JHU Heros – හෙළ උරුම විරුවෝ, ලක් මවගෙ සුජාත දරුවෝ


සත්ත්ව ඝාතන වළක්‌වමින් ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි
– ඕමල්පේ සෝභිත හිමි

බිලි පූජා සඳහා සිදුකෙරෙන සත්ව ඝාතනය වළක්‌වමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක්‌ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියේ ප්‍රකාශ කරති.

මෙම තීන්දුව අනුව සතුන් මැරීමට අයිතිය ඇත්තේ සත්ව ඝාතකයනට පමණක්‌ බවද උන්වහන්සේ ප්‍රකාශ කරති.

මෙම තීන්දුව සත්ව ඝාතනයට එරෙහිව සටන් කළ සංවිධාන ලැබූ ජයක්‌ බවත් එය මානව හිතවාදීන්ගේ මෙන්ම සත්ව හිතවාදීන්ගේද ජයග්‍රහණයක්‌ බවත් උන්වහන්සේ  පැවැසූහ.

http://www.divaina.com/2013/08/30/news08.html

 


පාකිස්‌තානයෙන් ගෙන්වන සියලු භාණ්‌ඩ
විශේෂ පරීක්‍ෂාවට ලක්‌ කළ යුතුයි
– හෙළ උරුමය කියයි

සිරිමන්ත රත්නසේකර

මෙරට කුඩු ජාවාරම පිටුපස සිටින අනන්‍යතා ලකුණ කුමක්‌ද යන්න නැවත වරක්‌ තහවුරු වී ඇති බව සඳහන් කරන ජාතික හෙළ උරුමය එහෙයින් පාකිස්‌තානයෙන් ආනයනය කරන සියලු භාණ්‌ඩ සහ පාකිස්‌තාන ජාතිකයන් විශේෂ පරීක්‍ෂාවකට ලක්‌ කළ යුතු බව අවධාරණය කරයි.

මෙම මත්කුඩු ජාවාරම පිටුපස සිටින හාල්මැස්‌සන් ඇල්ලීමෙන් පමණක්‌ මෙය මැඬලිය නොහැකි බවත් ජාවාරම පිටුපස සිටින තෝරු මෝරු සොයා දඬුවම් කිරීම බලධාරීන්ගේ වගකීම බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

පාකිස්‌තානු සහ ඇµaගනිස්‌තාන ජාතිකයන් මෙරට තුළ පවත්වාගෙන යන ව්‍යාපාර හා ඔවුන් සමඟ සම්බන්ධ වී සිටින ව්‍යාපාරික ජාලයන් පිළිබඳ නිරන්තර පසුවිපරමකින් හා සෝදිසියෙන් සිටියහොත් මෙරටට ගලාඑන මත්කුඩු හා හොර ජාවාරම් සැලකිය යුතු ලෙස මැඬලිය හැකි බවත් වර්ණසිංහ මහතා පැවසීය.

අද ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්යමත්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වල තිප්පොලක්‌ බවට පත්ව ඇතුවා පමණක්‌ නොව මත්ද්‍රව්‍ය බෙදාහරින තැනක්‌ බවට ද පත්ව ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2013/09/03/news03.html

 

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )