Tamil Toilet Washers – ද්‍රවිඩ සක්කිළි විසින් පහරදෙන අපේ යාපනේ පන්සල


යාපනයේ විහාරස්‌ථානයට බෝම්බ ගැසූ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕමල්පේ සෝභිත හිමි යාපනයේ නාවක්‌කුලි ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින බෞද්ධ විහාරස්‌ථානයකට අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ පුවත්පත් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
යාපනයේ නාවක්‌කුලි ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින බෞද්ධ විහාරස්‌ථානයකට අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීම පිටුපස සිටින්නේ අවතැන්වූ උතුරේ සිංහලයන් නැවත පදිංචිවීම නොඉවසන දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී කණ්‌ඩායම් බව ඉතා පැහැදිලියි. බෞද්ධ විහාරස්‌ථානයක්‌ ඉලක්‌ක කරගෙන එල්ල කරන ලද මෙම අත්බෝම්බ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, මේ පිටුපස සිටින්නේ කවර කණ්‌ඩායමක්‌ද යන්න පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වහාම කටයුතු කළ යුතු අතර නාවක්‌කුලි ප්‍රදේශයේ නැවත පදිංචියට ගොස්‌ සිටින සිංහලයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගත යුතුව ඇත.
උතුරෙන් පලවා හැරි සිංහලයින් ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු නැවත පදිංචිය සඳහා තම ගම්බිම්වලට හා ඉඩකඩම්වලට ගියේ ස්‌වේච්ඡාවෙනි. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය එම ජනතාවට කිසිදු ලෙසකින් පිළිසරණ වූයේ නැත. තම ඉඩකඩම්වල ලියවිලි ඔප්පු තිරප්පු රැගෙන යාපනයට ගිය සිංහලයන්ට දැක ගත හැකි වූයේ තම ඉඩම්වල බලහත්කාරයෙන් දෙමළ අය පදිංචිවී ඇති බවයි. කොටි මහාවීර පවුල් සිංහලයන්ගේ ඉඩම්වල පදිංචි කරවා ඒවාට ව්‍යාජ ලියකියවිලි හා ඔප්පු තිරප්පු සාදා ඇති බවයි. අසරණ වූ එම සිංහල ජනතාව සති ගණනාවක්‌ යාපනයේ දුම්රියපොළේ රැඳී සිටි අතර, වගකිව යුතු නිලධාරීන්, බලධාරීන් කිසිවෙක්‌ එම ජනතාව ගැන සොයා නොබැලූ අතර, එම ජනතාවට වියළි ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සොයා බලන්නට මූලික වූයේ අප පක්‍ෂය ඇතුළු බෞද්ධ සංවිධානයි. යාපනයේ දිසාපතිනි ඉමෙල්ඩා සුකුමාර් මහත්මිය එදා එම ජනතාවට පොරොන්දු වූයේ මසක්‌ ඇතුළත ඉඩම් කච්ෙච්රියක්‌ පවත්වා ඉඩම් පිළිබඳ ගැටලු නිරාකරණය කරන බවයි. එහෙත් එය මේ දක්‌වා සිදු නොවූ බොරු පොරොන්දුවක්‌ විය. ඉන් පසු එම ජනතාව නාවක්‌කුලි ප්‍රදේශයේ රජයේ ඉඩමක තාවකාලික නිවාස ඉදිකරගෙන පදිංචි විය. එම ජනතාවගේ අවශ්‍යතා සොයා බැලුවේ ජාතික ආගමික සංවිධානයි. එලෙස පදිංචි වූ සිංහල ජනතාව බිය වද්දමින් දිගින් දිගටම ඔවුන්ට තර්ජනය කරමින් දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් එම ජනතාව නැවත පලවා හැරීමට උත්සහ දරන ලදී. දෙමළ ජාතික සංධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රසිද්ධියේ තර්ජනය කළ අවස්‌ථා බොහෝය. දැන් එම ප්‍රදේශයේ තම බෞද්ධ කටයුතු කර ගැනීම සඳහා ඉදි වූ ආගමික සිද්ධස්‌ථානයකට අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කර ඇත. එසේ නම් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කවර දිසාවකින්ද යන්න ඉතාම පැහැදිලිය. උතුරේ අවතැන් වූ සිංහල ජනතාව නැවත පදිංචිවීම නොඉවසන්නේ කවුරුන්ද යන්න පැහැදිලිය.
මෙවැනි ජාතිවාදී, බෙදුම්වාදී ත්‍රස්‌තවාදය සමග අත්වැල් බැඳගත් කණ්‌ඩායම් අතට උතුරේ පළාත් සභාව හිමිවුවහොත් කවර තත්ත්වයක්‌ ඇතිවේද? පොලිස්‌ බලතල, ඉඩම් බලතල උපයෝගී කරගෙන ඔවුන් කෙලෙස ක්‍රියාකරාවිද? මෙය ඉදිරියේ ඇතිවීමට නියමිත උතුර පළාත් සභාව පිළිබඳව පෙර නිමිත්තක්‌ නොවන්නේද? වහාම මේ පිළිබඳව ආරක්‍ෂක අංශවලත් වගකිව යුතු බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අවධානය යොමු කර සියලු බාධක, කෙනෙහිලිකම් මැද නැවත පදිංචිය සඳහා ගිය අතලොස්‌සක්‌ වූ සිංහලයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර, මෙම විහාරස්‌ථානයෙහි වැඩසිටින භික්‍ෂුන් වහන්සේලාගේ සහ ප්‍රදේශයේ සිටින සිංහල ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස අපි අවධාරණය කර සිටිමු.

 

http://www.divaina.com/2013/08/13/news21.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )