තම වරිගයාම නසමින්, ගජ බින්න බා, කුසලාන ලබන පවුල් සංවිධාන නින්දිත සංගමය

සිංහල ජාතිය වඳ කිරීමට , ඉස්ලාම් තෙල් මුදල් හා පහසුකම් යටතේ ඉත සිතින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සිය තුච්ඡ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල ලොවට හඬගා කිව්වේ කොළය වසමින් බව රටම නොදත්තෝය. මද සරු බවට මොවුන් දක්වන හේතු ලොව මොන රටෙත් කොයි කාලෙත් දුලබ ඒවා නොවෙන කල, අද ලොව මිනිස් ප්‍රජාවක් පැවතිය හැකිද? ප්‍රජණන සෞඛ්‍ය ගැන දැනුම නැතිම රටවල ජනගහන පුපුරායෑම සිදු වන විට මේ නින්දිත වෛද්‍යවරිය එය ලක්බිම ජනතාවගේ මද සරු බවට හේතුවක් සේ දක්වයි. අසරණ දුප්පත් මව් වරුන්ගේ ප්‍රජණන ශක්තිය රු 1000 ට 2000ට බාල්දු කරමින්, ඔවුන් LRT සැත්කම් සඳහා බලෙන් යොමු කරමින් මේ නින්දිත වෛද්‍ය හවුල කල ජාතික සංහාරය උන්ට ප්‍රසිද්ධියේ කිව නොහැක. කරපු සංහාරය හාම්පුතුන්ගේ මන දොල සපුරා ඇති තරම ඔවුන් දිනා ඇති සම්මාන ගණන මොනවට ශාක්ෂි දරයි.


මද සරුබවින් පෙළෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා – පවුල් සංවිධාන සංගමයේ අධ්‍යක්‍ෂ
උපාලි ද සේරම්
මද සරුබවින් පෙළෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සුමිත්‍රා තිසේරා මහත්මිය සඳහන් කළාය.
මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ ඔවුන් තුළ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව දැනුවත් බව අඩුවීම බවද වෛද්‍යවරිය පැවසුවාය.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ 2012 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන 06 ක්‌ හිsමිවීම නිමිත්තෙන් ඊයේ (10 වැනිදා) පෙරවරුවේ එම සංගමයේ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍යවරිය මෙම තොරතුරු අනාවරණය කළාය.
පවුල් සංවිධාන සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය ප්‍රමිලා සේනානායක විධායක අධ්‍යක්‍ෂිකා තුෂාරා රණසිංහ ආගුස්‌ යන මහත්මීන් ඇතුළු විධායක නිලධාරීහු රැසක්‌ මෙම මාධ්‍ය හමුවට එක්‌වූහ.
නිරෝගී ප්‍රජනන සෞඛ්‍යයක්‌ පවත්වා ගෙන යැම සම්බන්ධව බොහෝ කාන්තාවන් සහ පිරිමින් තුළ ඇති දැනුම මදවීමත් කාර්ය බහුල අවිවේකී ජීවිතයක්‌ ගත කිරීම නිසාත් මෙම ගැටලුව උදාවී ඇති බව අනාවරණය වී ඇති බවත් එහි ප්‍රතිඵලය වී ඇත්තේ විවාහක පවුල් තුළ දරුවන් නොමැති ගැටලුව බරපතළ අයුරින් පැවතිSම බවත් වෛද්‍ය සුමිත්‍රා තිසේරා මහත්මිය ප්‍රකාශ කළාය.
බොහෝ දෙමාපියන් තම කුඩා ගැහැනු දරුවන්ට අධිපෝෂණයෙන් යුත් ආහාර පාන ලබාදීම නිසා ගැහැනු දරුවන් ඉතා බාල වයසින් වැඩිවියට පත්වීමේ ප්‍රවණතාවක්‌ පවතින බවට සමීක්‌ෂණ මගින් අනාවරණය වී ඇතැයි පවුල් සංවිධාන සංගමයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්‌ෂ ලසන්ත ගුණරත්න මහතා පැවැසීය.
ඒ අනුව වර්තමානයේ වයස අවුරුදු 10-11 වන විට ගැහැනු දරුවන් වැඩිවියට පත්වීම බහුලව දක්‌නට ලැබෙන බවද පැවසූ ඒ මහතා නමුත් ඔවුනට ඒ පිළිබඳව නිසි දැනුමක්‌ නොලැබීම මත අතවරවලට ලක්‌වීමේ අවදානමක්‌ මතුව ඇතැයිද සඳහන් කළේය.

http://www.divaina.com/2013/09/11/news11.html

 


ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට සම්මාන රැසක්‌
ජයන්තිපුර – උඩගෙදර
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට අදාළව විවිධ සංවිධාන විසින් සිදු කරන මෙහෙවර උදෙසා පිරිනැමෙන සම්මාන රැසක්‌ම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සමත්වී ඇත.
ශ්‍රී ලංකාවට මෙම සම්මාන හිමිව ඇත්තේ රටවල් රැසක්‌ම පරදවමින් බව පවුල් සංවිධාන සංගමයේ විධායක අධ්‍යක්‍ෂිකා තුෂාරි රණසිංහ මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට එම 2012 වාර්ෂික වාර්තාවට සම්මාන 06 ක්‌ හිමිවී ඇත. මෙම සම්මාන ප්‍රදානය සැප්තැම්බර් මස 26 වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරදී සිදු කිරීමට නියමිතයි.

 

http://www.divaina.com/2013/10/02/news12.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )