Obsolete SL Law – පර සුද්දාගේ යල් පැනගිය නීතියෙන් බැටකන සිංහල බෞද්ධයා


හැම එකකටම උස්‌සන් එන්නේ සුද්දොa හදපු නීති ටිකයි සිංහල බෞද්ධයා රැකගැනීමට තවමත් මේ රටේ නීතියක්‌ නැහැ ගලගොඩඅත්තේ ඥණසාර හිමි
මහියංගනය – රංජිත් කරුණාවීර
මේ රටේ සිංහල බෞද්ධයා රැකගන්න නීති හදන්න කිව්වට අදවන තුරු එවන් නීතියක්‌ හෝ බෞද්ධ විහාරගම්දේපළ පනත හෝ නිසි ලෙස හදාගන්න බැරිවුණා. 1931 සුද්දොa හදපු විහාරදේවාලගම් පනත තමයි හැම එකටම උස්‌සන් එන්නේ. සුද්දොa හදපු වාරි මාර්ග වැව් පනත තමයි තවමත් ක්‍රියාත්මක වන්නේ” යෑයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් පැවසූහ.
මහියංගනයේ පැවැති බොදුබල සේනා මියුගුණ මහ සමුළුවේදී උන්වහන්සේ එසේ කීහ.
තවදුරටත් කතා කළ ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් ( අද මහියංගනය කියලා කිවුවාම අන්‍යාගමික කරණයට ගොදුරුවන රාජ්‍ය නොවන සංවිධානවල පොදු ගොදුරක්‌ බවට පත්වුණ මුස්‌ලිම් අන්තවාදීන්ගේ බිමක්‌ බවට පත්වුණ ඒ වගේම මත්ද්‍රව්‍ය වලින් කප් ගහපු, බොහෝ තැන්වල දුරාචාරය පිරි භූමියක්‌ හැටියට තමයි කතා කරන්නේ.
විශේෂයෙන්ම අපි සංවිධානයක්‌ හැටියට දවසක්‌ පාසා අන්තර්ජාල වෙබ් අඩවිවල පලවන පුවත් පිළිබඳ හරි සැලකිල්ලෙන් ඉන්නවා. මම දන්නෑ පුදුම කරුමයක්‌ එක ප්‍රවෘත්තියක්‌ තියෙනවා. එකේ නම කියන්න ඕනිත් නැහැ. එකේ නමවත් කියන්න වටින්නේ නැහැ. නමුත් එක අභියෝගයක්‌ විතරක්‌ කරන්න ඕනෑ මේ වෙලාවේ. විශේෂයෙන් ආරක්‍ෂක ලේකම්තුමාටත් පොලිස්‌පතිතුමා ඇතුළු ආරක්‍ෂක බලධාරීන් බුදිද කියලා අහන්න ඕනෑ. මේ රට ගැන ජාතිය ගැන විශේෂයෙන්ම හාමුදුරුවරු ගැන දිගින් දිගටම රටට ලෝකයට අසත්‍ය ප්‍රචාර මුදා හරින මේ ජාතියට වින කටින පව්කාර මාධ්‍ය වෙබ්අඩවියක්‌ තියෙනවා.
ඇත්තටම මහියංගනයේ මොකක්‌ද වුණේ. මහියංගනයේ පසුගියදා වෙච්ච සිද්ධි ගැනත් මේ සිදුවීම් ඉතාම වැරදි සහගත විදිහට ජාත්‍යන්තරයට තානාපති කාර්යාලවලට ගෙන ගිහිල්ලා. ඉතාම සාහසික ලෙස මෙම ජාතියට හතුරුකම් කරන පවුකාරයෝ ගැනත් මේ බොදු සමුළුවේදී එළිකරන්න සිදුව තිබෙනවා.
බොදු බලසේනාව කොතනකවත් ගැටුම් නිර්මාණය කරලා නැහැ. ඒ වුනාට ඇතැම් ඇමැතිවරු අධිකරණ පද්ධතියේ ගැටුම් හදාගෙන යනවා. තාම සංඝ අධිකරණයක්‌ හදාගන්න බැරිවුණා. අවුරුදු 2500 ක ලිත ඉතිහාසයක්‌ තියෙන අපිට අධිකරණයක්‌ නැහැ. සංඝයාවහන්සේලාගේ ප්‍රශ්න ටික විසඳන්න.
ඩිලාන් ඇමැතිවරයා හාලිඇල ප්‍රදේශයේදී සඳහන් කර තිබූ පරිදි, බොදු බල සේනා සංවිධානය එකම හෝ මුස්‌ලිම් අයකුට, මුස්‌ලිම් කඩයකට හෝ මුස්‌ලිම් පල්ලියකට පහරදී තියන බව ඔප්පු කළොත් තමන් වහන්සේ මහියංගන විහාරයට පැමිණ සිවුරු හරින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ඥණසාර හිමියන් පැවසූහ. එසේ ඔප්පු නොකළොත්, ඩිලාන් ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙන් අස්‌විය යුතු බව ඥණසාර හිමියන් පැවසූහ.
ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ මෙහිදී සභාව අමතමින් බොදු බල සේනාවට සහය පළ කළේය.
මෙම අවස්‌ථාවට මල්වතු විහාරයේ අනුනායක අළුත්වැව ධම්මානන්ද ස්‌වාමීන් වහන්සේ, බොදුබල සේනා ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්දන හිමි, ඌව බිම්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්‌ත්‍රවේදී නාපටවෙල ධම්මානන්ද හිමි ඇතුළු සංඝයා වහන්සේලා, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ සහ ප්‍රදේශයේ බෞද්ධයින් දහස්‌ සංඛ්‍යාවක්‌ මෙම සමුළුවට සහභාගි වූහ.

 

http://www.divaina.com/2013/08/08/news41.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )