Gender confused Islam terrorist – තම්බි නපුංසකයා වැනසූ වීර පොලිස් ප්‍රහාරය


මාලිගාවත්ත හෙල්ලූ ‘මාමස්‌මි’


මාලිගාවත්ත කියූ පමණින් සිහියට නැගෙන්නේ පාතාල ලෝකයේ මහා සරුණු ගණයේ අපරාධකරුවන්ය. ඒ තරමටම මාලිගාවත්තත් පාතාල ලෝකයත් අතර ඇත්තේ දීර්ඝ කාලීන සම්බන්ධතාවකි.
කාලයෙන් කාලයට මාලිගාවත්ත සිය රාජධානිය කරගෙන කිරුළු පලන් රජවරු බොහෝය. එහෙත් ඔවුන්ගේ ආයු කාලය කෙටිය. ප්‍රතිවිරුද්ධ කල්ලියක්‌ අතින් හෝ ආරක්‌ෂක අංශ අතින් බොහෝ පාතාල ප්‍රබලයෝ ඝාතනයට ලක්‌වූහ.
කුලී මිනීමැරුම්වලින් මුදල් ඉපයීම, මහා පරිමාණ මත්කුඩු ජාවාරම, කප්පම් ලබා ගැනීම මේ පාතාල කෙරුමන්ගේ ප්‍රධාන පෙළේ ආදායම් මාර්ගයන්ය. ඒ හරහා ඔවුන් ඉපැයූ ධනස්‌කන්ධය අතිවිශාලය.


මාලිගාවත්ත මුස්‌ලිම් පාතාලය බිහිවූයේ ඉමිටියාස්‌ සහ කුඩු නූර්ගේ නායකත්වයෙන්ය. එහෙත් වැඩි කාලයක්‌ ඔවුන්ට රජකම් කිරීමට ඉඩ ලැබුණේ නැත. ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායම් අතින් මේ පාතාල නරුමයෝ අවසන් ගමන් ගියහ.
නූර්ලාගෙන් ආරම්භ වූ මාලිගාවත්ත මුස්‌ලිම් පාතාලය අයුබ් ඛාන්, ඉන්විකාබ්, රිල්වාන්, අම්බට්‌ටා ෆසාල්, ලී මෝල වත්තේ රිස්‌වාන්, මල්බාර් මිල්වාන්, බයියා, නවුෂාඩ්, වංජල් අක්‍රම්, ඩොන්, පිරාස්‌, පප්පා, ආනමාලු ඉමිටියාස්‌, දිගා ෆයිසර්, රාජාබ්දීන්, එලී, ඩජීර්, ටෝජි, ෆාජි, අච්චා වැනි පාතාල නරුමයන්ගෙන් පෝෂණය වූහ. එහෙත් මේ පාතාල නරුමයන්ගෙන් වැඩි දෙනකු අද ජීවතුන් අතර නැත. ඒ පාතාල අපරාධකරුවන්ට පොදුවූ ධර්මතාවකි.
ඉකුත් 2009 වර්ෂයේ අගෝස්‌තු මස 29 වැනිදා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සූක්‍ෂම ප්‍රහාරයකින් මාලිගාවත්තේ එවකට සිටි මහා කෙරුම්කාරයා වූ ෆාජි මරු වැළඳ ගත්තේය. ෆාජිගෙන් පසු මාලිගාවත්ත පාතාලයේ මහ කෙරුමාගේ අඩුව පිරවීමට පැමිණෙන්නේ මාමස්‌මිය.
මොහොමඩ් කාදර් මොහොමඩ් අඡ්මීර් නොහොත් මාමස්‌මී පාතාල ලෝකයට අත්පොත් තැබුවේ මීට දශක දෙකකට පමණ උඩදීය. ඒ මාලිගාවත්තෙන් බිහිවූ ප්‍රසිද්ධ පාපන්දු කණ්‌ඩායමක්‌ හරහාය.
දක්‌ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ මාමස්‌මී තරුණ කාලයේ මාලිගාවත්තේ යූත් නමැති පාපන්දු කණ්‌ඩායමට බැඳී ක්‍රීඩා කළේය.
එවකට දෙමළ පාතාලයට එරෙහිව නැගී සිටි මුස්‌ලිම් තරුණ සංවිධානයේ සාමාජිකයකු වූ මාමස්‌මි පාතාල කෙළිකාරයෝ රැසකගේ ගුරුහරුකම් ලබමින් මහා අපරාධකාරයකු වූයේය.
“ෆාජි” පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයා බවට පත්වෙද්දී ඔහුගේ මොළකාරයා ලෙස කටයුතු කළේ මාමස්‌මිය. හීන් නූලෙන් ඕනෑම වැඩක්‌ කර ගැනීමේ හැකියාව ඇති මාමස්‌මි ෆාජිගේ සෙවණැල්ලක්‌ මෙන් ඔහු පසු පසම සිටියේ කෙදිනක හෝ මාලිගාවත්ත පාතලයේ කිරුළුපලන් රජවීමේ බලාපොරොත්තු ඇතිවය.
“ෆාජිගේ මරණින් පසු මාමස්‌මි වෙත මාලිගාවත්ත පාතාලයේ බලය නිතැතින්ම හිමිවිය. එතැන් පටන් මහා පරිමාණ මත්කුඩු ජාවාරම මෙහෙයවූයේ මොහුය. කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරුම්, කප්පම් ලබා ගැනීම්, අවි ආයුධ ජාවාරම ඇතුළු නීති විරෝධී ජාවාරම් රැසක්‌ කරගෙන ගිය මාමස්‌මී ඒ හරහා ඉපයූ මුදල අතිවිශාලය. එමෙන්ම යකඩ ව්‍යාපාරය ද ඔහුගේ ප්‍රධානම පෙළේ ආදායම් මාර්ගයක්‌ බවට පත්ව තිබිණි.
ෆාජිගේ ඝතනයෙන් පසු මාමස්‌මි විශේෂ ආරක්‌ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට පටන් ගත්තේ තමා වෙත කොයි මොහොතේ හෝ මේ ආනිසන්සයම උදාවන බව දැනගෙනය.
මාමස්‌මි එළිපිට ගමන් බිමන් ගියේ නැත. ඔහු කිසියම් අවශ්‍යතාවකට එළියට බැස්‌සේ නම් ඒ විශේෂ ආරක්‌ෂක ක්‍රියාමාර්ගයන්ද සමඟය. ඔහු මාලිගාවත්තේ සැරි සැරුවේ මුස්‌ලිම් කාන්තාවන් ලෙස වෙස්‌වලාගෙනය. මුස්‌ලිම් කාන්තාවක මෙන් මුළු සිරුරම වැසී යන්නට අඳින “අබායා” ඇඳුමින් සැරසී යැමෙන් ඔහු සිය ආරක්‌ෂාව සලසා ගත්තේය.
රසුල් මාමස්‌මිගේ එක කුස උපන් සොහොයුරාය. මාමස්‌මිගේ සමීපතම විශ්වාසවන්තම සගයා වූයේ රසුල්ය. ඊට අමතරව ඔහුගේ පාතාල කල්ලියේ අනෙක්‌ ප්‍රබලයන් වූයේ අස්‌වර් රවුෆa, අබ්දුල්ලා සහ බදුර්ය.
මාලිගාවත්ත පාතාලේ කිරුළ හිමිකර ගැනීමෙන් පසු ඔහු මුළු කොළඹ ප්‍රදේශය පුරා සිය අණසක පතුරුවා ගත්තේය. මාලිගාවත්තේ බොහෝ දෙනකුට ඔහු දෙවියකු බඳු විය. ඒ කිසියම් පිරිසකට දුකක්‌ කරදරයක්‌ සිදුවන ඕනෑම අවස්‌ථාවක ඔවුන්ගේ පිහිටට මාමස්‌මි සිටි නිසාය.
ගමේ පොදු වැඩවලට ඔහු අත දිග හැර වියදම් කළේය. ඒ හරහා මාමස්‌මි මාලිගාවත්තේ ජනතාවගේ ආදරය දිනාගත්තේය. ඔවුන්ගෙන් රැකවරණයත් ලබා ගත්තේය. කිසිදිනක මාලිගාවත්තේ කිසිවකුත් මාමස්‌මි පිළිබඳව පොලිසියට ඔත්තු දුන්නේ නැත. ඔහු අල්ලා ගැනීමට උදව් කළේද නැත. මාලිගාවත්තේ බොහෝ මුස්‌ලිම් ජනයා මාමස්‌මි ආරක්‌ෂා කළේ ඔහුගෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන මිල මුදල් නිසාමය. එමෙන්ම තමන් පිළිබඳ ඔත්තු දෙන ඕනෑම අයකුට සිදුවූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය. ඊට හොඳම උදාහරණය වූයේ රහීම්ගේ ඝාතනයයි.
රහීම් තිහාරිය ප්‍රදේශයේ පදිංචි මුස්‌ලිම් තරුණයෙකි. ඔහු යුද හමුදා කඳවුරක අරක්‌කැමියකු ලෙස සේවය කළේය. රහීම්ගේ පෙම්වතිය පදිංචිව සිටියේ මාලිගාවත්ත ඇපල්වත්තේය. රහීම් නිතර නිතරම සිය පෙම්වතිය මුණගැසීමට මාලිගාවත්තට ආවේය.
ආගන්තුක රහීම්ගේ හැසිරීම් රටාව මාලිගාවත්ත පාතාල කල්ලියට එතරම් රිස්‌සුවේ නැත. ඔවුන් නිතර නිතරම රහීම් පසුපස ලුහුබඳින්නට වූයේ කුමන අරමුණකින් ඔහු මාලිගාවත්තට එනවාදැයි සැක හැර දැන ගැනීමටය.
“මාමිස්‌මි අයියා ෂුවර් එකට මූ ආමි ඉන්ට්‌ එකේ ඉන්නෙ. මාලිගාවත්තට එන්නෙ අපි ගැන ඔත්තු බලන්න. මූට වැඩක්‌ නොදුන්නොත් අපට මැරුම් කන්න වෙනවා.”
මාමස්‌මීගේ ගෝලයෝ රහීම් ගැන නිතර නිතර කියන්නට වූහ. ඇත්තටම රහීම් මාලිගාවත්තට ආවේ ඔහුගේ පෙම්වතිය බැලීමටය. යුද හමුදා කුස්‌සියේ කරන රාජකාරිය අමතරව ඔහුට වෙනත් කටයුත්තක්‌ නොවීය. එහෙත් මාලිගාවත්ත පාතාලය ඔහු පිළිබඳව ගොඩනගාගෙන තිබුණේ වැරදි අවබෝධයකි.
“අපි රහීම්ව ඉවරයක්‌ කරලා දාමු. නැත්නම් මේක ලොකු කරදරයක්‌ වෙනවා.”
මාමස්‌මි සිය සගයන්ට යෝජනා කළේය. ඉකුත් 2012 වර්ෂයේ ඔක්‌තෝබර් මස 31 වැනිදා රාත්‍රිය එළඹෙන්නේ මහපොළොව නුහුලන අපරාධයක්‌ සඳහා මංපෙත් විවර කරමින්ය.
මාලිගාවත්ත ප්‍රදේශය ක්‍රම ක්‍රමයෙන් ජන ශූන්‍ය වෙමින් පැවතිණි. ඔත්තුකරුවෙක්‌ හිටි හැටියේම මාමස්‌මි සොයාගෙන ආවේය.
“මාමස්‌මි අයියා රහීම් ආවා කෙල්ලව බලන්න. මේ වෙලාව හොඳයි ඌව ඉවරයක්‌ කරලා දාන්න.”
ඔත්තුකරුවා ලබාදුන් තොරතුර ඉතාම වැදගත් විය. මාමස්‌මි මුස්‌ලිම් කාන්තා ඇඳුමින් සැරසුණේය. දැන් කිසිවකුටවත් ඔහු හඳුනා ගැනීමට බැරිය. ඔහුගේ සගයන් දෙදෙනකුද ඒ හා සමාන ඇඳුම් ඇඳගත්තෝය.
ඔවුන් තිදෙනා බොහොම කලබලයෙන් මෙන් මාලිගාවත්තේ ඇපල්වත්ත ප්‍රදේශයට දිව ගියහ. මාමස්‌මි අතවූයේ අඩි හතරක පමණ පොල්ලකි. එහි කෙළවරේ යකඩ ඇණ කිහිපයක්‌ ගසා තිබුණේ උල් සහිත කොටස පිටතට නෙරා යන ආකාරයටය.
සගයන් අතද එවැනිම පොලු කීපයක්‌ විය. සිය පෙම්වතිය හමුවීමට ගිය රහීම් ඇගේ නිවසින් පිටවූයේ තම වාසස්‌ථානය කරා යන බලාපොරොත්තුවෙන්ය. එහෙත් සිදුවූයේ රහීම් සිහිනයකින්වත් නොසිතූ දෙයකි.
ඝන අන්ධකාරය මැදින් මතුවූ මාමස්‌මි සහ ඔහුගේ සගයෝ ඇණ ගැසූපොලු වලින් රහීම්ට අමානුෂික ලෙස පහර දුන්නෝය. පාතාල නරුමයන් ඉදිරියේ රහීම් වැඳ වැටුණේය. ඔවුන්ගෙන් ජීවිත දානය ඉල්ලා සිටියේය. එහෙත් මේ පාතාල අලුගෝසුවන්ගෙන් රහීම්ට ගැලවීමක්‌ ලැබුණේම නැත.
ඉතාම කෲර අන්දමින් පහරදී රහීම් මරාදැමූ මාමස්‌මි ඇතුළු සගයෝ ඔහුගේ සිරුර ඇදගෙන ගොස්‌ කුණු ඇළක සැඟවූහ.
මේ කෲර ඝාතනය පිළිබඳ තොරතුරු මාලිගාවත්ත ප්‍රදේශය පුරා පැතිර ගියද රහීම්ගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට ඔත්තුවක්‌ දීමට කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත. ඒ මාමස්‌මිට දැක්‌වූ භීතිය නිසාය.
මේ ආකාරයට මාමස්‌මී සිදුකළ මිනීමැරුම් ගණන 20 කට ආසන්නය. මාලිගාවත්තේ පාතාල අධිකරණයක්‌ මෙන්ම අහිසංකයන් විවිධ වධ බන්ධනයන්ට ලක්‌ කිරීමට වධකාගාරයක්‌ද හොර රහසේ පවත්වාගෙන යැමට මාමස්‌මි ඇතුළු සගයෝ කටයුතු කළෝය.
ඉඩම් ආරවුල්, පවුල් ආරවුල්, ණය මුදල් ගෙවීම් අතපසු කිරීම් වැනි නඩුවලට ඒ මොහොතේම විසඳුම් ලබා දුන් මාමස්‌මි ඒ සඳහා නඩු ගාස්‌තු වශයෙන් විශාල මුදලක්‌ද ලබා ගත්තේය.
මාමස්‌මිගේ පාතාල අපරාධ බොහොමයක්‌ සිදුවූයේ ඔහුගේ සොහොයුරු වූ රසුල්ඩීන් අතින්ය. මාමස්‌මිගේ ජීවිතයට මරු පහරක්‌ එල්ල වූයේ ඔහුගේ සොහොයුරා වූ රසුල්ඩීන් නාඳුනන තුවක්‌කුකරුවකු අතින් මාලිගාවත්තේදී ඝාතනය වූ දිනය. ඒ 2012 වර්ෂයේ ජනවාරි මාසයේ එක්‌තරා දිනකදීය.
රසුල්ඩීන් ඝාතනයෙන් මාමස්‌මි අන්දමන්ද වූවේය. ඔහු කෝපයෙන් කෑගසන්නට වූවේය.
“මේක කළේ මාලිගාවත්තෙ පොලිසියෙ උන්. අපි පොලිසිය වට කරලා.” උන්ට ඇටෑක්‌ කරන්න ඕනෙ.
මාමස්‌මි සිය ගෝල බාලයන්ට කීවේ මාලිගාවත්තේ මුස්‌ලිම් ජනතාව පාරට බස්‌සවා පොලිසියට ප්‍රහාර එල්ල කිරීම මාමස්‌මිගේ සැලසුම විය.
එහෙත් ඒ සැලසුම ක්‍රියාවට නන්වාගැනීමට ඔහුට හැකි වුණේ නැත. කිසිවකු මාලිගාවත්ත පොලිසියට පහරදීමට ඉදිරිපත් වූයේ නැත.
මෙයින් දැඩි ලෙස කෝපයට පත් වූ මාමස්‌මි ඇතුළු සගයෝ මාලිගාවත්තේ වෙළෙඳසල් නිවාස රැසක්‌ ගිsනි තැබූහ. අහිංසකයන්ට අයත් වාහන කීපයකට පහර දී විනාශ කළහ.
මේ සිදුවීම්වලින් පසු මාමස්‌මි ගත කළේ රහසිගත ජීවිතයකි. කොයි මොහොතක හෝ තමන් වෙත මරණය ළඟා වන බව ඔහු හො¹කාරවම දැන සිටියේය.
ඒ වන විට මාමස්‌මි 36 වැනි වියේ පසු වූවේය. ඔහුට බිරින්දෑවරුන් තිදෙනෙකි. ඔවුන්ට දාව දරුවෝ 12 දෙනෙක්‌ වූහ. මේ සියලු දෙනා නඩත්තු කළේද මාමස්‌මිය.
දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන මාලිගාවත්ත පාතාලේ ක්‍රියාකාරකම් කෙරෙහි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ඇස ගසාගෙන සිටියහ. ඒ බව මාමස්‌මි දැන සිටියේ නැත. විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු මුස්‌ලිම් කාන්තාවන් මෙන් සැරසී මාලිගාවත්තට ගොස්‌ මාමස්‌මි පිළිබඳව තොරතුරු සොයන්නට වූහ.
මාමස්‌මිගේ පාතාල කල්ලියේ සමීප සගයකු හා මිතුරුවන්නට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකිවන්නේ ඔය අතරතුරදීය. ඔහු නමින් මොහොමඩ්ය. මාමස්‌මි පිළිබඳ සියලු තොරතුරු මොහොමඩ් මාර්ගයෙන් දැන ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සමත් වූහ.
සර්….. මාමස්‌මි කොයි ලෝකෙ ගියත් මිනිහගෙ ගෑණු තුන්දෙනයි, ළමයි ටිකයි බලන්න ඒ ගෙවල්වලට එනවා. ඒ වගෙ වෙලාවකදී මිනිභව ලෙසයි අල්ලගන්න.
මොහොමඩ්ගෙන් ලැබුණු තොරතුරු ඉතාම වැදගත් විය. වසරකට වැඩි කාලයක්‌ තිස්‌සේ විශේෂ කාර්ය බළකාය සිදු කළ මෙහෙයුමේ ප්‍රතිඵල නෙලා ගැනීමට කාලය එළඹී තිබිණි.
මාලිගාවත්තට ඇතුළු වී මාමස්‌මි අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවන බව විශේෂ කාර්ය බළකාය හො¹කාරවම දැන සිටියහ.
මාමස්‌මි සැඟවී සිටින ප්‍රදේශය වටා ඔත්තු බලන ස්‌ථාන 40 කි. ඔවුහු පැය 24 පුරාම ඔත්තු සේවාවේ යෙදී සිටියහ. මේ ඔත්තුකරුවන්ට නොදැනෙන්නට කිසිවකුටත් මාලිගාවත්තට ඇතුළු විය නොහැක.
මාමස්‌මි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සැලසුම් කරන්නේ ඔය අතරතුරදීය.
සතුරාට නොදැනෙන්නට සතුරු භූමියට ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් ඉතාම සාර්ථකව ප්‍රගුණ කර සිටි විශේෂ කාර්ය බළකායේ නිලධාරිහු මාලිගාවත්තට ඇතුළු වීමට ඒවා භාවිත කළහ.
මාමස්‌මිගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි ඔත්තුකරුවන් ගැවසෙන ස්‌ථාන කලින්ම සොයාගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඒවා මගහරිමින් ගමන් කරන ආකාරය පිළිබඳව සැලසුමක්‌ සකස්‌ කළහ.
“අපි මාලිගාවත්තට ඇතුළු වුණා කියලා ඔත්තුකාරයො දැන ගත්තොත් මේ ඔපරේෂන් එක කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් මුළු මාලිගාවත්තම කලබල වෙනවා. ඒ නිසා අපි සූක්‍ෂම විදිහට මේ ඔපරේෂන් එක කරන්න ඕනෙ.”
මාමස්‌මි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම භාරව සිටි නිලධාරියා සිය සහෝදර නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය.
විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්‌ඩායම් කීපයක්‌ මෙහෙයුමට සූදානම් වූහ.
සර්….. හෙට රෑට මාමස්‌මි එනවා මාලිගාවත්ත බිලාල් පල්ලිය ළඟ ඉන්න එයාගේ නෝනව බලන්න. මිනිහා හෙට නිදාගන්නෙ ඔය ගෙදර. ඒ වෙලාවට පැන්නොත් අල්ල ගන්න පුළුවන්.
මොහොමඩ් ලබා දුන් තොරතුරු ඔස්‌සේ 04 වැනිදා අලුයම මාමස්‌මිගේ නිවස වැටලීමට සැලසුම් කෙරිණි. ප්‍රදේශ හතරකින් මාලිගාවත්තට ඇතුළු වී බිලාල් පල්ලිය ප්‍රදේශය වැටලීම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සැලසුම විය.
එක්‌ කුඩා කණ්‌ඩායමක්‌ මාලිගාවත්ත පොලිසිය අසලින් වු ජුම්මා මස්‌ජිඩ් පාරෙන් ගමන් කර බිලාල් පල්ලිය අසලට යැමට සැලසුම් කළේය. තවත් කණ්‌ඩායමක්‌ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය දෙසින් ඇතුළු වීමට සැලසුම් කළ අතර තවත් කණ්‌ඩායමක්‌ ආමර් වීදිය ප්‍රදේශයෙන් මාලිගාවත්ත කරා යැමට සූදානම් වූහ.
කොටි ත්‍රස්‌තයන්ට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් භූමි උපක්‍රම කීපයක්‌ම පාවිච්චි කළ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 4 වැනිදා අලුයම 3.00 ට මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළහ. නියමිත වේලාවට මෙහෙයුම ආරම්භ විය. කුඩා කණ්‌ඩායම් මාමස්‌මිගේ ඔත්තුකරුවන් රැඳී සිටින ස්‌ථාන මග හරිමින් ඉදිරියට ගමන් කළේය. නිලධාරීන් පිරිසක්‌ කුණු කාණු දිගේ ගමන් කළ අතර තවත් පිරිසක්‌ මුඩුක්‌කු නිවාසවල වහල මතින්ද සිය ඉලක්‌කය කරා ගමන් කළහ.
මුළු මාලිගාවත්තටම නොදැනෙන්නට අලුයම 3.30 වෙද්දී බිලාල් පල්ලිය අසල පිහිටි තෙමහල් නිවස වට කිරීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් වූහ.
වැඩිය කලබල කරන්නෙ නැතිව මූව ඇරස්‌ට්‌ කරන්න ඕනෙ. මාලිගාවත්තෙ මිනිස්‌සු ඇහැරුනොත් අපට මූව ගෙනියන්න අමාරු වෙනවා. මොකද මාලිගාවත්තෙ වැඩිදෙනෙක්‌ මාමස්‌මිට කැමතියි.
මෙහෙයුම භාරව සිටි නිලධාරියා සෙසු නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. තෙමහල් නිවසේ කුඩාම මහලේ මාමස්‌මි නිදා සිටින බව මෙහෙයුමේ සිටි නිලධාරීහු ඒ වන විට දැන සිටියහ. හොර රහසේම ඉදිරිපස දොර විවෘත කරගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු නිවසට ඇතුළු වූහ.
අන්ධකාරය මැදින් නිවසේ තුන්වැනි මහල කරා පැමිණි නිලධාරීහු සුවබර නින්දක සිටි මාලිගාවත්ත පාතාලයේ කිරුළුපලන් රජු වූ මාමස්‌මි අත්අඩංගුවට ගත්හ. මෙතන කලබල කරන්න ලෑස්‌ති වෙන්න එපා. මුළු මාලිගාවත්තම වටකරලා තියෙන්නෙ. ඒ නිසා කරුණාකරල අපිත් එක්‌ක එනවා.
මෙහෙයුම භාර නිලධාරියා මාමස්‌මිට කීවේය. ඔහු සිටි කාමරය පරීක්‍ෂා කළ නිලධාරීහු එහි තිබී ටී 56 වැනි අවියක්‌ උණ්‌ඩ 30 ක්‌ සහ අත්බෝම්බ 9 ක්‌ සොයා ගත්හ. ඒ වන විට මාමස්‌මිගේ බිරිඳ විලාප තබමින් සිටියාය. සතුරු භූමියේ වැඩිවේලාවක්‌ රැඳී සිටීම අනතුරුදායක බව විශේෂ කාර්ය බළකාය අත්දැකීමෙන් දැන සිටියේය. වැඩි වෙලාවක්‌ එහි නොසිටි නිලධාරීහු වහ වහා මාමස්‌මිද රැගෙන මාලිගාවත්තෙන් පිට වූහ.
කෝ උඹ ළඟ තියන අනෙක්‌ ආයුධ ඒවා කොහෙද හංගලා තියෙන්නෙ. අපට කරදර නොකර ඒවා තියන තැන තියපං….
මාමස්‌මි රැගෙන යන අතරතුර ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි. ආයුධ කීපයක්‌ සඟවා ඇති ස්‌ථාන මාමස්‌මි හෙළි කළේ ඒ වන විට කළ යුතු වෙනත් යමක්‌ නොතිබූ නිසාය.
මාමස්‌මි රැගත් ජීප් රථය කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දෙසට ඉගිල ගියේ සඟවා ඇති ආයුධ කීපයක්‌ සොයා ගන්නා බලාපොරොත්තු ඇතිවය.
තමනට වෙන විකල්පයක්‌ නැති බව මාමස්‌මි ඒ වන විට හොඳාකාරවම දැන සිටියේය. ඔහු දැඩි තීරණයක්‌ ගත්තේය. විලංගු සහිත දෑත ජීප් රථ රියදුරුගේ ගෙල හරහා යන්නේ ක්‍ෂණයකින්ය.
අතඇරපං…….. ඇතඇරපං… විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සිය සහෝදර නිලධාරියා මාමස්‌මිගේ ග්‍රහණයෙන් බේරා ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත්හ. එහෙත් එන්න එන්නම ඔහුගේ ග්‍රහණය වැඩි විය.
අවසානයේ විශේෂ කාර්ය බළකා නිලධාරියකු පත්තු කළ වෙඩි ප්‍රහාර කීපයක්‌ මාමස්‌මිගේ හිස හරහා ගමන් කළේය.
මාලිගාවත්ත පාතාල රාජධානියේ මහ කෙරුම්කාරයා ලෙස කිරුළු දරා සිටි මාමස්‌මි අවසානයේදී නොයෙන ගමන් ගියේ පාතාලයට පොදු වූ සනාතන ධර්මතාවය විදහා පෙන්වමිනි.
හේමන්ත රන්දුණු

 

http://www.divaina.com/2013/07/07/feature16.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )