මෙරටේ අපි වඳ වෙන්නේ මෙහෙමයි (ගණන් හිලව් සහිතයි)

480047_565622313455356_1487559135_n
 


බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තියෙන
සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ වෙලා

පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි

මේ කතාව කිව්වට සමහරු කියයි මම ජාතිවාදී කතාවක්‌ කරනවා කියලා. එහෙම නැහැ. මම කියන ගාන හදලා බලන්න සිංහල මිනිස්‌සු තව කොපමණ කාලයක්‌ද මේ රටේ ජීවත් වෙන්නේ කියලා.

මෙම වතාවේ ජන සංගණනය එක්‌ක ගත්තාම අපට දැක ගන්නට ලැබුණා සිංහල මිනිස්‌සු එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ මේ රටේ ඉන්නවා කියලා. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයෙන් සියයට හැටක්‌ ඒ කියන්නේ ලක්‍ෂ 80 ක්‌ ඉන්නේ වයස අවුරුදු 40 පැනපු අය. කාන්තාවෝ ගත්තොත් දරුවන් නහදන සහ නොහැදෙන අය ලෝක ධර්මතාවය මත තව වසර 40 ක්‌ ඇතුළත ලක්‍ෂ 80 ක්‌ මියයා යුතුයි. ඉතුරුවන්නේ ලක්‍ෂ පනහයි. මෙම ලක්‍ෂ පනහ අතරේ සිටින අවුරුදු 39 කෙනෙක්‌ට තවත් වසර 40 කින් අවුරුදු හැත්තෑනවයක්‌ වෙනවා. මෙම ලක්‍ෂ පනහෙන් භාගයක්‌ ඉන්නේ පිරිමි කියලා හිතුවොත් කාන්තාවන් ඉන්නේ ලක්‍ෂ 25 යි. ඒ ලක්‍ෂ විසිපහෙනුත් ලක්‍ෂ පහක්‌ විතර මේ වන විට වඳ සැත්කම් කරගෙන. රටේ නීතිය මත වයස අවුරුදු 26 ක්‌ ඉහළ විවාහක කාන්තාවන්ට එල්. ආර්. ටී. සැත්කම කරන්න පුලුවන්. ඒ කියන්නේ ලක්‍ෂ විස්‌සයි කාන්තාවන් ඉන්නේ.

කාන්තාවන් ලක්‍ෂ විස්‌සෙනුත් ලක්‍ෂ දහයක්‌ ඉන්නේ අවුරුදු 20 ට අඩු අය ඒ කියන්නේ විස්‌සට වැඩි අය ඉන්නේ ලක්‍ෂ දහයයි. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ සිංහල මිනිසුන්ගෙන් ලක්‍ෂ දහයයි දරුවන් හදන්න පුලුවන් මට්‌ටමේ සිටින කාන්තාවන් ඉන්නේ. ඔය ලක්‍ෂ දහයෙන් කී දෙනෙකුටද දරුවෝ ලැබෙන්නේ. දරුවන් හදා ගන්න දවසට කාන්තාවන් කීදෙනෙක්‌ චැනල් කරනවද? ඒත් දරුවන් නැහැ. එතකොට දරු ඵලදාව තිබෙන අය ඉන්නේ ලක්‍ෂ 8 යි. ඒ විදියට ගත්තම වසර හතළිහක්‌ තුළ ලක්‍ෂ අසූවක්‌ මැරෙන්න ඉන්නවා. එතකොට එක කාන්තාවක්‌ දරුවන් දහයක්‌ බිහිකළොත් පමණයි යන්තම් සිංහල ජාතිය දැන් සිටින ගාන පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නේ.

ලක්‍ෂ අටක්‌ දරුවන් හදන්න පුලුවන් කියන යථාර්ථයක්‌ එක්‌ක හෙට දවසේ ලක්‍ෂ අසූවක්‌ මැරෙනකොට ලක්‍ෂ පනහක්‌ නාකිවෙලා ඉන්න කොට එක්‌කෙනා දරුමල්ලන් පස්‌දෙනා ගානේ හැදුවත් ලක්‍ෂ හතළිහයි හදන්න පුලුවන් වන්නේ. ඒ කියන්නේ මියගිය ලක්‍ෂ අසූවෙනුත් භාගයයි උපදින්නේ. මේ නිසා සිංහල ජාතියට ඉදිරියේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මෙය වහාම තේරුම්ගත යුතුයි.


http://www.divaina.com/2013/05/30/news28.html

944668_142798222582319_1428597869_n

1003671_493928130690013_1351357862_n

ලොකු මදි නම් රූපය මත ක්ලික් කරන්න – Click to Enlarge


පීල්ලවත්ත බෞද්ධ මධ්‍යස්‌ථානයෙන් දරුවන් 5 දෙනකුට  වැඩි පවුල්වලට ආධාර
මිනුවන්ගොඩ යටියන පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේ පස්‌ වී දරු දිරි අරමුදල මගින් දරුවන් 5 හෝ ඊට වැඩි සංඛ්‍යාවක්‌ සිටින පවුල්වල වැඩිමල් දරුවාට වයස අවුරුදු 17 ක්‌ වන තෙක්‌ මසකට රුපියල් 5000 බැගින් දීමනාවක්‌ ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර තිබේ. එහි මුල් අදියරේදී ප්‍රතිලාභීන් හය දෙනකුට ආධාර ප්‍රදානය කිරීමේ උත්සවයක්‌ මෙම මස 09 වැනිදා සවස 3.00 ට ගල්කිස්‌ස, වටරප්පල පාරේ බෞද්ධාරාමයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ සිංහල ජනගහනය වර්ෂයක්‌ පාසා අඩුවෙමින් පවතින බැවින් දරුවන් වැඩි සංඛ්‍යාවක්‌ බිහි කිරීමට උනන්දු කිරීම සඳහා ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා චන්ද්‍රරතන නාහිමි පුණ්‍යභාරය අනුග්‍රහයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබේ.

http://www.divaina.com/2013/09/03/news21.html

Advertisements

4 thoughts on “මෙරටේ අපි වඳ වෙන්නේ මෙහෙමයි (ගණන් හිලව් සහිතයි)

  1. පින්ග්කිරීම: අහෝ ඛේදයකි!…….හෙළ බොදු දරු සම්පත නොමැතිව අනාගත සසුන රැකෙයිද? | ධර්ම නිධාන

  2. Ape rata jathiya agama gana nirantharayen uradena jathiye pinata pahala una pinwath swamin wahanselath,dhaye pinata pahala una ”anagarika dammapala” srimathanange adipare yana sihala puthunuth akathuwa dan danma yamak nokaloth sihala jathith buddagamath lakdiwin thuranwewi. ”sinhalaeni nagitiw sihala jathiya beraganiw””anagarika dammapala” srimathanan atha sitiyanam athumage rana pataya wannetha meyamai. me maga yana sihala duputhunta theruwan saranai.

  3. පින්ග්කිරීම: ලොව උතුම්ම බෞද්ධ ශිෂ්ඨාචාරයේ අවසානය අත ලඟයි – අපේ විකල්ප අවසන්ද? | ධර්ම නිධාන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )