COMMON ENEMY – අන්තර්ජාතික සාමයේ පොදු සතුරා ඉස්ලාමය නොවේද?


ලොව පුරා ඇවිලෙන ආගමික ගැටුම්


ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවර “ඒකයාන” විහාරස්‌ථානය චීන බෞද්ධයින්ගේ වැඳුම් පිදුම් ලබන මහායාන පන්සලකි. මේ විහාරස්‌ථානයේ ඉකුත් 04 වැනිදා කුඩා ප්‍රමාණයේ බෝම්බයක්‌ පුපුරා ගියේ බැතිමතුන් තුන්සියයක්‌ පමණ දෙනා රැස්‌වී ආගමික වතාවත් සිදු කරන අවස්‌ථාවකදීය. කිහිප දෙනකුට මෙම ප්‍රහාරයෙන් සුළු තුවාල සිදුවූ අතර තවත් බෝම්බයක්‌ ප්ලාස්‌ටික්‌ බකට්‌ එකක දමා තිබියදී අසුවිය. මෙහි කුඩා ලියවිල්ලක්‌ ද තිබී හමුවූ අතර එහි සඳහන් වූයේ “අපි රෝහින්ගාවරුන්ගේ වේදනාවන්ට පිළිතුරු සපයන්නෙමු” යන්නයි. ඒකයාන පන්සලට ප්‍රහාරයක්‌ එල්ල වූයේ බුරුමයේ ඇතිව තිබෙන බෞද්ධ මුස්‌ලිම් ගැටුම නිසා බව මේ පත්‍රිකාවෙන් අවබෝධ විය. පසුගිය වසරේදී මුස්‌ලිම් ආරක්‍ෂක පෙරමුණ නම් සංවිධානයක්‌ රෝහින්ගාවරුන්ට සහාය දක්‌වමින් පැවැත්වූ රැලියකින් පසුව ඉන්දුනීසියාවේ සුලාවේසි ප්‍රදේශයේ බෞද්ධ විහාරස්‌ථානවලට පහර දුන්හ. එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේදී සුමාත්‍රා දිවයිනේ පිහිටි සරණාගත කඳවුරකදී මුස්‌ලිම්වරු හා බෞද්ධයින් අතර ගැටුමක්‌ ඇතිවූ අතර එහිදී බෞද්ධ ධීවරයින් අට දෙනකු මරණයට පත් විය.
වසර 15 ක සිරදඬුවමක්‌ විඳින ඉන්දුනීසියානු මුස්‌ලිම් පූජකයකු වන අබුබකර් බෂීර් ජුලි 22 වැනිදා, බුරුම ජනපති තේන් ෂේන් වෙත යෑවූ ලිපියක්‌ එරට වෙබ් අඩවියක පළවී තිබිණි.
එහි මෙසේ සඳහන් විය. “ඔබ දැනගත යුතුයි මුස්‌ලිම්වරු සියලු දෙනාම සහෝදරයින් බව. ඔවුනගේ වේදනාව අපේත් වේදනාවයි. ඔවුනගේ දුක අපේත් දුකයි. ඔවුන්ගේ ලේ හැලෙන විට එය අපේ ලේ හැලීමක්‌ ලෙසයි. අපි පිළිගන්නේ. අල්ලාගේ පිහිටෙන් අපට ඔබලාත් ඔබේ රටත් විනාශ කළ හැකියි.” අබුබකර් මේ ලිපිය යවා තිබුණේ රෝහින්ගා මුස්‌ලිම්වරුන්ගේ ප්‍රශ්නය පිළිබඳවය. බුරුමයේ ප්‍රශ්නය ඉන්දුනීසියාවටත් බලපා ඇති බව නම් පැහැදිලිය. මේ ඇවිලෙන්නේ ශිෂ්ටාචාරයේ ගැටුමද? ඇත්තෙන්ම ලෝකයේ ආගම් අතර ගැටුම් වැඩිවී ඇති බව නම් පැහැදිලිය. මුස්‌ලිම් ලෝකය ද සුන්නි – ෂියා නිකාය බේදය නිසා උනුන් මරා ගනිති.
ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ අනවසර මුස්‌ලිම් පල්ලියකට එරෙහිව බෞද්ධයෝ උද්ඝෝෂණයක යෙදුනහ. මෙය පසුව ගැටුමක්‌ බවට පත්විය. අවසානයේ දැවැන්ත කාක්‌ බෝ ගසක්‌ කපා ඉවත් කර පැරණි පල්ලියට වැඩි ඉඩක්‌ ලබාදීමේ එකඟතාව මත සිද්ධිය සමතයකට පත්විය. බෝගස බෞද්ධයින්ට පූජනීය වුවත් ආගමික සහනශීලීත්වය වෙනුවෙන් එය කපා දැමීමට එකඟතාව පළ විය. මෙය එක්‌ හුදකලා සිද්ධියක්‌ වුවත් ඇමරිකානු තානාපති කාර්යාලය වහා කලබලවී නිවේදන නිකුත් කරන්නට උත්සුක විය. මුස්‌ලිම් ලෝකයට ගිනි තබන්නට කුමන්ත්‍රණ කරන ඇමරිකාව ග්‍රෑන්ඩ්පාස්‌හි ගලක්‌ වීසි කිරීම ගැනත් වඩාත් උනන්දුවක්‌ දක්‌වයි. අද ඉරාකය අසාර්ථක රාජ්‍යයක්‌, සුන්නි ෂියා ආගමිකයන් උනුන් මරාගන්නා තත්ත්වයක්‌ ඇති කළේ කවුරුන්ද? ඒ ඇමරිකාවයි. පසුගිය ජුලි මාසයේදී පමණක්‌ ඉරාකයේ පුපුරා ගිය බෝම්බවලින් දහසක්‌ මරුමුවට පත්ව ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි ජුලි මාසයේදී 1057 ක්‌ මරුමුවට පත්වී 2326 ක්‌ තුවාල ලබා ඇත. 2003 වසරට පෙර සදාම් හුසේන්ගේ ඒකාධිපති පාලනය තිබුණ ද මෙසේ බෝම්බ පිපිරුනේ නැත. සුන්නි ෂියා ගැටුමක්‌ පැවතියේ ද නැත. වසර 1200 ක්‌ පැරණි සුන්නි ෂියා ගැටුම දැන් ඉරාකය, ලෙබනනය, සිරියාව යන සෑම රටකම පැතිරී ඇත.
ඉරාකයේ වර්තමානයේ පවතින්නේ ෂියා බහුතරය විසින් පාලනය කරන ආණ්‌ඩුවකි. නුරි අල් මලිකි ඇමරිකාවේ රූකඩයක්‌ බව ඉරාක සුන්නිවරු පවසති. ඉරාකයේ බහුතරය ෂියා මුස්‌ලිම්වරුන් වුවද ඔටොමාන් අධිරාජ්‍යය කාලයේ සිට පළමු වන ලෝක යුද්ධය දක්‌වාම එරට පාලනය කළේ සුන්නිවරුන් විසිනි. සදාම් හුසේන් ද සුන්නි මුස්‌ලිම්වරයෙකි. 1980 මුල් භාගයේදී ඉරාන ෂියා පාලනයට පහර දී ඉරානයේ තෙල් ළිං අල්ලා ගැනීමට සදාම් හුසේන් යුද්ධ කළේය. එයින් මිලියන දෙකක්‌ ඝාතනය විය. සදාම් පරාජය කිරීමට හැකිවූ නිසා ඉරානයේ ෂියා ආගමික නායකයින්ගේ බලය වඩාත් තහවුරු විය. දැන් ඉරානය අලවයිට්‌ ගෝත්‍රයේ ජනපති බෂාර් අල් අසාද්ගේ සිරියානු ආණ්‌ඩුව රැක ගැනීම වෙනුවෙන් කැපවී සිටියි. ඉරාක ෂියා මුස්‌ලිම්වරු දෙදහසක්‌ සිරියානු රජය වෙනුවෙන් සටන් කරන්නට එරටට ගොස්‌ ඇත. 2006-2008 කාලයේදී ෂියා සටන්කාමීන් ඉරාක රජය හා සටන් වැදුනහ. ඉරානය සිරියාවට උදව් කරන්නේ ෂියා ගෝත්‍රිකයන් ආරක්‍ෂා කිරීමේ සටන් පාඨය යටතේය. මෙය දැන් ලෙබනනයට ද පැතිරී ඇත. සිරියානු කැරලිකරුවන් පසුගියදා බේරූට්‌ නුවර අසල උප නගරයක්‌ වන ඩහියාහි බෝම්බයක්‌ පිපිර වූහ. එම නගරය හිස්‌බුල්ලාහ් සාමාජිකයින්ගේ බලය ඇති ප්‍රදේශයකි. එනම් ෂියා මුස්‌ලිම්වරුන්ගේ බල ප්‍රදේශයකි. සුන්නි ෂියා ගැටුමෙන් මුළු අරාබි ලෝකයම ගිනිගෙන ඇති බව පැහැදිලිය. සිරියානු ගැටුම් නිසා මසකට පන්දහසක්‌ ඝාතනය වෙති.
ඉන්දියානු කාශ්මීර ප්‍රාන්තයේ පුන්ඩ් දිස්‌ත්‍රික්‌කයේදී පකිස්‌තාන සෙබළුන් අතින් ඉන්දියානු භටයින් පස්‌ දෙනෙක්‌ ඝාතනයවීමෙන් පසු යළිත් එම ප්‍රාන්තය පිළිබඳ සමස්‌ත ඉන්දියාවේම අවධානය යොමුව ඇත්තේ එහි ඇතිව තිබෙන හින්දු මුස්‌ලිම් ගැටුම් නිසාය. රාමසාන් දිනයේ එනම් ඉකුත් 09 වැනිදා ඇතිවූ ගැටුමෙන් මුස්‌ලිම් ජාතිකයකු හා හින්දු ජාතිකයකු මරණයට පත්විය. ජම්බු නගරයට කිලෝමීටර් 50 ක්‌ ඈතින් පිහිටි ක්‍රිෂ්වාර් නගරයේදී මේ ගැටුම ඇතිව තිබෙන අතර එම නිසා එම පළාතටම දින හයක්‌ පුරා ඇඳිරිනීතිය දමා තිබිණි. මේ ගැටුම උග්‍රවීම වැළැක්‌වීම සඳහා හමුදාව කැඳවීය. රාමසාන් උපවාසය අවසන් කරමින් පැවැති දේව මෙහෙයන් අවසානයේදී මුස්‌ලිම් ජාතිකයන් ඉන්දීය විරෝධී සටන් පාඨ කීම හින්දුන්ගේ කෝපයට හේතුවී ඇත. එම අවස්‌ථාවේ මෙම ගැටුම හටගෙන තිබේ. 1989 සිට කාශ්මීර ප්‍රාන්තයේ කැරලිකාර තත්ත්වයක්‌ හටගෙන ඇති අතර එම නිසා මියගිය පිරිස හැටඅට දහසකට අධිකය. මේ කැරලිකාරීත්වය පිටුපස පකිස්‌තාන් ආධාර හා අනුබලය ලබන මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම් කිහිපයක්‌ම සිටිති.
ඉන්දියාවේ හින්දු-මුස්‌ලිම් ගැටුම් අලුත් දෙයක්‌ නම් නොවේ. පකිස්‌තානයේ ජනගහනයටත් වඩා මුස්‌ලිම් ආගමිකයින් පිරිසක්‌ ඉන්දියාවේ වෙසෙති. මේ ගැටුම වහා නැවැත්වීමට මධ්‍යම රජය පවා මැදිහත් වූයේ එය වෙනත් ප්‍රාන්තවලට පැතිරුණා නම් ඉන්දියාවම ගිනි ගන්නා බව දිල්ලි ආණ්‌ඩුව හොඳින්ම දන්නා නිසාය. 67 වන නිදහස සමරන විට තවත් පැත්තක ආගමික ගැටුම් නිසා ලේ හැලෙන තත්ත්වයක්‌ නිර්මාණය වීමට ඉඩදීමට ඉන්දීය බලධරයෝ කැමැති නැත.
ලොව පුරා වෛරසයක්‌ මෙන් පැතිරෙන ආගමික ගැටුම් දෙස බැලීමේදී අපට පෙනී යන්නේ එක්‌ පාර්ශ්වයක්‌ වන්නේ මුස්‌ලිම් ආගමිකයින් වන බවයි. ක්‍රිෂ්වාර් නගරයේ සිට ග්‍රෑන්ඩ් පාස්‌ දක්‌වාම පොදු කරුණ වන්නේ “මුස්‌ලිම්” සාධකයයි. මුස්‌ලිම් විරෝධය පැහැදිලිවම දක්‌නට ඇත. මේ අතර එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක්‌ වන ඇඩවා ඩීන්ග් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ලොව පුරාම ජනවාර්ගික ගැටුම් ආගමික ගැටුම් වර්ධනය වෙමින් පවතින බවයි. කොන්ගෝව, ඉරාකය, කර්ගිස්‌තානය, මාලි, බුරුමය, පකිස්‌තානය, සූඩානය, සිරියාව යන රටවල මේ ගැටුම් බහුල බව ඇඩවා පවසා ඇත. එහෙත් මේ ගැටුම් වැළැක්‌විය හැකි වන්නේ කෙසේද? සැබවින්ම ශිෂ්ටාචාරයේ ගැටුම නිර්මාණය වී ඇති බව කනගාටුවෙන් වුවද කිවයුතුය.
චතුර පමුණුව

 

http://www.divaina.com/2013/08/18/forign.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )