National Hero – ජාතික වීරවරයෙක් ලෙස නම්කල යුතු පූජණීය ඉන්ද්‍රරතන හිමිපානෝ


දසදහස්‌ සංඛ්‍යාත ජනයාගේ සෝ සුසුම් මැද ආදාහන පූජෝත්සවය සිදුකෙරේ

ඉන්ද්‍රරතන හිමියන් ජීවිතය පූජා කළේ
ජාතිය අවදි කරන්නයි

– ඕමල්පේ සෝභිත හිමි

සිංහල රාවයේ අක්‌මීමන දයාරත්න හිමි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කේ. ඩී. ප්‍රේමසිරි කහවත්ත සිට

ගව ඝාතනයට විරෝධය පලකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී ජීවිතය පූජා කළ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (28 දා) සන්ධ්‍යාවේ කහවත්ත, පොරෝණුව දකුණු පනාවැන්න ක්‍රීඩාංගණයේදී දස දහස්‌ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ සාධුකාර මධ්‍යයේ සිදුකෙරිණි.

ශ්‍රී දේහය දකුණු පනාවැන්න ක්‍රීඩාංගණයට රැගෙන ඒමට ප්‍රථම කහවත්ත පොරෝණුව ශ්‍රී සුගතාරාම විහාරයේ තැන්පත් කර තිබූ අතර, එහිදීද ගිහි පැවිදි විශාල පිරිසක්‌ ඉන්ද්‍රරතන හිමියන්ගේ ශ්‍රී දේශයට අවසන් ගෞරව දක්‌වන්නට වූහ.

ඉන් අනතුරුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර පස්‌වරු 1.15 ට පමණ ශ්‍රී සුගතාරාම විහාරයෙන් දකුණු පනාවැන්න ක්‍රීඩාංගණය කරා රැගෙන එන ලදී.

අපවත්වී වදාළ ඉන්ද්‍රරතන හිමියන්ගේ මව් වන මැගිලින් නෝනා මහත්මිය හඬාවැලපෙමින් බෞද්ධ ජනතාව සමග පැමිණෙන අයුරුද අපට දැකගත හැකි විය.

උන්වහන්සේට ගෞරවය පුද කරමින් මග දෙපස කහවන් සැරසිලි හා ශෝක බැනරයන් ප්‍රදර්ශනය කර තිබුණි.

ශ්‍රී දේහය දකුණු පනාවැන්න ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් පසු ආදාහන පූජෝත්සව සභාව ආරම්භ විය.

එහිදී අදහස්‌ දැක්‌වූ රාමඤ්ඤ නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ඕමල්පේ සෝභිත හිමිපානෝ මෙසේ පැවැසූහ.

“ඉන්ද්‍රරතන හිමියෝ මේ කළේ දිවිනසා ගැනීමක්‌ නොවෙයි. උන්වහන්සේ මේ කළේ මේ රට වෙනුවෙන් මේ ශාසනය වෙනුවෙන් ජීවිත පූජාවක්‌. උන්වහන්සේ මේ රටේ ගව ඝාතනය නතර කරන්න කියලා විරෝධය පළ කළේ අද ඊයේ නොවෙයි. මට මතකයි උන්වහන්සේ වරක්‌ ඇඹිලිපිටියේ ඉඳලා අනුරාධපුරයට ඒ කියන්නේ කිලෝමීටර් 335 ක්‌ පයින් ගිහින් මෙම ගව ඝාතනය නතර කිරීමට පණිවිඩය අරන් ගියා. එසේ මෙසේ ගමනක්‌ නොවෙයි මේ ගමන දින 18 ක්‌ තිස්‌සේ ගියා.

“ඊළඟට උන්වහන්සේ හලාවත මුන්නේශ්වරම් කෝවිල ඉදිරිපිටට ගිහිල්ලා සත්ව බිලි පූජාව නතර කරන්න කියලා විරෝධය පළකළා. උන්වහන්සේ එදා ඒක නතර කළේ නැත්නම් ගිනි තබාගන්නවා කියලා විරෝධය පළකළා. උන්වහන්සේ ඒ කියපු ගවඝාතනය නතර වුණේ නැහැ. බෞද්ධයන් අන්‍යාගමිකකරණයට ලක්‌වෙන එක නතර වුණේ නහැ. රජය වුණත් ඒ ගැන ගණන් ගත්තේ නැහැ. අන්න ඒ නිසයි උන්වහන්සේ මෙවැනි ජීවිත පූජාවක්‌ කළේ. මේක මුළු රටටම ආදර්ශයක්‌.

“රජය මේ රට ආශ්චර්යමත් රටක්‌ කරා රැගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නම් ඉන්ද්‍රරතන හාමුදුරුවන්aගේ පණිවිඩයක්‌ද ක්‍රියාවට නැංවිය යුතුයි. ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කෙස්‌ගහක වරදක්‌ කරලා නැහැ. උන්වහන්සේට අද ඇඟිල්ල දිගු කරන අය දෙයක්‌ සිතිය යුතුයි. උන්වහන්සේ මේ කළේ මෝඩ ක්‍රියාවක්‌ නොවෙයි. ජාතිය අවදි කිරීමක්‌.”

සිංහල රාවය ජාතික සංවිධානය සභාපති අක්‌මීමන දයාරතන හිමි – “ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කියන්නේ සිංහල රාවය ජාතික සංවිධානයේ සිටි ප්‍රබලව කටයුතු කරපු කෙනෙක්‌. බුදුරජාණන් වහන්සේවත් දුෂ්ට විදිහට විවේචනය කරපු සුභද්‍ර වගේ භික්‌ෂුන් වහන්සේලා එදා හිටියා. අද ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ක්‍රියා පිළිවෙත ඉවසන්න බැරි අය ඉන්නවා. උන්වහන්සේ සිය දිවි නසාගත්තේ නැහැ. උන්වහන්සේ ජීවිතය පූජා කළා.

http://www.divaina.com/2013/05/29/news21.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )