Ganja Tamils – ද්‍රවිඩ ගංජා ජාවාරම් හැත්ත


එක්‌කෝටි දස ලක්‍ෂයක්‌ වටිනා කේරළ ගංජා කිලෝ 80 ක්‌ සමග මන්නාරමේදී 5 දෙනෙක්‌ දැලේ
පර්සි කුරුනේරු – අනුරාධපුර විශේෂ
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට හොර රහසේ බෝට්‌ටු මගින් මෙරටට ගෙන එන ලද රුපියල් එක්‌කෝටි දස ලක්‍ෂයක්‌ වටිනා කේරළ ගංජා කිලෝ 80 ක්‌ සමග සැකකරුවන් පස්‌දෙනකු පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (25 දා) අලුයම මන්නාරම පරණ දුම්රියපළ අසළදී අත්අඩංගුවට ගෙන ඇත.
වව්නියා පොලිස්‌ බුද්ධි ඒකකයට ලැබුණ තොරතුරකට අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මන්නාරම වව්නියාව සහ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය අණ දෙන නිලධාරී සහකාර පොලිස්‌ අධිකාරී අසිත රණසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සිදු කළ වැටලීමකදී සැකකරුවන් සමග ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
ගංජා කිලෝ 60 ක්‌ අඩංගු ගෝනි තුනක්‌ වාහනයක පැටවීම සඳහා ඊයේ අලුයම 2.00 ට පමණ කර මත ගෙන යමින් සිටි අවස්‌ථාවේ මන්නාරම පැරණි දුම්රිය ස්‌ථානය අසල මග රැක සිටි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ගංජා සමග සැකකරුවන් තිදෙනකු මුලින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව මන්නාරම කලපුවේ වනගත ස්‌ථානයක සඟවා තිබූ තවත් ගංජා කිලෝ 20 ක්‌ අඩංගු ගෝනියක්‌ සමග අනෙක්‌ දෙදෙනා ව ඊයේ උදේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයන් බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් ගංජා කිලෝවක වෙළෙඳපළ වටිනාකම රු. එක්‌ලක්‍ෂ හතළිස්‌ දහසක්‌ වන බවද පැවසේ. සැකකරුවන් සමග ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා ඊයේ දවල් මන්නාරම පොලිසියට භාර දී තිබේ.
මෙම ගංජා වැටලීමේ මෙහෙයුමට මන්නාරම පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මන්නාරම කඳවුරේ උ. පො. ප. එම්. එන්. ජී. ආර්. ඒ. උදය කුමාර, පො. කො. (14201) වෛද්‍ය නායක (32248), සේනාධීර (32090), තරංග (4375), කරුණාරත්න (75139) සහ විඡේසේකර (2700) යන නිලධාරීහු සහභාගි වූහ.

http://www.divaina.com/2013/07/26/news17.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )