තම්බිට පස්ස පාන N.K. ඉලංගකෝන් සුනඛ පොලිස්පතියාගෙ ඊර්ෂ්‍යා ගින්නට හසුවූ දක්ෂ නිළදරුවා – වාස්


හිටපු ඩීඅයිජී වාස්‌ ගුණවර්ධන
‘දිවයින’ට කතා කරයි

කෝටිපති ව්‍යාපාරිකයකු බව කියන මොහොමඩ් සියාම් ඝාතනයේ ප්‍රධාන හෙවත් පළමු සහ දෙවන සැකකරුවන් වූ මොහොමඩ් පවුස්‌ඩීන්ට සහ ක්‍රිෂාන්ත කෝරලගේ නමැත්තන්ට නුදුරේදීම සමාවක්‌ ලැබීමට නියමිතය.

ඝාතනය කෙරුණු සියාම්ගේ අතිජාත මිත්‍රයකු යෑයි කියන පවුස්‌ඩීන්ට සහ ක්‍රිෂාන්තට මෙම සමාව ලැබෙනුයේ නීතිපතිවරයාගේ උපදෙස්‌ අනුවය. එය මෙම සිද්ධියේදී රජයේ සාක්‍ෂිකරුවන් ලෙස කටයුතු කරන බවට වූ පොරොන්දුවක්‌ මත ලැබෙන කොන්දේසි සහිත සමාවකි.

මේ අනුව දැන් පැහැදිලිව පෙනී යන කරුණක්‌ වී ඇත්තේ මොහොමඩ් සියාම් ඝාතනයේ වගකීම වාස්‌ සහ ඔහුගේ පුතු ඇතුළු පොලිස්‌ නිලධාරින් සිව් දෙනා වෙත එල්ල වී තිබෙන බවකි. එහෙත් මෙතෙක්‌ ජනමාධ්‍යයට පුවත් මැවුණු සියාම් ඝාතන සිද්ධියේ සිට මේ දක්‌වා සිදුවූ සියල්ල හමුවේ අද සිරගතව සිටින වාස්‌ ගුණවර්ධන කුමක්‌ කියනු ඇත්ද? ඔහු කියන කතාව කෙසේ විය හැකිද?

ඉකුත් කාලයේ ඔහුව අධිකරණ වෙත ගෙනෙන සහ යළි බන්ධනාගාර වෙත රැගෙන යන අවස්‌ථාවන්හි අපි එය බොහෝ වෙහෙස දරා බිඳෙන් බිඳ එකතු කළෙමු. අපි ඒ එකතුව දැන් ඔබ වෙත ගෙනෙන්නෙමු. එය මෙසේය.

ඔබ කවුද?

මම වාස්‌ ගුණවර්ධන.

පොලිස්‌ නිලධාරියෙක්‌ද?

ඔව්. මම හිටපු ඩීඅයිජී වාස්‌ ගුණවර්ධන.

හිටපු ඩීඅයිජී කියන්නේ එතකොට දැන්?

දැන් වැඩතහනමට ලක්‌ කෙරිලා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු ඩීඅයිජී වාස්‌ ගුණවර්ධන.

ඔබට එහෙම වෙන්නේ?

සියාම් කියලා පුද්ගලයකුගේ ඝාතනයක්‌ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ගන්න මට රහස්‌ පොලිසියට එන්න කිව්වා. මම ගියා. ඔවුන් මාව අත්අඩංගුවට ගත්තා. අධිකරණයට ඉදිරිපත් කළා. බන්ධනාගාරගත කළා.

ඒ චෝදනාව?

ඒක අහන්න ඕනේ රහස්‌ පොලිසියෙන්. මට එන්න කිව්වේ ඔවුන්. චෝදනා කළෙත් ඔවුන්. අධිකරණයට ඉදිරිපත් කළෙත් ඔවුන්.

ඒ කියන්නේ මේක කුමන්ත්‍රණයක්‌ද?

ඔබ අහන්නේ මා වරදකරුවකු කිරීමට පොලිසිය උත්සාහ දරනවා කියන එකද? “දිවයිනේ” මාධ්‍යවේදියකු ලෙස ඔබට එහෙම ප්‍රශ්නයක්‌ මතුවෙන එකත් වැදගත්. මොකද ඔබට එහෙම නම් අද රටේ ජනතාවටත් ඒ ප්‍රශ්නයම මතුවෙලා ඇති.

ඒ කියන්නේ මා ඇසූ ප්‍රශ්නය නිවැරදියි. මේක කුමන්ත්‍රණයක්‌ කියන එකද?

පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ මම දක්‍ෂතාවය තුළින් ගමනක්‌ ගියා. මට නිසි තැන ලැබෙද්දී ඊට ඊර්ෂ්‍යා කරපු දෙතුන් දෙනකු හිටියා. ඔවුන්ට අවශ්‍ය වුණා මාව පාරෙන් අයින් කරන්න. ඒ කිහිපදෙනා මගේ ගමන නවත්තන්න කටයුතු කරපු බව මේ වන විට මටත් දැනගන්න ලැබී තිබෙනවා.

ඔවුන් පිළිබඳ ඔබේ හැඟීම?

මට එහෙම විශේෂ හැඟීමක්‌ නැහැ. ඔවුනුත් මිනිස්‌සුනේ. මට දුක මේ රට ගැන.

කවුද ඒ පුද්ගලයන්?

උසස්‌ නිලධාරින් තිදෙනෙක්‌ සහ ඔවුන් සමග එකතු වී මට එරෙහිව ක්‍රියා කරන කණ්‌ඩායමක්‌ සිටින බවටත් තොරතුරු ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්යක්‌ ගෙන තිබෙනවාද?

ඔව්. මේ තත්ත්වය නිසාම මා සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදවා ඇති පොලිස්‌ නිලධාරින්ගේ ක්‍රියාකලාපය කිසිසේත් සාධාරණ නොවන බව මා ලිඛිතවම අධිකරණයට දැනුම් දී තිබෙනවා.

රහස්‌ පොලිසිය ඔබට එරෙහිව නගන චෝදනාවල පදනමක්‌ ඇත්තෙම නැද්ද?

පදනම කුමක්‌ද කියන එක දන්නෙත් ඔවුන්ම තමයි. හැබයි මේ ක්‍රියාදාමය තුළ විශාල මුදල් සම්බාරයක්‌ එහා මෙහා යන බවට ආරංචි පැතිරෙනවා. ඒ පිළිබඳ මගේ නීතිඥ මහත්වරුන් නුදුරේදිම රටට කරුණු හෙළි කරයි. ඔබ අහන ප්‍රශ්නයට මට දෙන්න තිබෙන පිළිතුර ළඟදීම මම ගරු අධිකරණයේදී හෙළි කරනවා.

ඔබ දක්‍ෂතා තුළින් ඉදිරියට ආ බවක්‌ කිව්වා. ඇත්තටම දක්‍ෂයෙක්‌ද?

මම මේ රටටත් ජනතාවටත් ආදරය කළ මිනිසෙක්‌. ඒ ආදරය සමග පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ සිටිමින් රට වෙනුවෙන් මගේ කොටස මා නිවැරදිව කළා. ඉතින් මා කළ දේ දෙස බලා දක්‍ෂයෙක්‌ද නැද්ද යන වග කිව යුත්තේ ඔබයි.

මොනවද ඔබ කළේ?

අතීත යුද සමයෙන් ගත්තොත් යන්න ඔබ ත්‍රිකුණාමලයට. ගිහින් අහන්න එල්ටීටීඊ ත්‍රස්‌තයන්ගේ පළමු මිසයිලය සොයා ගැනීම පිළිබඳ. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා තවත් දින තුනකින් ගුවන් මගින් ඒ කිට්‌ටුව තැනකට පැමිණීමට නියමිතව තිබියදීයි කොටින්ගේ මිසයිලය හමුවුණේ.

අහන්න අපේ රණවිරුවන් 28 දෙනකු බෝම්බ තියලා මරා දාපු එල්ටීටීඊ ත්‍රස්‌තයන්ට වුණ දේ ගැන. මම හිතන්නේ මාධ්‍යවේදියකු ලෙස ඔබට අමතක නැතිව ඇති ත්‍රිකුණාමලයේ වර්ෂා කියන පුංචි දියණිය අමානුෂික විදිහට මරාදාපු නොමිනිසුන්ගේ කතාව.

ඊට පස්‌සේ?

ඊට පස්‌සේ කොළඹ පාතාලයට වුණ දේ පිළිබඳ පසු විපරමක්‌ කර බලන්න. වත්මන් ආණ්‌ඩුකාර අලෙවි මවුලානා මහත්තයගෙන් කප්පම් ඉල්ලූ පාතාලයන්ගේ කතාව බලන්න. පාතාලයට කප්පම් ගෙවූ කොළඹ මුස්‌ලිම් ව්‍යාපාරිකයන් කියන කතාවත් අහන්න. පළමුවන හරස්‌ වීදියේ ව්‍යාපාරිකයන්ගෙන් කොළඹ මුස්‌ලිම් පාතාලය කප්පම් ගනිද්දී වෙච්ච දේත් හොයලා බලන්න. මගෙන් පස්‌සේ පාතාලයට වෙච්ච දේ දන්නවා ඇතිනේ.

තව තියෙනවද?

ඔව්. කහවත්ත කොටකෙතන ගමේ මිනිස්‌සු මුණගැහෙන්න. ඔවුන්ගේ කතාව අහන්න. පාතාලයට යට වෙලා බියෙන් හිටපු දකුණේ ජනතාවගේ කතාවත් අහන්න.

තවත් තියෙනවද?

මම මං ගැනම කියන්න ඕනේ නැහැනේ. ඒක එච්චර නිවැරදි නැහැ. ඔබ මාධ්‍යවේදියෙක්‌. ජනමාධ්‍ය ඒ දිනවල මම කරපු දේට දෙන්න ඕන ගෞරවය උපරිමයෙන් දුන්නා. ඒ පිළිබඳව මම හදවතින්ම අදත් ආඩම්බර වෙනවා.

ඒ කියන්නේ ඔබට ගෞරව කරපු මාධ්‍ය දැන් ඔබ සමග නැද්ද?

මම දන්නේ නැහැ. මට තේරෙන්නෙත් නැහැ. බොහෝ මාධ්‍ය අද මට පහර දෙනවා. රටට ආදරය කළ ජනතාවට වැඩ කළ මම අද කොන්වෙලා. ඒ පිළිබඳව මට තියෙන්නේ දුකක්‌.

ඔබේ පුතත් මෙම සිද්ධියේ සැකකරුවෙක්‌?

ඔව්. මගේ දරුවටත් චෝදනා එල්ල කරලා. ඔහුත් දැන් බන්ධනාගාරගතව ඉන්නේ.

තාත්තා කෙනෙක්‌ විදිහට මොනවද හිතෙන්නේ?

මෙවැනි සිද්ධියකදී ඕනෑම පියකුට ඇතිවන හැඟීම මටත් පොදුයි. මමත් දරු සෙනෙහස දන්න තාත්තා කෙනෙක්‌. මගේ දරුවට චෝදනා එල්ල කර ඇති ආකාරය සහ දරුවාගේ නිර්දොaෂීභාවය නුදුරු කාලයේ අධිකරණය හමුවේ හෙළිවේවි.

ඔබ මෙවන් තත්ත්වයකට පත්වීම පිළිබඳ ඇතිවන හැඟීම?

මෙවන් දේ තුළින් පොලිසියේ සිටින රටට යමක්‌ කිරීමට සිතන නිලධාරින් පසුබසීවි. ඔවුන්ට දෙපාර්තමේන්තුව පිළිබඳ ඇති විශ්වාසය නැතිව යා හැකියි. එම නිලධාරින් කිසිත් නොකර ඇඟබේරාගෙන සිටින පිරිසක්‌ ලෙසින් කටයුතු කරයි.

ඇයි එහෙම කියන්නේ?

මම කරපු රාජකාරි හමුවේ මට තර්ජන තිබුණා. ජීවිතයට පවා බොහෝ තර්ජන එල්ල වී තිබුණා.

කාගෙන්ද? ඔබ කියන්නේ ඔබව මරන්න හිටියා කියලද?

ඔව්. පාතාලය මර්දනයට ක්‍රියා කරපු නිසා පාතාලයෙන් මට තර්ජන තිබුණා. කුඩු ජාවාරමට එරෙහි වීම නිසා ඔවුන්ගෙන් තර්ජන එල්ල වී තිබුණා. එල්ටීටීඊයට එරෙහි වීම නිසා ඒ දිනවල ත්‍රස්‌තවාදී තර්ජන තිබුණා.

ඉතින් ඔබට තර්ජන තිබුණා කියලා අනෙක්‌ නිලධාරින් අඩපණ වෙන්නේ ඇයි?

මේ සිදුවීම් පෙළ හරහා අද මම අනාරක්‍ෂිත වෙලා. මගේ ජීවිතයේ සුරක්‍ෂිත බවට අභියෝගයක්‌ එල්ල වෙලා. කවද හරි මට වුණ දේ ඔවුන්ටත් සිදුවෙයිද කියන සැකය අනෙක්‌ පොලිස්‌ නිලධාරින්ටත් ඇතිවිය හැකියි.

ඔබට සිදුවූ දේ පිළිබඳ සිතීමේදී අද ඔබේ බිරිඳ ඇතුළු ඥතීන් මොන වගේ මට්‌ටමකද?

අවංකවම ඔවුන් මුලදී දැඩි චිත්ත පීඩාවකට පත් වුණා. මගේ බිරිඳ ඇතුළු පවුලේ අය මානසිකව මරා දැමීමට පවා ඇතැමුන් උත්සාහ කළා.

කවුද ඒ අය?

මට චෝදනා කරන සහ මගේ ගමන නවතා මාව යන පාරෙන් ඉවත් කිරීමට උත්සාහ දරණ පිරිසම තමයි. නමුත් සත්‍යය සහ මගේ චිත්ත ධෛර්යය හමුවේ ඒ සියලු උත්සාහයන් පරාජය වුණා. ඒ වගේම මගේ ඥති මිත්‍රයන් මෙන්ම ගමේ (අම්බලන්ගොඩ) හිතවතුන්ගේ අවංක පෙනී සිටීම තුළ බිරිඳ ඇතුළු පවුලේ අය මානසිකව මරා දැමීමට උත්සාහ දැරූ අය අද අබල දුබල වී සිටිනවා.

මම යළිත් අහනවා. ඔබ වාස්‌ ගුණවර්ධනනේ?

ඔව් මම වාස්‌ ගුණවර්ධන තමයි. ඇයි එහෙම අහන්නේ.

ඔබට තිබුණු නිල බලය ප්‍රයෝජනයට ගෙන කප්පම් ගත්තද?

මට ස්‌විස්‌ බැංකුවල ගිනුම් නැහැ. මෙහෙ බැංකුවලත් එක එක විදිහේ ගිනුම් නැහැ. මම අද මට එරෙහිව තිබෙන චෝදනාවලට අධිකරණ කටයුතු සඳහා වියදම් කරන්නේ මට දෙමාපියන්ගෙන් දේපළ විදිහට උරුම වුණු මහ ගෙදරත් උකස්‌ තියලා. වාස්‌ නිලය බලය යොදලා කප්පම් ගත්ත නම් එහෙම කරන්න වෙනවද?

තවත් යමක්‌ කියන්න තිබෙනවාද?

ඔව්. මම වැඩ කළේ රටට. මේ රටේ මිනිස්‌සුන්ට. ඒ නිසා ළඟදීම සත්‍යය හෙළි වෙයි.

වාස්‌ ගුණවර්ධන අපට හෙළි කළ කතාව නිමා වූයේ එසේය. එහෙත් එකී නිමාව එලෙස සිදු වෙද්දී ඉකුත් සතියේ මාධ්‍ය තුළ ඉහළ ප්‍රචාරයක්‌ ලැබුණු සිදු වීමක්‌ වූයේ සියාම් ඝාතන සිද්ධියේ පළමු සහ දෙවන සැකකරුවන් වූ මොහොමඩ් පවුස්‌ඩීන්ට සහ ක්‍රිෂාන්ත කෝරළගේට රජයේ සාක්‍ෂිකරුවන් ලෙස නිදහස ලැබීමට නියමිත වීමේ කතාවය.

ඔවුන්ට මෙකී නිදහස හිමිවන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 256 (1) වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයාගේ උපදෙස්‌ මත බවද කියෑවුණේය.

මේ ක්‍රිෂාන්ත කෝරළගේ සහ මොහොමඩ් පවුස්‌ඩීන් යනු කවුරුන්ද? රහස්‌ පොලිසිය සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී සියාම් පැහැරගත් බවට කියෑවුණු ස්‌ථානයේ තිබූ ආරක්‍ෂිත කැමරාවෙහි සටහන් වූ ඡායාරූප අනුව මුලින්ම හඳුනාගත් සැකකරුවන් දෙදෙනා ඔවුහුය.

රහස්‌ පොලිසිය සිදු කළ විමර්ශනයේදී පවුස්‌ඩීන් යනු මොහොමඩ් සියාම්ව සිය නිවසේ සිට පැහැර ගැනීම දක්‌වා කැඳවාගෙන ආ පුද්ගලයා ලෙසත් ක්‍රිෂාන්ත කෝරළගේ යනු සියාම් ඝාතන කොන්ත්‍රාත්තුවේ මූලිකයා ලෙසත් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙකී මොහොමඩ් පවුස්‌ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ නමැති පුද්ගලයන් දෙදෙනකු නොසිටියේ නම් මොහොමඩ් සියාම් නමැති ව්‍යාපාරිකයා අදටත් ජීවතුන් අතර නේදැයි යන පැනය සමාජයට මතු නොවන්නේද?

මෙය අධිකරණමය කටයුත්තක්‌ බැවින් ඉන් එහා යමක්‌ අපට කතා කළ නොහැකිය.

සමන් ගමගේ

 

http://www.divaina.com/2013/10/06/feature12.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )