා විසින් මේ පිළිබඳ ගත් තීරණ උද්ඝෝෂණයන්ට දැනුම් දුන්නේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතායි.
එම පණිවුඩය දැනුම් දීමෙන් අනතුරුව උද්ඝෝෂකයන්ගෙන් පිරිසක්‌ ඉවත් වූවත් තවත් පිරිසක්‌ කම්හලට පහරදීමට සූදානම් වන බවක්‌ මට ආරංචි වුණා. එම ස්‌ථානයට යැමේදී ටයර් පුළුස්‌සා මාර්ග අවහිර කර තිබූ නිසා මට එහි යන්න බැරිවුණා.
මා නැවත වැලිවේරිය පොලිසියට ගියේ රාත්‍රි 9.00 ට පමණ. හමුදා වාහන 2 කට අලාභහානි වී තිබුණා. ත්‍රිරෝද රථයක්‌ ගිනි ගනිමින් තිබුණා.
නීතිඥ උපුල් දේශප්‍රිය මහතා – මේ කම්හල අසල දේශපාලනඥයින් සිටියද?
සාක්‍ෂිකරු – මා දුටුවේ නැහැ.
නීතිඥ උපුල් දේශප්‍රිය මහතා – 24 දින රෑ කම්හලේ ආරක්‍ෂාවට යුධ හමුදාව කැඳවූවේ ඔබද?
සාක්‍ෂිකරු – නැහැ මා කැඳවූයේ නැහැ.
නීතිඥ – ඔබ යුධ හමුදාව කැඳවූයේ නැත්නම්. කම්හලේ ආරක්‍ෂාවට යුද හමුදාව පැමිණි අයුරු පිළිබඳව දැනුවත්ව තිබේද?
සාක්‍ෂිකරු – යුද හමුදාව කැඳවූයේ මා නොවෙයි.
නීතිඥ – යුද හමුදාව එතැනට කැඳවූයේ ඔබ නොවේ නම්. යුද හමුදාව කැඳවූයේ කවුද කියා ඔබ දන්නවාද?
සාක්‍ෂිකරු – උසස්‌ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් තමයි. යුද හමුදාව පැමිණ ඇත්තේ.
නීතිඥ – කවුද ඒ උසස්‌ නිලධාරීන්.
සාක්‍ෂිකරු – කැඳවීම පිළිබඳ වාර්තාව අනුව නම් මා එය දන්නවා.
නීතිඥ – කවුද?
සාක්‍ෂිකරු – පොලිස්‌පතිවරයාගේ නියෝග අනුවයි. හමුදාව කැඳවා ඇත්තේ.
නීතිඥ – කවදාද කැඳවූයේ
සාක්‍ෂිකරු – මා දන්නේ නැහැ
සවස 6.15-6.30 අතර නගරයේ රැස්‌වීමක්‌ තිබුණා. අප පල්ලියට ගියා. ඉන් පසුව වෙඩි සද්දයක්‌ නැහැ. කවුරු වෙඩි තිබ්බාද කියා දුටුවේ නැහැ. මා පල්ලියේ ඉදිරිපිට සිටින විට නගරයේ සිටි හමුදාව දෙසට ගල් ගසනවා දුටුවා.
ඒ සැනින්ම වාගේ පල්ලියට හමුදාව පැමිණියා. මා එකතැන කොටු වුණා. ලාල් කියන අයට හමුදාවෙන් පහර දුන්නා. මට හමුදාවෙන් පහර දෙන්න ආවා.
සාක්‍ෂි විමසීම කල් තැබිණි.
සාක්‍ෂි දීමෙන් අනතුරුව පොලිස්‌ අධිකාරි වරයා ලබාදුන් සාක්‍ෂි අනුව නම් වැලිවේරිය සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌ බුද්ධි අංශය, නිවැරදිව නිසි පරිදි කාර්යක්‍ෂමව තොරතුරු ලබාදී නැති බවයි පෙනෙන්නේ යෑයිද එහිදී ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා බුද්ධි අංශයේ වගකීම පිළිබඳව පැහැදිලි කිරීමක්‌ද කළේය. බුද්ධි අංශය නිවැරදිව කටයුතු කළා නම් එම අවාසනාවන්ත සිද්ධිය මෙතරම් දුර නොයන බවද මහෙස්‌ත්‍රාත්වරයා පැවැසීය.
කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා මහතා මෙහිදී සාක්‍ෂි මෙහෙයවීය.
මෙහි වැඩිදුර විභාගය නොවැම්බර් මස 08 දිනට කල් තැබිණි.

 

http://www.divaina.com/2013/10/10/news36.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )